Sunday, August 25, 2013

දෙබිඩියෝ



රාත්‍රී හතයි තිහට කොළඹ කො‍ටුවෙන් පිටත් වීමට නියමිතව තිබුනද, වව්නියාවෙන් පැමිණින "යාල් දේවිය" කො‍ටුවේ හත්වන වේදිකාවට ගාල්වන තුරු, ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය කො‍ටුවෙන් නික්මෙන්නේ නැත. පැය හයක, හතක ධාවන කාලයක් ඇති "යාල්දේවිය", දුම්රිය කාලසටහනේ දැක්වෙන අවසාන මිනිත්තුවට කොළඹ කො‍ටුවට සේන්දු වේ යැයි සිතීම සැබවින්ම විහිලුවකි. ලංකා දුම්රිය සේවය තම සේවාදායකයන්ට කිසිදිනෙක විහිලු කරන්නේ නැත. එනිසාම "යාල් දේවිය" කො‍ටුවේ වේදිකාගත වූයේ සුපුරුදු පරිදි අඩ පැයක් පමා වීමෙන් පසුවය.

ගමනාරම්භයේදීම "යාල් දේවිය" නිසා සිදුවූ පමාව, තැපැල් දුම්රියට අල්ලා ගත නොහැකි හැඩකි. එය දකුණු කලුතර දුම්රිය ස්ථානයේ නවතා, තැපැල් මලු සහ ගමන් මලු බෑම අරඹන විට රාත්‍රී අටද පසුවී තිබින. මම නැවත අත් ඔරලෝසුව දෙස බැලීමි. දුම්රිය මැදිරියේ වූ අඩ එළිය ඔරලෝසු මුහුනතේ ක‍ටු පිහිටීම බලා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. ජංගම දුරකථනයේ අංක පුවරුවෙන් අහඹු ලෙස අංකයක් එඹූ මම, ඉන් දුරකථන තිරය අවදි කොට වේලාව බලා ගතිමි.

කො‍ටුවෙන් මැදිරි පිරී ඉතිරී යන තරමට මගීන් සිටියත් දකුණු කලුතර පසු වන විට දුම්රියේ මැදිරි, හිමිදිරිය ලංවූ මලගෙදරක මෙන් පාලුවට යයි. දුම්රිය මැදිරියේ පාලු කපන කිහිපදෙනාද, වාඩිවූ තැන්වලම දිග ඇදී නිදිකිරයි. මා උන් ආසනයේවත්, ඊට යාබදවත් කිසිදු මගියෙකු නැත. මම විඩාපත් දෙපා, සපත්තු යුගලෙන් මුදවා, ඉදිරියෙන්වූ ආසනය මත තැබුවෙමි. මෙතෙක්වේලා බත්කෙන්ඩ තෙරපමින් රිදුම් දුන් වේදනාව, ක්‍රමක් ක්‍රමයෙන් පාදවල ඇගිලි තුඩු අතරින් අවකාශයට මුදා හැරෙන්නට වින. 

"අ.... වඩේ... වඩේ... විස්සට පහයි වඩේ... " පාලු දුම්රියේ වානේ ඇතිල්ලෙන අජීවී හඩ පරයමින් බැ‍රැන්ඩි වූ මිනිස් කට හඩක් පාවී ආවේය. දුම්රිය ගමනකදී මා අතිශයෙන්ම ප්‍රිය කරන්නේ, මෙලෙස හිටි හැටියේම සෙනග අතරින් මතුවන වඩේ කරුවන්ටය. ගෙදර හදන වඩේ වලත්, සයිවර් කඩ වල ඇති වඩේ වලත්, මෙවැනි ජංගම වඩේ වලත් ඇත්තේ එකිනෙකට ආවේනික රසයන්ය. ඔය තුන් කට්‍ටුව අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ පසුව කී ජංගම වඩේ වලටය. 

"කීයද වඩේ??" වඩයක මිල දැන දැනත්, මා පසුකර යන වඩේකරුගෙන් මා විමසුවේ ඔහුව නවතා ගන්නා අටියෙනි.

