Saturday, August 10, 2013

සුභ උපන් දිනක් වේවා !!



//කැත්තෙ, උදැල්ලෙ වැඩ හුරු නැති ඉලන්දාරියෙක් හිතුමතේට කොටපු මුල්ම හේන තමයි "නවදැලි හේන". වල් කොටල, සුද්ද බුද්ද කරල ගත්තට මොකද, ලත් තැනම ලොප් වෙයිද, කියල කෝඩුකාර හේන් කාරයට හීනියට වගේ දුකකුත් තියෙනව.//

මීට හරියටම අවුරුද්දකට කලින් "නවදැලිහේන" මේ සයිබර් අවකාශයේ පහල උනේ ඔන්න ඔහොම..... 

අද තමා "නවදැලිහේන", තමන්ගෙ පලවෙනි උපන්දිනේ සමරන්නෙ. පලවෙනි උපන්දිනේ සමරන අද දවස වෙනකොට හේනෙ පෝස්ට් පනහක් පලවෙලා. දඩුවැට පැනලා හේනෙ පැල පදියං වෙච්චි ගාන එකසිය නවයක්. 

සිංහල බ්ලොග් අවකාශෙට මම කඩන් පාත් උනේ කොහොමද කියලා මටවත් හරියටම මතකයක් නෑ. කොහොම හරි ඒ මීට අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින්. අවුරුද්දක් විතර කිසිම පිලිවෙලක් නැතුව එහෙන් මෙහෙන් අහුවෙන බ්ලොග් පෝස්ට් කියව කියවා අයාලේ ගියපු මට, බ්ලොග් එකක් කරන්න ඕන කියලා අදහස ආවෙත් අහම්බෙන්මයි. කොහොමටත්, මොනවා හරි ලියලා, කාට හරි කියවන්න දීලා, ලැබෙන ප්‍රතිචාර වලින් අහිංසක සතුටක් හම්බ කරගන්න සිරිතක් පුංචි කාලෙ ඉදලම මට තිබුනා. "නවදැලිහේන" කියන්නෙත් පුංචි කාලෙ ඒ විදිහට තියපු පියවර වලම තවත් එක දිගුවක්. 

ගොඩක් දෙනෙක් වගේම මමත් "නවදැලිහේන"ට ‍තෝරගත්තෙ බොහොම ජනප්‍රිය තේමාවක්. ඒ තමා "ජීවන අත්දැකීම්". ඒවායිනුත් මතකයේ ‍රැදුනු, කියෙව්වම යමක් ඉතිරිවෙන අත්දැකීම්. ජීවිතයට කොච්චර පාඩම් කියල දුන්නත්, බාහිර කෙනෙක්ට ඒක කියෙව්වම "පුස්ස බින්දා වගේ" හැගීමක් නොඑන අත්දැකීම්. 

ඉරිදා දිවයින පත්තරේ, "මීවිත" ටැබ්ලොයිඩයේ පලවෙච්ච "තානායම්පල්ලාගේ සටහන" තමයි මම දැකපු විශිෂ්ඨතම ජීවන අත්දැකීම් එකතුව. සරල සිද්දියක් උනත් රසවත් කරලා, කෙටි කතාවක වගේ නොහිතන අවසානයක් කරා ඇදගෙන යෑමේ අපූරු හැකියාවක් "තානායම් පල්ලාගෙ සටහන්"වල තිබුනා. මම "නවදැලිහේන"ට කොපි කරෙත් ඒ ආකෘතියම තමයි. සමහර ජීවන අත්දැකීම්, විදපු මට "අපූරු" උනාට, කියවන ඕගොල්ලන්ට එහෙම නොවෙන්න පුලුවන්. ඒක නිසා මූලික හරය මරන්නෙ නැතුව, පොඩි පොඩි ආලවට්ටන් කෑලි එකතු කරන එක ගොඩක් පෝස්ට් වලදි මම කරා. නිකම්ම හුණුයි, පුවකුයි එක්ක බුලත් විටක් කනවට වඩා කරදමුංගු, කරාබු නැටි, වසා වාසි, පොල් කෑලි එක්ක සාර විටත් කනකොට දැනෙන රසේ වෙනස අහසට පොලව වගේ. මට ඕන උනේ අන්න ඒ රසේ වෙනස ඕගොල්ලන්ට ඉස්මතුකරලා දෙන්න.

