ඉපැරණි
ලාංකීය ශිෂ්ඨාචාරයේ, අද්විතීය තාක්ෂණික ඥානයට නිදසුන් ලෙස අප බොහෝ විට ඉදිරිපත් කරන්නේ අහස සිඹින මහා චෛත්‍ය රාජයන් හෝ දැවැන්ත වාරි කර්මාන්තයන්ය. සැබැවින්ම ඒවා අද්විතීය නිර්මාණයන්ය. පුරාණ ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය වන්නේ අපේ ජේතවන දාගැබයි. වැව්, පොකුණු, අමුණු, ඇළ-වේලි ආදියද, කිසිදු පැකිලීමකින් තොරව සමකාලීන විදේශීය ශිෂ්ඨාචාරන්ගේ නිර්මාණයන්ට වඩා ඉහලින් තැබිය හැකි වේ. එහෙත් ආදි මුතුන්මිත්තන්ගේ වැව්
කර්මාන්තය හා දාගැබ් කර්මාන්තය හා සමතන්හි ලා සැලකිය හැකි තවත් විශිෂ්ඨ ශිල්පයක් අප විසින් නොදැනුවත්වම අමතක කොට ඇත. එනම් "මහා මාර්ග ඉදිකිරීමේ ශිල්පයයි".
ගමනාන්ත
දෙකක් හෝ කීපයක් යාකොට මාර්ග තැනීම, වැවක් හෝ දාගැබක් තැනීම හා සැසදීම යමෙකුට ගැටලුවක් ඇති කලහැක. නමුත් මාර්ග ඉදිකිරීමේදී පුරාණ ශිල්පීය විශිෂ්ඨත්වය මතු වන්නේ "පාර කැපීම" කොටසේදී නොව ජල පහරක් හරහා මාර්ගය ගෙන යාමට "පාලමක්" ඉදි කිරීමේදීය.
අතීතයේ
පැවති පාලම් තාක්ෂණයට ජීවමාන නිදසුන් කිහිපයක් අනුරාධපුර නගරය අවට විසිරී ඇත. මුල් යුගයේදී දැව කදන් උපයෝගී කරගනිමින් පාලම් ඉදිකල බවට උපකල්පනය කල හැකි උවත් පසුව වඩා වැඩි පැවැත්මක් උදෙසා ගල් පුවරු අතුරා පාලම් ඉදිකල බව සිතා ගත හැක. පාලමක් ඉදිකිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයකි. පාලම මතින් සිදුවන ගමනාගමනයේ ස්වාභාවය සහ පාලම යටින් ගලා යන ජල පහරේ ස්වාභාවය ඉන් ප්‍රධාන තැනක් ගනී.
නූතනයේ
තරම් රථ වාහන ඝණත්වයක් එදා නොපැවති නමුත්, එකලද පාලමක් මතින් ගමනාගමනයේ යෙදුන පිරිස සහ රථ ප්‍රමාණයද සැලකිය යුතු තරම් විනැයි සිතිය හැක. විශේෂයෙන් යුධ කටයුතු වලදී ඇත්, අස්, පාබල, රථ ආදියෙන් සමන්විත චතුරංගණී සේනාවන්ගේ ගමනා ගමනයට ඔරොත්තු දෙන පරිදි මෙකී පාලම් සවිශක්තියෙන් යුක්තව පැවතීම අත්‍යාවශ්‍ය කරුණක් විය. අදද ශේෂව ඇති මෙම ගල් පාලම් වල නටබුන් විමසිල්ලෙන් බැලූ කල එකී පාලම් තැනීමට යොදාගත් ගල් පුවරු සහ ස්ථම්භ වල ප්‍රමාණයන්, නූතන ගණනයන් හා අපූරුවට සැසදේ. විශේෂයෙන් ගල් පුවරු වල දිගට (span), සරිලන ඝණකමින් (thickness) යුක්ත වීම, කිසිසේත්ම අහඹුවක් යැයි සිතිය නොහැක. ඒවා නියත වශයෙන්ම ගණනයන් මගින් ලබා ගත් ඒවාය.
පාලම
තැනීමේදී සැලකිය යුතු අනෙක් කරුණ වන, ජල පහරේ ස්වාභාවයද ඉතා
වැදගත් එකකි. බොහෝවිට මෙකී පාලම් තනා ඇත්තේ ගංගා හෝ ඇලවල් හෝ හරහාය. ඊසාන දිග මෝසමෙන් රජරටට ලැබෙන මහා වර්ශාවත්, වැව් පිටාර ගැලීමෙන් එකතුවන ජල කදත් සෘජුවම මුදා හැරෙන්නේ මේකී ජල පහරවල් වලට නිසා ඒවාට ඔරොත්තු දෙන පරිදි පාලම ඉදි කිරීම සැබවින්ම අභියෝගයකි.