"විස්සට පහයි..." ඔහු වේවැල් කූඩය යාබද අසුනේ තබා, කඩදාසි කවරයක් විවර කරමින් මා දෙස බැලුවේය. වඩයක විනිමය අනුපාතය වෙනස් වන්නේ ඩොලරයකටත් වඩා වේගයෙන් යැයි මට සිතින. අප කුඩා කල වඩයක විකුණුම් මිල දැක්වූයේ "දහයට පහක්" ලෙසිනි. දැන් එය, "විස්සට පහකි". රුපියල කඩා වැටී ඇත. "කබ්රාල්" මහතා මොනවා කීවත්, වඩේකරු කියන්නේ එයයි.

මා දුන් විස්සේ කොලදෙක දෙකට නවා උඩ සාක්කුවේ දමා ගත් වඩේකරු, දැලි කුණු බැදී අපිරිසිදු වූ අතැගිලි වලින් වඩේ පෙට්ටිය පීරමින්, වඩේ දහයක් සොයා කඩදාසි කවරයට දැමුවේය. අනතුරුව බදින ලද මිරිස් කරල් දෙකකුත්, හීනියට කැපූ බොබ්බයි ළූණු පෙති කිහිපයකුත් ඊට එක්කොට, මා අත තැබුවේය.

පිරිසිදුකම පිලිබද උගත් හර පද්දතීන් මා සහමුලින්ම අමතක කර දැමුවේ, විශ්ව විද්‍යාල පලමු වසර තුලදීය. ඊට ප්‍රථම ගෙදරින් පිට, කඩවල කෑම ප්‍රතික්ශේප කිරීමේ මාන්නයක් මාගේ උදරයට තිබුනද, වර්ථමානයේ "ගලුයි - තාරයි" දැමුවද, එය බැහැයි නොකියා පත්තියම් කර ගනී. එනිසා වඩේ කරුගේ අපිරිසිදු ඇගිලි පිලිබදව වත්, හන් ගැහුන වඩේ පිලිබදව වත් මා තුල අපුලක් ඇති වූයේ නැත.


වඩේ කා අවසන් වන විට දුම්රිය සිටියේ බෙන්තර ගග පනිමිනි. අවසාන වඩයත් කා, වඩේ දමා දුන් කඩදාසි කවරය ගුලි කොට කවුලුවෙන් පිටතට විසිකල මා වාඩිවී උන් ආසනයෙන් නැගිට දුම්රිය පා පුවරුව වෙත ගියෙමි. 

පාපුවරුවේ දෙපසින් සවිකල යකඩ බාර් දෙක දෑතින්ම අල්ලාගත් මා, දෙපා දුම්රිය මැදිරිය තුල රදවාගෙන, ඉනෙන් උඩ කද කොටස මැදිරියෙන් පිටතට දැමුවෙමි. සීතල කරිජ්ජ සුළං ධාරාවෝ මාගේ මුහුන කපාගෙන පසුපසට ඇදීගෙන යයි. අදුරු වටපිටාවේ තැනින් තැන කණාමැදිරියන් සේ පෙනෙන්නේ ගෙවල දැල්වූ විදුලි පහන් විය යුතුය. සංචාරක හෝටලයක් පසුකරද්දී ඉදහිට ඇසෙන ඝෝෂා කාරී සංගීත හඩ හැරුනු කොට, දුම්රියේ වානේ ඇතිල්ලෙන හඩ පරයන්නට සමත් වෙනත් කිසිවක් නැතිසෙයකි. මම පාපුවරුවේ එක පසකට හේත්තු වී, දෑස් අඩක් පියාගෙන වේගයෙන් ඇදීයන කරිජ්ජ සුළං ධාරා විදින්ට පටන් ගතිමි. ඉදිරියේවූ මැදිරියක, මගියෙකු උරන දුම්වැටියකින් ගලා එන දුම්කොළ පිලිස්සෙන සුවද නාස් පුඩු කිතිකවමින් මා ප්‍රබෝදමත් කලේය.

