බ්ලොග්
එකේ නම "නවදැලිහේන" උනාට, බොහොම මෑතක් වෙනකම්ම "හේනක්" කියන්නෙ මොකද්ද කියල මම අත්දැකීමෙන් දැනන් උන්නෙ නෑ. ඇත්තටම කරිජ්ජ හුළං වදිනමානෙ තියෙන අපේ ගම්වල හේන් ගොවිතැන කෙරුනෙ නෑ. ඒත් ජොබ්එක කරන්න නුවර කලාවියට ආවට පස්සෙ, මට නුහුරු කෘෂිකාර්මික ජීවන රටාවෙ චමත්කාරය ටික ටික ඇගට දැනෙන්න ගත්තා. රජරට
ගැන ලියවුනු, මහින්ද කුමාර දළුපොත මහත්තයගෙ ජනශුති පොත් පෙරලන්න පෙරලන්න, ඒ චමත්කාරයට අපූරු වටිනාකමකුත් එකතු උනා. බ්ලොග් එකට මේ නම දාන්න ඕන කියල හිතුනෙත්, ඔය පොත්වල හේන් හොවිතැන් ගැන කරල තිබුන බොහොම රසවත් විස්තර නිසා.
අගෝස්තුව
එහෙමත් නැත්තන් "මහ නිකින්න" කියල කියන්නෙ, වතුර බිංදුවක් නැතිව රජරට පොළව කෑලි වලට පැලෙන කාලයක්. අගෝස්තුවෙ දවල් වරුවක, නිසි හෙවණක් නැතුව පැයක් හමාරක් අව්වට වෙලා හිටියොත්, කිසි කතාවක් නැතිව බිම ඇදගෙන වැටෙනවා. වැටෙන අව්ව ඒ තරම්ම රස්නෙයි. හේන් ගොය්යා තමන්ගෙ වැඩ පටන්ගන්නෙ ඔන්න ඔය මහ නිකින්න අල්ලලා. මොකද එතකොට කිසි කරදරයක් නැතුව, බිං කොටල, වල් පුලුස්සන්න පුලුවන් නිසා.
මොකක්
හරි කරදරයක් උනේ නැත්තන්, අගෝස්තුවෙ කොටපු හේන දෙසැම්බර් අග වෙද්දි කරලින් බරවෙනවා. හේනක චමත්කාරය තියෙන්නෙ ඔය විදිහට කරලින් බර උනාම. හේනෙ පැලක රෑක් ඉන්න ඕන කියන මගේ ආසාවත්, අගෝස්තුවෙ මුල් බැහැල දෙසැම්බර්, ජනවාරි වෙද්දි උපරිමේටම ලංඋනා. රෑක් ඉන්න තරම් හේනක් හොයාගන්න එකත් බොහොම සීරුවට කරන්න ඕන දෙයක්. මුලින්ම සුදුසු දවසක් තෝර ගන්න ඕන. පුරහද තියෙන පසලොස්වකදාක් තමයි වැඩේට හොදම. ඊට අමතරව අංග සම්පූර්ණ හේනක් හොයා ගන්නත් ඕන.
හේන
හොයන වැඩේ ස්වකැමැත්තෙන්ම බාර ගත්තෙ කෲ කැබ් එකේ ලක්ෂ්මන්.