පාලම
සැලකූ විට එය ගල් කණු සහ
පුවරු වලිනුත් හරස් අතට දැමූ ගල් බාල්ක වලිනුත් සමන්විතය. එක පේලියට ආධාරක ගල් කණු තුනක් සිටුවා ඒ මත ගල් බාල්කය තබා ඇත. මට්ටම් කල ගල් පුවරු තබා ඇත්තේ මේකී බාල්ක මතය. නූතන විද්‍යාත්මක ක්‍රමය අනුව සැලකූ විට එය ඉතාම සාර්ථක "බර බෙදා හැරීමේ ක්‍රමයකි" (load
distribution system). එමගින්
"බර"(load),
එක් තැනකට කේන්ද්‍ර ගතවීම වලකී. ගල් කණු, බාල්ක හා පුවරු තබා ඇත්තේ එකිනෙක හේත්තුවන පරිදිය. ඒවා අතර කුඩිම්බි සවිකොට හෝ කට්ටා කපා හෝ "පිරිද්දීමක්" දැකිය නොහැකිය. එහි එක්තරා වාසියක් ඇත. එනම් හදිසියේවත් එක් ආධාරක ගල් කණුවක් ගිලා බැසීමකට ලක් උවහොත් සම්පූර්ණ පාලමම ඇදවැටීම වැලකීයාමයි.
Aගල් කණු පේලිය මත බාල්කය තබා ඒ මත ගල් පුවරු අතුරා ඇත |
කිසිදු "පිරිද්දුමක්" දැකිය හැකිනොවේ |
පැති පෙනුම |
අදටත්
ශේෂව ඇති ප්‍රධාන ගල් පාලම් කිහිපයක් අනුරපුර අවටින් හමුවේ. කුට්ටම් පොකුණ ආසන්නයේ සිට කි.මී. තුනක් පමණ ඈතින් ඇති මල්වතු ඔය හරහා බැදි ගල් පාලම ඓතිහාසික වටිනාකමක් ඇති එකකි. ශ්‍රී මහා බෝ සමිදුන්ද රැගෙන සඝමිත් තෙරණින් ඇතුලු පිරිස මෙම ගල් පාලමෙන් එගොඩව අනුරපුරට වැඩමවූ බව ඉතිහාසයේ සදහන්ය. එමෙන්ම දිග, පළල හා ගැඹුර අතින්ද මෙය අනෙක් ඒවා අභිබවා සිටී. දැනට අඩක් පමන ශේෂවී ඇති මෙහි මුලු දිග අඩි අසූවක්,අනූවක් පමණ වන්නට ඇත. පළල අඩි පහලවක් පමණය. ගල් කණුවක ප්‍රමාණය අගල් 9 X 9 පමණය. මල්වතු ඔය දෙගොඩතලා යන සමයේදීත් සවිශක්තිමත්ව නැගී සිටිය හැකිවන සේ තනා තිබීම සැබවින්ම විශ්මය ජනකය.
මල්වතු ඔය හරහා වැටුන ඓතිහාසික පාලම (කොටසක්) |
මල්වතු ඔය හරහා වැටුන ඓතිහාසික පාලම (කොටසක්) |
සංරක්ෂණය නොකල ඔය මැද ඇති කොටස |
මල්වතු
ඔය හරහා වැටුන මෙකී ඓතිහාසික ගල්පාලමට යන මාවතෙහි, ඒ ආසන්නයේම, තවත් ගල් පාලමක් ඇත. එය "හාල්පානුඇළ" නම් ඇළක් හරහා වැටුන එකකි. එය එතරම්ම විශාල එකක් නොවේ.අඩි හතලිහක් පමන දිගින්ද, අඩි නවයක් පමන පළලින්ද යුක්තය.
හාල්පානුඇළ හරහා වූ පාලම |
ඇළ මැද කොටස කඩා වැටී ඇත |
කුට්ටම්
පොකුණේ සිට ජේතවනය තෙක් වැටී ඇති "වටවන්දනා" පාරහි අඩක් පමන ගිය තැනහි හමුවන "නඛා වෙහෙර" සමීපයෙහි තවත් ගල් පාලම් දෙකක් ඇතැයි පැවසුවද මට ඒවා සොයාගත නොහැකි විය.