"ඇයි රත්තරං ඔයා මට මෙහෙම කරන්නේ ?? ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් කරන්නෙ නැත්තෙ ??? බලන්න ඊයෙ පෙරේදා මම කෝල් කීයක් දුන්නද ?? " පා පුවරුවට ඉදිරියෙන් කවුලුව ආසන්නයේ ආසනයක හුන් පිරිමි අයෙකු තාලයට තොදොල් වෙමින් දුරකතන සංවාදයක් අරඹන අයුරු මට යන්තමට ඇසින. දුම්රියේ හඩ නිසා දුරකතනයේ අනෙක් අන්තයෙන් මතුවන පිලිතුරු පිලිබද කිසිදු ඉගියක් මට නොලැබේ.

"ඔයාට පිස්සුද රත්තරං.... මම ඔයාට බොරු කරනවද ??? ඇයි ඔයා එක එකා කියන ඒවා විශ්වාස කරන්නෙ ?? " කතා නායකයාගේ හඩ නැවත මතුවිය. වඩා සුපැහැදිලි ශ්‍රවණ තත්වයක් සදහා මම කවුලුව ආසන්නයට තවත් ලං උනෙමි. 

"ඔයාට තේරෙන්නෙ නැද්ද අපි දෙන්නා සංසාරෙ පුරාවටම එකට එනවා කියලා. ඔයාව දැකපු මුල්ම දවසෙ මට හිතුනෙ එහෙමයි..... එහෙවු මම වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙයි කියලා ඔයා හිතන්නෙ කොහොමද?? මට නම් හිතා ගන්නත් බෑ.... " ඉන්පසු නිහැඩියාවකි. දුරකතනයේ අනෙක් අන්තයෙන් පිලිතුරු නික්මෙනවා විය යුතුය.

"ඔයා මට සලකන්නෙ ඔහොම නම්, මාව විශ්වාස කරන්නෙ නැත්තම්, මම මේ කෝච්චියෙන් පනිනවා... පනිනවා... පනිනවා... සත්තයි... හෙලෝ... හෙලෝ... ?? " ඒ සමගම දුරකතන සංවාදය නිමාවන්නට ඇත. 

මෙතෙක් වේලා සැහැල්ලුවෙන් උන් මම තැති ගැනිමි. කතා නායකයා දුම්රියෙන් පනිනවා නම් ඔහුට ඇති ආසන්නම දොර‍ටුව මෙයයි. එනම් මා සිටිනා දොර‍ටුවයි. එසේ උවහොත් ඔහු අල්ලා ගන්න අයුරු පිලිබදව මම කල්පනා කලෙමි. කතා නායකයා හැඩි දැඩි අයෙකු නම් ඔහු සමග පොර බැදිය නොහැක. කෙට්‍ටු අයෙකු නම් ගැටලුවක් මතු නොවේ. කෙසේ වෙතත් මාරාවේශයෙන් සිටිනා අයෙකු හා පොර බැදීමද නුවණට හුරු නැත. ක්ෂනයෙන් දහසක් දේ මගේ මනසේ පිරී ගියේය. 

නැත ... කලයුතු හොදම දේ ඔහු පනින්න පැමිනේ නම් හදිසි දම්වැල ඇද දුම්රිය නැවැත්වීමයි. එවිටම වාගේ කතා නායකයා උන් මැදිරියේ සිට අයෙකු එන හඩ ඇසින. නිසැකවම මේ ඔහු විය යුතුය. ඔහු එන්නේ පනින්න විය යුතුය. මම හදිසි දම්වැල දෙසට අත දිගුකොට පෙර සූදානමින් උන්නෙමි. පුදුමයෙකි... ඔහු මා පසුකර ගියේය. ඇතැම්විට දොර‍ටුවේ මා සිටිනා බව දැක මා මගහැර වෙනත් දොර‍ටුවකට ඔහු යනවා විය යුතුය. මම ඔහුට යන්නට දී ඔහුට නොදැනෙන සේ ඔහු පසු පසින් ලුහුබැදීමි. ඔහු තවත් දුම්රිය දොර‍ටුවක් පසු කලේය. තවත් එකක් පසු කලේය. නමුත් පනින පාටක් තබා, දොර‍ටුවක් අසල නවතින පාටක් වත් නැත. තවත් දොර‍ටුවක් පසුකල හේ වෙනත් මැදිරියකට ඇතුලු විය.

