ලිපිය
ඇරඹුමේදීම කිව යුක්තක් ඇත. එනම් මෙම ලිපිය ලංකාවේ වාරි තාක්ෂණය පිළිබදව ලියැවෙන තාක්ෂණික ලිපියක් නොවන බවය. පුරාණ වාරි තාක්ෂණය, ඒ හා බැදුනු සංස්කෘතිය පිලිබදව, මෙවන් කෙටි ලිපියකින් කරුණු දැක්වීමක් කිසිසේත් කලනොහැකිය. එවැන්නක් සදහා එයටම වෙන්වූ බ්ලොගයක් පවත්තාගත යුතුය යන්න මාගේ අදහසය. මෙකී ලිපියෙහි අරමුණ රජරට (අනුරාධපුරය) කේන්ද්‍ර කරගත් මහ වැව් කිහිපයක් වසරේ ඉතාම සීමිත කාලපරාසයක් තුල පමනක් සිදුකරන්නාවූ, අතිශය චමත්කාරජනක සිදුවීම් පෙලක් ඔබ හමුවේ තැබීමය. එනම් "වැව වාන් දැමීම"ය.
ලංකාවේ
ඉදිකල පලමු වැව ලෙස සැලකෙන්නේ, පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 377-307) ඉදිකල "අභය වැව" නොහොත් "බසවක්කුලම"යි. එතැන් සිට සිංහල රාජාවලියේ රජවරු බහුතරයක් වැව්, අමුණු, ඇළ, වේලි තනමින් ඒවා පිළිසකර කරමින් ලාංකීය වාරි කර්මාන්තය වඩා ඉහල තලයකට ඔසවා තැබීමට කටයුතු කලහ. මහසෙන් (ක්‍රි.ව. 274-301), වසභ(ක්‍රි.ව.67-111) , ධාතුසේන (ක්‍රි.ව. 455-473), මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) වැන්නවුන්,
එකී රජවරුන් අතර ඉදිරියෙන්ම වේ.
වැවක්
ඉදිකිරීමේ මූලික අරමුණු දෙකකි. එනම් ජල හිගයට සහ ජල අතිරික්තයට මුහුණ දීමය. වසරේ වැඩි කාලයක් තද නියගයෙන් පීඩා විදින රජරටට,සැලකියයුතු තරම වර්ෂාපතනයක් හිමිවන්නේ ඊසාන දිග මෝසමත් සමගය. ඊසාන දිග මෝසමෙන් ලැබෙන ජල පරිමාව ඇතැම් විට රජරට මහ වැව්වල උපරිම ධාරිතාව ඉක්මවා යයි. "වැව වාන්" දැමීම සිදුවන්නේ එවිටය.
වැවකට
ජලය ලැබෙන්නේ ගංගාවකින්, ඇළ මාර්ගයකින් හෝ අහස් දියෙන්. එනිසා වැවට ජලය ඇතුලු වීම බොහෝවිට පාලනයෙන් තොරවේ. එහෙත් වැවක ජලය පිට කිරීම එසේ නොවේ. ඒ සදහා විධිමත් ක්‍රමවේදයක් පවතී. වැවක ජලය පිට කිරීමට භාවිතාවන යාන්ත්රිණ කීපයකි.
1). සොරොව්ව - සොරොව්වේන්
ජලය නිදහස් කෙරෙන්නේ පරිභෝජන කටයුතු සදහාත් නඩත්තු කටයුතු සදහාත්ය.
2). පිටවාන / වාන්
දොරටු - වැවෙහි උපරිම ධාරිතාව ඉක්මවා වැවට ජලය ඇතුලු වන අවස්තාවක වැව් බැම්ම ආරක්ශාකර ගැනීම සදහා වැවේන් ජලය මුදා හැරීමට භාවිතාවේ.