අනෙක්
ගල්පාලම පිහිටා ඇත්තේ අනුරාධපුරට ඈතින් මිහින්තලය ආසන්නයේය. මිහින්තලා නගර මධ්‍යයේ සිට ත්‍රී`මලය ප්‍රධාන පාරෙහි මීටර සියයක් පමණ ගිය තැන "මහ කනදරාව" වැවට යන මාර්ගය හමුවේ. එතැන් සිට තවත් කි.මී. පහක් පමණ වැව දෙසට යෑමෙන් "මහ කනදරාව ගල් පාලම " දැකිය හැක. මෙය පිහිටා ඇත්තේ වැවේ පිටවාන දෙසට වන්නය. එනිසා වැව වාන් දමන කාලයට විශාල ජල කදක් පාලමට යටින් ගලායයි. මෙය දිග අඩින් හැටක් පමනද, පලලින් අඩි නමයක් පමනද වේ.
මහ කනදරාව ගල් පාලම |
මහ කනදරාව ගල් පාලම |
මහ කනදරාව ගල් පාලම |
ලංකාවේ
පැරණි ගල්පාලම් පිළිබදව ඓතිහාසික තොරතුරු රැසක් පල්ලෙහා තියෙන සැබැදි වලින් කියවන්න පුලුවන්;
1."හෙලයෙක්" බ්ලොග් එකේ ලිපිය
2. තුශාර පුෂ්ප කුමාරගේ ලිපිය
3. "දිවයින" ලිපිය
කවදාවත් නොකියවපු කතාවක්.. බැලූ බැල්මට අසම්පූර්ණ නිර්මාණයක් වගේ පෙනුනට, ඔපය ගැන නොව හරය ගැන විතරක් සැළකිලිමත් වුන සුපිරි ඓතිහාසික නිර්මාණ..
ReplyDeleteබෝගොඩ පාලමත් මතක් වුනා....
ස්තූතියි ඩී සිල්වා මේ ගැන ලිව්වට..
හරියටම හරි.... හරය ගැන සැලකිලිමත් වෙච්ච නිසා තමයි අපිට මේ තරම් අගනා ශිෂ්ඨාචාරයක් හම්බ වෙලා තියෙන්නෙ..
Deleteඅනුරාධපුරයේ මල්වතු ඔය හරහා දමා ඇති ගල් පාලම් දෙක බලන්න මමත් ගිහින් තියෙනවා...ඒ අතරමග පාරේකින් හැරිලා යන්න තියෙන තවත් ගල් කණු පාලමක් බලන්න ගිහිල්ලා අතරමං උනා...ඒ ඒදවස්වල අනුරාධපුරයට ගංවතුර ඇවිල්ලා කාලෑවේ පාරවල් හොයා ගන්න බැරුවයි...
ReplyDeleteපාලම් තාක්ශනය ගැන කියනවනම් මම දැකපු පාලමුත් ඔයා ෆොටො වලින් දාල තියෙන පාලමුත් ඔක්කොම 'සිම්ප්ලි සපෝර්ටඩ් ගල් කණු', 'මල්ටි ස්පෑන්' පාලම් තමයි.....ඒ කාලේ කොන්ක්‍රීටි, යකඩ තාකශනය දැන ගෙන හිටිය නැති නිසා ඔවුන් 'බීම්' සදහා ගල් කණු යොදා ගෙන තියෙනවා. සපෝරට් අතර ස්පෑන් එක නතිනම් ගල් කනු අත්‍ර පරතරය වැඩි වෙන් විට විශාල හරස් කඩක් සහිත් ගල් කනු පාලමේ බීම් ලෙස යොදා ගන්න වෙනවා...නමුත් එවෙන් විශාල හරස් කඩක් සහිත ගල් 'බීම්' යොදා ගෑනීමේ අපහසුව හින්දා'පොඩි පරතරයන්' නැතිනම් පොඩි ස්පෑන්ස් වලට මේ පාලම් හදලා තියෙනවා...
පාලමේ තට්‍ටුවේ යොදා ගෙන ඇති ගල් කණු වල හැඩය බලන්න ....ඒවායේ හරි මැද හරස්කඩ් විශාලයි..ඒය බීම් තාකශනය ඉපෑරානි අය ප්‍රතයක්ශයේන් හෝ දැන සිටි බවට සාදකයක්.....මනද සිම්ප්ලිසපෝර්ටඩ් මීම් එකක්ක් වැඩිම් බෙන්ඩින් මෝමන්ට් එක එන්නේ මැද හින්දා...
