Sunday, September 23, 2012

ඔටෝ ජියර්






දැන් කියන්න යන කතාවේ පෙර-අපර සoධි ගලපාගන්න නම් මේකේ මුල් කොටස කියවල ඉන්න වෙනවා.

ලයිසන් ගන්න  ට්‍රයල් එක තිබුනේ, ලියන එක්සෑම් එක ඉවර වෙලා හරියටම මාසෙකට පස්සේට්‍රයල් දාට කලින්දා හවස අපි හැමෝටම ලර්නස් එකට එන්න කියලා ලොකු අයියා කලින්ම කියල තිබුනා. හෙට දවසෙදි කරන්න ඕන මොනවද, නැත්තෙ මොනවද කියලා එකින් එක පැහැදිලි කරන විදිහෙන්, අපේ වගේම ලොකු අයියගෙ බඩ ඇතුලෙත් සමනළ රෑනක් පියාසලනවා කියලා මට තේරුනා.

රිවස් එක ඇරෙන්න, රියදුරු කලාවේ අනික් හැම මූලික සිද්ධාන්තයක්ම මනාව  ප්‍රගුණ කරල තිබුන නිසා මගේ හිතේ නම් ලොකු ගැස්මක් තිබුනෙ නෑට්‍රයල් පෙන්නන්න මෝටබයික් එකකින් අට ගහන එක තමයි පොඩි චකිතෙකට තිබුනෙ. අල්ලපු ගෙදර ඉන්න බාප්පගෙ බයික්එක කීප පාරක්ම පැදලා තිබුන නිසා කෙලින් පාරක ඕන දුරක් මෝටබයික් එකක් අරන් යන්න පුලුවන්කම නම් මට තිබුනා. ඒත් සද්දන්ත දඩුමොණරෙක් එහාට මෙහාට කර කවකව, අට ගහන්න ගියොත් නම්, අට, පිටි වෙනවා කියල මo දැනන් හිටියා.

"අට ගහන්න තියෙන්නේ මේන් මේ වගේ තැනක" ලයනල් අයියා දකුණතේ දබරගිල්ලේන් අඩි හයක් විතර පලල රවුමක් ලකුණු කරල පෙන්නුවා. වගේ පොඩි ඉඩක නම් දන්න මොන සෙල්ලම දැම්මත් අපි දන්න හින්දු-අරාබි අටේ ඉලක්කම නම් ගහන්න බෑ.

"එක පාරක් වත් නිකමටවත් කකුල ගහන්න බෑලු නේද????" එක එකා අහල තියෙන, දැකල තියෙන දේවල් නිසා මම තවත් අවුල් ගියා. හිතේ හයියට හිටියේ ලොකු අයියා විතරයි. මතකනේ "සපුමලී ලර්නස්" ගියපු කිසිම එකෙක් ලේසියෙන් ෆේල් වෙලා නෑ.

"ඔය මෝටබයික් දාපු කට්ටිය ඉන්නවනම් හෙට එනකොට බයික් එකක් අරන් එන්න. නැත්තන් ලර්නස් එකෙන් බයික් එකක් සෙට් කරල තියෙන්නෙ. ම්ම්ම්... හැබැයි රුපියල් සීයක් එකතු කරනවා...."

ලොකූ කිව්වා වගේම පහුවෙනිදට බයික් එකක් අරන් ඇවිත් තිබුනා. ඒක පට්ට පරණ චැලියක්.......

ඒක ස්ටාර්ට් කරන්න තිබුනෙ වයර් කෑලි දෙකක් පූට්ටු කරලා. ඒමදිවට රෝද දෙකත් ලෙල්ලටම ගෙවිලා. කවරින් කේසින් මුකුත් නැති නිසා අරගෙන් මෙහෙන් ජොයින්ට් කරපු වයර් කෑලි  එළියට පේනවා. යන්තන් හරි හොදට තිබුනේ සීට් එක විතරයි. අපිත් දෙතුන් පාරක්  ට්‍රයි කරලා බොහොම අමාරුවෙන් චැලිය ස්ටාර්ට් කරගෙන  ට්‍රයල් පෙන්නන්න කලින් "අට" පැට්‍රිස් කරන්න පටන් ගත්තා. සෙල්ලම් බඩුවක්වගේ පුoචි චැලි කටුවෙ නැගලා, "පුටු… පුටු… පුටු…" යනකොට එන ආතක් එක, අලුත්ම CBR එකක් පැද්දටවත් ගන්න බෑ.

චැලියෙ ආතල් එකට තිත තියන්න උනේ  ට්‍රයල් ඉන්ස්පෙක්ටර් මහත්තය අපි හිටපු පිට්ටනි කෑල්ලට ආපු නිසා. ඇත්තටම පොර ආව නෙවේ. ලොකූ ගිහිල්ලා ලර්නස් එකේ වාහනෙන් එක්කන් ආවා. තව ලර්නස් කීපෙකම කට්ටිය හිටියත්, ඉන්ස්පෙක්ටර්ගෙයි ලොකූගෙයි තියෙන මේ ෆිට් එක අපි හැමෝගෙම හිත්වලට  අමුතු  ප්‍රබෝධයක් එකතු කරා.