වැවකට
පිටවානක් පමණක් හෝ වාන් දොරටු පමණක් හෝ එම යුගලම හෝ පැවතිය හැක. නිදසුනක් ලෙස
තිසා
වැවෙහි
ඇත්තේ පිටවානක් පමණි.එහෙත් නාච්චදූව වැවට වාන් දොරටුත්, පිටවානකුත් ඇත. පිටවාන සකසා ඇත්තේ වැව් බැම්මට මදක් පහතිනි. එනිසා අතිරික්ත ජලය ස්වාභාවිකවම වැවෙන් ඉවතට ගලායයි. එය බාහිර පාලනයෙන් තොර අතර වැවෙහි ජල මට්ටමේ වැඩිවීම අනුව ස්වාභාවිකවම සිදුවන ක්‍රියාවලියකි. නමුත් වාන් දොරටු අවශ්‍ය අවස්තාවන්හිදී අවශ්‍ය ප්‍රමාණයට විවෘත කල හැකි නිසා විශාල වැව් වල පිටවානට අමතරව වාන් දොරටු කිහිපයක්ද පවතී.
වැවකින්
වාන් දැමෙන ජලකද බොහෝ විට මුදා හැරෙන්නේ තවත් වැවකට ජලය සැපයෙන ඇළ මාර්ගයකට හෝ ගංගාවකටය. එනිසා එක් වැවක් වාන් දමන විට තවත් වැව් කිහිපයක් වාන් දැමීම සහ ගංගා පිටාර ගැලීම සිදුවේ.
වැවක්
වාන් දැමීම සැබවින්ම චමත්කාරජනක දසුනකි. රජරට වැව් අතරින් සුන්දරම වාන් දැමීමට හිමිකම් කියන්නේ රාජාංගනය ජලාශයයි. රාජාංගන ජලාශයෙහි වාන් දොරටු සාපේක්ෂව උසින් පිහිටීම මීට හේතු වී ඇත. එහි අරීය වාන් දොරටු 30ක් පවතින අතර තවත් දොරටු 14ක් පිටවාන ලෙස ක්‍රයාත්මක වේ.
වාන්දාන රාජාංගනය (වැව් බැම්ම මත සිට) |
වාන්දාන රාජාංගනය (වැව් බැම්මේ පහල සිට) |
වාන්දාන රාජාංගනය (වැව් බැම්මට ඉහලින්) |
රාජාංගනය
වාන් දාන හැටි ;
නාච්චදූව
වැව, II වන මුගලන් (ක්‍රි.ව. 551-561) රජතුමා විසින් කරවූ එකකි. දූපත් නවයකින් යුක්ත වූ නිසා මෙය "නාච්චා-දූව" ලෙසට හැදින්වෙන බවට අදහසකි. පිටවානට අමතරව යාන්ත්‍රික වාන්දොරටු 6ක් මෙහෙ පවතී. දකුණු සොරොව්ව පිහිටා ඇත්තේ පිටවානට ඉතා ආසන්නයෙනි.
නාච්චාදූවේ පිටවාන |
පිටවාන සහ වාන් දොරටු |
නාච්චාදූවේ වාන් දොරටු හය |
වාන්දොරටු වලින් වාන්දාන ජලකද |
නාච්චදූවේ සොරොව්ව |
නාච්චාදූව
වාන්දාන හැටි;
නුවරවැව
හෙවත් අතීත "නකරවව්", පණ්ඩුකාභය (ක්‍රි.පූ. 377-307) රජුගේ නිර්මාණයකි.
නූතන අනුරාධපුර නගරය මැදි කරගත් නුවර වැවෙහි යාන්ත්‍රික
වාන් දොරටු මෙන්ම පිටවානක්ද පවතී.
රුවන්වැලිසෑය සහ ජේත්වනසෑය පසුබිමෙහි දිස්වෙන නුවර වැව |
නුවර වැවේ පිටවාන |
නුවර වැවේ පිටවාන |
නුවරවැව
වාන් දාන හැටි ;
පූජා
නගරය හෙවත් අතීත අනුරාධපුර නගරය මැදිකොට ඉදිවූ තිසාවැව දේවානම්පියතිස්ස (ක්‍රි.පූ.
304-267) රජතුමාගේ නිර්මාණයකි. රජරට සෙසු වැව් වලට සාපේක්ශව කුඩා වැවකි. ඇත්තේ කුඩා
පිටවානක් පමනි.
