Monday, December 10, 2012

පාරදිගේ : රන්මසු උයන




තිසා වැවට සහ ඉසුරුමුණි රජමහා විහාරයට යාබදව පිහිටි "රන්මසු උයන", අතීත හෙළයා සතුවූ ජල ඉංජිනේරු තාක්ෂණයේත්, නගර නිර්මාණ ශිල්පයේත් නිපුණතාව මැනවින් විදහාපාන අපූර්ව නිර්මාණයකි. කරවූ රජ කෙනෙකු පිලිබදව නිශ්චිත සදහනක් නොමැති උවත්, සියලූම අංගයන්ගෙන් පරිපූර්ණවූ මෙකී උයන, සියවස් ගනනාවක් පුරා අනුරාධපුරය රාජධානිය කොටගත් නිරිදුන්ගේ "මගුල් උයන" ලෙස පවතින්නට ඇතිබව නම් නිසැකවම කිවහැක.

හතරවන මිහිදු (ක්‍රි.. 956-972) රජතුමා කරවන ලද වෙස්සගිරි සෙල්ලිපියෙහිද මෙම උයන "රන්මසු උයන" ලෙස සදහන්වේ. රන්වන් පැහැති මසුන්ගෙන් මෙහි පොකුණු සහ දිය අගල් පිරීපැවති හෙයින් එනම, මෙම මනරම් උයනට හිමිවූ බවට සැක කල හැක.

ස්නානය සදහා ඉදිකල අංග සම්පූර්ණ පොකුණු දෙකක්, දිය අගලකින් වටවූ ගෙඩනැගිල්ලක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක නශ්ඨාවශේෂයන් උයන්බිම පුරා විසිර පවතී.



ජලක්‍රීඩා සදහා පැමිනි රාජකීයන්ට ඇදුම් මාරු කිරීම සදහා පොකුණට යාබදව ඉදිකල කුටි, පොකුණට බැසීමට පෙර අත්-පා සේදීමට ඉදිකල "පාදෝවනි" ආදියෙන් මෙකී පොකුණු යුගල සමන්විතවේ.

ඇදුම් මාරු කිරීම සදහා වන කුටි සහ පාදෝවනි


තවද එක් පොකුණක දෙපසින්, පිහිටි ගලෙහිම දියකෙලිනා ඇතුන්ගේ සිතුවම් කැටයම් කොට ඇත.




රන්මසු උයනෙහි පොකුණු වලට ජලය සැපයූ තාක්ෂණයද, පොකුණුවල නිර්මාණශීලීත්වයට නොදෙවෙනිය. රන්මසු උයනෙහි පොකුණු පිහිටා ඇත්තේ තිසාවැවේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහතිනි. එනිසා තිසාවැවට යාබදව පිහිටියද, ඍජුවම විවෘත ඇල මාර්ගයක් ඔස්සේ ජලය ලබාගැනීම කල නොහැක්කකි. මෙනිසා තිසාවැවේ සිට දිවෙන ජල උමං පද්ධතියක් ඔස්සේ ජලය ලබා ගත් බවට සිතිය හැකි උවත් එවැන්නක් මෙතෙක් සොයාගෙන නොමැත. තවද පොකුණු, වැව් බැම්මට පහතින් පිහිටි නිසා දැවැන්ත පීඩන වෙනසක් වැව් ජලයේ සහ පොකුණුවල ජලයේ ඇතිවේ (දළ වශයෙන් 100 kPa පමණ). මෙකී පීඩනය යටතේ ජලය ගලා ගියහොත්, පොකුණු වල ස්නානයට සුදුසු තත්වයක් ඇති නොවේ. එනිසා උමං පද්දතිය තුලදී ජලයේ පීඩනය අඩු කිරීමට උපක්‍ර යොදා තිබිය යුතු අතර, උමං බිත්ති අධික පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීමද කල යුත්තකි. රන්මසු උයනේ පොකුණු වලට ජලය සැපයූ ආකාරය, පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපාන්නක් වන්නේ එහෙයිනි.

දිය අගලකින් වටවූ ගොඩනැගිල්ල ඇතැම්විට රාජකීයන්ට තාවකාලික නවාතැන් සැපයූ ස්ථානයක් විය හැක. ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව පරිවාර ගොඩනගිලි දෙකක නටඹුන් මෙහි පැහැදිලිව දැකිය හැක.




මීට අමතරව ගල් පුවරු අතුරා ඒමත ඉදිකල ගොඩනැගිල්ලක ශේෂයන්ද පැහැදිලිව දැකිය හැක.



