Saturday, November 24, 2012

වල් පෝක්




සරාගෙ ගේ තිබුනෙ අපේ සයිට් එකට අත පොවන මානෙ. සයිට් එකේ අපි ආදරේට "සරා" කිව්වට, ගමේ ගොඩක් උන් සරාට, කට පුරා "සරත් අයියා" කියල කිව්වෙ ඇත්තටම ගමටඅයියා” කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් අඩුවක් නෑර සරාගෙන් සැපිරෙන නිසා. ගමට අයියා උනාට, අඩු-පඩු විහිදිච්ච බූවල්ලෙක් වගේ ඉන්න අපේ කම්පැණියට, අයියා කෙනෙක් වෙන්න ගියොත් ඇදන් නාන්න වෙන්නෙ කියල තේරිච්ච නිසාද මංදා, සාරගෙන් අපේ සයිට් එකට කිසිම අතුරු ආන්තරාවක් උනේ නෑ.

අඩි හයක් විතර උස සරා, කට්ටම කලුයි. පෝනිටේල් එකක් දාල බැදල තිබුන කොන්ඩෙ පිටට වැටෙන තරම් දිගයි. නිතරම ස්කිනර් එකක් ගහල හිටපු නිසාදකුනු අතේ කොටල තිබුන කොටියගෙ රූපෙ හොදට පෙනුනා. සරාගෙ ලස්සන ඇස් දෙක, ඉදිච්ච ගොරක මද දෙකකට සෙකන්ඩ් වෙන්නෙ නෑ. ඇත්තටම ගොම්මං වෙලාවක සරාව දැක්කොත්, ළමිස්සියෙක්ට නෙවේ කොලු නාම්ඹෙක්ට උනත් ඇප නූල් බදින්න වෙනවා.

අක්කරයක් විතර විසාල සරාගෙ වත්ත, තණකොළ එහෙම ගානට මට්ටම් කරලා හොදට නඩත්තු කරපු එකක්. වටේට පොල්කොට හිටවල, ඊට මැදිවෙන්න පොල් අතු පියස්සක් ගහපු, හත්-අට දෙනෙක්ට වාඩි වෙන්න පුලුවන් පොඩි පොඩි හට් වත්ත පුරාම තිබුනා. පෝය දවසක් නෙවේ නම්, ඔය හට් වල වාඩි වෙලා, විස්කි-බ්‍රැන්ඩි වගේම ගල්-පොල් හිස් කරන එකෙක් දෙන්නෙක් නොවැරදීම බලන්න පුලුවන්. සරා ගමේ මිනිහෙක් උනාට පොර ගාව අනවසර ග්‍රාමීය නිශ්පාදන තිබුනෙ නෑ. ඒක නිසා සරා ගාවට ආවෙ අත මිට සරු උන්.

ගාන වැඩි උනත්, ලොකු ලොකු උන් සරාගෙ රට බීම සංග්‍රහයට ඇබ්බැහි හිටියෙ, සරාගෙන් බයිට් එකට හම්බ වෙන දඩමස් ටික හින්දා. ඕනම වෙලාවක වල්ඌරු මස් හරි මුව-ගෝන මස් හරි සරාගෙ පොට් එකේ නැති උනේ නෑ. අනික යාවජීව ගැනුම්කාරයෙක් ඉල්ලන පරක්කුවෙන්, සරා දඩමස් හොයල දුන්නා. ගමේ, අහල ගම්වල, ටවුමෙ වගේම ඈත පැති වලින් එන, සල්ලිය බාගෙ තියන, ලොකු ලොකු උන් එක්ක සරා නොබිදුන විශ්වාසයක් හදාගෙන හිටියෙ ඔන්න ඔය නිසා.

සයිට් එකට ගිය මුල් දවස් වල සරාගෙ, ඉල්ලුමට සරිලන දඩමස් සැපයුම ගැන මට තිබුනෙ මාර ප්‍රශ්ණ ගොඩක්.

"කොහොමද සරා ඔච්චර දඩමස් හොයාගන්නේ?? " දඩමස් නිසාම සරාගෙ බොක්කෙෆිට් එකක් වෙච්ච, සයිට් එකේ සුපවයිසර් පොරකගෙන් මම ඇහුවා.

