අහලා
තිබුනට, කියවලා තිබුනට "මානව නිශාචරයන්"ගේ රාත්‍රී ජීවිතය ගැන හරියටම අයිඩියා එකක් හම්බ උනේ, හා හා පුරා කියල ගියපු පලවෙනි ජොබ් එකේදි. කොළඹට සෑහෙන දුරට වෙන්න තියෙන අපේ ගම්වල, මරණයක්, මගුලක් නැත්තම් පිරිතක් තිබුනොත් ඇරෙන්න රෑ දහය - එකොළහෙන් පස්සෙ මොකෙක්වත් ඇහැරගෙන දගලන්නෙ නෑ. ඉදලා
හිටලා කවුරුහරි රෑ ජාමේ කරක් ගැහුවොත් ඉතින්, ඒ කසිප්පු ප්‍රවාහන නියෝජිතයෙක් හරි හොර හතුරෙක් හරි තමයි.
සයිට්
එකේ කට්ටියට නවතින්න අරගෙන තිබුන බෝඩිම තිබුනෙ, කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය පේන නොපෙනන දුරින්. බෝඩිමක් කිව්වට ඒක කාමර තුනක්, කුස්සියක්, වැසිකිලි දෙකක්, මහ විසාල සාලයක් වගේම ගැරිජ් එකකුත් තුබුන අංග සම්පූර්න ගෙදරක්. වෙළද කලාපෙ කිට්ටුව නිසා, සුපිරි ගානකට ලොකු පවුලකට කුලියට දෙන්න පුලුවන්කම තියාගෙනත්, අඩු ගානකට කොල්ලො සෙට් එකකට ගේ දෙනකොටම මොකක් හරි ලොකු අවුලක් ඇති කියලා නම් මට හිතුනා.
"කෙල්ලෙක් වත්
එල්ලිලා මැරිච්ච ගෙයක්ද දන්නේ නෑ?? " සාධාරණ සැකය මතුවෙලා තිබුනෙ මට විතරක්ම නෙවේ.
"ඉතින් හොදයිනෙ..
හොල්මනක් උනත් ස්ත්‍රී පරාණයක්නෙ.. හික්.. හික්.." ස්ටෝ-කීපර් ප්‍රසන්න කිව්වෙ, මනමාල හිනාවකුත් දාගෙන, දකුණු ඇහැත් පුංචි කරන ගමන්. කට්ටියම හීනියට වගේ හිනා උනේ, හිනා නූනොත් "හරි නෑ" වගේ අදහසකින් කියල මට තේරුනා.
බෝඩිම
ඉස්සරහ තිබුනෙ අලුතෙන් හදපු තට්ටු තුනක බිල්ඩිමක්. " ...... Hotel" කියල
ලස්සන බෝල අකුරෙන් ලියලා තිබුනට, මම හිටපු තුන් මාසෙටම දවල් දවසෙ ඒකට යන එන එකෙක්, මම දැකලා තිබුනෙ නෑ. අඩි හයකටත් වඩා උස තාප්පෙකින් වටවෙලා තිබුන ඒකට ඇතුලු වෙන්න තිබුනෙ පරණ බලකොටුවකට වගේ. තප්පෙ අයිනට වෙන්න, කොහෙන්දෝ ගලවන් ආපු ෆාම්ස් ගස් පේලියට හිටවලා තිබුනා. හවස හත-අට වෙනකොට ඒ ෆාම්ස් ගස් රතුපාට නියෝන් ලයිට් වලින් ඒකාලෝක උනා.
හෝටලේ
ගේට්ටුව ඉස්සරහ කැලෑ අදුම් ඇදගත්ත, හයේ හතරේ ඩයල් දහ-දොලොස් දෙනෙක් ඕනම දෙකට සූදානමෙන් වගේ නිතරම
කැරකුනාට ඒ කාගෙවත් අතේ පොලු කැල්ලක් වත් තිබුනෙ නෑ. හෝටලේට යන්න අවසර තියෙන සාමාජිකයන්ගේ ඇග-පත අත ගාල ඒ කට්ටියට හෝටලේ ඇතුලට යන්න ගේට්ටුව අරින එක තමයි ඒ සෙට් එකේ මූලික රාජකාරිය වෙලා තිබුනෙ.
