මහතුන්
"බැදපුවා"
කියල කිව්වෙ වල් ඌරෙක්, මුවෙක් වගේ වල් සතෙක් දඩයන් කරගන්න, උන් යන එන මංකඩවල අටවපු තුවක්කු වලට. මංකඩවල තුවක්කු බදින එක වගේම , වන සත්තු මස් කරන එකත් නීතියෙන් තහනම්. දඩමස් හොයාගෙන කාලෙන් කාලෙට පොලීසිය හේන් වලට පැන්නත් ගමේ අයගෙ ඇස් වලට වැලිගහලා මහමූකලානෙ කිලෝ මීටර තුන හතරක් එන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ නිසා හේන් වල ගොයියො ලේසියකට පොලීසියට අහුවෙන්නෙ නෑ. පදවිය කියන්නෙ නිධන් සම්භන්දයෙනුත් බොහෝම ප්‍රසිද්ධ ගම්මානයක්. ගොඩක් වෙලාවට අපි වගේ නඩ මේ මූකලානට රිංගන්නෙ පැල් රකින්න නෙවේ. වලලපුවා ගොඩදාන්න. ඒක
නිසා කල්තියාම අපේ ගමන ගැන පොලීසියට දන්වන්නත් සිද්ද උනා.
මහතුන්ගෙ
පැල්කොටේ බොහොම සරලව හදපු එකක්. පැලේ මූලික සැකිල්ල හදල තිබුනෙ මූකලානෙන් කපා ගත්ත දඩු, වැල්, පට්ටා වලින්. බිමට මැටිගාපු එක ඇරෙන්න, ගංගෙවල්වල වගේ සැකිල්ල වටේට මැටි බිත්තියක් තිබුන්නෑ. පල
දෙකට ගහපු වහල, හෙවිලි කරල තිබුනෙ පිදුරු වලින්. මොර සූරන වැහි කාලෙට පැල ඇතුල තෙමෙන එක නවත්තන්න, වහල ඇතුල් පැත්තෙ තැනින් තැන ඉටි රෙදි අමුනලා තිබුනා. වහල, මුදුන්ලීය කිට්ටුවෙදි අඩි හතක් විතර උස උනත්, කෙලවරට වෙද්දි පොලවට අඩි හතරකට වඩා උස උනේ නෑ. පැල ඇතුලට හිරිකඩ වදින එක වගේම, වහලට වැටෙන වතුර ඉක්මනට බේරිලා යන්නත් ඒක බොහොම පහසුවක් උනා.
හේනෙ පැල |
පැලේ
කෙලවරක් පාවිච්චි කරේ කුස්සිය විදිහට. ලිප, දඩමස් දුන්ගස්සන්න ලිපට උඩින් බැදපු ලී මැස්ස, හට්ටි වලං නමන්න ඊටත් උඩින් බැදපු මැස්ස, තිබුනෙ ඔන්න ඔය කෙලවරේ. ඊට අමතරව ඉදගන්න, නිදාගන්න වගේම අඩුම කුඩුම අඩුක් කරන්න පාවිච්චි කරන තවත් ලී මැහි දෙකකුත් තිබුනා. පැල ඇතුල එළිය උනේ කුප්පි ලාම්පුවෙන්. මුල් කාල වල හේන්ට බහිද්දි හුලු අත්තක් පත්තු කරත්, දැන් හුලුඅතු පාවිච්චි වෙනවා බොහොම අඩුයි. ටෝච් එක තමයි හුලුඅත්ත වෙනුවට දැන් පාවිච්චි කරන්නෙ. ඉවුම් පිහුම් වලට වගේම බීමට ඕන කරන වතුර ටික අරගත්තෙත්, පැලට අත්පොවන මානෙන් හාර ගත්ත අඩි තුනක් විතර ගැඹුරු ලිං පොඩ්ඩෙන්.