ඉන්ස්පෙක්ටර්ගෙ මූණ දැක්කම තමා අද-ගොලු-බීර එකෙන් උනත් ට්රයල් පාස් වෙන ඉසිවර රහස මාට්ටු උනේ. වැඩිපුර තැම්බිච්ච අඩයකයි, පොරගෙ මූණෙයි වැඩි වෙනසක් නෑ. රතුවෙලා, තඩිස්සිවෙලා තියෙන මූණ මිරිකලා සැක නැතුව "ගල්" බාගයක් ගන්න පුලුවන්.

ට්‍රයල් එකේ මුල්ම oගය තමා අට ගහන එක. අපට අට ගහන්න කියල ඉන්ස්පෙක්ටරුයි, ලොකුයි, පොඩියි පිට්ටනිය කෙළවරට වෙන්න තිබුන මාර ගස් හෙවනට ගියා. ලර්නස් එකේ oකල්, කියන්නෙ දෙබෑයන්ගෙ පියතුමා තමයි, අට ගහන තැන සoවිධාන කටයුතු කරේ.

"නිතරම කෙනෙක් ලෑස්තිපිට ඉන්න ඕන. ජියර් මුකුත් මාරු කරන්න දෙයක් නෑ..... ස්ලෝ කරල අනිත් කෙනාට බයික් එක දෙන්න. බයික් එක නවත්තල, නිවුටල් කරන්න එහෙම යන්නෙනෑ ඔන්න....."

අoකල් කලින්ම හෙල්මට් දෙකක් ගෙනැත් තිබුනා. අට ගහන එකාට අමතරව තව එකෙක් නිතරම හෙල්මට් එක දාගෙන රෙඩිපිට හිටියා. එකෙක් අට ගහල ඉවර වෙලා අපි ගාවට එනකොටම, රෙඩි වෙලා හිටපු එකා බයික් එක ගාවට දුවනවා. බයික් එක පැදන් ආපු පොර ජියර් මුකුත් මාරු නොකර, ටිකක් ස්ලෝ කරල, යන බයික් එකෙන්ම බහින්නෙ දුවගෙන ආපු එකාට ඈස්ලේටරේ අල්ලගන්න දීලා. කලින් පොර වගේම අලුත් එකත්, යන බයික් එකටම ගොඩ වෙලා, ටිකක් රේස් කරල ආයෙත් බයික් එකේ ස්පීඩ් එක වැඩි කර ගන්නවා.

ඔය විදිහට අපි හැමෝම කිසිම අතුරු ආන්තරාවක් නැතුව අට ගැහුවා. මුලින්ම බයික් එක ස්ටාර්ට් කරපු වෙලාවෙයි, අට ගහල ඉවර වෙලා බයික් එක නවත්තන වෙලාවෙයි, ඇරෙන්න වෙන මොනම වෙලාවක වත් චැලියෙ ජියර්, සෙකන්ඩ් එකෙන් එහාට මාරු උනේ නෑ

අට ගැහිල්ලෙන් පස්සෙ තිබුනෙ වෑන් එකෙන්  ට්‍රයල් පෙන්නන එක.

වෙනදට ලොකූ හරි පොඩී හරි ඉන්න ඉස්සරහ සීට් එකට ඉන්ස්පෙක්ටර් මහත්තය නැගල හිටියා. ලොකුයි අපි හැමෝමයි පිටිපස්සෙට්‍රයල් පෙන්නන්න ඉස්සරහ සීට් එකට යන්නෙ කවුද කියල, ලොකූ තීරණේ කරේ බොහොම පරිස්සමට. හොදට පුලුවන් උන්  ට්‍රැෆික් එක වැඩි තැන් වලට අහුවෙන්නයි, බැරි උන් අනිත් තැන් වලට අහුවෙන්නයි , ලොකූ යස අපූරුවට හැම එකාම ගොඩ යන විදිහට වැඩේ ප්ලෑන් කරලා තිබුනා. වෙනදට බ්රේක් එක ටිකක් හයියෙන් වැදුනත් අපේ හිස අත ගාන ලොකූ, හදිස්සියෙම ත්‍ය අවබෝධ වෙච්ච මුනිවරයෙක් වගේ බොහොම දැහැමි සිතින් පිටිපස්සෙ ඉදන් අපට පොඩි පොඩි උපදෙස් දුන්නා.

ට්‍රයල් පෙන්නපු , පෙන්නපු එකා ඉන්ස්පෙක්ටර් ඒවෙලේම ලියල දෙන ටෙම්පරියත් අරගෙන මගින්ම බැහැල ගියා. ඔහොම එක එකා අඩු වෙලා අන්තිමට වෑන් එක පිටි පස්සෙ ඉතුරු උනේ ලොකුයි, මායි, ලයනල් අයියයි විතරයි.

ලයනල් අයියා කලින් දෙපාරක්ම  ට්‍රයල් ෆේල් වෙච්ච පොරක්. වයස අවුරුදු හතලිහක්, හතලිස් පහක් විතර උනාට මිනිහගෙ මීටරේ වැඩකරේ ළදරුවෙක්ගෙ වගේ. පොඩි දේටත් අම්බානෙකට කලබල වෙන, කලබල වෙලා හතර අතේ ගා ගන්න චරිතෙකට හොදම උදාහරණෙ තමයි ලයනල් අය්යා.

