උදෑසන හිරුගේ ප්රභාවත් හිරු කිරණ එකක් පසුපස එකක් ලෙසින් කොටුව දුම්රිය පොලට පිටුපසින් අහසට නැගෙමින් පැවතින. තවමත් කොටුව හරිහැටි අවදි වී නැත. ඉදහිට ගාලුපාර දිගේ සැර දමමින් ඇදීයන බස් රථයක් හැරුනු කොට, කොටුව නිසලය. නිහඩය. එය, මීටර සියය ධාවන තරගයක ආරම්භක වෙඩි පහරට පළමුවෙන් පවතින වර්ගයේ මරණීය නිහඩතාවයකි. තවත් විනාඩි කිහිපයකින් වෙඩි හඩ නිකුත් වනු ඇත. මහා ගාලගෝට්ටියකින් කොළඹ කොටුව වැසී යනු ඇත.
අයෙක් ඩීමෝ බට්ටෙකුගේ පසුපස තට්ටුවේ ඇසිරූ තැඹිලි වලු ගෙන එකින් එක ගෙන තම තැඹිලි ලෑල්ලේ අඩුක් කරයි. ඊට යාබදව ලොතරැයි කූඩුවකි. මැදිවිය ඉක්මවූ අයෙක් පිලිවලට වෙන්කරන ලද ලොතරැයි පත්, කූඩුවේ ඉදිරිපස ලෑල්ලට තබා ඇණ ගසයි. රොටී බාස් කෙනෙකු රත්වූ යකඩ තැටිය මත පිලිස්සෙන රොටී ලේන්සුවට, බිත්තරයක් කඩා දැමුවේය. කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ රෙදිකඩ තවමත් විවෘත වී නැත.
"දඩාස්.........." පිටකොටුව දෙසින් ඉගිල්ලී ආ සුදු පැහැ කාර් රථයක් දුම්රියපල ඉදිරියෙන් වූ මගී ආරක්ශක වැටෙහි ගැටී නතර විය. තැඹිලිකරු අතින් තැඹිලි වල්ල බිම අත ඇරින. මිටිය වැරදී ලොතරැයි අලෙවිකරුගේ දබරගිල්ල තැලින. නියමිත වේලාවට නොනැමූ නිසා බිත්තර සාරු, රොටී ලේන්සුවෙන් පිටතට ගලා ගියේය. සිහිනයෙන් අවදිවූවන් මෙන්, තැඹිලිකරුත්, ලොතරැයිපත් අලෙවිකරුත්, රොටී බාසුත් කාරය දෙසට දිව ගියහ.
රථයේ වම්පස ලාම්පුව කුඩුවී තිබූ අතර බොනට්ටුවද තැලී ඇතුලට එබීගොස් තිබින. අනතුරට හේතුව රියදුරුට නින්ද යාමයි. හේ පෙරදින රාත්‍රියේ මලගෙදරක නිදිවරා ආපසු යමින් සිටි අයෙකි. යන්තමින් වූ සීරීන් සළකුණු හැරුණු විට රෝහල්ගත කලයුතු අන්දමේ තුවාල කිසිවක් ඔහුට නොවීය.
"ඇති ඔයින් ගියා...."
"හ්ම්ම්...."
"වෙනකොහෙවත් වැදුනද? මේ... ඔලුව එහෙම???"
"න්..නෑ.... අතයි, කකුලයි විතරයි. යමින් ගමන් බෙහෙත් ටිකක් දාගෙන යනවා"
"ෆුල් ඉන්ශුවරන්ස් නේද?"
"අපොයි ඔව්. උදෙම මේ යක්කු එයිද දන්නෙ නෑ....."
"කොහෙන්ද මේ වතුර පාරක් එන්නෙ? මෙතන ටැප් එකක් තිබුන් නෑනෙ?"
"අහ්.. ඔතන අර ගිණි නිවන්නද, මොකකටද මන්දා වතුර ගන්න මගුලක් තිබුනනෙ.ඒක කැඩිලා වෙන්න ඇති."