"අහ්හ්.... සරාට මාර කනෙක්ශන්නෙ තියෙන්නෙ" පොර ඔලුව එහෙම ගස්සල කිව්වෙ, සරාගෙ කනෙක්ශන් පොරට තියෙනව වගේ.

"කනෙක්ශන්??.... කාත් එක්කද??... වල් ඌරොත් එක්කද??..." මමත් හීනියට කින්ඩියක් පාස් කරා.

"නෑ.. නෑ.. මිනිහා දඩයමේ යන හැම එකෙක්ම වගේ අදුරනවා. අනික පොලීසියෙ, වනජීවි එකේ ඉන්න අය සරාගෙ හොද යාලුවෝ.."   

සුපවයිසර් කිව්ව කතාව සියට සීයක්ම ඇත්ත නූනට, සියට සීයක්ම බොරුත් නෙවේ. ඇත්තටම ලොකු ලොකු කනෙක්ශන් තිබුන නිසා තමයි සරාගෙ පොට් එකේ හැමදාම දඩමස් තිබුනේ.

ගොඩක් උන් කතාවට කිව්වෙ සරා ගේ පිටිපස්සෙ වල් ඌරු පට්ටියක් දාගෙන ඉන්නව කියලා.

දඩමස් එක්ක රටබීම විකුනන එකට අමතරව සරා තව පොඩි බිස්නස් එකක් කරා. ඒතමා බොරළු-පස් කපල විකුනන එක. අපේ බොසාත් කොළඹ ඉදන් ආපු ගමන් දුවන්නෙ සරාගෙ ඌරු පාත්තිය හොයාගෙන නිසා සයිට් එකට බොරළු ගේන වැඩේ සෙට් උනේ සරාට. අපරාදෙ කියන්න බෑ කලින් කිව්වා වගේ, කිසිම අයියා පාට් එකක් රගපාන්නෙ නැතුව සරා බොරළු සප්ලයි එක දිගටම දුන්නා.

සරාට තිබුනෙ එක ටිපර් එකයි. සරා බොරළු අදින වැඩේට තව ටිපර් දෙක තුනක් සෙට් කරගෙන හිටියා. හැබැයි හැම ටිපර් එකක්ම සරාට, සරාගෙ පංගුව අඩු නැතුව බේරුවා.

සයිට් එකට කැබ් එකක් හයර් කරපු සජිත්ලටත් බොරළු වලක් තිබුනට, සරාගෙ භෞමික අඛණ්ඩතාවෙට අභියෝග කරන්න තරම් ගටක්, සජිත්ලට තිබුනෙ නෑ. පොඩි වෙනසකටත් එක්ක සජිත් එක පාරක් බොරළු ලෝඩ් එකක් ගෙනාවත්, මගදිම සරා වෙනසට හරස් කැපුවා. සරා-සජිත් නොහොද නෝක්කාඩුව මුල් ඇද්දෙ ඔන්න ඔය බොරළු ලෝඩ් සිද්ධියෙන්.

වෙනදා වගේම නැගෙනහිරින් ඉර පායපු, සයිට් එකේ වැට දිගට වතුසුද්දා මල් පිපිච්ච උදෙක, අමුතු නිවුස් එකක් සයිට් එකට ආව. තමා සරාව පොලීසියෙන් අල්ලන් ගියපු එක. නිවුස් එක ගෙනාපු පොර කිව්වෙ පරණ වරෙන්තුවකට සරාව අල්ලන් ගියා කියලා. ඒත් හවස් වෙනකොට සජිත් ගෙනාවෙ, ඇමරිකාවට බෝම්බ ගැහුවා වගේ එකපාරටම පිලිගන්න අමාරු නිවුස් එකක්.

"අන්න සරා බලුමස් විකුනල පොලීසියට මාට්ටු වෙලා" සජිත් නිවුස් එක අරන් තිබුනෙ අදුරන කොස්තාපල් මහත්තයෙක්ගෙන්.