නවදැලිහේන කරගෙන යද්දි එකම විදිහෙ පෝස්ට් එක දිගට වැටෙන එක නවත්තන්න මම පොඩි පොඩි වෙනස්කම් කරා. "පාරදිගේ" ටැග් එක යටතෙ තියෙන පෝස්ට් ටික ලිව්වෙ ඒ අරමුණින්. ඒ වගේම සමහර වෙලාවට මූලික භාෂා විලාශයෙන් අපගමනය වෙලා පැරණි සිංහල රටාවට යොමු උනා. ඒ වගේ තැන්වලදි සමහර විට මම අසාර්ථක වෙන්නත් ඇති. මොකද සා/පෙළ දක්වා සිංහල හැදෑරීම හැරෙන්න වෙනත් කිසිම සාහිත්‍යමය සුදුසුකමක් මට නැති නිසා. මොනවා උනත් ඒවගේ "ටෙස්ටින්" වලින් නවදැලිහේන තවත් රසවත් වෙන්න ඇති කියලා මට හිතෙනවා.

දැන් තියෙන්නෙ "භුක්තානුමෝදනාව"..... නවදැලිහේන මේ විදිහට අවුරුද්දක් ඇදගෙන ආවෙ කියවන ඕගොල්ලොන්ගෙන් හම්බවෙච්ච ගට නිසා. හිතේ හයිය තිබුනත්, කියවන්න ඕගොල්ලො හිටියෙ නැත්තම් "නවදැලිහේන" පුරං වෙලා ගොඩක් කල්.

නවදැලිහේනෙ මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ මගේ හිටපු රූමා, නිසංස. මුල්ම කමෙන්ට් එක වැටෙද්දි මට දැනුන සතුට, පොඩි එකෙක්ට මොන්ටිසූරියෙදි පි‍ටුව පිරෙන්න ටීචගෙන් "හරියක්" හම්බ උනම දැනෙන සතුටට දෙවැනි නෑ. ඊට පස්සෙ බ්ලොග් අවකාශෙදි මම හම්බකරගත්ත මිනිස්සු ටික, පුලු පුලුවන් විදිහට පෝස්ට් වලට කමෙන්ට් දාලා ගියා. මේ ඉන්නෙ මේ වෙද්දි කමෙන්ට් දාපු සහෘද්දයො;