"කොහෙද පැටියො ගියේ ??? මම මේ බලන්න යන්න හැදුවෙ.... " ඉදිරියෙන් වූ ආසනයකින් දගකාර ගැහැණු කට හඩක් නික්මින. කතා නායකයා එම ආසනය  අසල නැවතී එහි වාඩිවූවේය.

"මෙතන ටොයිලට් එකේ වතුර නෑ අනේ... මම එහා පෙට්ටියෙ එකට ගියා..." කතානායකයා තම වම් අත, යාබද අසුනේ වූ යුවතියගේ කරවටා දමා ගනිමින් සෙමෙන් මිමිනුවේය.

රියදුරා දුම්රිය, දුම්රිය වේදිකාවක නැවැත්වුවහොත් විනා, කතා නායකයා නම් දුම්රියෙන් පිටට අඩියක් හෝ නොතබන බව සක්සුදක් සේ පැහැදුලි වූයෙන්, මම ඔවුන් දෙදෙනා පසුකර ගියෙමි.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


53 comments:

  1. Replies
    1. තැන්කූ අටමෝ.....

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. පේනවනේ...කොල්ලන්ගේ හැටි...:D:D

    භාෂාව අපූරුයි. 'ගාල්වන තුරු,' 'අංක පුවරුවෙන් අහඹු ලෙස අංකයක්' , 'අජීවී හඩ පරයමින්'...

    කකුල්වල වේදනාව නැති වෙනහැටිත්, වඩේ ගැන කතාවත්, හිතට කාවදින විදියට ලියලා තියෙනවා.
    මගේ බඩට නම් ඔය මුකුත් දාන්ට බෑ.:)

    ReplyDelete
    Replies
    1. //පේනවනේ...කොල්ලන්ගේ හැටි...:D:D //
      ඉදලා හිටලා ඔය වගේ අහිංසක කොලොප්පමක් කරාට කොල්ලො හරි හොදයි :D :D

      Delete
  3. කතාව පැත්තකින් තියෙන්ද්දි මම මුලින්ම උඹව තදින්ම හෙලා දකිනවා මෙන්න මේකට.

    >> වඩේ දමා දුන් කඩදාසි කවරය ගුලි කොට කවුලුවෙන් පිටතට විසිකල මා <<

    ඕවා අපි විසින් වහාම වෙනස් කළයුතු කැත පුරුදු.

    ඊට පස්සෙ කතාව ගැන කියනවනම් වෙනදා වගේම විශිෂ්ඨයි.. අපූරු උපමා උපමේයන් කිහිපයකුත් දැක්කා. කොටින්ම උඹ සාර්ථක ලියන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න අද වැඩ ඇරිලා එද්දි ගත්ත "බෝල කඩල" එක කාල ඉවර වෙලා, කවරෙ දැම්මෙ කුණු බක්කියකට...... :D :D
      සාමාන්‍යයෙන් ප්ලාස්ටික්, පොලිතින් වගේ ඒවා නම් මම තැන තැන දාන්නෙ නෑ... ඒත් කඩදාසි කවර නම් කොහෙට හරි ගුලි කරලා දානවා. මොකද දිරන නිසා......

      Delete
  4. සෙන්න දැකපු එක මාත් දැක්ක.. ඔන්න අඩු ගානේ ” කවරය ගුලිකොට සාක්කුවේ ඔබාගත් මා...” කියලා තිබ්බනං හිත හදාගන්න තිබ්බා.. හි හි... ඒත් ඉතිං ඇත්ත ලියන්නත් එපැයි.... බොරුවට සුචරිතවාදී වෙන්නැතුව...නැද්ද මං අහන්නෙ...