"සර්.. සරත් අල්ලන් ගියේ පරණ වරෙන්තුවකටද??.. " අපි කවුරුත් සජිත්ගෙ කතාව පිලිගන්නෙ නැති උනාම, මිනිහම කොස්තාපල්ට කෝල් එකක් ගත්තා.

"බලුමස් විකුනනකොට මොන වරෙන්තුද බං. තොපිත් කෑවද සරාගෙ බලුමස්...... දැන් බඩවල් කපල සුද්දකර ගනිල්ලා.. හොක්.. හොක්.. " කොස්තාපල්ගෙ කතාවත් එක්ක සජිත්ගෙ මූණෙ මල් පිපෙන්න ගත්තට, සරාගෙ පොට් එකට රිංගපු සයිට් එකේ උන්ගෙ මූණු අකලට පරවෙන්න ගත්තා.

කොස්තාපල් මහත්තය කියන විදිහට, දෙක-තුනක් අනිනකොට සරා, ස්ව-කැමැත්තෙන් දීපු කටඋත්තරේ මෙහෙමයි.

දවසක් හවස බයිට් හදන්න සරා වල්ඌරු මස් ගාතයක් ගෙනැල්ල තියෙනවා. ඌරු ගාතෙ කුස්සියෙ මේසෙ උඩ තියල පොර ගිහින් තියෙනව මන්නෙ මුවත් තියන්න. ඔය අල්ල පනල්ලෙ කොහෙදෝ ඉදලා ආපු බලු නාම්බෙක් ඌරු ගාතෙ උස්සන් දුවලා. පස්සෙන් එලවල බලුනාම්බව  අල්ල ගනිද්දි , ඌරු ගාතෙ හොදම හරියට වැඩේ දීලලු. සරාට ආපු කේන්තියට, සරා බල්ලව මරල, ඌරු මස් මදි පාඩුවට බලුමස් කවලං කරලා. කනාවට කරත් බලුමස් කවලං කිරීම නොහිතපු විදියට සාර්ථක වෙච්ච නිසා, ඌරු මස් කිලෝ එකට බලුමස් දෙසිය පනහ අනුපාතෙ පොර දිගටම පාවිච්චි කරල. කාගෙන්ද මංදා පොලීසියට ඔත්තුවක් යනකන් සරාගෙ බලු-ඌරු මස් වැඩේ නැගල ගිහින් තියෙනවා.

"ඒක තමයි සරාගෙ ගෙදර හිටපු දඩාර බලු සෙට් එකේ, එකා එකා අඩු උනේ" ලග හිටපු එකෙක් කිව්වම, හැම එකාටම වැඩේ ඇත්ත බව මීටර් උනා.

"එතකොට අර ලොන් හැලිච්ච, කුශ්ඨ පිරිච්ච බැල්ලි ලගකදි පේන්න හිටියෙ නැත්තෙත් ඒකද??....."

ටියුබ් ලයිට් එකෙක් මගෙන් අහද්දි, වටේ හිටපු එකෙක් "..ක්.. " ගාගෙන නැමෙනවා මං දැක්කා.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


Saturday, November 17, 2012

පාරදිගේ : රැස් වෙහෙර


සුප්‍රසිද්ධ "අවුකන" රජමහා විහාරයේ සිට කි.මී. 16 පමණ දුරින් පිහිටි "‍රැස් වෙහෙර" හෙවත් "සැස් සේරුව", අවුකන තරම්ම ජනප්‍රියත්වයට පත්නූවද, හා සමානවම ඓතිහාසික වටිනාකමක් උසුලන පුරාණ සිද්ධස්ථානයකි. කෙසේ උවත්, අවුකනට වඩා වෙනස් වූ සංවිධානාත්මක ආරාමයක ශේෂයන් අදටත් "සැස් සේරුව"න් දැකිය හැකිවේ. ශෛලමය බුද්ධ ප්‍රතිමා, ඓතිහාසික බෝධීන් වහන්සේ, වනවාසී භික්ශූන් උදෙසා වූ කටාරම් කෙටූ ගල්ලෙන්, ආදිය එවන් ශේෂයන්ගෙන් කීපයකි.

