පලමු කතාව
දිනය
: 2012 වසරේ ජුනි මස දිනයක්
ස්ථානය
: පෞද්ගලික ආයතනයක, ඉදිකිරීම් වැඩබිමක්
චරිත
: මම , රියදුරු , බොස් , ලොකු බොස්
පූර්විකාව
: රියදුරු ලසන්ත එවකට මා සේවය කල පුද්ගලික ආයතනයේ සේවයට බදවාගෙන තිබුනේ, අපගේ ලොකු බොස්ගේ සෘජු මැදිහත්වීම මතය. ඒ එතුමා ලසන්තව වසර කිහිපයක සිට හොදින් දැන අදුනාගත් අයෙකු වූ බැවිනි. මා මෙහි "ලොකු බොස්" කියා කීවේ එවකට එම ආයතනයේ සාමාන්‍යාධිකාරීතුමාටය. බොසාගෙ මිනිහෙක් වූ නිසාදෝ ලසන්ත තරමක් නාහෙට නාහන චරිතයක් බවට පත්ව සිටියේය. හේ කිසිවෙකුත් එතරම් "කෙයා" කරේ නැත. ආයතනය පාර්ශවයෙන් යම් කාර්යයක් කර ගැනීමට වූ විට සෙසු ඉහල නිලධාරීන් මග හැර, සෘජුවම ලොකු බොස්ගේ දුරකථනය ඇමතීමට තරම් හේ බලසම්පන්න අයෙක් විය. තමා හා සම මට්ටමේ රියදුරන්, යන්ත්‍ර ක්‍රියාකරුවන් අතර, ඒ වන විටත් පොරක් වී සිටි ලසන්ත ක්‍රමයෙන් ඉහල නිලධාරීන්ගෙන්ද "ගේම" ඉල්ලන්නට පටන්ගෙන තිබුනි.
වැඩ
බිමෙහි සියලු ශේණි වල සේවකයන් (කම්කරුවන් හැර) නවාතැන්ගෙන සිටියේ එකම නිවස්නයකය. කාමර හතරකින් සමන්විත එහි, කාමර දෙකක නිලධාරී මහතුන්ටද, අනෙක් දෙකෙහි නිලධාරී නොවන සේවකයන්ටද වෙන්කොට තිබින. එකම චමරියෙන් සියලු දෙනාටම කෑම සැපයින. එතරම් සේවක පිරිසක් නොසිටි නිසා, සතර දෙනෙකුට උව සෑහෙන කාමරයක සිටියේ දෙදෙනකු හෝ තිදෙනකු බැගිනි. ලසන්ත සිටියේ තවත් රියදුරෙකු සමගිනි.
නවක
නිලධාරී මහතකු පැමිණියේ ඔය අතරවාරයේය. ඔහුටද නවාතැන් ලබා දිය යුතුය. එහෙත් නිලධාරීන් රැදී සිටිනා කාමර දෙකෙහි ප්‍රමාණවත් තරම් ඉඩක් නැත. කල හැකි එකම දේ ලෙස තිබුනේ ලසත්තත්, අනෙක් රියදුරාත් අනෙක් කාමරයට මාරු කොට යවා ඉඩ ලබා ගැනීමය. මගේ බොස් ලසන්ත ඇමතුවේය;
බොස්
: ලසන්ත, අලුතෙන් මහත්තයෙක් ආවා... එයාට ඉන්න ඉඩ නෑ. ඒක නිසා ඔය දෙන්නා අනිත් කාමරයට යන්න.
ලසන්ත
: (නක්කලේට හිනාවෙමින්) ඇයි අපිත් එක්ක හිටියහම මොකද වෙන්නේ ???
බොස්
: (මදක් මලපැන) ඒක තමුසෙට වැඩක් නෑනෙ..... කිව්වහම අහලා අනිත් කාමරේට යනවා..........
ලසන්ත
: ඔය හුන්ඩුව වගේ එක ඇතුලෙ ඉන්න බෑ. ඒ කාමරේට යන්න වෙනවා නම් මම ජොබ් එකෙන් අස්වෙනවා.
බොස්
: (හොදටම මලපැන) ආ ඇත්තද??? ඔය ටික ඔහොම්මම ලොක්කට (බොස්ගෙ බොස්) කියනවකෝ....