ඒ වගේම සිරස් ගල් කනු යා කරන තිරස් ගල් කනුත් හරියටම සෛධාන්තිඅව නියම තැන සපෝර්ට් කරලා තියෙනවා...ඒත් ඒවා පසු කාලයේදී පාලම් පිලිසකර කරන විටදී නූතන අය එසේ කර තිබෙන්නත් ඉඩක් තියෙනවා....
ඔය තියෙන්නෙ අපූරු උණපූරණයක්. ස්තූතී මයියා .....
Deleteපාලම්වල ශක්තිමත් බව හොඳින්ම පේනවා. අනුරාධපුරේ පුරාණ නගරෙට ගියාම තැන් තැන්වල දකින්ට තියෙන අඩිපාරවලුත් කොච්චර ලස්සනද? ඒ එක්කම ඒ කාලයේ තිබුනු වාරි කර්මාන්තය තරම් හොඳ එකක් අදටත් අපේ රටේ නෑ.
ReplyDeleteමම "අතීත කාමියෙක්" නෙවේ. ඒත් ඇත්ත කතාව තමයි, එදා තිබුන නගර සැලසුම් ක්‍රමය, වාරි තාක්ෂණය, වගේ දේවල් අදටත් අපට ලගා කරගන්න බැරි වෙලා තියෙනවා කියන එක.
Deleteපසු කාලිනව සුද්දන්ගෙ කාලයේ හදපු බෝක්කු ,පාලම් වලද මේ ගල් උපයෝගී කරගත් තාක්ෂණය දකින්න තිබුන.
ReplyDeleteදැන් බලන කොට සුද්දො දැන් කරන්නෙ අපේ මිනිස්සු මීට ගොඩක් ඉස්සර කරපු දෙවල්.
බලන්න යන්න කාලයක් තිස්සෙ හිතාහිටියත් තාම යන්න බැරි උනා.
එක එක කාලවලට එක එක ශිෂ්ඨාචාර ඉස්මතු වෙනවා. කාලයක් "මායාවරු". ඊට පස්සෙ "මෙසපොතේමියාව", "නයිල් නිම්න", "ඉන්දු නිම්න","චීන" ශිෂඨාචාර.... රීටත් පස්සෙ "යුරෝපෙ පුනරුදය". ඕක තමා ලෝක ස්වාභාවය......
Deleteසිල්වා, ගොඩක් ම වැදගත් වටිනා ලිපියක්. ගොඩක් ම වටින්නේ, තමන්ම මේ තැන් වලට ගිහින් විස්තර දැකලා, පින්තූර අරගෙන, මේක කරපු එකයි. ජය වේවා!
ReplyDeleteතැන්කූ ඩ්‍රැකී..... ජය වේවා !!!!!!
Delete
ReplyDeleteගොඩක්ම වැදගත් දෙයක් තිලින ..අසාවෙන් බැලුවා ..
නියමයි...අර කඩා වැටුන ගල් පාලම් නැවත පිළිසකර
කරන්න බැරිද පුරාවිද්‍යා dep එකටවත් ?
අඩේ මුගෙ නම තිළිණද ? මම මේ සිල්වා සිල්වා ගානවා ප්‍රොෆයිල් එක බලාගෙන.. :D
Delete@සහන් : මම හිතන්නෙ පුරාවිද්‍යා එකේ සම්පත් ප්‍රමාණවත් නෑ ලංකාවෙ තියෙන පුරාවස්තු ඔක්කොම සංරක්ෂණය කරන්න.( බොදුබල සේනා එකෙන් "කුරගල" ගැන පුරාවිද්‍යා එකෙන් ඇහුවම ඒකෙ ලොක්කෙක් එහෙම කියනවා මට ඇහුනා). ඒ ගොල්ලා කරන්නෙ වැදගත්ම කියලා හදුනගත්ත කිහිපයක් සංරක්ෂණය කරන එක.
Delete@සෙන්නා : බ්ලොග් එක හැදුවෙ "de silva" කියල නම දාල. මුල් දවස් වල, ඒක වෙනස් කරන්න දැනන් උන්නෙ නෑ. පස්සෙ එහෙම්ම තියෙන්න ඇරියා. :D :D
අපිත් එක පාරක් අනුරාධපුරේ ගිය ඊට පොඩ්ඩක් එහායින් තිබ්බ ගල් පාලමක් බලන්න ගියා. ඒක නම් මහා ලොකු එකක් නෙවෙයි. මට නම මතකත් නෑ, තැන මතකත් නෑ හරියට. පූජා නගරෙට ආසන්නයි.
