ගොඩක් දෙනෙක් අහල තියෙන, තවත් සමහරු අත්විදල තියෙන, බොහොම අපූරු සමාජ ඒකකයකට තමයි, "චමරියක්" කියල කියන්නෙ. තේරෙන සිංහලෙන් කිව්වොත්, "චමරියක්" කියන්නෙ කීප දෙනෙක් එකතුවෙලා, කුකෙකුත් සෙට් කරගෙන උයා-පිහාගෙන කන තැනකට. ගොඩක් වෙලාවට ඔහොම සෙට් වෙන්නෙ රස්සවල් කරන උන්. මම දන්න තරමින් පිට තැනක බෝඩින් වෙලා ස්කෝලෙ / කැම්පස් යන උන්නම් "චමරි" කරන්නෙම නැති තරම්. ඒ වගේම බෝඩින් වෙලා රස්සාවල් කරන ගොඩ දෙනෙකුත් "චමරි" කරන්නෙ නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි, තුන් වේලම කන්න එකම තැනකට සෙට් වෙන්න තියෙන අමාරුකම. උදේට වැඩට ගිහින් රෑ වෙලා බෝඩිමට එන තැන් වලට "චමරියක්" ගැලපෙන්නෙ නෑ. අනික තමා "චමරියක්" පිහිටුවන්න යන මූලික ප්‍රාග්ධන වියදම. ඒක මධ්‍යම පාන්තික රැකියාධාරීන්ට දරාගන්න ටිකක දරාගන්න අමාරුයි.
"චමරිය"කට නියමෙටම ගැලපෙන තැන තමයි, සිවිල් සයිට්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් කොම්පැණි වලින් "චමරියක් පිහිටුවන්න යන මූලික ප්‍රාග්ධන වියදම" වෙච්ච, කුකාගෙ පඩිය, කුස්සියට ඕන කරන ආම්පන්න ටික නොමිලේම සපයන නිසා, සිවිල් සයිට්
හැම එකකම වගේ චමරියක් තියෙනවා. මමත් සයිට් වල ඉදපු අවුරුදු දෙකේම කෑම ගත්තෙ චමරිවලින්.
අනුරාධපුර සයිට් එකේ තිබිච්ච චමරිය, සාමාජිකයො විසිපහක් විතර හිටපු, ටිකක් ලොකු සයිස් එකක්. චමරියෙ යාව-ජීව සාමාජිකයන්ට අමතරව, කොළඹ ඉදන් පාත්වෙන හෙඩ් ඔෆිස් එකේ උනුත් කෑම ගත්තෙ චමරියෙන් නිසා, කිලෝ දහයෙ හාල් ගෝනියට උපරිම ආයුෂ තිබුනෙ වේල් තුනයි.
කට්ටියගෙන් සල්ලි ටික එකතු කරගෙන, ඕන කරන බඩු මුට්ටු ටික ගෙනැල්ලා, චමරිය කරගෙන යන්න මුල් කාලෙ බාරගෙන හිටියෙ "අරුත්" කියල T/O කෙනෙක්. ඇත්තටම ඒක පොර බාර ගත්ත එකක් නෙවේ. පොරගෙ ඇගේ ගහපු එකක්. සයිට් එකේ උන්ගෙන් වෙලාවට චමරි සල්ලි එකතු කරන එක, එකතුවෙන සල්ලි හරියට මාසයක් යනකම් බැලන්ස් කරන එක, බිල් ටික නූලට පියවන එක වගේ දේවල්, හිතෙන තරම් ලේසි වැඩ නෙවේ. අනිත් අතට පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් කුණු කතා ලෝකයයි.