ආගිය කතා ලියන හසිත , විකුම්  , Miyuruworld ලියන මියුරු , බුද්ධි  , නෙලුම් විල ලියන බින්දි , ඩ්‍රැකීගෙ අඩවිය ලියන ඩ්‍රැකී , කූඹිච්චී , AUDiOnline ලියන අසංක , චන්දනගෙ සටහන් ලියන චන්දන , මධු භාශිනී , ඡායාව ලියන ධම්මික , රතු රජරට , මාතලන් , නදුන් , උමා (දසුන්) , සහන්  , පහන්යාය ලියන සයුරි , දේශකයා , ආත්තම්මගෙ පෙට්ටගම ලියන ලොකු ජෝන් , කුරුන්ද ලියන සෙන්නා , සමකය වටේ ලියන නලීන් , වසන්තයට ආරාධනාවක් ලියන සජිත් , අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිතාන , නොහික්මුනු ඇස , දෙයියන්ගෙ රටේ ලියන ගම්ලත් , චමී4යූ , ක්සැන්ඩර්ගෙ කොලම ලියන ක්සැන්ඩර් , හිත හොද , බූරු බබා , ලිහිණි , දමිත් ශ්‍රියන්ත , දමිත් තරංග , සිහින සටහන් ලියන ඉමල්ක , සැමරුම් ලියන අයිලාෂ් , සමනළ ගීතය ලියන සමනළී , ප්‍රහාරය ලියන සුමිත් නිරිඇල්ල , සෑම් , රුවන් රොශාන් , නිර්මලා මධුෂානි , දුකා , අසංක ජයතිලක , sanjaya සිතුවිලි , හිරු නැති හෝරාව ලියන හිරු , සුරංගි අක්කා , තහනම් අඩවිය ලියන රජා , ගිම්හානි , පොඩි කුමාරිහාමි , ගාමිණී විජිතය ලියන ගාමිණී අයියා , කම්මල , ලියන්නා ලියන වෙනී , ඩූඩ් , පිස්සගෙ පලාමල්ල , මී ගොඩයා , චාන්දිගේ සිතුවිලි උයන ලියන චාන්දි , ප්‍රතිවාදියා , uwiniran , එදිනෙදා ජීවිතය ලියන නිහඩ සහන් , වර්ණ ලියන සිහින මදාරා , සිරාගෙ කාමරේ ලියන සිරා , වර්ණ ලියන දිනේශ් , සුමේධ , සමීර , එදිරි , හැලපකඩේ , මයියා , වී පොකුරෙ වීයා , රගහල ලියන තිසර , මනෝජ් , රාජ්ගෙ නවාතැන ලියන රාජ් , මාරයගෙ හෝරාව ලියන මාරයා , දමිත් ගුනවර්දන , මගේ සරම , විචාරක , Kenji@japan , සරත් ලංකාප්‍රිය , නාඩියා නාඩිරත්ත , කෝරලේ වලව්වෙ කෝරලේ මහත්තයා , මට හිතෙන හැටි ලියන itnshantha , අසරණයා , ඒ.කේ.එම් අඩවිය ලියන AKM , යසිත්ගෙ සිතුවිලි ලියන YASITH (dot) NET , රුවන් අයියා , sanjeewa mendis , යටලියන්නා හෙවත් underwriter , ලා දම් අහස ලියන රෙහානි , ඩුබායි වට්ටක්කා ලියන වරුණ , වැව් ඉස්මත්ත , මහේෂ් නිශාන්ත , ඉවාන් පවුලූෂා , නුවර කුමාරි ලියන උපේක්ෂා , නිල් මානෙල් , අරූගෙ අඩවිය , දුලාගෙ අඩවිය ලියන දුලා

මේ අතරට "ඇනෝ" ඇවිත් කමෙන්ට් දාපු පිරිසවත් මතක් කරන්න ඕන......

බ්ලොග් එකේ දකුණු පැත්තෙන් තියෙන "හේනට එකතු වූවෝ" යටතෙ මේ වෙද්දි 109 දෙනෙක් ඉන්නවා. නම් විදිහට ගත්තොත් ඒ අය මෙහෙමයි(පෝස්ට් එක දික්වෙන නිසා මුලදි කිව්ව නම් ටික මේකෙදි අඩු කරා);

කවින්ද ගයාශාන් , චමිත් කන්ඩම්බි , Desertfrog , සොමියාගේ අඩවිය ලියන සොමියා , අනන්තය , ශ්‍රිරාන් අයියා , මලිත් , මාතලන් , මනසින් දිවියට ලියන Gayani Wedage , කතන්දර , මලී සකුන්තලා , Buru , සමීගෙ පුංචි ලෝකය ලියන සමී , දේශයේ ශක්තිය ලියන දේශ් , සමනළ ගීතය , හස‍රැල් , හර්ෂණ රනසිංහ , priyan Weniwel , දිනේෂා , මදාරා , මාධව ජයරත්න , මහගෙදර මහ වෙදනා , පිණි පලස ලියන හරී , ප්‍රදී , හසිත මදුශන්ක , වාසල සටහන් ලියන චමීදේවා , නාදුනන්නියකගේ අකුරු ගෙත්තම ලියන නන්දු , සොදුරු සිත , අමිල ගුනතිලක , නයන ශ්‍රීනාත් , සිත් අහස ප්‍රාර්ථනා , තරියා අබේ , චාන්දනී , මනුර තමෙල් , චතුර ජේකෝන් , දිදුල ඩි සිල්වා , BLOG ගඩොල් , තරු අරුණ තරු , සමීර නඩුගල , අමිල , Angel Siththaravi , තාරක කල්හාර , මනෝජ් ෆනෑන්ඩු , නදී කේශා , සිසිර අමරසිංහ , රූ සිරිනි , කලිකාල , චාමි ගුරුගේ , Lokkaiya Loku , තිලංග නිහාල් මංජුල , mercy , යසිත්ගෙ සිතුවිලි , ගමේ හිතවතා , සමීර ලක්මාල් බන්ඩාර , ඉන්දික ජයලාල් , රූ සිරිනි ලියන රූ

ඒවගේම හේන කියවන නිහඩ පිරිසකුත් ඉන්න බව මම දන්නවා. පෙනෙන නොපෙනෙන ඕගොල්ලො දෙගොල්ලන්ටම නවදැලිහේනට ගට දීපු එකට මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා.

