Sunday, May 19, 2013

පුත්‍ර ස්නේහය




"අන්න ප්‍රනාන්දු, ලූකස් මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා...... " කම්කරු සෝමදාස හැල්මේ දුවගෙන ඇවිත් මාත් එක්ක කිව්වෙ ඇස් දෙකත් උඩතියාගෙන. සෝමදාසලා වගේ පාරම්පරික සංනිවේදන උපක්‍ර වලට පිංසිද්ද වෙන්න, අක්කර දහයක් විතර විසාල සයිට් එකේ හොරාට කිවිසුමක්වත් අරින්න මොකෙකුටවත් බෑ.

"හෑ.... ප්‍රනාන්දු?? කවුද ප්‍රනාන්දු??.... " සෝමදාසගෙ තරමටම නූනත් මගෙත් ඇස් දෙක යන්තමට උඩ ගියා. මේ වගේ දුෂ්කර පළාතක ඉංග්‍රීසියෙන් කතා කරන කම්කරුවෙක් කියන්නෙ ඇත්තටම පුදුමයට කාරණයක්.

"ප්‍රනාන්දු... අර අලුතෙන් වැඩට ආවෙත්‍රී-වීල් එකෙන් වැඩට එන්නෙ.. මහත පොර... " සෝමදාස අත් දෙක දෙක දෙපැත්තට පළල් කරලා ප්‍රනාන්දුගෙ ඇගේ මිම්ම මට පෙන්නුවා. සෝමදාස පෙන්නපු විදිහට ප්‍රනාන්දුගෙ ඉනේ සයිස් එක පනහ-පනස් පහ විතර වෙන්න ඕන. ඒතරම් විසාල පොරක් ලගදි සයිට් එකට ආවෙ නැතත් ත්‍රී-වීල් එකෙක් එන ටිකක් මහත පොරක් ගැන මගේ මතකය අලුත් උනා.

"... කවුද ?? සංජීවද?? "

"ඔව්.. ඔව්.. මිනිහට සංජීව කියලා කෑල්ලකුත් තියෙනවා තමයි.." මගේ මතකයත්, සෝමදාසගෙ ඉංග්‍රීසි කථිකයාත් එකිනෙක සමපාත වීමේ සතුට, සෝමදාසගෙ ලොකු වෙච්ච කණිනිකාවලින් මට හොදටම පෙනුනා.

"දැන් ඉතින් ප්‍රනාන්දු ඉංග්රීසියෙන් කතා කලා කියලා මට මොකද්ද කරන්න කියන්නෙ?? " කියල සෝමදාසගෙන් අහන්න හිතුනත් මම එහෙම ඇහුවෙ නැත්තෙ, හැම වෙලේම ගුණාත්මක තොරතුරු විතරක් කිසිම මූලාශයකින් එක දිගට ලැබෙන්නෙ නැති බව මම දන්න නිසා. වෙනුවෙට කට කොනකට යන්තමින් හිනාවෙලා මම සෝමදාසගෙන් සමු ගත්තා.

සංජීව (ප්‍රනාන්දු) සයිට් එකේ වැඩට ආවෙ මීට සතියකට විතර උඩදි. සෝමදාසලාට වගේම, සංජීව දකින ඕනම කෙනෙක්ගෙ හිතේ, සංජීව මතක හිටින තරමේ තරබාරු කමක් පොරට තිබුනා. මිනිහට නම් තියෙන්නෙ වෘත්තීමය කම්කරු ඉතිහාසයක් නෙවේ කියලා, කම්කරුවෙක් විදිහට අපේ සයිට් එකේ ලියාපදිංචි වෙන්න සංජීව මාත් එක්ක කතා බහ කරපු වෙලේදිත් මට හිතිලා තිබුනෙ. සැපට වැඩිච්ච සංජීවගෙ ඇග-පත අනුරාධපුරේ කාෂ්ඨක පරිසරේට කොහොමත් පෑහුනේ නෑ. ෂර්ට් එකට කවර් වෙන්නෙ නැති බෙල්ල වටේටයි, වැලමිටෙන් පහල අත් දෙක දිගටයි අවුවට පිච්චිච්ච සලකුණු තිබුනට, ඒවා දීර්ඝ කාලයක් තද අවුවෙ වැඩ කරලා උරුම කර ගත්ත ඒවා නෙවේ. අනික අලුත්ම බජාජ් තී-වීල් එකක් තියාගෙන කම්කරුවෙක් විදිහට වැඩ කරන්නෙ ඇයි කියලා මුල්ම දවසෙම මම සංජීවගෙන් ඇහුවා.