අංග සම්පූර්ණ හේනක තියෙන්න ඕන නිර්ණායක ලක්ෂ්මන් හොදට දැනගෙන හිටියා. අනුරාධපුරය, කැකිරාව, තලාව, ගල්ගමුව වගේ අනුරාධපුරය වටේ තියෙන ගම්වල ඕන තරම හේන් තිබුනත්, ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අංග සම්පූර්ණ" හේන් නෙවේ. කුඹුරු හොවිතැන වගේම රජරට හේන් ගොවිතැනත් දැන් වාණිජකරණය වෙලා. ගොඩක් දුරට දැන් "හේන්" කියල කියන්නෙ, එක යායට බඩ ඉරිගු හරි, කුරක්කන් හරි වවපු බිමකට. කාලෙකට උඩදි දුංකොළ වගාවත් සරුවට පැතිරිලා තිබුනත්, දැන් දැන් රජරට පුරා පැතිරෙන්නෙ ඉරිගු වගාව. ඒත් ඉරිගු වගා බිමකයි හේනකයි තියෙන්නෙ මහ විසාල වෙනසක්. පහුගිය දුරුතු පෝය දවසෙ අපිට ලැබුන අපූරු අත්දැකීමත් එක්ක, ඒ වෙනස හොදටම පැහැදිලි උනා. මේ, ඒ ගැන ලියවෙන සටහන;
ලක්ෂ්මන්ගෙ
උපන් ගම පදවිය. පදවිය තියන්නෙ අනුරාධපුර දිසත්‍රික්කයේ කෙලවරට වෙන්න. A9 ප්‍රධාන පාරෙ, මැදවච්චි ටවුම කිට්ටුව තියෙන මැදවච්චි හතරමං හන්දියෙන් දකුණට හැරිලා කිලෝ මීටර විසිපහක් විතර ගියාම කැබතිගොල්ලෑව නගරය හම්බ වෙනව. එතැන ඉදලත් තව කිලෝ මීටර තිහක් තියෙනව පදවියට. අනුරාධපුරයටත්, වවුනියාවටත් සෑහෙන තරම් දුරකින් තියෙන නිසා පදවිය තාමත් නාගරීකරණය වෙලා නෑ. ඒක නිසා වානිජකරණයට ලක් නොවෙච්ච හේනක්, පදවිය කිට්ටුවෙන් හොයා ගන්න ලක්ෂ්මන්ට පුලුවන් උනා.
අදාල
හේන තිබුනෙ පදවියෙනුත් ඈතට වෙන්න. පදවිය නගරයට පොඩ්ඩක් මෙහයින් තියෙන "බෝගස් හංදියෙ" ඉදන් පුල්මුඩේ පාරෙ කිලෝ මීටර දෙකක් විතර ගිහින් ආයෙත් දකුණට හැරුනම තරමක් පළල ගුරුපාරක් හම්බ වෙනවා. ඔන්න ඔය පාරෙ කෙලවරට වෙන්න තමා "රත්මලේ" ගම තියෙන්නෙ. රත්මලේ ගම පවුල් සීයක් විතර ඉන්න ටිකක් ලොකු ගමක්. ගමේ මිනිස්සු හේන් කොටන මහ මූකලාන තියෙන්නෙ, වැවෙන් අස්වද්දන මඩ කුඹුරු යායටත් තරමක් ඈතට වෙන්න.
අපි
රත්මලේ ගමට එනකොට හවස තුනට විතර ඇති. එතැන් ඉදන් ගමන වැටිල තිබුනෙ මිනිස්සු ගාටලම පෑදිලා තිබුන අඩිපාරක් දිගේ. රත්මලේ ගමේ ඉදන් අපි යන හේන තියෙන මූකලානට කිලෝ මීටර හතරක් විතර තිබුනා. ගමනෙ මුල් කිලෝ මීටරය වගේ තිබුනෙ කරලින් බර වෙච්ච වෙල් යායක් මැදින්. පහුගිය කාලෙ ඇදගෙන වැටිච්ච මහවරුසාව නිසා ගමේ වැවයි, වැවට වතුර ගලාගෙන එන ඇළයි දෙගොඩතලා ගිහින් වෙල් යායෙ මඩ කුඹුරු සෑහෙන ගණනක් පාලුවෙලා තිබුනත්, ගමේ අයගෙ නිමක් නැති උත්සාහය නිසා ඉන් ගොඩක් අපි යනකොටත් මුල් තත්වෙට අරගෙන.
වෙල්යායෙ නියර පිටින්යන ගමන |
"මේ හරියෙත්
කොටි කලබල තිබුනද?? " අපේ ගමන් උපදේශකයා වෙච්ච ක්‍රිශ්ණාගෙන මම ඇහුවා. ක්‍රිශ්ණා ග්‍රාමාරක්ශක භටයෙක්.
"අපෝ ඔව්..
අන්තිම කාලෙදි අන්න අර හරියෙ කොටි සෙට් එකක් මැරුම් කෑවා. කොටි හිටපු කාලේ මේවයෙ හරියට කුඹුරු කරේ නෑ... කරපු දෙන්න තුන් දෙනාත් ඔහේ වී ටික ඉහල නිකන් ඉන්නව මිසක්,වැඩිය මේ හරියෙ කරක්ගැහුවෙ නෑ "
"එතකොට අපි
මේ යන හේන්??? "
"මොන හේන්ද??
මේවා මේ යුද්දෙන් පස්සෙ කොටපුවා.." ඇත්තටම, නාගරික පැලැන්තියට වඩා යුද්දය නිමා වීමේ සැබෑ නිදහස විදින්නේ මේ වගේ කොටි කටේ හිටපු අහිංසකයන්. අදටත් යුධ ජයග්‍රහණයට කරගහපු දේශපාලන නායකත්වය වීරත්වයෙන් ඔවුන් සිහිකරන්නේ ඒක නිසා වෙන්න ඕන.