අවුකන හිටි පිළිමයට අතිශයෙන්ම සමාන වූ අභය මුද්‍රාවෙන් වැඩ හිදිනරැස් වෙහෙර බුදුරුව, අඩක් නිමවූ බුදුරුවකි. පිහිටි ගල් පර්වතයෙන් වෙන්කොට නොමැති මෙහි, සිරස් පතෙහි, බාහු යුග්මයෙහි ආදියේ අවසන් නිමාව සිදුකොට නැත.


රැස් වෙහෙර සහ අවුකන හිටි පිලිම යුගලෙහි පවතින අසාමාන්‍ය සමානතාව පිලිබද ගෙතුනු මුඛ පරම්පරාගත ප්‍රවාදයන්රැසකි. ඉන් එකෙක කියවෙන පරිදි, මෙකී පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයාය. ගුරාරැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ඇරඹූ අතර, පලමුව පිලිමය නිමවන තැනැත්තා, "හූවක්" තැබීම මගින් අනෙකාට බව සැලකල යුතුවියකෙසේ උවත්රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ "හූ" හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත්තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන් පැන සියදිවි නසා ගත් බව කියවේ.

තවකෙක කියවෙන්නේ මෙකී පිලිම දෙකම එකම නිර්මාණකරුවෙකුගේ බවත්, ‍රැස් වෙහෙර පිලිමය, අවුකන පිලිමය නෙලීමට ලබාගත් පෙරහුරුවක් පමනක් බවත්ය.

කෙසේ උවත් බුදුරුවක් නෙලීම  සදහා එවැනි පෙරහුරු පිලිමයක් නෙලීම සිදුකලේයැයි සිතීම අපහසුය. එසේ කලත් අවම වශයෙන්රැස් වෙහෙර පිලිමයේ කටයුතු නිමකිරීමට වත් ශ්‍රද්ධාවන්ත නිර්මාණකරුවා පෙලඹෙනු නොඅනුමානය.
අවුකන පිලිමය

රැස් වෙහෙර පිලිමය

දැවැන්ත හිටි පිලිමය මෙන්ම සැදැහැවතුන්ගේ නොමද පුදසත්කාරයට බදුන් වූ බෝ රුකක්ද මෙපිං බිමෙහි දැකිය හැකිවේ. අනුරපුර ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුන දෙතිස්මහා බෝ අංකුරයන්ගෙන් එකක් වන මෙම බෝධීන් වහන්සේ රෝපණය කල මොහොතෙහි, බෝඅංකුරයෙන් බුදුරැස් විහිදූ හෙයින් මෙබිම "‍රැස් වෙහෙර" වූ බව ජනප්‍රවාදයේ සදහන්ය. බෝධීන් වහන්සේ වටා පවතින බෝධිඝරයද, ගල් පතුරු අතුරා නිමවූ, තරමක වෙනස් ආරක එකකි.
රැස් වෙහෙර බෝධීන් වහන්සේ

බෝධිඝරයට මදක් නුදුරෙන් වන පිලිමගෙය නුවර යුගයට අයත් එකකි. නුවර යුගයේ සම්ප්‍රදායන් ගුරුකොට ගත් බිතුසිතුවම් මෙම පිලිමගෙයෙහි අදටත් දැකිය හැකි වේ.








"බාතියතිස" ලෙන ඇතුලු, කටාරම් කොටා සකස්කරන ලද ලෙන්කුටි කිහිපයක්ම විහාර භූමියට මදක් ඔබ්බෙන් වෙයි. ඉන් එකක පිටත ලෙන් බිත්තියෙහි, බ්‍රහ්මී අක්ශර වලින් සෙල් ලිපි කොටා ඇත.


මීට අමතරව, ගල් පතුරක කොටන ලද සිරිපතුලක්ද, ගරාවැටුන ගොඩනැගිල්ලක ශෛලමය කණුද විහාර 
භූමිය තුල වෙයි.






පසෙකින් කුඩා වැවකින් සහ හාත්පස ඝණ වනයෙන් වටවූ "‍රැස් වෙහෙර" පුරාණ රජමහා විහාරය, සැබවින්ම බෞද්ධ ආරාමයකට උරුම නිසංසලබව නොඅඩුව භුක්ති විදින්නකි.