    කෝච්චියෙ ඔය වගේ කතා ඕනෙතරම් ඇහිලා තියෙනවා අප්ප... මට හම්බුවෙලා තියෙනවා අන්කල් කෙනෙක් ( ඒ මම ඉස්කෝලෙ යන කාලේ..) උදේට එක ඇන්ටි කෙනෙක්, හවසට තව එක්කෙනෙක්.. ගෙදර වයිෆ් කෙනෙකුත් ඉන්නවලු... දන්න අය කිව්වෙ ඒ සම්බන්ධකම් කෝච්චියෙ තොදොල් වෙවී යන්න විතරක් තියෙන ඒවා කියල.. අනේ මන්ද ඉතිං... කොහොමහරි අපි ඒ අන්කල්ට කිව්වේ SPBR කියලා... සත්‍ය ප්‍රේම භෘංග රාජයා... හි හි

    ඒ මදිවට වඩේ... තාමත් මට ඔය පිටින් මොනවා හරි කෑවම බඩ අප්සට් වෙන එක තියෙනව... විශේෂයෙන් කොත්තු, වඩේ සහ රොල්ස් කට්ලට් වගේ ෂෝට්ඊට්ස් ජාති... ඒත් ඉතිං අපි නොකා ඉදියිද ... හැදෙන බඩේ ආමාරුවක් ගෙදර ඇවිත්නෙ කියලා කාලා දානව... හි හි

    ලියවිල්ල නම් නියමයි... අලුත්ම උපමා ටිකක් එහෙම අල්ලගන්න හොඳ තැන... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි හි හි හි හි
      හි හි හි හි හි හි

      Delete
    2. @ හිරු : ගෑණියි මිනිහයි එකට ගෙදරින් පිටත් වෙලා ඇවිල්ලා, කෝච්චියෙ වෙන වෙනම පෙට්ටි දෙකකට නගින සංස්කෘතියකුත් අපේ කාර්‍යාලීය දුම්රියවල තියෙනවා.

      //හැදෙන බඩේ ආමාරුවක් ගෙදර ඇවිත්නෙ කියලා කාලා දානව... හි හි//
      ආයෙත් අහලා කාලා මලත් සැපයි :D :D

      @ඇනෝ : හි හි { 6 } = :D {6}

      Delete
    3. හි හි { 6 } = :D {6}

      උඹ ඒ පාර සමීකරණ හදන්න පටන් ගත්තද. මොකක්ද කියල හිතා ගන්නත් ටිකක් වෙලා ගියා. :D

      Delete
    4. @චන්දන : හි හි {10}

      Delete
  5. අපුරු ලිවිල්ලක්.. අර දොස්තයෙව්ස්කි කියන හාදයත් ඔය වගේ ඒවා ලිව්වා

    ReplyDelete
    Replies
    1. දොස්තයෙව්ස්කිව නම් මම කියවලා නෑ... මේ පාර පොත් ප්‍රදර්ශනේදි දොස්තයෙව්ස්කිගෙ පොතක් අර ගන්න ඕන.
      ඒක නෙවේ, අර "තානායම් පල්ලා"ව බ්ලොග් කලාවට ඇදලා ගන්න වැඩේට මොකෝ උනේ???

      Delete
    2. කනට දෙකක් ගහල තමා ඔය පාර ඇදන් එන්න වෙන්නේ.. මෙලෝ රහක් නෑ මිනිහට..

      Delete
    3. අනේ එහෙමහරි කමක් නෑ.... ඇදන් වරෙන්කෝ........ :D

      Delete
  6. උබෙ වටපිටාව විස්තර කිරිල්ලනම් මරු බන්.ඔව කොහොමද මතක තියාගන්නෙ.මට උබ කියන්කොටයි මතක් වෙන්නෙ මෙහෙම තමයි වෙන්නෙ කියල.පට්ට ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් මතක තියා ගන්න දෙයක් නෑ මචං.. දැන් ඕවා අත්විදලම පත්තියම් වෙලා.... :D :D

      Delete
  7. ඒ කෝච්චියේ මාත් හිටියා වාගේ.
    හැබයි මම නම් වඩේ ගන්නේ නැහැ.කන්න වැඩි මනපයක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. //ඒ කෝච්චියේ මාත් හිටියා වාගේ.//
      උඹද අර කෝල් එක ගත්ත පුරුෂ පරාණෙ???? :D

      Delete
  8. කෝච්චියේ විකුණන වඩේ වගේ ම කතාවත් මාර ම රහ යි :) ආසාවෙන් කියෙව්වේ. කියවපු හැම වචනයක් ම හිතෙන් මවා ගන්න පුළුවන් වුණා. මේක වගේ දේවල් කොච්චර නං වෙනව ද?