වෙල්යාය
පහු උනයින් පස්සෙ, ඉන ගාවට වතුර තියෙන ඇළකින් අපි එගොඩ උනා. ඒක යාන් ඔයේ ඉදන් එක ඇළක්. ඇළෙන් එගොඩට වෙල්යාය ඉවරයි. එතැන් තමයි මහ මූකලාන පටන් ගන්නෙ. මහමූකලාන කොටි-දිවි-වලස්සුන් ගෙන් පිරිච්ච බිමක්. යාන් ඔය පිරිච්ච නිසා ඇළෙන් එගොඩට අලින්ට එන්න බෑ කියල තමයි ක්‍රිශ්ණා කිව්වේ. ඒක නිසා හැන්දෑ කලුවර වැටීගෙන ආවත් අපිට ලොකු බයක් දැනුනෙ නෑ.
මූකලාන වෙන්කරන ඇළ |
කුරහන් |
මහ
රූස්ස ගස් වගේම ලදු පදුරු වලින් වට වෙච්ච මඩ පිරුන අඩිපාරෙ ටිකක් දුර ගියාම හේන් යායෙ මුල්ම හේන අපිට හම්බ උනා. ඒක කුරක්කන්, අබ සරුවට වවපු හේනක්. මේ දවස්වල අබ වලට හොද ඉල්ලුමක් තියෙන නිසා ගොඩදෙනෙක් හේන්වල අබ වවනව කියලා ක්‍රිශ්ණා අපට කිව්වා.
මල් පිපුන අබ පදුරු |
සාමාන්‍යන් හේනක වැටවල් දෙකක් තියෙන්න ඕන. එකක් අලි, කුලුහරක් වගේ ලොකු සත්තු එන එක වලක්කන්න ඈතින් හදන "දඹුවැට". අනික පොඩි පොඩි සත්තු වදින එක වලක්කන්න බදින "දඩුවැට". ඒත් ඔය කිසිම වැට මායිමක් ඒ හේන් වල දකින්න තිබුනෙ නෑ. සමහර වෙලාවට එක යායට හේන් කීපයක් තියෙන නිසා වෙන්න ඇති. මොනවා උනත් වල් ඌරා හේනට වදින එක වලක්කන්න හේන වටේ, පොලවෙ ඉදන් අඩියක් විතර උඩින් තංගුස් පටවල් දෙකක් ඇදලා තිබුන විදිහ නම් අපිට පෙනුනා.ඔය තංගුස් පට ඇගේ වදින කොට වල් ඌරො ආපුහු හැරෙනවලු.
වල් ඌරා මුලා කරන්න හේන වටේ ඇදපු තංගුස් පටවල් |
හේනට
ගොඩක්ම පාලු කරන්නෙ වල් ඌරා, මොණරා, කොබෙයියා වගේ සත්තු. කදසුරිදුගෙ වාහනය වෙච්ච මොණරට, හේන්වල මිනිස්සු කරදර කරේ නැති උනත්, වල් ඌරො දඩයමට නම් ඒ අය උපන් හපන්නු. වල් ඌරො යන එන මංකඩවල මරුවැල් අටවල තියෙන නිසා, යන අඩිපාරෙන් පිටට අඩියක් වත් තියන්න එපා කියලා ක්‍රිෂ්ණා අපිට කලින්ම කියල තිබුනා.
ක්‍රිෂ්ණත් එක්ක ගමනට ආපු මුලු කට්ටිය දහ දෙනෙක් විතර ඇති. ඒ හැමෝටම රෑ කෑම දෙන්න තනි හේන් ගොයියෙක්ට බැරි නිසා මගදිම වෙන හේනකින් ඉරිගු කරල් ටිකකුයි, වට්ටක්කා ගෙඩි තුනකුයි අරගත්තා.
දුරුතු
හද එළිය හේන් යාය එළිය කරත්, ලදු පදුරු වලින් වැහිච්ච අඩිපාර හරියට පෙනුනෙ නැති නිසා
වටේ කටු අතුවලට හීරිලා, ඒ වෙනකොට මුලු ඇගම රිදෙන්නයි, කසන්නයි අරගෙන තිබුනා. ඇත්තටම
පුරුදුකාරයෙක් නැතිව ඒ හිමේ කරක්ගහන එක කොහෙත්ම කරන්න බැරි වැඩක්.