ළිං පොඩ්ඩ |
කැලේ
අස්සෙ සෑහෙන දුරක් රිංගපු නිසාද මංදා, පැලට කිට්ටු කරනකොට අපි හොදටම හෙම්බත් වෙලයි හිටියෙ. මහතුන්ගෙ බෙලිමල් කෝප්පෙට පිංසිද්ද වෙන්න අපේ ගමන් මහන්සිය නම් නිකම්ම මග ඇරුනා. ඒත්
බෙලිමල් කෝප්පෙට බඩගින්න තවත් ඇවිස්සුනා මිසක් අඩු උනේ නෑ. මගදි හේනකින් කඩා ගත්ත බඩ ඉරිගු වල අගේ තේරෙන්න ගත්තෙ එතකොට. පැලේ තිවුන ලොකුම මුට්ටිය අරගෙන ඒකට බඩ ඉරිගු කරල් ටික සුද්ද කරල තැම්බෙන්න දාපු අතරෙ, ක්‍රිෂ්ණා තවත් කරල් තුන, හතරක් පැලට පිටින් අවුලවා ගත්ත ගිනිමැලේට දැම්මා. යාන්තම් කරවේගන එනකොට ගිනිගොඩෙන් ඇද ගත්ත බඩ ඉරිගු කරල් හරි අපූරු කෑමක්. ගොඩක් වෙලාවට තම්බපු ඉරිගු විදිහට පාරවල් අයිනෙ තියෙන්නෙ, මැලේසියන් ඉරිගු ජාතියක්. ඇට ලොකු , කරල් ලොකු නිසා එක කරලක් කනකොට ඒ ඉරිගු එපා උනත්, හේනෙම්ම කඩාගත්ත ලා ඉරිගු, කරල් තුන-හතරක් උනත් එක දිගට කන්න පුලුවන් තරම් රහයි. අනික පුච්ච ගත්තම, කර රහත් එක්ක එන කිරි රහ නිසා, තම්බපු ඉරිගු වලට වඩා පුච්චපු ඉරිගු තවත් රහයි.
තම්බපු ඉරිගු හට්ටිය |
පුච්චගත්ත ඉරිගු |
මහතුන්ගෙ
හේන අක්කර පහක් විතර ඇති. ඒකෙන් අක්කර කාලක් ඇරෙන්නෙ අනෙක් ඔක්කොගෙම වවල තිබුනෙ වී. හැබැයි වියලි කලාපෙ දකින්න පුලුවන් මඩ ගොවිතැන නෙවේ හේන් වල තියෙන්නෙ. හේන්වල වී ගොවිතැන කෙරුනෙ අහස් දියෙන්. හේනක වැව්වෙ තමන්ගෙ ගෙදර දොර පරිහරණයට ඕන කරන බව-භෝග. හේනක් කියන්නෙ යැපුන් ගොවිතැනට
හොදම උදාහරණයක් කියල කියන්නෙ ඒකයි.
මහතුන්ගෙ
හේනෙ ඉතුරු ඉඩේ ගෙදරට ඕන අනික් එළවලු වවලා තිබුනෙ ඉඩකඩ බොහොම අරපිරිමහින විදිහට. හේනෙ කිසිම අස්සක් මුල්ලක් තනි නොවෙන විදිහට මහතුන් හේන පුරාම වවලා තිබුනා. කුඹුරෙ ලියදි දිගටම මිරිස් පැල හිටවලා. පැල කිට්ටුවෙන්ම ළූණු පැල පාත්තිය. ඊට ටිකක් එහායින් පතෝල මැස්සත් එක්ක වට්ටක්කා මැස්ස. හේනෙ ඉඩ තියෙන බුරුල් තැන් බලල මඤ්ඤොක්කා දඩු හිටවලා. ඊට අමතරව ඉරිගු ගස් කීපෙකුයි, පිපිඤ්ඤා වැල් ටිකයි තිබුනෙ හේනෙ මායිමට වෙන්න. හේනෙ එලවලු එකක්වත් විකුනන්න බලාගෙන හදන් ඒවා නෙවේ. ඒක නිසා එළවලු වලට පෝර දාන , බෙහෙත් ගහන සිරිතක් හේන් ගොවියොගාව නෑ. ඒත් හේනෙම වවන වී වගාව ඊට ටිකක් වෙනස්. වී, කුරහන්, අබ වගේ භෝග හේනක වවන්නෙ කොටසක් කෑමට අරගෙන ඉතිරුවා විකුණන්න බලාගෙන. ඒක නිසා ඒ භෝග වලට, වෙන තැන්වලදි වගේම හේනෙදිත්, යහමින් බෙහෙත්, පොහොර වැටෙනවා.