    ReplyDelete
    Replies
    1. කෝච්චිවල උප සංස්කෘතිය ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවනි....

      Delete
  9. බොහොම පුංචි සිදුවීමකින් අපූරු කතාවක් ලියන්න ඔබට හැකියාව තියෙන බවට මේක හොඳ සාක්කියක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සරත් අයියා....

      Delete
  10. මාත් ආසයි ජංගම වඩේ වල බේබි සයිස් එකට නම්.. :)

    වෙලාව බලන්න අච්චර වද වෙන්නෙ මොකටද බං. ෆෝන් එකේ බට්න් එකක් ඔබල ඒ එලිය ඔරලෝසුවට අල්ලල බලන්න පුළුවන් නෙ. :P

    වෙනද වගේම හොඳ, අකුරක් නෑර කියවන්න හිතෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. මට එතන කියවද්දිත් හිතුනා ඇයි මෙච්චර දගලන්නෙ කියලා. ෆෝන් එකේ බටන් එකක් ඔබලා ඒකෙන්ම වෙලාව බලන්න පුලුවන්නෙ. මොකටද ආයෙ ඔරලෝසු හොයන්නෙ.. :D

      Delete
    2. "වඩේ වල බේබි සයිස්".. හික්ස්... ඔව් බන් සයිස් එක පොඩි වෙන්න පොඩි වෙන්න හොදට බැදෙනවනෙ.. ඉතින් රහ වැඩී...

      //ෆෝන් එකේ බට්න් එකක් ඔබල ඒ එලිය ඔරලෝසුවට අල්ලල බලන්න පුළුවන් නෙ. :P//
      පරංගියා කෝට්ටේ ගියා වගේ නොහොත් චන්දන වෙලාව බැලුවා වගේ :P :P

      Delete
    3. @සෙන්නා : නෑ සෙන්නා.... මම වෙලාව බැලුවෙ චන්දන කිව්ව විදිහට නෙවේ.
      //ජංගම දුරකථනයේ අංක පුවරුවෙන් අහඹු ලෙස අංකයක් එඹූ මම, ඉන් දුරකථන තිරය අවදි කොට වේලාව බලා ගතිමි.//
      දුරකතන තිරයෙන් තමා බැලුවෙ...

      Delete
  11. මටත් අර කඩදාසි කොලේ කතාව ඇහැට වැ‍ටුනු රොඩ්ඩක් වගේ කෙවි කෙවි තිබ්බා.

    හැබැයි මේක නියමෙට ලියලා තියෙනවා කන්ද කෙන්ද කරලා. උඹ පොඩ්ඩිලටත් චාන්ස් එකක් දුන්න පිරිම්මින්ට ටිකක් බන්නවන්න.

    ReplyDelete
    Replies
    1. //මටත් අර කඩදාසි කොලේ කතාව ඇහැට වැ‍ටුනු රොඩ්ඩක් වගේ කෙවි කෙවි තිබ්බා. //
      වඩේ දාලා දුන්නෙ කඩදාසි කොලේක නම් මම ගොඩක් වෙලාවට කරන්නෙ ඒකෙන්ම අතත් පිහිදලා, ගුලි කරලා විසි කරන එක. ඒකයි මෙතනදිත් ඒක දැම්මෙ... :D

      //උඹ පොඩ්ඩිලටත් චාන්ස් එකක් දුන්න පිරිම්මින්ට ටිකක් බන්නවන්න//
      අපරාදෙ මේ බවක් කලින් දන්නවා නම් කතා නායකයා ස්ත්‍රී ලිංගයට හරවන්න තිබුනා.... :D :D

      Delete
  12. ara kadadasiya guli karala wisi karapu eka gana kattiyama kiyala thiyanawane :) maath ekagai ekata. kadadasi unath bima dammama kethaine ithin..

    habai ithin kochchiye hariyakara kunu bakki thiyanawada owa danna? ea pahasukam hodata thiyanam magiyoth hodin hasirewi kiyala thamai mata hithenne.