පිටට පේන්න චමරිය කරගෙන ගියේ "අරුත්" උනාට, චමරියෙ වැඩ සිද්ද උනේ "කුක් උපාලිට" ඕන විදිහට. අනූව දශකයේ අගනුවර හොල්ලගෙන හිටපු "සොත්ති උපාලි" වගේම අපේ "කුක් උපාලිත්" කෑම මාෆියාවෙන් අපිව සලිත කරගෙන හිටියෙ. උපාලි කියන දේට පිටින් ගිහින් මොනවා හරි චමරියෙ කරොත්, වේලක් දෙවේලක් යනකම් චමරියෙ කෑම එක කටේ තියල හමාරයි. ඒක නිසා කවුරුවත් උපාලිගෙ පරමාධිපත්‍යට අභියෝග කරේ නෑ.
චමරියෙ උයන්න එනකම්ම, උපාලි වෘත්තීමය අරක්ඇමියෙක් නෙවේ. අනුරාධපුරේ ආමි කෑම්ප් එක කිට්ටුව තමන්ගෙම කියල රෑ කඩයක් දාගෙන හිටපු පොරට, බතක්-මාලුවක් උයන එක කෙසේ වෙතත් රයිස් දාන්න, චොප්සි හදන්න, ඩෙවල් දන්න වගේ කැටයම් වැඩ වලට නම් උපන් හපන්කමක් තිබුනා. ඒක නිසා මාසෙ ඉතුරු දවස් ටික කොහොම උනත්, පාටි දාන "පඩි සතිය" ඇතුලෙ නම්, උපාලි තමා චමරියෙ "ඩ්‍රීම්-ස්ටාර්".
ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණාත්මක භාවය අගය කරපු චමරියේ බහුතරයක් දෙනා නිසා, ජිල් බෝල හොද්ද වගේ මෙලෝ රහක් නැති උපාලිගෙ කෑම වලටත් හොද ඉල්ලුවක් තිබුනා. ඔලු කඩපු හාල්මැස්සන් බැදුමක්, "අජිනමොටෝ" නොදාපු ව්‍යංජනයක්, ගල් හැපෙන්නෙ නැති බතක් වගේ දේවල් උපාලිගෙ අතින් හැදුනා නම් ඒක තමා "ආශ්චර්යය".
උපාලි ගොඩක් දවස්වල උදේට කන්න හැදුවෙ බතුයි, පරිප්පුයි, "සිංහ පීකදුයි" TM ( ; "සිංහ පීකදුTM" යනු එකල අප විසින් "සෝයා-මීට්" වෙනුවට භාවිතා කරන ලද නමකි ). උපාලි පරිප්පු හදන්නෙත්, අපේ ගෙවල් වල හදන විදිහට හොදි තියල නෙවේ. පුඩිමක් වගේ ඝණකමට හිටින්න. ඝණකම ගන්න පොර කරන්නෙ, පරිප්පු හට්ටියට
පාන්පිටි දාන එක. හැබැයි පොරගෙ ක්‍රමේ නම් මාර අඩු වියදම් ක්‍රමයක්. අඩු පරිප්පු ප්‍රමාණයකින් වැඩි බඩවල් ගානක් පුරවන්න පුලුවන්.
අපේ රටේ ගොඩක් උන් වගේම උපාලිත් "කඩේ ගියේ", "මීයක් කඩන්නෙ අතලෙවකන්න නෙවේ" කියන තියරියට. උපාලිගෙ බොක්කෙ ෆිට් එකක් වෙච්ච එළවළු කඩේ මුදලාලි, පුංචි එක්සැයිස් කොල කෑල්ලක කුරුටුගාලා දෙන බිලේ, නොවැරදීම උපාලිගෙ "සර්විස් චාජ්" එක, සැගවූ ගාස්තුවක් විදිහට ඇතුලත් කරා. සයිට් එකේ හැමෝම වගේ උපාලිගෙ මිල සූත්‍රය දැනගත්තත්, නොදන්නවා වගේ හිටියෙ කෑම අතපත ගාන මනුස්සයට කොකු දාන්න ගිහින් විහින් වහ කන්නෙ මොකටද කියල හිතලා වෙන්න ඕන. අලුත් ඇඩ්මින් ඔෆිසර් කෙනෙක් සයිට් එකට එනකම්ම, ඔය විදිහට කාලයක් කිසිම ආන්තරාවක් නැතිව පොර, තමන්ගෙ වැඩේ කරගෙන ගියා.