නියර දිගේ වවපු මිරිස් |
පතෝල මැස්ස |
වට්ටක්ක මැස්ස |
ළූණු පාත්තිය |
තම්බපු
බඩ ඉරිගු ටික ඉවරවේගන එද්දි මහතුන් හේනට බැහැල පිපිඤ්ඤා ගෙඩි තුන හතරක් කඩාගෙන ආවා. පොළවල්වල විකුනන්න තියෙන ඒවා තරම් ලොකු ගෙඩි නූනත්, පොතු නොගහ කන්න පුලුවන් තරමට ඒවයෙ පොත්ත තුනීයි. ඊට පස්සෙ අපි කට්ටියම ලෑස්ති උනේ රෑ බත හරිගස්සන්න. බත් මුට්ටියක් එක ලිපක පැහෙද්දි, කඩාගෙන ආපු වට්ටක්කා, කෑලි කපල හොද්දක් හදන එක පැලෙන් එළියෙ සිද්ද උනා. මහතුන් පෝර උරියක දාල වහලෙ එල්ලල තිබුන වේලපු දඩමස් ටිකත් හීනියට කපල වට්ටක්ක හොද්දටම එකතු කරා.
හේනකදි
බතක් එක්ක හැදෙන්නෙ එක මාලුවයි. ඒ මාලුවටත් යහමට තුන-පහේ දාල, කිරි රහට කන්න වෙන්නෙ නෑ. ඒ ඔක්කොම අඩුපාඩු මග හරින්න, හේන් ගොයියා ඇති පදම් මිරිස්, මාලුවට එකතු කරනවා. ඉන්න හැමෝටම කන්න මදි වෙයි කියල හිතල, මහතුනුත් වට්ටක්ක මාලුවට මදි නොකියන්න මිරිස් එකතු කරා. කොච්චර සැර උනත්, උණු උණුවෙම බත් එක්ක කාපු වට්ටක්කා මාලුව, මගේ ජීවිතේ කාපු රසම කෑම වේල් අතරෙ ඉහලින්ම තියෙනවා.
තක්කාලි, මිරිස් යහමට දාපු වට්ටක්කා/දඩමස් මාලුව |
හේනෙ
ජීවිතේ අමාරුකම, එක රෑක් පැලේ හිටපු අපිට හොදටම තේරුනා. මෝසම් වැස්සත් එක්ක ඒ අමාරුකම
දෙගුණ-තෙගුණ වෙනවා. ගමේ ඉදන් කිලෝ මීටර හතරක් විතර ඈතින් මහ මූකලානෙ ගෙවන හේන් ජීවිතේ
බොහොම අවදානම්. සතෙක් සර්පයෙක් කෑවොත්, අල්ලපු හේනෙ ඉන්න ගොය්යා ඇරෙන්නෙ, පිහිටට වෙන
කවුරුවත් ඒ මූකලානෙ නෑ. ඒක නිසා යායට තියෙන හේන්වල ගොයියො බොහොම එකමුතුයි. ඕනම කෙනෙක්ට
ඕනම වෙලාවක අනුන්ගෙ පැලකට ගොඩවෙන්න කිසිම තහන්චියක් නෑ. ඒ වගේම තමන්ගාව තියෙන අඩු වැඩිය
උනත් අනිත් එකා එක්ක බෙදා ගන්න හේන් ගොයියා කිසි වෙලාවක පස්ස ගහන්නෙ නෑ. මහ කැලේ තුවක්කු
බදින්න, මරු වැල් අදින්න එක එක ගොයියාට වෙන වෙනම කැලෑ කුට්ටි තිබුනත් ඒවට කොටුවෙන
ඌරො , මුවෝ වගේ වන සත්තු, හේන් යායෙ හැමෝම අතරෙ බෙදෙනවා.
හේන්
ගොයියන්ගෙ තවත් අපූරු ලක්ෂනයක් තමා ඔවුන්ගෙ භාෂා විලාශය. "එයා", "මෙයා"
වගේ වචන හේන් ගොය්ය ගාව නෑ. ඒ වෙනුවට පාවිච්චි කරේ "ඒකා", "මේකා"
වගේ වචන.
"ඒකට
මං කීවා වට්ටක්කා හොද්දට තව ලුණු ටිකක් දාන්න කියලා. කෝ ඇහුවයැ...." වට්ටක්කා
හොද්ද හදද්දි මහතුන්, ක්‍රිෂ්ණට උපදෙස් දුන්නෙ ඒ විදිහට.