තිසාවැව |
තිසාවැවේ පිටවාන |
ධාතුසේන රජතුමා
(ක්‍රි.ව. 455-473)
කරවූ කලාවැව, කලා ඔය කෙන්ද්‍ර කරගත් දැවැන්තම වාරි ව්‍යාපෘතිය වේ. කලාවැවෙන් බැහැර කෙරෙන ජල කද රාජාංගන ජලාශයටත්, නාච්චාදූව ජලාශයටත් මුදා හැරෙන අතර ජයගග හෙවත් යෝධ ඇළ ඔස්සේ තිසා වැවටද යොමු කෙරේ. කලා වැවෙහිද පිටවානට අමතරව යාන්ත්‍රික දොරටු දෙකක් පවතී.
පිටවාන සහ යාන්තික වාන් දොරටු |
අලුත් අවුරුද්දේ පළමුව ගොඩ වැදුනේ මෙතැන්ට. හරිම අගේ ඇති පෝස්ටුව. මේ වැව් වාන් දමන්නා සේ ඔබගේ පැතුමන්ද කිරි ඉතිරෙන්නා සේ ඉටු වෙත්වා
ReplyDeleteවටිනා පොස්ටුවක් මචං.
ReplyDeleteවැව් වාන් දමන හැටි හැමෝටම බලන්න ලැබෙන්නේ නෑනේ. වීඩියෝ ටිකත් දාපු එක හොඳයි. හැබැයි වැවට පහලින් ඉන්න සතුන් එහෙම අයින් කර ගන්න බැරි වුනොත් නම් ගහගෙන යනවලු නේද.. වාන් දොරටු අරින්න පැයක් වගේ කාලෙකට කලින් යම් සංඥාවක් දෙනවා පහල ඉන්න අයට ඉවත් වෙන්න. එහෙම නේද බං..?
එහෙනම් සතුට වාන් දමන සුබ නව වසරක් වේවා..!!
@නලීන් : බෝහෝම ස්තූතියි..... ඔබටත් සුභ නව වසරක් වේවා!!!!!
ReplyDelete@චන්දන : ඔව් ගොඩක් වෙලාවට හරක්,බල්ලො තමයි ගහගෙන යන්නෙ. මිනිස්සු නම් ගොඩක් වෙලාවට දන්නවා වැව වාන් දාන එක ගැන.
අවුරුද්දෙ මුලම ජලය උතුරා ගලා යනවා දකින්න සලස්වපු එක පිනක්. ඒක සුබ ලකුණක්. උඹට ස්තූතියි සහ සියලු යස ඉසුරු ඔය වැව් වාන් දමනාකාරයෙන්ම වාන් දැමේවායි කියා පතමි !!
ReplyDeleteඑල කිරි පෝස්ටුව.අර වීඩියෝ ටික කොහෙන්ද? නියමයි
ReplyDeletepatta ayya post eka & happy new year
ReplyDeleteමොකෝ බං වාං දාන තැන් වල කරක් ගහන්නේ. කාරි නෑ හොද තොරතුරු ටිකක් බං. හෙනං Happy new yearයක් වේවා!
ReplyDelete@සෙන්නා : අලුත් අවුරුද්ද ලබනකම්ම හිටියේ ඒක තමයි.
ReplyDelete@ධම්මික : වැව් වාන් දාන කොට ගත්ත ඒවා තමා. කලාවැව, පදවිය එහෙමත් වාන් දැම්මට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න බැරි උනා.....
@විකුම් : තැන්කූ.... තැන්කූ....
@දේශකයා : කරක් නොගහා කෝමෙයි ඔයවගේ තැන් වල
අයියා කිව්වා වගේම වැව් සියල්ලම එකම පද්ධතියක් විදිහට සකස් කරලා තිබුණු නිසා වාන් දාන වැව්වල ජලය "නිවුන් වැව්" කියලා හඳුන්වපු ඒ වැවත් එක්ක සම්බන්ධ වැවටත් එකේන් අනිත් වැවටත් ආදී වශයෙන් යවලා තියෙනවා.
ReplyDeleteහරියට හරි සහෝ..... රජරට පුරාණ වාරිජාලය ඉතාම සංකීර්ණ වගේම ඉතාම සැලසුම්සහගතව ගොඩනගපු එකක්. ඒක නිසා වියළි කලාපයට වැටෙන හැම වතුර බිංදුවකින්ම උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනා. තනි වැවක් විදිහට ගත්තත් සමස්ත ජාලයම විදිහට ගත්තත් රජරට වාරි තාක්ෂණය අති විශිෂ්ථ වෙන්නේ ඒක නිසා.
Delete