"න්..නෑ.. වීල් එකේ ලීස් එක ගෙවන්නත් එපැයි.." පොර එහෙම කියලා ලිස්සල ගියාට, හැංගිච්ච යටගියාවක් පොරට තියෙන බව මට හොදටම තේරුනා.

ලංකාවෙ රාජ්‍ය භාෂාව සිංහල උනු පලියට සිංහලෙන්ම කතා කල යුතුයි කියලා නියමයක් නෑ. ඒත් සිංහල බහුතරයක් ඉන්න තැනක, සංක්‍රමණික භාෂාවකින් දෙන්නෙක් කතාකරනවා කිව්වම ඒක ටිකක් කැපිලා පෙනෙන දෙයක්. කතා කරන දෙන්නගෙන් එක්කෙනෙක් කම්කරුවෙක් උනාම ඒක තව තවත් කැපිලා පේනවා.

සෝමදාස කිව්ව පැත්තට මම යනකොට සංජීවගෙයි, ලූකස් මහත්තයගෙයි කඩු හරඹය නිමා වෙලා. ලූකස් නම් පේන්න හිටියෙ නෑ. සංජීව උදැල්ලකුත් අරගෙන මොකද්දෝ කාණුවක් කප කපා හිටියා. මම ලං උනාම සංජීව කර කර හිටි වැඩේ නවත්තල මං දිහා බැලුවා.

"ඇත්තද මේ සංජීව, ලූකස් මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරා කියන්නෙ?? " මවා ගත්ත හිනාවකින් මූණ පුරෝගෙන, මම සංජීවගෙන් ඇහුවෙ, දීර්ඝ කතාවකට ප්‍රවිශ්ඨයක් විදිහට.

"යර්ස්.. මිස්ට තිලින. අයි ඩිඩ් මයි හයර් ස්ටඩීස් ඉන් ඉංග්ලිශ් මීඩියම්. සෝ අයි ඇම් ගුඩ් ඇට් ඉංග්ලිශ්..." දාඩිය වැක්කෙරෙන මූණ, දකුණු කමීස අතෙන් පිහිදාන ගමන් සංජීව කිව්වා. අනපේක්ශිත කඩු පහරෙන් පොඩ්ඩක් විතර සලිත උනත් මම පසු බැස්සෙ නෑ. දන්න කියන ඉංග්රීසි වචන ටික මතක් කරගෙන මමත් සංජීව එක්ක කතාවට බැස්සා. [ඉංග්‍රීසියෙන් ඇදීගිය පහත සංවාදය සිංහලට නගා ඇත]

"හ්ම්ම්... සංජීව මොනවද ලෙවල් වලට කරේ.."

"මට ලෙවල් වලදි ශිෂ්යත්වයක් හම්බ උනා ඉතාලියට. එහෙදි මැනේජ්මන්ට් කරලා, උපාධිය සම්පූර්ණ කරා. අවුරුදු දෙකක් විතර රෝමෙ කම්පැණියක වැඩ කරලා තමයි මෙහෙට ආවෙ.. " උපාධිදාරී සංජීවගෙ කතාවෙන් මම පුදුම උනා. ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා අපූරුවට ඉන්න පුලුවන්කම තියෙද්දි, මේ වගේ කඨෝර පැත්තකට ඇවිල්ලා කුලීවැඩ කරන්නෙ, මේ යකාට සෙනසුරු අපලෙ වත්ද මට එකපාරටම හිතුනා.

"ඉතින් ඇයි ජොබ් එකෙන් අස් උනේ?? " සංජීවගෙ මූණෙ ලාවට හිනාවක් ගියා.

"මම බැදලා නෑ. දැන් නම් බදින්න අදහසකුත් නෑ. ඉතින් මට මහ ලොකුවට හම්බ කරන්න උවමනාවක් නෑ. අනික දවස් වල මම වැඩ කරන කාලෙ පුදුම ස්ට්‍රෙස් එකකින් හිටියෙ. අද එහෙම නෑ. ආවා.. වැඩ කරා.. ගියා..  රෑට කෑවා හොදට නිදා ගත්තා.. වැඩේ ඉවරයි... " සංජීව කිව්වෙ බොහොම සැහැල්ලුවෙන්. විධායක ශේණියේරැකියාවක පීඩනයෙන් නිදහස් වීමේ සැහැල්ලුව හැම වචනයකම හැංගිලා තිබුනා.