අනිත්
එක හේන් ගොය්යෙක්, "උඹ" කියල කතා කරන්නෙ අරියාදුවට නෙවේ. තාත්තට, පුතාට වගේම
ඕනම කෙනෙක්ට "උඹ" කියල කතා කරන්න හේන් ගොය්යා පස්ස ගහන්නෙ නෑ.
පැල්කවි
කියන එක දැන් ගොඩක් වෙලාවට හේන්වල කෙරෙන්නෙ නෑ. පැලට පිටින් අවුලව ගත්ත ගිනිමැලය ලගට
වෙලා හේන රකින එක තමයි දැන් කෙරෙන්නෙ. අපි කට්ටියත් රෑ එළිවෙනකම්ම වගේ ගිනිමැලය වටේට
වාඩි වෙලා කතා කර කර හිටියා. එළිවෙන්න පැයක් හමාරක් විතර තියෙද්දි නිදිමතේම මම ගිහින්
ලී මැස්සෙ ඇලවෙනවා වගේ මට අන්තිමට මතකයි. ආයෙ ගැස්සිල මම ඇහැරෙනකොට එළිය වැටිලා.
"ටිකක්
දවල් වෙලාම යන්න බැරියැ.. ඊයෙ පෙරේදා හොද මීයක් ඇහැ ගැහුනා. කට්ටියත් එක්ක ඒකත් කඩලම
යමු.." මහතුන්ගෙ යෝජනාව මසුරං වටිනවා උනත්, ඊළග දවසෙ සයිට් එකේ වැඩට ඉන්න ඕන නිසා,
උදේ පාන්දරම මහතුන් හදල දීපු තේ එකත් බීල අපි ආපහු එන්න පිටත් උනා.
හොද අද්දැකීමක් අරගෙන වගෙයි ....
ReplyDeleteඔව් ඔව් ...... නැත්තම් සයිට් වල ඉදල අපිත් ගල් වෙනවා :ඩී
Deleteපුච්චපු බඩ ඉරිඟු.. රසවත් වේදනාත්මක මතකයක් අවදි කළා.. බ්ලොග් සටහනක් තියන්න ඕනේ කියලා හිතුනා මේක කියවනකොටම...
ReplyDeleteහරිම ලස්සන විස්තරයක්..
තැන්කූ,,, තැන්කූ,,, වේදනාත්මක මතකයක්??????
Deleteතනි ඇහැට ඇඬේනව බන් ....
ReplyDeleteSoo happy about u brother....
Keep it up, enjoy your life :) It will be the only thing that we will be having at the end of our lives... :)
Agree with everything that u have mentioned here buddhi. :)
Deleteතනි ඇහැට ඇඩීම හොද දෙයකි. :ඩී.
Deleteෂෙහ්... මේකනම් නියමයි... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කූ වේවා!!!!! එසේම වේවා !!!!!
Deleteපෝස්ට් දෙකම මග ඇරුනා මචං.. ආයේ හෙට ඇවිත් දෙකම බලන්නම්. මේ වගේ ලියවිලි මාර රහයි. නිදිමතේ හදිසියේ කියවල රස විඳින්න බෑ.
ReplyDeleteඑල එල මචෝ!!!! ඔන්න මම උබට fb එකේ request එකක් එව්වා....
Deleteriquest එක accept කළා මචං..
Deleteදැන් තමයි පෝස්ට් දෙකම කියෙව්වේ. විස්තරේ නම් මරේ මරු. උඹ මාව හේනක අතරමන් කළා :) වාඩිවල හදන බත නම් මාත් එක වතාවක් රස බලල තියනවා. ඒකේ රස වචන වලින් කියන්න බැරි ගානයි. අර ඉරිඟු කරල් වල පින්තූර.. මං පොඩි කාලේ වගා කරපු පුංචි කොටුව මතක් කළා මට ආයෙමත්.
ඌරෝ එන එක වලක්වන්න සමහරු සැලුන් වලින් අයින් කරන කෙස් දානවා උන් යන කපොලු වල. එතකොට ඒවා උගේ නහයේ ගියාම ආයේ එන්නේ නෑ කියල තමයි කියන්නේ.
රසවත් පෝස්ට් දෙකක්..!
මේක නං කලිං කියෙව්ව ද මන්දා...
ReplyDeleteහෑ....... වෙන කවුරු හරි ලියපු එකක් වෙන්න ඇති..