{බොස්
කෝපයෙන් පිටවී යයි. ලසන්තද තවත් මොන මොනවාදෝ කුටු කුටු ගායි. එහෙත් ඒවා හරියටම පැහැදිලි නැත. මද වේලාවක් ගතවන තුරු වටේ සිටිනා උන් තුෂ්නිම්භූතව බලා සිටී }
{ඉහත
දෙබසින් පැය කිහිපයකට පසු ලොකු බොස් වැඩ බිමට පැමිණේ. බොස් ලසන්තගේ හැසිරීම ගැන ලොකුබොස්ට කරුණු දක්වයි }
ලොකු
බොස් : (ලසන්ත අමතා, තරමක් සැරෙන්) ලසන්ත හෙට ඉදන් අනිත් කාමරයට යන්න ඕන.. ප්‍රශ්ණ මුකුත් තියෙනවද???
{ලසන්ත
හිස සලා, ප්‍රශ්ණ නොමැති බව හගවයි. මද වේලාවකට පසු තමාගේ බඩුත් පොදි ගසාගෙන අනෙක් කාමරයට මාරු වෙයි }
ලොකු
බොස් : (මාත්, බොසුත් අමතා) ලසන්ත වාතයක්ද??? වාතයක් නම් කියපල්ලා.. මම මිනිහට "හාට් ටු හාට්" ටෝක් එකක් දෙන්න.. මෙච්චර මේ මිලියන ගානක ප්‍රොජෙක්ට් එකක් ඩ්‍රයිවර් කෙනෙක් නිසා අල කරගන්න මට බෑ...
{අප
දෙදෙනා සෙමින් සිනාසී ලොකුබොස් සමග විසිරී යයි. ගැටලුව අවසන්ය.}
** ** ** ** ** ** ** ** **
දිනය
: 2013 වසරේ අප්‍රේල් මස දිනයක්
ස්ථානය
: රජයේ ආයතනයක, වැඩබිමේ කාර්යාලය
චරිත
: මම , රියදුරු , නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක , ව්‍යාපෘති අධ්‍යක්ෂක
පූර්විකාව
: ප්‍රසන්න, රියදුරෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වී වසර පහළවකට අධික සේවා කාලයක් ගතකොට ඇත්තෙකි. බොහෝ රාජ්‍ය සේවකයන් මෙන් හිමිවිය යුතු අයිතිවාසිකම් ගැන මැනවින් හදාරා, ඒවා භුක්ති විදීමට නිරතුරුව ඇප කැපව සිටී.
මෙම ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක (නි.ව්‍යා.අ.) කාන්තාවකි. තරමක් හැඩි දැඩි ගතිගුණයෙන් හෙබි කාන්තාවකි. රාජ්‍ය සේවකයකු උවත්, සාම්ප්‍රධායික රාමුවෙන් මිදී, වෙහෙසී වැඩකලයුතු බව තරයේ අදහන, එය ක්‍රියාවෙන් පෙන්වන කාන්තාවකි.
දිනක් ප්‍රසන්න හිටි හැටියේම නිවාඩු යයි. ඉහල නිලධාරියෙකුට දැන්වීමක් හෝ නිවාඩු අනුමත පෝරමයක් හෝ පුරවා බාර දී නැත. පිට පිටම තෙවන දිනයේත් ප්‍රසන්න නොපැමිණීම නිසා නි.ව්‍යා.අ තුමිය ප්‍රසන්නට දුරකථනයෙන් අමතා තරමක් තදින් කතාකොට ඇත. ඊළග දිනයේ ප්‍රසන්න වැඩට පැමිණෙන අතර උදෑසනම නි.ව්‍යා.අ තුමිය මුණගැසේ;
ප්‍රසන්න : (දකුණතේ දබරගිල්ල ලෙලවමින්, කෝපයෙන්, සියල්ලන්ටම ඇසෙන සේ ) මිස් මම නිවාඩු ගියාම මගේ ෆෝන් එකට කෝල් ගන්න එපා.... අපිටත් කියලා ආත්මගෞරවයක් තියෙනවා...
නි.ව්‍යා.අ : (ලැජ්ජාවට පත්වී එහෙත් සන්සුව) දැන් ඔයා නිවාඩු කියලා මම දන්නෙ කොහොමද???
ප්‍රසන්න : මම සුනිල්ට (තවත් රියදුරෙක්) කිව්වා..
නි.ව්‍යා.අ : සුනිල්ද ඔයාගෙ බොස් ????
ප්‍රසන්න : බොස් කවුරු උනත් මට කමක් නෑ.. මම නිවාඩු ගියාම කෝල් කරන්න එපා.. එච්චරයි....
නි.ව්‍යා.අ : දැන් ඔයා මෙතන කවුද??