නවදැලිහේනට පොඩි ආන්තරාවක් වෙලා තිබුනා කියලා මේකත් එක්ක දිගටම එල්ලිලා හිටපු අය දන්නවා. හේනෙ පෝස්ට් අප්ඩේඩ් නොවී තියෙද්දි පෝස්ට් වලට පබ්ලිසිටිය දීපු සෙන්නා, හිරු, අටං,චන්දන වගේම ලෙඩේ හොය හොය ඒකට විසදුම් දෙන්න මහන්සි වෙච්ච ඩූඩ්, සෙන්නා, චන්දනටත් මම ස්තූති වෙන්න ඕන. ඒ වගේම අන්තිමේදි බ්ලොග් එකේ ලෙඩේ තක්කෙටම අල්ලගෙන නිට්ටාවටම සනීපවෙන්න බෙහෙත් දීපු සයිබරයේ ජීවකයා "නිහඩ සහන්" ටත් ස්තූතිවන්ත වෙනවා.


බ්ලොග් එකක් පුරා අවුරුද්දක් ලියන එක ලේසි නෑ. අනික කතරගම දෙයියන්ට වෙච්ච බාරයක් වගේ හැම සතියෙම එක පෝස්ට් එකක් ලියන එක ටිකක් විතර අමාරු වැඩක්. ඒ අපහසුතාව මැද්දෙන් ගෙවිච්ච අවුරුද්ද දිහා බැලුවම දැනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්. ඒ වගේම දැන් බ්ලොග් එකට "නවදැලිහේන" කියල කියන්නත් බෑ. මොකද "නවදැලිහේන" කියන්නෙ නැවුම් හේනකට නිසා. 

අවුරුද්දක් පුරාවට එක දිගට ගෙඩි , මල් ඵල දරාපු නිසා, දැන් "නවදැලිහේනෙ" සරු පස, ටික ටික නිසරු වේගන එනවා. අනික් අතට ඇට්ටිකුනා වෙච්ච ගෙඩි, මල් "නවදැලිහේනෙ"න් දෙන්නත් හේන්කාරයාට අදහසක් නෑ. ඒක නිසා ඉස්සරහට ගෙඩි එන සීග්‍රතාවය ටිකක් අඩුවෙන්න පුලුවන්.


අන්තිමට කියන්න තියෙන්නෙ, "‍රැදී සිටියාට ස්තූතී".................


පසු සටහන: "භුක්තානුමෝදනාවේදී" අමතක වීම් සිදුවෙලා තියෙන්න පුලුවන්. ඒ වගේ දෙයක් වෙලා නම් සමාවෙන්න ඕන.


63 comments:

  1. මුලින්ම උබට මගෙ උනුසුම් සුබ පෑතුම්.උබ නම් ටික ලියන්න අරගෙන කරල තියෙන්නෙ ලොකු අවදානමක් ගන්න එක.නමක් මග ඈරුන නම් හිත රිදෙනව අනිවා.එත් මම හිතන්නෙ උබ සාර්ථකයි.පසෙ නිසරු කතාවක් කියල තියෙන්නෙ වෑඩෙ ටිකක් මග අරින්නද.පාලු වෙන්න දෙන්නෙ නෑතුව පස පෙරලලා අලුතෙන් හිටවපන්.අපි බලාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. නම් ටික නම් මග ඇරෙන්න විදිහක් නෑ. හොදට කල්පනාවෙන් තමා ‍තෝරල ගත්තෙ...
      මේ දවස් වල ටිකක් වැඩ වැඩී... කලින් තිබුන නිදහස පොඩ්ඩක් අඩුයි.. වැඩ අඩු වෙච්ච ගමන් ආයෙත් ලියනවා.....