"කවුරු හරි ටිකක් සැරේට කතා කරාම o බය වෙනවා මල්ලි. ඊට පස්සෙ වෙන්නෙ මොනාද, කරන්නෙ මොනාද කියල මටම සිහියක් නෑ. කලින් පාරවල් වල කෙල උනෙත් ඒකයි..." කලින් දෙපාරෙම පොර, පුස්-සයිකල් කාරයො දෙන්නෙක්ට නිවන් සැප ලබාදෙන්න ගිහිල්ලා තමයි  ට්‍රයල් ෆේල් වෙලා තිබුනේ.

ඉද්ද ගැහුවා වගේ කෙලින් පාර තියෙන තියෙන හරියකදි තමා මායි, ලයනල් අයියයි ඉතුරු කරල අනිත් එකා ටෙම්පරියත් අරන් බැස්සේ. o බැහැල ඉස්සරහට යන්න හැදුවත් ලොකූ යන්න දුන්නෙ නෑ.

"ඔයා යන්න..." ලොකූ, ලයනල් අයියව යැව්වා.

ලයනල් අයියාගෙ කැරැට්ටුව දන්න නිසාම මිනිහ ඩ්රයිවින් සීට් එකට නැග්ග වෙලේ ඉදන් ලොකූ පිටිපස්සෙ ඉදන් නන්ස්ටොප් කමෙන්ට්‍රියක් දෙන්න පටන් ගත්තා.

"ඔය සයිට් කණ්නාඩියෙන් එහෙම පිටිපස්ස බලල දාන්න බලන්න දකුණට සිග්නල්......."

"හොදා..යි...  දැන් හෑන්ඩ් බ්රේක් බාල, ක්ලච් එක යටටම පාගල දාන්න බලන්න ෆස්ට් එකට...." අපරාදෙ කියන්න බෑ ලයනල් අයියා ලොකූ කියන විදිහටම කරා.

"දැන් ක්ලච් එක ටික ටික දෙන ගමන් පොඩ්ඩක් රේස් කරානම් හොදයි...."

"හ්ම්ම්..... සෙකන්ඩ් එකට දාල හෙමීට යමු. කලබලයක් න්නෑ....  " ලයනල් අයියා වැඩි කරදරයක් නැතුව වාහනේ ටික ටික ඉස්සරහට අරන් ගියා. ඒත් සෙකන්ඩ් එකේ සැහෙන දුරක් ගියාට, පොරට ගියර් එක තර්ඩ් එකට දාන්න වගක් වත් නෑ

"තර්ඩ් එකට දාමු නේද??? " ලොකූ දෙපාරක් තුන් පාරක් කිව්වා.

"හ්ම්ම්ම්... ජියර් එක තර්ඩ් එකට දාන්න නම් වෙලාව හරී......... " ලොකූ උගුර එහෙම පාදල ටිකක් සද්දෙ වැඩිකරලා කිව්වා. කොච්චර කිව්වත් ලයනල් අයියා ඈස්ලේටරේ පාග පාග එන්ජිම රේස් කරනව මිසක් ජියර් එක මාරු කරන පාටක් නෑ. දිගටම රේස් කරන නිසා එන්ජිමත් යටගිරියෙන් මොරදෙන්න පටන් ගත්තා.

"මොනාද කරන්නෙ.... තර්ඩ් එකට දානවා අයිෂේ........" ඉසසරහ සීට් එකේ ඉන්න ඉන්ස්පෙක්ටර් මහත්තයා උහුලන් ඉන්න බැරි තැනම මහ සද්දෙට කෑ ගැහුවා.

"ජරාස්........ " හිටිහැටියෙම මුල් ඇද්දා වගේ වාහනේ පාර මැද නැවතුනෙ මාවයි, ලොකූවයි ඉස්සරහට විසික් කරගෙන. සීට් බෙල්ට් දාල හිටපු නිසා ඉස්සරහ උන් දෙන්නට නම් අවුලක් නෑ.

ලොකූ හිටියෙ දොර ලග "ජම්පින් සීට් " එකේ වාඩි වෙලා. ගැස්සිලා විසි වෙච්ච පාරට මිනිහා පල්ලෙහා පඩියට ඇදන් වැටුනාලොකූ වැටිච්ච විදිහ දැක්කම, කොච්චර  ට්‍රයි කරත් හිනාව කට ඇතුලෙම හිර කරන් ඉන්න මට පුලුවන් උනේ නෑට්‍රයල් දවසෙ නොවෙන්න ලොකූගෙන් තුන්වෙනි ටොකුපාර කන්න කැකිරි හිනාව හොදටම ඇති.

පස්සෙ තමා දැන්ගත්තෙ, කලබලේ වැඩි කමට ලයනල් අයියා ක්ලච් එක පාගන්නෙම නැතුව, ජියර් එක තර්ඩ් එකට දැම්මා කියලා.

.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.