"හ්ම්ම්... ඒක නම් ඉතින් ඇත්ත තමා. සංජීවගෙ උපන් ගමත් මෙහෙද?? " මම තව තවත් සංජීවගෙ ජාතකේ හාරඇවිස්සුවා.

"හපෝ නෑ... අපි මීගමුවෙ.. "

"ඉතින් ඇයි මේ පළාතට ආවෙ???" මගේ ප්‍රශ්නෙත් එක්කම, සංජීවගෙ ඇස් යාන්තමට දිලිසුනා. මෙච්චර වෙලා සැහැල්ලුවට තිබුන සංජීවගෙ මූණට ටිකක් බර ගතියක් එකතු උනා.

"අපේ අම්මට පිළිකාවක්. ඒක හොද කරන්න බෑ. ජීවිතේ තියෙන්නෙ තව මාස කීපයක් විතරයි කියල දොස්තරලා කිව්වා.." සැරේට පායන රජරට සූර්යාට වඩා වැඩි ගින්දරක් සංජීවගෙ පපුවෙන් පිටවෙන නිසාද මංදා මිනිහගෙ කටහඩ ටිකක් බැරැන්ඩි වෙලා සද්දෙ අඩු උනා. පපුවෙ ගින්දරට වේලිච්ච උගුර එහෙම පාදලා සංජීව ආයෙත් කතාවෙ ඉතුරු ටිකත් පටන් ගත්තා.

"... අපේ තාත්තා තෝලික. ඒත් අම්මා බුද්ධාගමේ. අම්මගෙ අන්තිම කැමැත්තට තමා මෙහෙට ආවෙ. එයාට උදේටයි, හවසටයි උඩමලුවට යන්න ඕනලු. ඒකයි මීගමුවෙ ඉඩම් විකුණල මෙහෙට ආවෙ... මීගමුවෙ ඉදගෙන දේ කරන්න බෑනෙ..."

ආත්ම කථනය අවසනයේ සංජීව ඈතින් පෙනෙන මහා සෑය දිහා බැලුවෙ, "දැන් ඇති නේද?" කියලා නොකියා කියන්න වගේ. සංජීවට හුදකලා වෙන්න ඕන බව මට තේරුනා. සංජීවට විතරක් නෙවේ මටත් වෙනකොට දේම ඕන වෙලා තිබුනා.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


42 comments:

  1. hmm monawada kiyanne???? maara sanwedi kathawak.

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත්, මේක කියවන අයට හිතෙයි මේක අතේ රෝලක් කියලා. ඒත් මේක ඇත්තම කතාවක්.... මේ වගේ කාලෙක ඒ වගේ පුතෙක් ඇත්තටම දුර්ලභයි....

      Delete
  2. පුංචි කථාවක් උනත් හොදට දැනේනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් පුදුමාකාර මිනිස්සු තමා ඉන්නෙ...

      Delete
  3. යකෝ මේක අප්ඩේට් වුනේ නෑනෙ.. කෝබන් මේල් එක ??

    ReplyDelete
    Replies
    1. test එක හරිගිය නිසා මම හිතුවා වැඩේ හරි ඇති කියලා. මේල් එක දැම්මෙ නැත්තෙ ඒක.... ඒත් තාම අවුල් තියේ වගේ.. =(

      Delete
  4. සෙන්නාටත් හැමදාම කරදරේ නේද?? මගෙ පෝස්ට් නිසා..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. කරදරේ... :D !! ඕවටද කරදර කියන්නෙ.. ?

      Delete
  5. මේ වගේ චරිත අනන්තවත් තියෙනව.කෙටියෙන් තේරුම් යන ලෙස ලිවිම අගය කල යුතුයි.
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete
    Replies
    1. ස්තූතී.... කෙන්ජිගෙ වෙසක් සුභ පැතුමටත් ස්තූතී

      Delete
  6. දුර්ලභ වර්ගයේ චරිතයක්, ඉතින් දිගටම මිනිහා එහෙ හිටියද පස්සෙ ටික දවසකින් ප්‍රොමෝෂන් එකක් ලැබුනද?

    මොකක්ද බං මේ ආයෙම වුනේ? අප්ඩේට් නොවීම මම කියන්නේ.

    මම තව වැඩක් කියන්නම් උඹ මේකට උත්තර දුනනම.

    ReplyDelete
    Replies
    1. අපේ බොසා පොරට ප්‍රොමෝශන් එකක් දෙන්න හැදුවා. පොරගෙන් නෝ ආන්සර්. පස්සෙ සයිට් එකේ කොක්කක් දාගෙන වැඩට එනඑකත් නැවතුනා....