සයිට් එකට අලුතෙන් ඇඩ්මින් වෙලා ආවෙ "උපයා". උපයා ආවම චමරිය කරන වැඩේ අරුත්, උපයට පැවරුවා. ඒ එක්කම තමයි උපාලිට සෙනසුරු අපලෙ උදා වෙන්න ගත්තෙ. උපයා, උපාලිව කඩේ යැව්වට, පොරව අන්තිම සතේට විඝණනය කරා. මාසෙ මුලම ටවුමට ගිහින් මාසෙකට හරියන බඩු ටික ගේන්න පටන් ගත්තා. දවස ගානෙ එළවළු ගේන වැඩේට උපාලිව යැව්වෙ, නොයවා බැරි උනොත් විතරයි. වැඩ අඩු හැම දවසකම වගේ උපයම කඩේ ගිහින් එළවළු ගේන තැනටම අන්තිමේදි වැඩේ නැගලා ආවා.
උපාලිගෙ අමතර ආදායමට ටික ටික තට්ටු වෙන්න ගත්තට, පොර එක පාරටම කලබල උනේ නෑ. පදිංචිය අනුරාධපුරේ උනාට "ගගෙන් එහා" ඉපදිච්ච එකෙක් වෙච්ච උපාලි, සෙනසුරාට උනත් බටකොල කවන ජාතියෙ පොරක්. පොර කරේ උපයා ගේන බඩු උයන එක. හැබැයි ඒ වෙනදා විදිහට නෙවේ;
වෙනදට සැමන් ටින් දෙකක් කඩන පොර, සැමන් ටින් තුන හතර කඩන්න ගත්තා. එදාට ඉදින් සැමන්වල අනාගෙන තමයි බත් කන්නෙ. සැමන් විතරක් නෙවේ ගොඩක් එළවළු ජාති වලටත් පොර ඕකම කරන්න ගත්තා. සමහර දවස්වලට උයල තිබුනෙ, වම්බටු, කොහිල, කරවිල වගේ කිසිම ගැලපීමක් නැති එකම ජාතියෙ එළවළු. හිටපු ගමන් දවස්වල එකා දෙන්නට කෑම මදි වෙන්නත් පටන් ගත්තා. උපයා කොච්චර හොද එළවළු ගෙනාවත්, එයින් බාගයක්ම ගියේ කුණුවලට. ඒ ගැන උපාලිගෙන් ඇහුවම පොර කිව්වෙ, කුණුවෙච්චා කියලා. ඒත් පොලෙන් ගෙනාපු ගමන්ම වට්ටක්කා ගෙඩි, මුකුණුවැන්නා මිටි කුණුවෙන රහස දැනගෙන හිටියෙ උපාලිම විතරයි.
උපයගෙ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරපු මාසයෙ චමරියෙ බිල දකින්න කලින්ම, ඒක වැඩි වෙයි කියල හිතාගෙන හිටියට, එච්චරම ලොකු වැඩිවීමක් වේවි කියල අපි කවුරුත් බලා පොරොත්තු උනේ නෑ. බිල වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා හැමෝම දැනගෙන හිටියත්, ඒක උපාලිගෙ ඇගේ ගහන්න තරම ප්‍රමාණවත් සාධක අපි කවුරුවත් ගාව තිබුනෙත් නෑ. ඒක නිසා චමරි බිල වැඩි වීමේත් උපයම බාර ගත්තා.
ඒ එක්කම පොර හදුන්වා දීපු ප්‍රතිසංස්කරණ ටික ඉල්ලා අස්කර ගත්තා.