ප්‍රසන්න : (වේගවත් ස්වරයෙන්) මම ඩ්‍රයිවර්
නි.ව්‍යා.අ : එතකොට මම කවුද??
ප්‍රසන්න : (ජයග්‍රාහී ලෙස සිනහා වෙමින්) ඉංජිනියර්.. ඉතින් මොකද????
{ නි.ව්‍යා.අ තුමිය නිහඩ වෙයි. ප්‍රසන්න කාර්යාලයේ අනෙක් අයට ඇසෙන සේ තව තවත් "පොර ටෝක්" දෙයි. සුලු සේවකයන් කිහිපදෙනෙක් මුහුණු සගවාගෙන සිනාසෙයි.}
{නි.ව්‍යා.අ තුමිය, ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා දුරකථනයෙන් සම්භන්ධ කර ගනී }
නි.ව්‍යා.අ තුමිය : සර් මේ ප්‍රසන්න උදේ පාන්දරම ඇවිල්ලා මෙතන කෑ ගැහුවා....
{මද
වේලාවකින් ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා හමුවන ලෙසට ප්‍රසන්නට ඇමතුමක් ලැබේ. ප්‍රසන්න පිටව යන අතර මද වේලාවකින් නැවත පැමිණේ. ඔහුගේ මුවෙහි මද සිනාවක් ඇත. }
වෙනත්
අයෙක් : (ප්‍රසන්නගෙන්) මොකද… මොකද… ලොක්කා කිව්වේ ?????
ප්‍රසන්න : (කාර්යාලයටම ඇසෙන සේ සිනහා වෙමින් ) "මොකද අයිසෙ උදේ පාන්දරම රන්ඩු වෙන්නේ. ටිකක් දවල් වෙලා රන්ඩු වෙනවාකෝ" කියලා කිව්වා......
{සැවොම
සිනාසී ලය සැහැල්ලු කොටගෙන නැවත රාජකාරිවල යෙදේ. ගැටලුව ඉතිරිය }
දෙවෙනි එක නම් පට්ට :)
ReplyDeleteපළවෙනි එකට නම් මටත් මල පැන්නා. ඌ මාර පන්ඩිතයෙක් නේ බං.
දෙවෙනි එකේ මොකක්ද බන් පට්ටෙ ? කොන්ද පණ නැති මෝඩ බොසෙක්නෙ ඌ.. පළවෙනි එකා විතරක් නෙමේ උන් දෙන්නම පණ්ඩිතයො මට හිතෙන හැටියටනම්..
Delete@සෑම් : කියල වැඩක් නෑ. ලොක්කොන්ගෙ කනෙක්ශන් වලින් ජොබ් වලට ආවහම ඔය වගේ වෙනවා.
Delete@සෙන්නා : ලොක්කට ලගදි ප්‍රමෝෂන් එකක් ලැබෙන්න යන්නෙ. පොර බයයි කවුරු හරි කොක්කක් දායි කියල. ඒකයි මේ දවස්වල "පතෝල" වගේ ඉන්නෙ.
සිරාවට...දෙන්නම පණ්ඩිතයෝ තමා. :)
Deleteඔය ආයතන අල ඩ්‍රයිවර්ලා, කා. කා. ස. ලා විතර ප්‍රබල වුන් අධ්‍යක්ෂ මණ්ඩලෙත් නෑ සමහර විට. අනිත් එක සමහර උන්ගේ අලුගුත්තේරු කම!
ReplyDeleteඔව් ඩූඩ්... ඕනම කෙනෙක් තමන්ගෙ තරමට ඉදිමෙන්න ඕන.
Deleteආයතනයක විනයක් නැතුව ගියාම පවත්ව ගන්න අමාරුයි..ඔය වගේ රඟන උන්ව කෙලින්ම කපලා දාන්න ඕනා.. රාජ්‍යය ආයතන වලට මකබෑවිලා තියෙන්නෙ ඔය හේතුව හින්දා තමා..
ReplyDelete+++++++++
Deleteසෙන්නට මෙන්න මගෙන් වැටක්... හි හි
එකනම් ඇත්ත සෙන්නා,රාජ්‍ය ආයතන වල පරිහනියට විනයක් නැති කම තදින්ම බලපානවා.
Delete@සෙන්නා : ඉතුරු වෙලා තියෙන රාජ්‍ය ආයතන ටිකත් පෞද්ගලීකරණය කරා නම් හොදයි කියල හිතෙනවා මේ වගේ වැඩ දකිද්දි.