ත්‍රී-වීල් වලින් එන ඇගටම හිර වෙච්ච කොට ගවුන් ගහ ගත්ත, රූපසුන්දරියො ටිකයි, ප්‍රාඩෝ, මොන්ටේරෝ වලින් බහින නිත්‍ය සාමාජික මහත්තරු ටිකයි, හවස හත වෙද්දි හෝටලේට රිංගුවට පස්සෙ ආයේ එලියට බහින්නෙ එලිවෙන පාන්දර හතර විතර වෙද්දි. ඉදලා හිටලා ඇතුලෙ ඉන්න එකෙකුට එලියට එන්න හෝටලයෙ දොර අරිනකොට ගලාගෙන එන සංගීත සද්දෙයි, හෝටලේ ඇතුලෙ ඉදන් අහසට වදින ලේසර් බීම් ටිකයි ඇරුනම ඒක ඇතුලෙ මොනව වෙනවද කියල අනුමානෙට හිතා ගන්න පුලුවන් උනාට නිච්චියටම කියන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
දවසක්
දෙකක් යනකොට හෝටලේ ගේට්ටුව ඉස්සරහ ඉන්න දොරටුපාල අයියල ටික අපිට සෙට් උනා. ඒගොල්ලන් කියන විදිහට ඒක සාමාජිකයන්ට පමණක් විවෘත වෙච්ච රාත්‍රී සමාජ ශාලාවක්. ඒකේ සාමාජිකත්වයත් එහෙම ලේසියෙන් ගන්න පුලුවන් එකක් නෙවේලු. ආදායම
පෙන්නනවට අමතරව යාව ජීව සාමාජිකයෙක්ගෙ පූර්ණ රෙකමදාරුවක් නැතුව ඒක ඇතුලට රිංගනවට වඩා වීසා නැතුව ඉතාලි පනින එක ලේසිලු.
බෝඩිමේ
මට වෙන් වෙච්ච කාමරේ තිබුනේ ක්ලබ් එක පැත්තට වෙන්න. සමහර දවස් වල එළිවෙන ජාමෙට, ක්ලබ් එක ඉස්සරහ පාර, චිකාගෝ වලට සෙකන්ඩ් වෙන්නෙ නෑ. බීල වැඩි වෙලා දෙන පොර ටෝක් වල ඉදන්, ලුහුබැද ගොස් පහර දීම් දක්වාවූ සියලූම ක්‍රියාදාම කාමරේ ලැටිස් ගහපු කවුලුවෙන් ඇහැතියන් බලන් ඉන්න, මං පුරුදු උනේ, කොහොමටත් ඔය ජරමරවල සද්දෙට එළිවෙන තුන හතරෙන් පස්සෙ නින්ද යන්න නැති නිසා.
"ඒයි.. අල්ලපන්
අල්ලපන් ඕකා.. " නාදුනන පිරිමි කට හඩක් නිසා එදත් මං විසි වෙලා ඇහැරෙනකොට එළිවෙන හතරට විතර ඇති.
කෑගහන සද්දෙත් එක්කම බෝඩිම ඉස්සරහ තාර පාර දිගේ දුවගෙන යන සද්දෙකුත් ආවා. සුපුරුදු පරිදි ජනෙල් පොලුවල එල්ලිලා කවුලුව අස්සෙක් ඇහැ දාල බලන කොට, දොරටුපාල අයියල සෙට් එක වෙඩිල්ල වගේ එකෙක් පස්සේ එලවගෙන යනවා. වෙරි වෙලා හිටපු ඒ පොරට වැඩි දුරක් ධාවනයේ නිරත වෙන්න ඒ අයියල ටික දුන්නෙ නෑ.
"ඇයි උඹ
ඒ කෙල්ලට ගැහුවෙ ආ.... ?? " කමීස කරෙන් අල්ල ගත්ත ජූදිතයව ඇදගෙන එන ගමන් වටේ ඉන්න අය නඩුව අහන්න ගත්තා.
බීපු
පොරව ක්ලබ් එක ඉස්සරහට එක්කන් එනකොට ක්ලබ් එක ඇතුලෙ හිටපු ගෑණු දරුවො ටිකයි, මහත්වරු ටිකයි ක්ලබ් එකේ මිදුලට රැස් වෙලා හිටියා.
"කෙල්ලගෙන් සමාව
ගනින්.." එක අයියා කෙනෙක් ලග හිටපු කෙල්ලෙක් පෙන්නල කිව්වත් මට ඒකිගෙ මූන හරියට පෙනුනෙ නෑ.
"අඩෝ.. මම
මේ වේ@@න් සමාව ගන්න. පල හු@@ගෙ පුතාල යන්න.." බීපු පොරට කියන්න හම්බ උනේ එච්චරයි. ලග හිටපු උන් වටකරගෙන නෙලන සද්දෙ මීටර පහළවක් විතර ඈතින් හිටපු මටත් හොදට ඇහුනා.
එදා
හවස වැඩ ඇරිලා එද්දි අපිත් එක්ක හොදට ෆිට් දොරටුපාල අයියා කෙනෙක් ක්ලබ්
එක ඉස්සරහදි මට සෙට් උනා.