පහුවෙනිදා උදේම, බෑග් එකකුත් කරේ එල්ලාගෙන, සයිට් එකෙන් එළියට බයිසිකලේ පාගන උපාලිව මම දැක්කා.
ඒක නම් මාෆියා චෙෆ් කෙනෙක්ම තමයි..... කොහොමත් ගොඩක් තැන් වල උයන කෙනාට ලෙඩ දාන්න එනවා අඩුයි නේ... දැන් ඔය දාන වලට උයන්න එන අයත් මාර ෂේප් එකේ තියාගන්න ගෙන්නන අය වගබලා ගන්නවානේ.. අඩු ගානේ කට්ට්ය කාලා ඉවර වෙනකල් වත්.. තැන් තැන් වල කුටු කුටු ගගා ඉන්නවා මිසක් කිසි කෙනෙක් ගිහින් උයන කෙනාගේ වැඩ විවේචනය කරන්න යන්නේ නෑ.....
ReplyDeleteමං මේ කල්පනා ඔය ක්‍රමේම අනුගමනය කරන්න බැරිද දන් නෑ නේ කාන්තා පාර්ශවයටත්... මේ මං කිව්වේ මේ “ වැඩි සද්ද දාන්න ආවොත් අද කාපල්ලකෝ බත් ” ටයිප් එකේ සද්දයක් දාන්න.... හි හි
//මං මේ කල්පනා ඔය ක්‍රමේම අනුගමනය කරන්න බැරිද දන් නෑ නේ කාන්තා පාර්ශවයටත්... මේ මං කිව්වේ මේ “ වැඩි සද්ද දාන්න ආවොත් අද කාපල්ලකෝ බත් ” ටයිප් එකේ සද්දයක් දාන්න.... හි හි//
Deleteසද්දයක් දාලම බලන්නකෝ.... ඔන්න ඉස්සරහ දත් දෙකක් නැති උනයි කියල මට එහෙම දොස් කියනවා නෙවේයි.. :P :P
අනේ බන් ඌ කව්ද කියන දේ ඌට තේරුම් කරන්න එකෙක්
ReplyDeleteහිටියේ නැද්ද ..? ඔහොම උන්ට නටන්න දෙන්න හොඳ නැහැ
බන් ..අන්තිමට කරටම නැගල ඩෙඟා නටන්න පටන් ගන්නවා.
එහෙම එක එකාට ඕනේ විදිහට අපේ තැන වෙන් උන් නටද්දී
අපි කව්ද බන් ......?
======================================================================================
mama awe menna meka kiyawanna ..ko meka ...? othokota ko eka ..?
චීත්ත වලිය
at නවදැලිහේන - 11 hours ago
අහලාතිබුනට, කියවලා තිබුනට "මානව නිශාචරයන්"ගේ රාත්‍රී ජීවිතය ගැන හරියටම අයිඩියා එකක් හම්බ උනේ, හා හා පුරා කියල ගියපු පලවෙනි ජොබ් එකේදි. කොළඹට සෑහෙන දුරට වෙන්න තියෙන අපේ ගම්වල, මරණයක්, මගුලක් නැත්තම් පිරිතක් තිබුනොත් ඇරෙන්න රෑ දහය - එකොළහෙන් පස්සෙ මොකෙක්වත් ඇහැරගෙන දගලන්නෙ නෑ. ඉදලාහිටලා කවුරුහරි රෑ ජාමේ කරක් ගැහුවොත් ඉතින්, ඒ කසිප්පු ප්‍රවාහන නියෝජිතයෙක් හරි හොර හතුරෙක් හරි තමයි. සයිට්එකේ කට්ටියට නවතින්න අරගෙන තිබුන බෝඩිම තිබුනෙ, කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය පේන නොපෙනන දුරින්. බෝඩිමක් කිව්වට ඒක කාමර තුනක්, කුස්සියක්, වැසිකිලි දෙකක්, මහ විසාල සාලයක් වගේම ගැරිජ් එකකුත් තුබුන අංග සම... more »
==================================================================================
අපිට ඕන විදිහට නියම පිලිවෙලට හැමතැනදිම වැඩ සිද්ද වෙන්නෙ නෑනෙ මචං.