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. අස්වැන්න සරු කරගන්න හැටි හේනක් කරන කෙනෙකුට අලුතෙන් කියාදෙන්න ඕනි නැහනේ.පස නිසරු වෙනවා කියන එක සරු අස්වැන්නකට එකම සාධකයත් නෙවෙයිනේ........ඒනිසා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම මේ බැලුවෙ අස්වැන්න වැඩි වෙන්න රට පෝර ටිකක් වත් ගහන්න කියල... :D :D

      Delete
  3. නවදැලිහේන පටන් අරං අවුරුද්දක් ගියාද ? වර්ෂ පූර්ණයටයි, අර්‍ධ ශතකයටයි, දෙකටම හදවතින්ම සුබ පැතුම් !! මේ වසර ඇතුලත දඬුවැට පැනලා ඇවිත් කාලා ගිය රස කෑම බොහොමයි. හේන්කාරයා ඉදිරියටත් හේන පුරන්වෙන්න නොදී වපුරයි කියලා අපි බලාපොරොත්තුවෙනවා විතරක් නෙමේ එහෙම කරන්න හේන්කාරයට හැකියාව ලැබෙවාත් කියලා පතනවා !

    කලින් කොලකෑලි වල කටුසටහන් ගහගෙනද බ්ලොග් එකට ගන්නෙ ? මම ජීවිතේට කරලා නැති වැඩක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සෙන්නා.....

      මුල් පෝස්ට් හතර පහ ලිව්වෙ කොලවල.. පස්සෙ කපල කොටල Word එකට ගත්තා... දැන් එහෙම නෑ.. කෙලින්ම blogger එකේ.. :D. ඔය තියෙන්නෙ බ්ලොග් එක පටන් ගනිද්දි කුරු‍ටු ගාපු සටහන

      Delete
  4. නවදැලි හේන දලුලා වැඩේවා. උණුසුම් සුභ පැතුම්සුභ පැතුම්!

    උඹට මේ ලින්ක් ටික දාන්නත් සෑහෙන වෙලාවක් යන්න ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඩූඩ්....
      ලින්ක් වැඩේට දවසක්ම ගියා.. ඒත් මොකද, කමෙන්ට් දාපු, හේනට ආපු ඔය කට්ටිය ඊට වඩා මට වටිනවා...

      Delete
  5. උනුසුම් සුභ පැතුම්...අවුරුද්දකට පෝස්ට් පණහක් කියන්නෙ හොද ගාණක්..පෝස්ට් වල කොලිටියත් ඉහලයි...ස්තූතියි අවුරුද්දක් පුරා ලිව්වට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මයියා....

      Delete
  6. දුලාගෙන් උණුසුම් සුබ පැතුම්!!!පෝස්ට් 50 ක් කියන්නේ ලේසි වැඩක් නෙවේ.දිගටම ලියපන්.ඒ වගේම අපි ගොඩක්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගූගල් වර්ඩ්ප්‍රෙස් සමාගම් වලට.මොකද ඒ ගොල්ලන්ගේ මේ සේවය නැත්තම් මේ කිසි දෙයක් නෑ නෙ බං.මට මේ ළඟදිත් කල්පනා වුනේ බ්ලොග් නිසා අපේ ජීවිත කොච්චර වෙනස් වුනාද අර්ථවත් වුනාද කියන එක..

    ඒක නෙවේ කෝ උබ ඒ පැත්තේ ආවේ නෑනෙ.මගේ විශේෂ ශෛලියක් කියල එකක් තිබ්බේ නෑ.හැබැයි මේ ලිපියෙන් ඒක පොඩ්ඩක් වෙනස් වුනා.කියවලා බලහන් හොඳේ....

    ReplyDelete
    Replies
    1. //අපි ගොඩක්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගූගල් වර්ඩ්ප්‍රෙස් සමාගම් වලට//
      ඒක නම් ඇත්ත මචං...