"හ්ම්ම්ම්..."
කාරය යටින් ගලා එන සිහින් දිය පහර, ගාලු පාර ඔස්සේ ඇදී ගොස් ඉහලටත්, පහලටත් විසිරී යයි.
අඩ පැයකට පමණ පසු කොටුව පොලීසිය පැමිණ අනතුර සටහන් කරගන්නා ලදී. රක්ෂණ නියෝජිතයන් පැමිණියේ ඊටත් සෑහෙන වේලාවකට පසුවය. ආපදා රථයක් පැමිණ, ඉවතට පැන තිබූ කාරය පැටවීමට පටන් ගන්නා විට උදෑසන අටට ආසන්නවී තිබින. කාරයේ චැසියේ පසුපසට කේබලයක් දමා, කාරය නැවත ගාලුපාරට අදිනවාත් සමගම මෙතෙක් වේලා සිහින් දියපහරක්ව ගාලු පාර තෙමූ වතුර කාන්දුව, අඩි දහයක් තරම් වූ දැවැන්ත වතුර මලක් බවට පත්විය.
තැඹිලි කරුටත්, ලොතරැයි අලෙවිකරුටත්, රොටී බාස්ටත් අතිරේකව මහා සෙනගක් වතුර මල දෙසට දිව ආහ. ගාලු පාර දෙබෑකරගෙන මතුවූ වතුර මල හැමටම නැවුම් අත්දැකීමකි. ගිණි නිවන කරාමය කැඩුන තැනින් ඊයක වේගයෙන් අඩි දහයක් පමන ඉහලට ඇදෙන වතුර පහර, කිරි ඉතුරුමකදී මුට්ටි කටෙන් කිරි විසිරී යන්නාක් මෙන් සිව් දිසාවටම විසිරී යන්නේ, අඩි අටක පමණ අරයක් ඇති කවයක වතුර විසුරුවමිනි.
වතුර මල පිලිබද ආරoචිය ගාලුපාර දිගේ ඉහලටත්, පහලටත් පලමුව ඇදී ගිය අතර, පිට කොටුවේ හරස් වීදි වලටත්, මැනින් මාර්කට්ටුව ඔස්සේ මරදාන දෙසටත් ඇදීගියේ ඉන් අනතුරුවය. හුදී ජනයා වතුර මල වටා රැස් කන්නට විය. කොටුව දුම්රියපල එකම හිස් ගොඩකි. ගාලු පාරේ දෙපස යා කරන මගී ගුවන් පාලමත්, පදික වේදිකාවත් මිනිසුන්ගෙන් පිරී ගොසිනි. හැම දෙනාම පොරකන්නෙ වතුර මලට කිට්ටු වීමටය. නැතිනම් වතුර මල ඇල්ලීමටය. බොහෝ දෙනා තම ජoගම දුරකතන මිටමොලවා වතුර මල වීඩියෝ ගතකරති. නැතහොත් වතුර මලත් සමග සෙල්ෆි ගසති. තවත් සමහරු ගැසූ සෙල්ෆි ෆේස්බුක් වෝල්වලට අප්ලෝඩ් කරති.
"Feeling crazy with වතුර මල at කොටුව ස්ටේෂන්......."
කොටුව පොලීසියේ ට්‍රැෆික් රාළහාමිලාට ගාලු පාර නිදහස් කර ගැනීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කලෝය. එන්න එන්නම රැස්කන සෙනග වැඩි වූයෙන්, පසුව ඔවූහු එම අදහස අත්හැර දැමීය. ගාලු පාරේ වම්පස අර්ධය සම්පූර්ණයෙන් වසා දැමුණු අතර වාහන ධාවනය දකුණු පස අර්ධයට පමණක් සීමා විය. තවත් ස්වල්ප වේලාවක් යනවිට කොටුව ඉදිරිපස ගාලුපාරේ අර්ධ දෙකම වසා දැමීමට සිදුවිය. වාහන ධාවනය, පිටකොටුවෙන් ටෙක්නිකල් හන්දිය හරහා මරදානට ගොස්, පැරණි ගාමිණී හෝල් තිබූ තැනින් ඩී.ආර්. විජේවර්ධන මාවතට පිවිස, එතැනින් ලේක් හවුස් වටරවුම හරහා ගාලු පාරට සම්බන්ද කෙරින.