      Delete
    2. Design .> posts > all > වලට ගිහින් මේ පෝස්ට් එක බැලුවාම
      edit | view | share | delete තියෙනවානේද පෝස්ට් ටයිටල් එක යට.
      පෝස්ට් එකේ ටයිටල් එක ගාව තියෙන බොක්ස් එක ටික් කරලා share වලට කොටලා
      ටිකක් වෙලා යනවා ඒ බොක්ස් එක ලෝස් වෙන්න. රවුම කැරකිලා කැරකිලා ලෝඩ් වුනාට පස්ස් share බටන් එක ඔබලා බලාපං. මම හිතන්නේ ඒක වෙච්ච ගමන්ම පෝස්ට් එක අප්ඩේට් වෙයි කියලා බ්ලොග් රෝල් වල



      Delete
  7. අනේ මටත් මේ හිතිලා බන් තියෙන්නෙ කොහෙට හරි ගිහින් කාණුවක් කපාගෙන ජීවත් වෙන්න තිබුනනම් හොඳයි කියලා බන්.. මට මේ බලු රේස් එක තිත්ත වෙලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි සෙන්නා.. මොකෝ මැරීගෙන හම්බකරා කියලා යනකොට ගෙනියන්නයැ.....

      Delete
  8. මම හිතන්නේ මෙවැනි නිදහස් සිතුවිලි තියන පුද්ගලයන් මෙලෙස ස්වාධීනව ක්‍රියාකරන පුද්ගලයන් ලෝකය පුරාම සීඝ්‍රයෙන් වැඩිවෙනවා. එයින් පුද්ගලයාගේ දියුණුව මෙන්ම සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමයේද වෙනස්කම් වෙනවා. මා දන්නා හමුදා කෝප්‍රල් වරයෙක් වසර 12 ක සේවයෙන් පසු බොහොම උනන්දුවෙන් හමුදාවෙන් විශ්‍රාම ගත්තා . හැමෝම ඇහුවා ඇයි යන්නේ කියලා. සමහරු හිතුවේ යුද්දෙට බයේ කියලා. නමුත් ඔහු යකෙකුටවත් බයනැති බව හැමෝම දන්නවා. ඔහු ගියේ තමන්ගේ ගමේ තියන පුරන්වී ගිය කුඹුරු ටික අස්වද්දාගෙන ජීවත්වෙන්නයි. ඔහු අද ඉතා සාර්ථක ගොවියෙක්. ඕනෑම වාහනයක් එලවන්න, අලුත්වැඩියා කරන්න දන්නා ඔහු, බාස් කෙනෙක් වෙන්නවත් නොහිතා ගොවියෙක් වීම ගැන මටත් පුදුමයි. නමුත් ඔහු තෝරාගත්තේ ආත්ම තෘප්තිය ලබන රැකියාවයි. ඔහු හරි.

    මෙතනට එන්න පාර කිව්ව සෙන්නාට බොහොම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක



    ReplyDelete
    Replies
    1. ඒක හරි... ආත්ම තෘප්තිය තමා වටිනම දේ... හැබැයි දක්ශ දේ අතෑරලා කැමති දේ කරද්දි එක ආකාරයක බුද්ධි ගලනයකුත් නොදැනීම සිද්ද වෙනවා. විචාරකටත්, සෙන්නාටත් මේ පැත්තට ආවට බොහොම ස්තූතී..

      Delete
  9. කතාව පොඩි වුණාට ප්‍රධාන කතාව ඇතුළේ අතුරු කතා ගොඩයි. ඒ වගේම හිතන්න දේවල් එහෙමත් ගොඩයි.

    තාම අනුරාධපුරේ කතා කියන්නේ අලුත් සයිට් එකේ කතා මොකුත් නැද්ද ? :D

    ReplyDelete
    Replies
    1. අලුත් සයිට් එකේ ඒව තමා "කෝච්චි ජීවිතය" කියන ලේබල් එක යටතෙ එන්නෙ. සයිට් එකේ උන් තාම හරියටම සෙට් උනේ නෑ...

      Delete
  10. මටත් මේක අප්ඩේට් උනේ නෑ. පරණ ඒවත් වෙලා නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි ගූගල් දෙයියා මාත් එක්ක තරහ වෙලා...

      Delete
  11. තිලිනටත් අමුතු අමුතු මිනිස්සු සෑහෙන්න මුන ගැහිල තියනව නේද..