    ReplyDelete
    Replies
    1. කුණුබක්කි නැත්නම් සාක්කුවට හරි තමන්ගෙ බෑග් එකකට හරි දාගන්න වෙනවා. බැරිමනම් කෝච්චිය ඇතුලට දාන එක හොඳයි එළියට විසි කරණවට වැඩිය. එතකොට එක තැනකදි ඒවා ඉවත් වෙනවා.

      Delete
    2. @සයුරි/සෙන්නා : මම පෙරේදා සිට හොද ළමයෙක් වීමි. දැන් තැන තැන කුණු නොදාමි. බක්කියක් නැති තැන බක්කියක් සොයාගෙන ගොස් හෝ කලිසම් සාක්කුවේ හෝ කුණු ඔබාගෙන ගොස් සුදුසු කුණුවලක හෙලමි........ :D :D

      Delete
  13. රස වෑහෙන නිර්මාණයක්
    මමත් උබ වගේම කෑමවල පිරිසුදුකම ගැන හිතන්නෙ නෑ දැන්... හික් හික්

    මේක බැලුවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කෑම වල පිරිසිදුකම විතරක් නෙවේ මචං, මම නම් දැන් කෑම වල රහ ගුණ හොයන්නෙත් නෑ.... :D :D

      Delete
  14. චිත්තර රූප මවන්න උඹ දෙයියා :) නියමයි

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් දැම්මට තැන්කූ දෙයියෝ....

      Delete
  15. මටත් මැවිල පෙව්නා කෝච්චිවල උදේ හවස යන නිසා.. ඒකත් හොඳයි, කෝච්චියට එකායි, බස් එකට එකායි, ගෙදරට එකායි, ඔක්කොම තුනායි

    ReplyDelete
    Replies
    1. බස්වල නම් ඔය වගේ සීන් අඩුයි මම හිතන්නෙ... මොකද එකම බස් එකට සෙට් වෙන්න අමාරු නිසා

      Delete
  16. අති විශිෂ්ටයි සර්........!කතාව මැවිලා පෙනුනා බං, කෙටි නාට්ටියකට මරු.

    ReplyDelete
  17. අති විශිෂ්ටයි

    ReplyDelete
  18. මොකක් හරි පෝස්ට් එකක් දැම්මද අලුතින්? නැත්නම් මගෙ රිඩරේ පිස්සු නටනෝද?

    ReplyDelete
  19. මොකක් හරි පෝස්ට් එකක් දැම්මද අලුතින්? නැත්නම් මගෙ රිඩරේ පිස්සු නටනෝද?

    ReplyDelete
  20. අති සාර්ථක කතා රචනයක්.මම නම් පට්ට ආතල් එකක් ගත්තා.

    ReplyDelete
  21. මේ සමාජේ වැඩිපුරම ඉන්නේ දෙබිඩ්ඩෝ තමයි තිලිණ, මට මරන්න කේන්තියක් ආවා මේක කියෝලා....

    සත්‍ය කතාවක් නෙවේ නේද/????? :D

    //"ඔයාට පිස්සුද රත්තරං.... මම ඔයාට බොරු කරනවද ??? ඇයි ඔයා එක එකා කියන ඒවා විශ්වාස කරන්නෙ ?? " කතා නායකයාගේ හඩ නැවත මතුවිය. වඩා සුපැහැදිලි ශ්‍රවණ තත්වයක් සදහා මම කවුලුව ආසන්නයට තවත් ලං උනෙමි.//

    පේනවද ඕපදූප හොයන හැටි :D හි හි (20)

    ReplyDelete
    Replies
    1. //සත්‍ය කතාවක් නෙවේ නේද/????? :D //
      කතාව නම් ඇත්ත තමා.... =(

      //පේනවද ඕපදූප හොයන හැටි :ඪ් හි හි (20)//
      ඔහොම හෙව්වෙ නැත්තන් මෙහෙම කතාවක් ලියන්න වෙන්නෙත් නෑ, කියවන්න වෙන්නෙත් නෑනෙ :P

      Delete
  22. ඉස්සර සතිය ගානේ බ්ලොග් ලියලා තියෙන කෙනා හේනට ආව වන මුරුගයෙකුටවත් ගොදුරු වෙලාද මන්දා

    ReplyDelete
  23. කෝ මේ තිලිණ ?

    ReplyDelete