"මොකද ඊයෙ
රෑ වලියක් ගියාද?? "
"ඔව් මල්ලි..
එකෙක් බීල, ඇතුලෙ ඉන්න කෙල්ලෙක්ට ග්ලාස් එකකින් ගහලනේ.." පොර ඕනවට එපාවට කිව්වේ, "උඹටත් ඕන නැති මගුලක් නෑ" කියල එකපාරටම මගෙ මූණට කියන්න බැරි නිසා වෙන්න ඕන.
"ක්ලබ් වලදි
කස්ටර්මස්ලට ඔහොම සලකන්නෙ නෑ නේද?? " බීපු එකාට සලකපු විදිහ මතක් වෙලාද කොහේ පොරට හීන් හිනාවකුත් ගියා.
"මේකෙ එහෙම
නෑ මල්ලි. අපෙ ලොක්ක ........ ඇමති තුමාගෙ ගෝලයෙක්. ඒක නිසා පොර බය නෑ. අනික ඔය වගේ කේස් නිසා ක්ල්බ් එකේ නමත් සවුත්තු වෙනවා. ඔය වගේ කේස් ඔහොම බේරුවෙ නැත්තම් ක්ලබ් එකේ වැඩට කෙල්ලෙක් හොයා ගන්න වෙන්නෙ නෑ. මං යනවා මල්ලී.. " මම තව මොනවත් අහන්න කලින් පොර හෙමීට ලිස්සලා ගියා.
ඔය
කෙස් එකෙන් සතියක් විතර යනකන් අලුතෙන් මුකුත් ක්ලබ් එක පැත්තෙන් අප්ඩේට් උනේ නෑ. ඒක නිසා ඒ සතිය පුරාවට මෙට්ටෙ වෙනස් නූනත්, නින්දෙයි, සැප නින්දෙයි වෙනස මට තෙරුම් ගියා.
සතියක
විතර නිහඩ බව බිද වැටුනෙ, වෙනස්ම විදිහෙ වලියකින්. ඒක ගෑණු වලියක්. කොටින්ම කිව්වොත් ක්ලබ් එකේ වැඩ කරන කෙල්ලො දෙන්නෙක්ගෙ ද්වන්ද සටනක්. එදත් වෙලාව එළිවෙන හතරට විතර ඇති. ඒ වෙනකොට ක්ලබ් එකට ආපු මහත්තරු එකා දෙන්න වගේම, වැඩට ආපු ගෑණු ලමයිනුත් එකා දෙන්නා කල්බ් එකෙන් යන ගමන් හිටියෙ.
"තෝ නම්
මහම මහ වේ@@ක්. යකෝ එකට ඉන්න එකාගෙ බඩට ගහනවනෙ. පට්ට බැල්ලි.. " මාරාවේශයෙන් දුවගෙන ආපු කෙල්ලෙක්, තව එකියකට චරිත සහතිකයක් දෙන්න පටන් ගත්තා.
"මොකද්ද යකෝ
මම කරපු වේ@කම?? " අනිත් කෙල්ල අහනකොට, මම තවත් හොදට කන දීල අහගෙන හිටියෙ ඇත්තටම මොකද්ද ඒක කියල දැන ගන්න.
"උඹ බබා.
අර හැමදාම මට සෙට් වෙන එකා උඹ අද රවට්ට ගත්ත නේ?? පට්.... " ඉතුරු ටික කියන්න කලින් ඒකිගෙ කන හරහට ලොකු අතුල් පාරක් වැදුනා. ඉංග්‍රීසි ෆිල්ම් එකක, යූ ටියුබ් එකේ වීඩියෝ එකක දැකලා තිබුනට ගෑණු වලියක් පියවි ඇසින්, මුලින්ම දැක ගන්න ලැබුනෙ එදා. අතින් පයින් විතරක් නෙවේ, හෑන්ඩ් බැග්, සෙරෙප්පු එහෙම එහෙට මෙහෙට කර කව කව කෙහිවලු පටලව ගන්න විදිහ නම් හරිම චමත්කාර ජනකයි. වටේ පිටේ ඉන්න දොරටුපාල අයියලත් ටික වෙලාවක් යනකන් වලිය බේරන්නෙ නැතුව අත්බැදගෙන හිනා වෙවී හිටියෙ, ඒ චමත්කාරයෙන් මුසපත් වෙච්ච නිසා වෙන්න ඕන.
කෙල්ලො
බෙදා ගන්න බැරුව ක්ලබ් වලදි කෙල ගන්න ඒවා ඕන තරම් තිබුනට, කස්ටමර් කෙනෙක් බෙදා ගන්න බැරුව ගෑණු ගහගන්නවා ඇහුවෙත් එදා. දැක්කෙත් එදා.