    ReplyDelete
    Replies
    1. උබ දන්නව ඇතිනෙ චන්දන, සයිට් කියන්නෙ වැඩිම ඒක දේශීය මනුශ්‍ය චරිත ගානක් ඉන්න තැන්...... :D :D

      Delete
  12. සමහර එවුංගෙ ජීවිතවල අපිට හිතාගන්න බැරි පැති තියෙනවා මලේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. සමහර මිනිස්සුන්ගෙ ඇතුලාන්තය හිතා ගන්න බැරි තරම් පුදුමයි....

      Delete
  13. මහා අමුතු කතාවක්. ජිවිතේ හැටි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ජීවිතේ මහ පුදුමයි...

      Delete
  14. මේ බ්ලොග් එකට ගූගලයා පුදුම වෙනස්කම් තොගයක්නේ අප්පා කරන්නේ...

    කතාව ගැන මොනවා කියන්නද මන්දා... සල්ලි.. නැති උනත් හිතට නිදහසක් නෑ... හම්බකරන්න මහන්සි වෙනකොටත් හිතට නිදහසක් නෑ.... ඒත් සල්ලි නැතුවත් බෑ.... අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ගූගලයා මට පල නිකියා පලා බෙදනවා... :D :D :D

      Delete
  15. එයාගේ පියාත් හොඳ මනුස්සයෙක් වෙන්ට ඕනිනේ පුතා වගේම. ජීවිතය ගැන ආදරයක් හිතෙන කතාවක්...
    ඔයාගේ පෝස්ට් අප්ඩේට් වෙන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රනාන්දු හැදුනු වැඩුනු වටපිටාව මාරම ආදර්ශමත් එකක් වෙන්න ඕන.....

      ගූගලයා මට පල නිකියා පලා බෙදනවා... ඒකයි මේ ලෙඩේ....

      Delete
  16. මොනා කියන්නද මංදා... හිත ගති ඔක්කොම ලොක් උණා කතාව කියෙව්වම.

    පාර කියපු සෙන්නටත් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. අවාසනාවට හෝ වාසනාවට මේක ඇත්තම කතාවක්....
      AKM වගේම මමත් සෙන්නට ස්තූති වෙන්න ඕන...

      Delete
  17. Good day! Would you mind if I share your blog
    with my zynga group? There's a lot of folks that I think would really enjoy your content. Please let me know. Thanks

    Look into my weblog click here

    ReplyDelete
    Replies
    1. Ya why not... Those posts are not for me but for everyone.......

      Delete
  18. You ѕhould also pay cloѕe attention to the shipping costs and add them intо уοur equation.

    For beautiful lips, trу the Stript Lipstick Liner pеnсil іn sheeг peach (Hοlly) or ρink
    (Clovеr). This practicаl waх-uρ is prеpaгed inside the laboratοry in order to
    be approved by yоu.

    Reviеω my blоg post: cosmetics

    ReplyDelete
  19. ඒ කතාව නම් පපුවටම වැදුනා තිලිණ. කියන්න දෙයක් හිතට එන් නෑ.

    ReplyDelete
    Replies
    1. සංවේදී හදවත් තියෙන අයට එහෙම වෙනවා....

      Delete
  20. Weymouth rosacea laser treatment

    Also visit my web page; rosacea specialist Cabin John

    ReplyDelete
  21. Simply log on to thеiг ωebѕite аnd
    viѕit the Video Tutorials pagе. Study final reѕultѕ and functional experiences confirm which the latest standaгԁized steel rollіng bеаrіng can oωn
    infinite eхhaustion poωer if it's not significantly feasible for that bearing to own good lubrication, the environment cleanness and load. Bearings are a essential method to stay away from friction and resistance in between relocating components in a device, and it is.

    Look into my web blog ... NTN Tapered Roller Bearings

    ReplyDelete
  22. " They ask this question to gather an idea of how much the policy should be worth. The lawyer will help you get compensated in case you are injured or will make sure that your insurance company covers for the damages in case you are the one on the wrong. The reason being is even when the stock outlook falls into a bear market, there are scores of ways to earn money.

    Also visit my web site - vehicle insurance

    ReplyDelete
  23. කෙනෙක්ගෙ පිටස්තර පෙනුමෙන් කවදාකවත් මනුස්සයෙක්ව හරියට මනින්න අමාරැයි. නමුත් බොහෝවිට වෙන්නෙත් ඒකමයි 😕

    ReplyDelete