Deleteමමත් හේන් ජීවිතේ දවල් කාලෙ අත්විඳලා තිබ්බට රෑක ඉඳලම නෑ. වන සත්තුන්ට තියෙන බයට ඒ.
ReplyDeleteඑක වතාවක් හෝ විඳිය යුතු අත්දැකීමක් මේක.
අනිවා... රියල් හේනක රැක් ඉන්නවා කියන්නෙ මාර ආතල් වැඩක්
DeleteU r a good example to those who r nagging about things in their life without trying to explore the life on their own. The writing was done so b'fully as always and I could made ur experience be mine for a moment.
ReplyDeleteThankxx... but unfortunately everyone does not get those chances. For example I obtain these opportunities simple because of the nature of my job.
Deleteහිරු කියපු පාර ඔස්සේ ආවේ . මා කැමතිම වර්ගයේ බොහොම රසවත් ලිපියක් . දිගටම ලියන්න .
ReplyDelete…ජය !
…
…
තැන්කූ.... දීපු ගට ගොඩක් වටිනවා.
Deleteකියවන්න ගොඩක් තියෙන බ්ලොග් එකක් ..
ReplyDeleteඅලුත් අත්දැකීමක්.
ඔව්.. එන්න විදගන්න...
Deleteමම නම් ආවේ ගිම් පෙන්නපු පාරක් දිගේ. හරිම රසවත්. හේන් ජීවිතය කටුක ඇති කියලා දැනුනත්, ගිහින් රැයක් ගත කරලා එන්ට හිතුනා. අර දඩමස් එක්ක වට්ටක්කා මාලුව. රහ දැනුනා කියවද්දි.:)
ReplyDeleteඅපරාදෙනේ අර මීය කඩන්ට ගියේ නැත්තේ. ගියා නම් ඒ ගැන කරපු විස්තරේ කියවද්දි, අපිට කියවන ගමන් මීපැණි රහ බලන්ටත් තිබුනා.
හේන් ජීවිතේ වගේම අව්‍යාජ බ්ලොග් එකක්. සුබ පතනවා හේන් ගොවියට.
පාර පෙන්නුවට ගිම්හානිට ස්තූති කරන්න ඕන....
Deleteමීය කඩන්න නැවතුනා නම් ලොක්කා මාව ඒ ගහේම එල්ලනවා :ඩී
මාරයා මල්ලි ගහපු ටෝච් පාර දිගේ ආවේ ...
ReplyDeleteපෝස්ට් දෙකම අගේට ලියවිලා තියෙනවා මලේ.. ගමනට මමත් ගියා වගේ දැනුනා. ආයෙත් ඇවිත් අනිත් ටිකත් බලන්නම්. ජයවේවා ...!
මාරයටත් , ඔබ තුමාටත් ස්තූතී...
Deleteඔබතුමාගෙ "යාල නැගෙනහිර අහිමි දඩමං" කියවනකොට මම අට වසරෙ.... කතා දෙකක් නෑ ඒවගේ සුන්දර පොත් තමයි, මේ වගේ අද්දැකීම්වල රහ කියල දුන්නෙ....
මංතුමාට අය්යේ හරි, මාමේ හරි කිව්වනං ඇඟටම දැනෙනවා කොල්ලෝ ...
Delete"මාමෙ" කියන්නෙ මොකටෙයි ආයෙ, "අයියම" කියන්නම්කෝ......
Deleteමාරම රසයි. දිගටම ලියන්න. මටත් ඔත්තුව හම්බවුනේ මාරයාගෙන්
ReplyDeleteමාරයටයි, කම්මලටයි තැන්කූ !!!!
Deleteමාරයා නිසා තමයි මමත් මේ පැත්තේ ආවේ. උබ හොදට ලියනවා.. රජ්ජම කියල කියන්නත් බෑනෙව... මමත් ඔය අත්දැකීම 90 දශකය මුලදී අරන් තියෙනවා ලාහුගලදී..
ReplyDeleteතව තවත් ලිවීමට දිරිය ශක්තිය ..
දීපු ගටට බොහොම තුති.....
Deleteරජ්ජම නොකියන්නත් බෑ... මගේ මව් පාර්ශවය රජ්ජම කිට්‍ටුව නොවැ....
නියමයි බන්.. පට්ට බඩ ගින්නක ඉඳන් කියෙව්වෙ.. කටට කෙළ ඉනුවා අර කෑම වේල ගැන කියෙව්වම..