119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඔස්සේ ලැබුනු පණිවිඩයකට අනුව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ට වතුර මල අසලට පැමිණීමට සිදුවූයේද ඉහත කී ප්‍රති-මාර්ගය ඔස්සේය.
"සර් මෙතන ෆයර් හයිඩ්‍රන්ට් එකක් කැඩිලා තියෙන්නෙ. අපිට කෙලින්ම ඉන්වෝල්ව් වෙන්න බෑ. වතුර, බෝඩ් එකේ උනාට ෆයර් හයිඩ්‍රන්ට් එක අපේ නෙවේනෙ.." ජල සම්පාදන මණ්ඩල නිලධාරියා සිය උසස් නිලධාරියාට වාර්ථා කලේය. මද වේලාවකින් ඔවූහු පිටත්ව ගියහි.
දහවල ආසන්න වන විට වතුර මල පිළිබදව සියලූම මාධ්‍ය පුලුල් ආවරණයක් කර තිබින. සියලූම නාලිකා පැයෙන් පැයට වතුර මල පිලිබදව උණුසුම් පුවත් වාර්ථා කරන්ට වින. කාරය හප්පවා වතුර මල සෑදූ පුද්ගලයා, කොටුව පොලීසිය මගින් උසාවියට ඉදිරිපත් කල අතර, මහේස්ත්රාත්තුමා ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප කලෙන්, ඔහුව රක්ශිත බන්ධනාගාර ගත කෙරින.
මේ අතර වතුර මලෙන් ගැලූ වතුර කද නිසා අගල් දෙකක පමණ ගoවතුර තත්වයක් කොළඹ නගරයට බලපා ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. කෙසේ වෙතත් මෙය බියවීමට කිසිදු හේතුවක් නොවන බවද ඔවූහු පුල පුලා කියා සිටියහ. වතුර මල අවට ජනතාව පාලනය කිරීම සදහා විශේෂ හමුදා බළඝණයක් කැදවීමට සිදුවූ අතර තවත් අතිරේක බළැඝණ දෙකක් ඕනෑම මොහොතක යෙදවීමට සූදානම් කරන ලදී.
එදින කැබිනෙට්ටුව රැස්වන දිනයක් නොවූවද ඇතිවූ හදිසි තත්වය සලකා බැලූ ජනාධිපතිතුමා හදිසි කැබිනට් රැස්වීමක් කැදව්වේය. රැස්වීම පැය තුනකට වඩා වැඩි කාලයක් ඇදී ගියේය. අවසානයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා ඇතිවී ඇති තත්වය පිලිබදව පුලුල් විමර්ශනයක් කිරීමට කැබිනෙට්ටුව එකග විය. මේ වන විට ගoවතුර තත්වය අගල් දෙකේ සිට අගල් දහය දක්වා ඉහල ගොස් තිබින. රාත්‍රී අට පමණ වනවිට එය අඩි එකහමාර දක්වා තවදුරටත් වැඩිවී තිබින. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය තවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සුලු ගoවතුර තත්වයක් බවත්, කෙසේ උවත් මහජන ආරක්ශාව පතා වතුර මල අවට ප්‍රදේශය අවධානම් කලාපයක් ලෙස නම් කරන බවත්ය. ඒ අනුව වතුර මල අවට මීටර පනහක අරයෙන් යුතු ප්‍රදේශයකින් ජනතාව ඉවත් කෙරුනු අතර වතුර මල තහනම් කලාපයක් බවට පත්කෙරින.
රාත්‍රී නවයට ආපදා කළමණාකරන ඇමතිතුමා, ජල කළමණාකරණ ඇමතිතුමා හා ආරක්ෂක ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්චාවක් කැදවා තිබින.