Deleteමටත් හිතෙන්නෙ, අධ්‍යාපණ, සෞඛ්‍ය ඉතුරු කරලා අනිත් ඔක්කොම පෞද්ගලීකරණය කළානම් හොඳයි.. උදාහරණයක් විදිහට, දැන් විදුලිය රාජ්‍යය ආයතනයක් කියලා අපිට ඇති සෙතේ මොකක්ද ?
Deleteඔව් සෙන්නා. බොරුවට මහජනයගෙ මුදල් කාබාසිනියා කරනවා. ලාභ උපයන්නෙත් නෑ. මිනිස්සුන්ට සෙතකුත් නෑ....
Deleteඔය වගේම සිද්ධියක් උනා අපේ ඔපීස් එකක. පියන් කෙනෙක් නොදන්වා එලියට ගියා. ලොක්ක ඔය විදියට ප්‍රශ්න කලා. "සර් මම ගියේ පියදාසට කියල" පියන් කිව්ව(පියදාස කියන්නෙ පියන්ලගෙ ජේෂ්ටයා).
ReplyDelete"අයිසෙ පියදාස කියන්නෙ මෙතන ලොක්කද?" බොසා ඇහුව.
"ඔව් සර්, මගේ ලොක්ක පියදාස තමයි"!
ලොක්කට කට උත්තර නෑ.
"නිළධාරීවාදය" කියන එක ඕනම ආයතනයක තියෙන්න ඕන. එතකොට තමයි ආයතනයක විනය රැකෙන්නෙ
Deleteපේනවනේ කාන්තාවන්ට තියෙන සැලකිල්ලේ හැටි. මම හිටියා නම් එයාව වෙන දිහාවකට මාරු කරලා තමා පස්ස බලන්නේ හී හී...
ReplyDeleteමට ආරන්චි විදිහට නි.ව්‍යා.අ. තුමිය දැනටමත් අවශ්‍ය පියවර අරගෙන තියෙන්නෙ. ලගදීම පොරව දුෂ්කර සේවයට කැදවයි. :D
Deleteආහ්.. මම දැණුයි, දෙවෙනි කතාවෙ දිනේ බැලුවෙ.. මේක මේ උණු උණු සිද්ධියක්නෙ..
Delete@සෙන්නා : ඔව් ඔව්... මේ දිනවල විකාශණය වෙන තිරපිටපතක් :D
Deleteස්ථාන දෙකක බොස්ලා දෙන්නෙක් ගේ වෙනස..! අර වගේ වාත ඩයල් නම් වැඩ කරද්දී මුණ ගැහෙනවා තමයි..
ReplyDeleteලොක්කොන්ගෙ අතේ තමා ගේම තියෙන්නෙ :D
Deleteදෙවැනි කතාවේ බොස් නම් කිසිම වැඩකට නෑ. අන්න පලවෙනි කතාවේ බොස්ලා තමා බොස්ලා.
ReplyDeleteපලවෙනි කතාවෙ බොසාගෙ "හාට් ටු හාට්" ටෝක් එක ඩ්‍රයිවර්ට දුන්න නම් පොර එතැනම මළ-මුත්‍රා පහකරගන්නවා
Deleteහිනා... හිනා...
ReplyDelete:D... :D...
Deleteඩැයිවර්ලා හුගක් උන් එහෙම තමා.. ඔය වගේ කතා තියෙනවා ඕසේට.. එළ
ReplyDeleteඋන් හිතාගෙන ඉන්නෙ උන් පෑගුවොත් විතරයි වාහන ඉස්සරහට යන්නෙ කියල :D
Deleteමේ කතවෙදි නං ඩයිබර් අයියල දෙන්නා වැරදියි තමා. ඒ උනාට සමහරක් වෙලාවල් තියනවා පාලකෝ වැරදි වෙලාවලුත්
Delete@අටම්: අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. පිලිගන්න එක තමයි වෙන්න ඕන..
Deleteකබ්බෝ ෆෝර්ම් කරන ලොක්කෝ ඉන්න නිසා අනික් එවුන්ටත් ඉන්න නැහැ :)
ReplyDeleteහරියට හරි බන්... ලොක්කොන්ටම කෙලෙව්ව දවසට තමා කබ්බොන්ගෙ රග තේරෙන්නෙ,,,
Deleteඅකුරු ටිකක් තද පාට කරලා ලොකු කරනවද ..ටිකක් කියවන්න අමාරුයි.
ReplyDeleteහරි, ඊළග පෝස්ට් එකේ ඉදන් වෙනස් කරන්නම් :)
Delete