ReplyDeleteඉස්සර හේනෙ පැල තිබුනෙ ගහක් උඩ නේද ? දැන් එහෙම නෙවෙයිද ? අලි එහෙම අවොත් මොකද කරන්නෙ ?
අපොයි අපිට බඩ යයිද දන්නෙ නෑ..... :p
Deleteඋඩ පැල දැන් ගොඩක් හේන්වල අඩුයි. උඩ පැල ටිකක් හදන්න අමාරුනෙ :ඩී.
යට පැලේ ඉද්දෙද්දි අලි ආවොත්, ඉතින් සොරිම තමා. හූ කියල, සද්ද දාලා, ගිණිමැල ගහලා තමා ගොඩ දාගන්නෙ මම හිතන්නෙ.
This comment has been removed by the author.
ReplyDeleteඅපූරුයි සහෝ, මට රැස්වෙහෙර පැත්තට දුවල එන්න හිතුණ. කාලෙකට කලින් ගිය තල හේන ආයිත් තියෙනවද කියල බලා එන්න.... හිටිවන කවියක් ඇහුනෙ නැතිවා පුදුමයි. ආගන්තුකයො හේන් පැලට ගොඩවුණාම හිටිවන කවියකින් සංග්‍රහ කරන්නත් නුවරකලාවිය පැත්තෙ අපේ ගොවි මහත්තුරු හරිම සූරයි නෙව.
ReplyDeleteඅහ්.. ඔය තියෙන්නෙ අත්දැකීම්...... කවියක් නම් කිව්වෙ නෑ. අඩුම ගානෙ පැල් කවි වත් නෑ.
Deleteහීනෙක වගේ මතකයක් තමයි හේන් ගැන දැන් තියෙන්නෙ..ළඟා කර ගන්න තියෙන හීනයක් තමා කවදක හරි මටත් තියෙන්නෙ..ආයිමත් හේනක ජීවත් වෙන්න !
ReplyDeleteආයෙමත්???? එහෙනම් හේන් යටගියාවක් තියෙනවා වගේ....
Deleteනියම ලියවිල්ලක්. මේක හුඟක් පරිස්සමෙන් හොඳට පෲෆ් රීඩ් කරලා හේම කරන වැඩක් බව කියෙව්වාම තේරුම් යනවා. ජයවේවා.
ReplyDeleteදැන් අපි ඩි සිල්වා කියලාද කතා කරන්න ඕනෙ? ඇයි බොලං ඔය මුලට වෙන කෑල්ලක් නැද්ද? මේක හරියට ඉස්කෝලෙ නම් ලකුණු කරනවා වගේ සද්ද වෙන්නෙ. :D
තැන්කූ ඩූඩ්... හපොයි මුලින්ම මම බය උනා "පෲෆ් රීඩ් " කිව්වම :ඩී. ඔව් එකපාරක් දෙපාරක් කියවල තමා දාන්නෙ.
Deleteනම නම් "තිළිණ". "ඩී සිල්වා" කිව්වත්, "තිළිණ" කිව්වත් කමක් නෑ :ඩී. "ඩී සිල්වා" කියන්නෙ අග නම උනාට, ඒක හම්බ උනේ උපදින්නත් කලින් ඉදන්ම නෙවැ.......
උබේ බ්ලොග් එක ඇහ ගැටිල දවස් ගානක් උනාට කමෙන්ට් එකක් දාන්න බැරි උනේ මුල ඉදන්ම කියවන්න ගත්ත නිසා
ReplyDeleteසුපිරියි මචන්... ලියන විදිය ගති. සමහර පෝස්ට් අවසානේ ඊට පස්සෙ කියල අහන්න ඉතුරු වුනත් ඒ උබේ රටාවද මන්ද...
හේනේ පෝස්ට් එක නම් මට පට්ට ඉරිසියවකුයි උබ ගැන සතුටකුයි ඇති උනා. මරුම අත්දැකීම.
බොහොම ස්තූතී..... පුලුවන් පුලුවන් වෙලාවට ගොඩවෙන්න....
Deleteකාලෙකින් දැකපු ලස්සන ලියමනක්.ඔබට ස්තුතියි
ReplyDeleteකමෙන්ට් එකක් තියල ගියාට ඔබටත් ස්තූතී....