වට්ටක්ක
ගෙඩි ටිකයි, අනික් අඩුම ටිකයි කරගහගෙන අපි රෑට ඉන්න පැළට කිට්ටු කරන කොට මිනිහා නොමිනිහා අදුරන්න බැරි තරමට බිං කරුවල වැටිලා. පැල්
කොටේ ඇතුලෙන් ලාවට එළියක් පත්තු උනා. අපි ඒ වෙනකොට පැය එකහමාරක් විතර කැලේ ඇතුලෙ ඇවිල්ලා.
"මහතුවෝ.. ඔන්න
අපි ආවා.. " ක්‍රිෂ්ණා පැළට කිට්ටු වෙද්දි ටිකක් සද්දෙට කිව්වා.
"ආ... ඒත්
මම මේ බැලුවා කවුද කියල.. මං උන්නෙ පොලීසියෙන්වත්ද කියල බැදපුවා අල්ලන්න එන.... " පැළේ අයිතිකාරය අපිව පිලිගත්තෙ එහෙම.
ඉතිරිය
ඊළග පෝස්ට් එකෙන්....
නුවර කලාවියේ අව්‍යාජ ගැමි දිවියේ අප නොදුටු පැතිකඩයන් තව තවත් අප වෙත ගෙන එන්නට ලැබේවායි පතමි... කවුද දන්නෙ සමහර විට තවත් මහින්ද කුමාර දළුපොත කෙනෙක්, පියසේන කහඳගමගේ කෙනෙක්, මායා රංජන් කෙනෙක් බිහි වෙයිද කියලා... :)
ReplyDeleteමේ වගේ තැන් වලට යන්න මාත් පුදුම ආසාවක් තියෙන්නේ ,කොහෙද ඉතිං එන්න බැහැනේ ..
ReplyDelete@දෙව්මිණි : තැන්කූ මචෝ. වගේ උගතුන්ගෙ ජනශුති දැනුමත් එක්ක බැලුවම අපි දන්නෙ මොනවද කියල හිතෙනවා. දැන් ලොක්ක හැම තිස්සෙම සයිට් එකට කඩන් පාත් වෙනවා බන්. ඒක නිසා රවුන් ගහන එක දැන් අඩු වෙලා. :ඩී
ReplyDelete@Ruwan Roshan : හ්ම්ම්ම්.... හොටෙල් එකක් බුක් කරගෙන ට්‍රිප් එකක් යනව වගේ ලේසි නෑ හේනක් හොයාගෙන යන එක.
මේවා දැක්කහම ගිහිල්ලා නයිටක් ගහන්නම හිතෙනවා....
ReplyDeleteඅනිවා සන්ජය,, නයිටක් ගහන්න ඕනෙම තැනක්!!!!
Deleteමේකත් බ්ලොග් රෝලෙ අප්ඩේට් වුනේ නෑ බන්.. හොඳ වෙලාවට දෙවෙනි එක අප්ඩේට් වුනා.. නැත්තම් රස කෑමක් මට මිස් වෙනවා..
ReplyDeleteපදවි ගිහින් වැවේ බැහැලා නාලා කරලා, ඔරු පැදලා, මාලු අල්ලන් කාලා ගම වටේ කරක් ගහලා ඒමේ වාසනාව මට එක සැරයක් ලැබුනා.. එහෙ ගියාම තමා තේරුනෙ ඒ මිනිස්සු තමා හරියටම ජීවත් වෙන්නෙ කියලා.. ඒත් ඒ ගොල්ලො ටවුන් වලට එන්න දගලනවා... ඒකෙත් හැටි..
අහ්..... ඔය ගමනෙදි අපිත් පදවි වැවට ගියා. ඔරුවක් නම් සෙට් උනේ නෑ... ඒත් ටියුබ් එකක් අරගෙන ෆුල් ආතල් එකක් ගත්තා. ඉදල හිටලා ආතල් ගන්න යන අපිට ඕවා සුන්දර උනාට, හැමදාම දකින පදවි වැවේ ඒ මිනිස්සුන්ට ලොකු අරුමයක් නෑ.
Deleteහිරුගේ මතක ආවර්චනයක් හා බැඳි යොමුවක් හරහා ආවා. මම ද එකතු වෙනවා. නමුත් බොරු කිව නොයුතුයි. මට කිසිම බ්ලෝල් එකක් නිරන්තරයෙන් ෆලෝ කරන්න බැහැ. රැකියාව සහ අනෙකුත් වැඩ කටයුතු හැරුනාම සුළු කාලයයි ඉතිරි වෙනුයේ.