      //ඒක නෙවේ කෝ උබ ඒ පැත්තේ ආවේ නෑනෙ//
      අනේ සොරි බන්... මේ දවස් වල නහයටත් උඩින් වැඩ... බ්ලොග් කියවන, ලියන වැඩ ඔක්කොම පස්සට දාල තිබුනෙ.. ටික දවසකින් යථා තත්වයට පත් වෙනවා...

      Delete
  7. වෙනස් විදියක ලියැවිල්ලක් දැක්ක හැටියේ ඒක ආසාවෙන් කියවන එක මගේ පුරුද්දක්. 'නවදැළි හේන' හොයාගත්තේ එහෙමයි. ඒ එක්කම මතක් වෙනවා නන්ද කුමාරයාගේ කතාවක්. ඒකේ එයා තමන් දිව්‍යලෝකේ ගිහින් ආවට පස්සේ තමන්ගේ කුමාරිකාව සමාන කරන්නේ නවදැළි හේනක වැඳිරියකට කියලා අත්තම්මා කියනවා. හැබෑට හේනකට 'නවදැළි හේන' කියන්නේ ඇයි? දිව්‍යලෝකේ තාම ගිහින් නැති හන්දා, වැඳිරියන් වගේ පේන්නේ නැති ලස්සන කුමාරිකාවෝ ඔය හේන පැත්තේ ඉන්නවද?:)

    හේනේ වගාව තව තව සරු වේවා...!!!

    අවුරුද්දකට සුබ පැතුම්. කෝ කුරක්කන් එකක්වත් නැද්ද?:D

    ReplyDelete
    Replies
    1. //හැබෑට හේනකට 'නවදැළි හේන' කියන්නේ ඇයි?//
      කැලෑ කුට්ටියක් කපලා, පුච්චලා,සුද්ද බුද්ද කරලා හේනක් විදිහට හා හා පුරා කියලා හරිගස්සපුහාම ඒ නෑඹුල් හේන, "නවදැලිහේන" වෙනවා. හැබැයි ආපහු වපුරනකොට ඒක නවදැලිහේන නෙවේ, නිකම්ම හේන...

      //වැඳිරියන් වගේ පේන්නේ නැති ලස්සන කුමාරිකාවෝ ඔය හේන පැත්තේ ඉන්නවද?:)//
      කුමාරිකාවො කෙසේ වෙතත්, වැදිරියක් හරි හොය හොය තමා ඉන්නෙ හේනට ගේන්න.... :D :D

      //කෝ කුරක්කන් එකක්වත් නැද්ද?:D//
      කුරක්කන් එක්ක ගෙවපු ජීවිතේ, අ'පුරට ආවුබෝවන් කීමත් එක්කම ඉවර උනා....

      Delete
    2. කුමාරිකාවො කෙසේ වෙතත්, වැදිරියක් හරි හොය හොය තමා ඉන්නෙ හේනට ගේන්න.... :D :D//

      ෂිකේයියා... ඒක කියල තියෙන කැත විතරක්... හි හි

      Delete
    3. @හිරු : මම කිව්වෙ හොදට පරිණාමය වෙච්ච වැදිරියක් ගැන ;)

      Delete
  8. උණුසුම් සුභ පැතුම් යාළුවා.
    මේ අපිවත් මතක් කරලා තියෙන්නේ...:D

    //අන්තිමට කියන්න තියෙන්නෙ, "‍රැදී සිටියාට ස්තූතී"//දැන් නැවතත් සුපුරුදු වැඩසටහනට.

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක කරන්න පුලුවනෑ....

      Delete
    2. //දැන් නැවතත් සුපුරුදු වැඩසටහනට//
      :D :D

      Delete
  9. මගෙ අඩවියටත් මුලින්ම ඇවිත් මාව දිරිගන්වපු අයගෙන් මුල්ම කෙනෙක් වුනු තිලිණ ට, මේ වෙලාවෙ මං සුභපතන්නෙ බොක්කෙන්ම. දිනෙන් දින ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. "බොක්කෙන්ම" කියන්නෙ හදවතේ පතුලෙන්ම කියන එකනෙ.. මොකද "බොක්ක" තියෙන්නෙ හදවතට යටින් නිසා... එහෙම නේද??? :D :D

      Delete
    2. ඒ ගැන කියන්න දන්නෑ. ඒ වුනාට ඒ වෙලාවෙ ඒ හැඟීම දැනුනෙ නං බොක්කට. හැක හැක....