පොකුණු වලට පිටතින්, වැවට මුහුණලා, ගලෙහි කොටන ලද යම් සලකුණු කිහිපයක් දැකිය හැක. මසුන්, සක්, චක්‍ර ආදියෙන් සමන්විත මෙය "තරු දොරටුවක් (star gate)" / "සක්වල චක්‍රයක්" ලෙස හැදින්වුවද, මෙකී සලකුණු වලින් ගම්‍ය වන අදහස මෙතෙක් පැහැදිලිව අනාවරණයවී නැත. ඇතමුන්ගේ අදහස මෙය, මහායාන භාවනා ක්‍ර සදහා උපයෝගී කරගත් "අරමුණක්" බවය. නමුත් මෙවැනි කාමභෝගී උයනක, එවැනි බවුන් වැඩීමක් තර්කයට ගෝචර නොවන හෙයින් එම මතය බැහැර කල හැක.

"තරු දොරටුව"

තරු දොරටුවෙහි සමීප දසුනක්



සහයවූ මූලාශ්‍ර ;

1.) අනුරාධපුරය - කේ.එම්.අයි. ස්වර්ණසිංහ
2.) අනුරාධපුර පූජනීය හා රාජකීය ස්ථාන - චන්ද්‍රා වික්‍රමගේ




15 comments:

  1. මචෝ මම ගියාට අර කුටි ටික දැක්කේ නෑනේ.. සුට්ටක් පින්තූරේ ලොකු උනානං හොදට බලන්න තිබුනා.. මොකද පහුගිය ටිකේ සද්දේ වහල හිටියේ...

    ReplyDelete
    Replies
    1. //(දළ වශයෙන් 100 kPa පමණ). //

      මේක මොකක්ද බං මන් දන්නෑනේ?

      Delete
    2. එහෙම්ම නෑ මචං.හැම සතියෙම post එකක් දැම්මා. මගේ බ්ලොග් එකේ පොඩි අවුලක් තියෙනව වගේ. post දැම්මට sindicatar වල update වෙන්නෙ නෑ. මේ දවස් වල වැඩ ටිකක් වැඩි නිසා blog කියවන්න උනේ නම් නෑ.

      100 kPa කිව්වෙ පීඩනය.
      අඩි 30 = 10 m
      පීඩනය = උස * ජල ඝනත්වය * ගුරුත්ව ත්වරණය = 10 * 1000 * 9.81
      = 100 kPa

      Delete
    3. දැන්නං දන්නවා අඩේ ඉගෙන ගත්ත එව්ව මෙව්ව නෙව...

      Delete
  2. අදමයි බ්ලොග් එක දැක්කේ. හරිම රසවත්ව ලියන බවක් පේනවා. ශාස්ත්‍රීය දැනුමත් ඉහලයි.
    අර කලින් පෝස්ට් එකේ කියපු සරත්ගේ ප්ලේස් එක කලම්බූ පුත්තලම් රෝඩ්ද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ. එහෙමට ශ්‍රාස්තීය දැනුමක් නෑ. පොත් වලින් තමා හොයාගන්නෙ.

      නෑ. පොට් එක තියෙන්නෙ අනුරාධපුරේ.

      Delete
  3. සිරා ලිපියක් මචං.. සුද්දන්ගේ කාලේ පැරණි වැව් වල එහෙම පිළිසකර කරයුතු කරද්දී උන්ගේ ඉංජිනේරුවෝ පුදුම වෙලා තියනවා ලංකාවේ තාක්ෂනය ගැන.

    ReplyDelete
  4. බොහොම වටිනා පෝස්ටුවක් සහෝ. මේවා කවදටත් කාටත් වටිනවා.

    ReplyDelete
  5. මම ගිහින් නැති තැනක්. ස්තුතියි විස්තරයට

    ReplyDelete
  6. @ චන්දන : ඔව් වාරි තක්ෂණය අතින් අපි ගොඩක් ඉදිරියෙන් හිටපු ජාතියක්. ගංගා අවට ජනාවාස ඉදිකිරීමෙන් ඔබ්බට ගිහිල්ල, ගංගා ජලය සුදුසු පරිදි කළමණාකරනය කරගනිපු ආකාරය විශ්මය ජනකයි.
    @ නලීන් : ස්තූතියි සහෝ.
    @සයුරි : අටමස්ථානය වදින්න ගියාම, තිසා වැව පැත්තෙ ගිහින් බලන්න.

    ReplyDelete
  7. කොහෙන්ද දෙයියෝ මේවා හොයාගන්නේ....ගොඩාක් වටිනවා අයියේ...අපේ පැරණි උරුමයන් ගැන හොයලා දානවට පින් ඔන්න......(ගන්නවා ඉතින්)

    ReplyDelete
    Replies
    1. ගත්තා ගත්තා..... තැන්කූ

      Delete
  8. හරියටම අවුරුද්දකට පාස්සේ මේක දැක්කේ. මගේ බ්ලොග් එකට සිරා දුන්න ලින්ක් එකකින් ආවේ. ඒකත් මේ වගේ ලෝකයේ හරියට තෝරා නොගත් අභිරහස් දහයක් පිලිබඳ විස්තරයක්.

    ReplyDelete