ReplyDeleteඔව් ඩූඩ් අයියා ගල් පාලම් ඔක්කොම තියෙන්නෙ පූජා නගරෙ. ආයෙ ගියාම බලන්න යන්න. කුට්ටම් පොකුණ ගාවින් යන්න තියෙන්නෙ. මග දිගටම බෝඩ් ගහලා තියෙන නිසා වරදින්නෙ නෑ....
Deleteමම මේ දැන් ඒ ෆෝටෝ එක හොයාගෙන බෙලුවා. ඔව් කුට්ටම් පොකුණ ගාවා ඉඳලා තමයි ගිහින් තියෙන්නෙ. අපි පාලම ලඟට ගිහිල්ල ආපහු හැරිලා ආවේ මම ගියේ අපේ පවුලේ හතර දෙනා එක්ක විතරක් නිසා ඒ පාලම උඩ ඉඳගෙන කුඩු ගගහා හරි බිබී හරි ඉන්නවා වගේ පෙනුන ටිකක් එක විදියක එවුන් ටික නිසා කියලා ෆෝටෝ එක දැක්කාම මතක් වුනා.
Deleteමරු නේ බං. උඹ අනුරාධපුරෙන් එනකොට නියම සිහිවටන ටිකක් අරන් ඇවිත් තියන්නේ.
ReplyDeleteහික් හික්.... ඕවා විතරයිනෙ ගේන්න පුලුවන්. වෙන වෙන ඒවා උස්සන් ආවොත් පොලීසියෙ තමා ලගින්න වෙන්නෙ. :D
Deleteඅනුරාධපුර කියන්නෙ ශිෂ්ටාචාරයක්.......!
ReplyDeleteබොහෝවිට ඔය ගල් ගෙනියන්න ඇත්තෙත් පිට පළාත්වලින්.
ඔව් නැත්තම් ඔච්චර ඉදිකිරීම් ප්‍රමාණයක් කරන්න වෙන්නෙ නෑ....
Deleteමමත් අපුරෙ කොල්ලෙක්. දැනට යෞරෝපෙ ඉන්නෙ.එත් හිත තියෙන්නෙ ගමේ ගුරුපාරෙ වැව් බන්ට් එකෙ කොටි පොලිසියෙ මෞන්ටන් බෛසිකලේ උඩමලුවෙ y not x එකේ ආලන්කුලමෙ සෙන් ජෝශප් එකේ තිලිනයා, දීපානි ඉස්කෝලෙ ලගින් මලක් ගහපු අතීනය, හ්ම්ම්ම්ම්
ReplyDeleteමචන් ගල් වල මතකද හවහට සෙට් උනානම් ...?
Deleteදැන් නම් ඉස්සර ගෙදර උන් ඒක ගොඩ කරනවා ..
කෙහෙල් කොටුවක් වෙලා ඒක දැන් ...
@ඇනෝ : අලුත් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කරත්තෙ තියෙන, මැදට ලුණු මිරිස් දාපු උදුවඩේ වලට දපනෙ වැටිලා හිටියෙ, "මැල්ලුම" කාපු එකෙක් වගේ :D :D
Deleteසහන් අයියා කොයි ගල් වල ද කිව්වනම් මචෝ,
Deleteතිලින අයියා . එතනින් වඩයක් අරන් ඒක පිටිපස්සෙ එකෙන් බීර් එකක් අරන් ටෙච්නිකල් එක පිටිපස්සෙ බන්ට් එකේ අතීතය. අලුත් බස්ටාන්ඩ් එකේ කැපිටල් ක්ලාස් එක ලග තමා හවස් වරුව සිරි නරබන්නෙ අපි ඉස්සර
නියම ම විස්තරයක් බං. උඹට හුගක් ස්තුතියි අපිට මෙව්වා දෙන එකට. තැන්කුයි.. ගල් කනු නං මාත් දැකල තියෙනවා හැක්..
ReplyDelete// ගල් කනු නං මාත් දැකල තියෙනවා හැක්..//
Delete:P කලුගල් නෙවේ වෙන්න ඇති.... :D :D
ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා මචං..!
ReplyDeleteචන්දනටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
Deleteනලීන් අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDeleteKoo mekata du eka naane
ReplyDelete