      Delete
  10. සුභ උපන් දිනක් වේවා... නොවරදවා කියවන බ්ලොගයකි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මාරයා... වෙලාවකට මාරයා ගැන ජෙලකුත් එනවා.. අම්මපා කොහොමද ඔච්චර පෝස්ට් තොගයක් ලියන්නෙ ආආආ.... :D

      Delete
  11. සුබ උපන්දිනයක් .ආසාවෙන් බලපු බ්ලොග් එකක් මචන් .යුරෝපෙ ඉන්න අපි පුරේ දිහා කැන්දන් ගියාට මෙන්න "මල් " මිටක් .ආව කාලෙක බැහැදකින්න එන්නම් . ජයවේවා පුතේ !!!!
    - පුරේ ඇනෝ -

    ReplyDelete
    Replies
    1. ඔහොමත් ප්‍රසිද්ධියෙ "මල්" දෙනවද?? මේ දවස්වල පොලිස් කාරයො (රණවිරුවො) පිස්සු වැටිලා ඉන්නෙ... "මල්" වලටත් වෙඩි කන්න වෙයිද දන්නෙ නෑ....

      Delete
  12. සුබ පැතුම් තිලිණ..!

    මාත් බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක. ඉදිරියටත් හේනෙ පලදාව තව තව සරු වේවා ! එතකොට අපිට බැරියැ ඇවිත් නෙලාගෙන යන්න. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං... උඹ තමයි මට මුලින්ම බ්ලොග් එකට දාන්න ඕන වැඩ කෑලි ටික කියලා දුන්නෙ... මට තාමත් මතකයි උඹ word verification අයින් කරන විදිහ පියවරෙන් පියවර කියලා දුන්න හැටි....

      Delete
    2. ඒක මට කියල දුන්නෙ තිළිණ නෙ. මට මතකයි //ඔබ වැනි ජ්‍යෙෂ්ඨයෙක්...// කියල මං තිලිණට භක්තියෙන් ස්තූති කරපු හැටි.

      Delete
    3. @ඩ්‍රැකී : මම fb එකේ මැසේජ් එකක් එව්වා.. මට reply එකක් ඕන මචං

      Delete
  13. සුබ පැතුම් මචං..!
    ඔහොමයං..!

    ලියනවා කියන එකත් වෙන ‍රැකියාවක ඉන්න එකෙකුට ලේසි නෑ..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මචං....
      රාජ්‍ය සේවකයෙක් උනාම "පාට් ටයිම් රයිටර්" කෙනෙක් වෙන එක ලේසියි කියලා හිතුවෙ... මොන.....

      Delete
  14. මලේ, නව දැලි හේනෙ අපි දැක්කෙ අමුතුම ආරක පලවැල. සුබ පැතුම් ..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ගාමිණී අයියා.....

      Delete
  15. මාත් ඔන්න සුබ පැතුවා... හැබැයි දැන් වැඩ වැඩියි කියලා ලියන එක අඩුවෙන්න නම් තහනම් හොඳේ.... හි හි...

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහොම ස්තූතී.....
      ලියනවා... ලියනවා... වෙනදා වගේ හැල්මේ නූනත්, දිගටම ලියනවා....

      Delete
  16. "තානායම්පල්ලාගේ සටහන" ට මම හරි ආසයි බං , බ්ලොග් ගැන දැනගන්නත් කලින් ඒක කියෙව්වේ ,ඒක බ්ලොග් එකක් උනානං අංක එකට එයි අනිවා , උඹත් හොදට ලියනවා . මට නං උඹ හරිම රසවත්

    ReplyDelete
    Replies
    1. ඉස්සර (මතක හැටියට 2003,04,05 කාලෙ) ඉරිදා දිවයිනේ මරු තීරු ලිපි සෙට් එකක් ගියා. තානායම් පල්ලාගෙ සටහන, කසුරිගෙ කොලම, කින් බානට්...... ඒ වගේ තීරු ලිපි වල තිබුනු නිර්මාණශීලීත්වය හරිම ඉහලයි. අටං කිව්වා වගේ ඒ දේවල් බ්ලොග් ලෝකෙට ආවොත් අනිවා අංක එක.....