ReplyDeleteඔබෙ කතා මාලාව අනුව ගැමි ජීවිතය ගැනත් බොහෝ දෙනෙකුට කිසියම් අවබෝධයක් ලබා ගත හැකි වේවි. අද කාලය අනුව එවැනි පරිසරය අපෙන් දුරස් වී යනවා.
නිර්මලාට වගේම හිරුටත් ස්තූතී....
Deleteපුලුවන් පුලුවන් වෙලාවට ගොඩ වෙලා යන්න. ඔව් අපි හැමෝම නොනවතින මැරතන් එකක් දුවන ගමන්නෙ ඉන්නෙ. කොච්චර ආස උනත් මටත් නිවිහැනහිල්ලෙ බ්ලොග් එකකට ගොඩ වෙන්න පුලුවන් ඉරිද දවසට තමා.
නියමයි මචං.. මගෙත් ලොකු ආසාවක් තමයි රෑක හේනක ඉන්න එක. ඒ වගේ වගා බිමක (හේනක් වගේ එකක) දවල් නම් ඉඳල තියනවා වල් අලි පෙනී පෙනී. අපි එදා ඒ වගා බිමට යද්දී ඊට කලින් දවසේ රෑ අලි ඇවිත් වාඩිය වටේ තිබුණු ගස්ලබු ගස් ඔක්කොම වගේ පෙරලලා දාල තිබුනා.
ReplyDeleteමේ වගේ ඒවා තව පුළුවන් නම් ලියමු. මාර රසවත් මේ වගේ පෝස්ට්..
තැන්කූ.... පුදුමයි ගස්ලබු ගහක් කියල උඹවත් පෙරලල දැම්මෙ නැතුවට :ඩී
Deleteමගේ ගෙඩි අඩු නිසා එහෙම කරන එකක් නෑ මං හිතන්නේ :D :D :D
Delete//..මං උන්නෙ පොලීසියෙන්වත්ද කියල බැදපුවා අල්ලන්න එන....//
ReplyDeleteහේනේ තව සයිඩ් බිස්නස් යනවා වගේ :P
හ්ම්ම්... දඩමස් බිස්නස් එක තමා. හේනට පනින ඌරොන්ට වෙඩි තියන්න පුලුවන්ලු. ඒත් මස් විකුනන්න බෑ. කාටහරි දුන්නත්, බෑග් එකක වත් දාල දෙන්න බෑ..
Deleteනියමයි බන් . . පුදුම ආසාවක් ආවා මේ පොස්ට් එක කියවද්දී හේනක් බලන්න යන්නත් හේනක රැයක් ගත කරන්නත් . .
ReplyDelete"මහින්ද කුමාර දළුපොත" මහත්තයගේ වැව්ගම් පත්තුවේ කතා පොත් මම කියවනෙන පුදුම ආසාවකින්.
ඒ වගේමයි වැව් ගම් පත්තුවේ / නුවර කාලාවියේ පළමු රෙජිස්ටාර් (මතක හැටියට ) ගේ දුව සේපාලි මායාදුන්න ලියපු කතාත් මම හරිම ආසාවෙන් කියවන පොත් සෙට් එකක්,
හත් අඩියට විනකල යක්කු, දණ්ඩ චක්‍රය, දෙබෙදුම සේපලිගේ පොත්.
පුලුවන් උනොත් හොයාගෙන කියවන්න මචන්.
දැන් ඉන්න දෙවෙනි කොටස බලල ආයේ මේ ක මුල ඉඳන් දෙතුන් විඩයක් කියවන්න ඕන. ඒ තරම් රසවත්.
මහින්ද කුමාර දලුපොත මහත්තයගෙ පොත් ටික නම් තියෙනවා.. සේපාලිගෙ පොත් ටික හොයාගන්න ඕන.බොහොම ස්තූතී හෝඩුවාවට.....
Deleteme poth online oder karala ganna thenak tiyanawanam mata kiyanna.mamath asai me pothwa athi addakiem wida ganna...
ReplyDeletehttp://www.sarasavi.lk/
Deletehttp://dayawansajayakody.com/jayakody_contact_us.html ඔය ලින්ක් වලින් ගිහින් බලන්න ගන්න පුලුවන් වෙයි.
thanks brother....
ReplyDeleteNiyamai Machan
ReplyDelete