Deleteඅපූරු සටහනක්.... මගෙත් ආසම දෙයක් තමා පැලක රැයක් ගෙවන එක.... හැබැයි වැඩිපුරම කැමති අට්ටාල ගේක ඉන්න.. නැති කමට මෙහෙම එකකුත් අවුලක් නෑ
ReplyDeleteනවදැලි හේන අපූරු තැනක් නෙව...අපරාදේ මම පරක්කු උනේ කියල හිතුනා....
කමක් නෑ මට තව වයස තියනවා... ඉක්මනට පරන ලිපි කියවන්න ඔනේ..
අපොයි ලිපි කියල මහ ගොඩක් නෑ... :ඩී
Deleteනව දැලි හේනට ආවේ අදයි. හරිම ලස්සනයි , ජය පතනවා ඔබට. මේ කරගෙන යන කාර්යය හොඳින්ම කරගෙන යන්න මලේ. අපි රට හිටපු කාලෙ කෑවෙම බඩ ඉරිඟු. අදටත් හරිම ආසයි. කොල්ලො තුන් දෙනාට හොඳ ශක්තියක් උනේම බඩඉරිඟු පිටි වලින් හදාපු කැඳ.
ReplyDeleteබොහොම ස්තූතී මේ පැත්තට ආවට.... මම නම් එදා පුච්චපු ඉරිගු කරල් කනකන් ඉරිගු වලට වැඩි කැමැත්තක් තිබුනෙ නෑ...
Deleteසරල ජීවිත බරක් නෑ. හරිම සුන්දරයි.
ReplyDeleteසරලයි, සුන්දරයි, කටුකයි
Deleteaththatama me arabikarayata wela duk widina mata me katahawa puduma sathutak sarala bawak gena dunna.ekata godak thanks...
ReplyDeleteමේ පැත්තට ගොඩ උනාටත් බොහොම ස්තූතී.....
Deleteමලේ ගොඩ දවසකින් මෙහෙට ගොඩ උනේ... මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් උනේ නැහැ.
ReplyDeleteමගෙත් එක හිනයක තමයි හේනකට ගිහින් බලන එක.. තාම බැරි උනා.
හැබෑකරගන්න වටින හීනයක්..
Deleteමට නම් හේන් ගැන අත්දැකීම් ගොඩක් තියෙනව, මම ඉන්නෙ බුත්තල ඉඳලා 15 කි.මි. දුරකින්.
ReplyDeleteඋඹේ කතා නම් ගොඩක් ලස්සනයි. අද තමයි දැක්කෙ , වර්ණ ලියන දිනේශ්ගෙ බ්ලොග් රෝලෙන්.http://dineshumagiliya.blogspot.com/
අර වට්ටක්කා මැස්ස , ෂුවර්ද බං මැස්සෙ තිබ්බෙ වට්ටක්කා කියලම.
අහ්... බුත්තල පැත්තත් නුවර-කලාවිය වගේමනේ...
Deleteඔව් මචෝ වට්ටක්කා මැස්සක් තමා. ගෙඩි නම් තිබුනෙ නෑ..
ඉරිසියාවේ අබෙ අප්පා . . .
ReplyDeleteකමක් නෑ උඹ හරි මේ අත්දැකීම අපූරුවට වින්ද නිසානේ උඹත් එක්කම හෙන්ට අපිත් ගියා වගේ දැනෙන්න ලියන්න ඇහැක් උනේ.
අපූරු අත්දැකීම මචං.
අපි ඔක්කොම සහෘද්ධයොනෙ.... ඒකයි එකම අත්දැකීම හැමෝටම රසවත්ව දැනෙන්නේ...
Delete
ReplyDeleteමම අදනේ දන්නේ තිළිණ බ්ලොග් එකක් කරනවා කියල...
මේවා මචන් අපිට ආතල් උනාට මේ දුක් ඇත්තට විඳින අයට නම්
අපා දුකක් ..ඒ ගැනත් කියන්නම ඕනේ..
අහ්හ්.. එන්න,, එන්න,, පුලු පුලුවන් වෙලාවට ගොඩ වෙන්න....
Deleteඅපොයි ඔව්. ඒ මිනිස්සුන්ට ඒක මහා දුකක්. අලුත් පරම්පරාව හේන් ගොවොතැනෙන් දුරස් වෙන්නේත් ඒකයි.