      Delete
  17. උපන්දිනයට උණුසුම් සුභපැතුම්...උපන්දින සැමරුමට අපිවත් එකතුකර ගත්තට ගොඩක් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී!!!!!!!!!!!

      Delete
  18. සුබපැතුම් සංවත්සරයට !! හැබැයි පුතේ අපේ හේන් වලටත් එබෙන්න ඕනෙ ඉඳ හිට හරි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී!!!!!!!!!!!
      //සුබපැතුම් සංවත්සරයට !! හැබැයි පුතේ අපේ හේන් වලටත් එබෙන්න ඕනෙ ඉඳ හිට හරි.//
      එනවා... එනවා අයියේ,,,,,,,

      Delete
  19. සුභ පැතුම්!
    ආසාවෙන් කියවන බ්ලොග් එකක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී!!!!!!!!!!!

      Delete
  20. අම්මේ මේ වගේ පුන්නානුමොදකයක්.. පිස්සු හැදෙයි සල්ලි වැටෙයි. උඹ කියන ඔය තානායම්පල්ලට මම මේල් දෙක තුනක්ම දාලා කිව්වා යකා් බ්ලොග් එකක් පටන් ගනිං කියල කොහේද මෙලෝ රහක් නෑ ඉන්නවා. මේකවත් පෙන්නන්න ඕන හැදෙන්න.. ජය වේවා කරගැටි නැති කොළු ගැටයෝ.. සුභ උපන්දිනයක්..

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් බ්ලොග් ලෝකෙට ඇදලා ගන්න.... දෙකක් නෑ සුපිරියටම තියෙයි.....

      //ජය වේවා කරගැටි නැති කොළු ගැටයෝ..//
      මොකක්???????? හේන් කොටලා කරගැට නැති උනාට, ටයිප් කරලා කරගැට ඇවිත් තියෙන්නෙ.... :D

      Delete
    2. ඒ වෙන මොකක් හරි කරල වෙන්න ඇති..

      Delete
    3. ඊයාආආආආආ... බන්....

      Delete
  21. නවදැලිහේන තුළ මේ වසරේ සරු අස්වැන්නක් ලැබේවා කියා ප්‍රාර්ථනාකරනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී!!!!!!!!!!!!!!

      Delete
  22. සුබ උපන්දිනයක් වේවා !!..

    නව දැලි නොවුනට කමක් නැහැ. පෝර ටිකක් එහෙම දාලා තිබුන වගේම ඵලදාවක් දුන්නොත් තමා හොද :)

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූති.....

      Delete
  23. අඩේ තාම අවුරුද්දයිද ඒත් සහෙන කාලයක් වගේ දැනෙන්නේ . . සුභ පැතුම් මගෙනුත් . .

    ReplyDelete
    Replies
    1. අපි තාම හිච්චි කොල්ලො නෙවැ... දුකා අයියලා වගේ ඉහ නිකට පැහිලා නෑ...

      Delete
  24. හප්පේ හොඳටම පරක්කුයි, සුබ පැතුම් හොඳේ,

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මචෝ....

      Delete
  25. සුභ පැතුම් සහෝ.!! ගම්පලාතේ කොල්ලෙක් නිසා උබගැන ආඩම්බරයි. තවතවත් රසවත්ව නව නිර්මාණ ඉදිරිපත්කරන්න වාසනාවේවා..!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ... තැන්කු....

      Delete
  26. ගොඩාක් මහන්සි වෙලා ස්තුති කරලා හැමෝටම...අගය කරනවා ඒක...

    පරක්කු වෙලා හරි මමත් සුභ පතනවා බ්ලොග් ලොව දිගු ගමනක් යන්න ලැබේවා ! කියලා..

    ReplyDelete
  27. සුභ උපන්දිනයක් පතනවා ඔන්න කූඹිච්චිත් ...
    වැට පනින අය තව තවත් වැඩි වේවා !!! අස්වැන්න තව තවත් සරු සාර වේවා !!!

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. උඹ ඇයි දැන් ලියන් නැත්තෙ ??

    ReplyDelete