Delete...
උපාලි හරි...
ReplyDeleteඕක බොහෝ දුරට වෙන්නේ මිනිහෙකුගේ ශ්‍රමයට වටිනාකම හරියට නොලැබෙන කොට... කොහොම හරි අඩු පඩියට කෙනෙක්ව හොයලා දාගත්තහම මෑන්ට රස්සාව ගැන ඒ හැටි බයක් නැහැ.. අද මෙතනින් එලෙව්වොත් හෙට තව තැනක වැඩට ගියෑකි... අනික සිල්පේ දන්න එකාට රස්සාවක් හොයාගන්න එක අමාරු නැහැ ඔය අංසෙං... ඉතිං මෑන් කරන්නේ පඩියේ බින්දු ගාන මොන විදියකින් හරි ඉහලට ගන්න එක... ඒක නවත්තන්නනං මෑන්ට වැඩේට හොද පඩියක් ලැබෙන්න ඕන.. එතකොට බුවා කැමති නැහැ මොනවා උනත් රස්සාව නැති වෙන තැනටම වැඩ කරන්න..
මෙහෙමත් දෙයක් තියෙනවා මාරයා, සමහර මිනිස්සුන්ට කොච්චර හම්බ උනත් පරන ජරා පුරුදු අතාරින්න බෑ. ඒ වගේම සමහර මිනිස්සුන්ට කොච්චර "හොද" කරත් වැඩක් නෑ. (අත්දැකීමෙන් දන්න දෙයක්).
Deleteසිරා සිද්ධිය තමයි. ඒක නෙවෙයි, කෝ චීත්ත වලිය? මීට කලිනුත් ඔහොම එකක් වුනා මතකයි.
ReplyDeleteඅනේ මංදා බන්.... ගූගල් දෙයියා පිස්සු කෙලිනවා... :D :D
Deleteතිළිණ,
ReplyDeleteඋඹට ඊමේල් සබ්ස්ක්‍රයිබ් දාන්න බැරිද. උඹේ බ්ලොග් එක බ්ලොග් රෝල් වල ලෙඩ දෙනවා බන්.. මම මේ හසිතගෙ බ්ලොග් එකේදි අහම්බෙන් චීත්ත වලියක් ගැන දැකලා මේ මොකක්ද යකෝ කියලා බලන්න කෙටුවෙ.. බලද්දි බ්ලොග් පෝස්ට් දෙකක්ම මිස් වෙලා..ඊ-මේල් සබ්ස්ක්‍රයිබ් දාහන්, නැත්නම් පෝස්ට් එකක් දාපු ගමන් මට මේල් එකක් එවහන් හොඳේ.. ssdsenna@gmail.com
ඔය උපාලි වගේ නසරානියන්ව ගහලා පන්නන්න ඕනා.
හරි සෙන්නා පෝස්ට් එකක් දැම්මම මේල් එකක් දාන්නම්.....
ReplyDeleteමේ බ්ලොග් රෝල් වල උඹේ බ්ලොග් එක පහලට යන එක පොඩ්ඩක් හොයලා බලහන් මචන්.. නැත්නම් අපරාදෙ උඹ ලියන ඒවා ගොඩක් අයට මිස් වෙනවා.. පොඩ්ඩක් චන්දනට හරි සහන්ට හරි කියලා බලහන්.. උන් දෙන්නා ගාව විසඳුමක් තියෙයි..
Deleteඋපාලි, උපයා වත් තැම්බුවා කොහොම හරි :)
ReplyDeleteයකඩෝ උපාලිය මාර භීෂණයක්නෙ පවතවගෙන ගිහිං තියෙන්නෙ. වැඩේ කියන්නෙ හැමෝම දැනුවත්ව එළිපිට 🙂
ReplyDelete