"අපි තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරලයි තියෙන්නෙ. මම ත්‍රිවිධ හමුදපතිවරුත් එක්කත් සාකච්චාකරා. නාවික හමුදාව දැනටමත් ඒ ගොල්ලන්ගෙ බෝට්ටු හතලිහක් කොටුවට ගෙනැත් තියෙනවා. මම අපේ ධීවර ප්‍රජාවගෙනුත් ඉල්ලා සිටිනවා ඉදිරි දින කිහිපයේ ගoවතුර තත්වය දරුණු උනොත් පාවිච්චි කරන්න ධීවර බෝට්ටු ලබා දෙන්න කියලා." ආරක්ශක ඇමතිතුමාට පසුව කතා කලේ ජල කළමණාකරණ ඇමතිතුමාය.
"සමහරු මේක ජල සම්පාදන මණ්ඩලයට බැර කරල අත පිහදා ගන්න හදනවා. ඒක වැරදියි. හොදට මතක තියාගන්න අපි ඉන්නෙ වතුර දෙන්න. කැඩෙන කැඩෙන පලියට තැන් තැන් වල තියෙන ටැප් හදන්න ගියෝතින් අපිට වෙන කරන්න වැඩක් නෑ."
"ඒත් ඇමතිතුමා ජලය අපතේ යාම ජාතික අපරාධයක් නේද?" ඒ මාධ්‍යවේදියෙකි.
"කවුද කියන්නෙ??"
"න්..නෑ.. ඔය හැමෝම කියන්නෙ?"
"කවුද හැමෝම කියන්නෙ ? මට හරියට පුද්ගලයව කියන්න. නිකන් කතෲ නැති වාක්‍ය හදලා දේශපාලන වාසි ගන්න හදන්න එපා. හරි ඒ උනත් මම ඕකට උත්තරේ දෙන්නම්. ඔබතුමා දන්නවද ජලය කියන්නෙ චක්‍රයකට අනුව යන දෙයක්. ඔය අපතේ යන ජලය නැවතත් වාශ්පීකරණය වෙලා ඉහල අහසට ගිහිල්ලා ඝණීභවනය වෙලා ආපහු පොලවටම ලැබෙනවා. ඉතින් කොහොමද අපතේ ගියා කියන්නෙ. ඕවා විපක්ශයේ කතා. අනික මේ සිදුවීමෙන් පෙනෙනවා අපේ මන්ඩලයේ ශක්‍යතාවය. බොන්න නාන්න විතරක් නෙවේ ඕන්නම් ගoවතුර හැදෙන ගානට උනත් වතුර දෙන්න අපට පුලුවන්. හක්.. හක්.. හාඅ..."
අවසානයට කතා කලේ ආපාදා කළමණාකරන ඇමතිතුමාය.
"ජනාධිපතිතුමා, අගමැතිතුමත් එක්ක සාක්ච්චාකරල මේ ගැන හොයල බලල, විශේෂ වාර්ථාවක් සපයන්න ත්‍රි පුද්ගල කමිටුවක් පත් කලා. ඒකෙ සභාපති තුමා තමයි ජල සම්පාදන මණ්ඩලයෙ සභාපති තුමා. නමුත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ බිරිදට දරුවෙක් ලැබිලා නිසා සභාපතිතුමා ඉන්නෙ එතුමාට නිලවශයෙන් හිමි "පිය -ප්‍රසූත" නිවාඩු අරගෙන. කොහොම උනත් මම එතුමා එක්ක කතා කලා. එතුමා එකග උනා නිවාඩු දවස් තුනෙන්, දෙකක් අවලන්ගු කරලා අනිද්දට කමිටුවට වාර්ථා කරන්න. අපිට බලකරන්නත් බෑනෙ ඉතින්. ඒක බොහෝම මානුශීය තත්වයක්. අනික කොලු පැටියෙක්ලු. එතුමාට ඉන්නෙම ගෑණු දරුවො තුන් දෙනෙක්නෙ."
පසුදා එලිවනවිට ගoවතුර තත්වය අඩි හතරක් දක්වා ඉහල ගොස් තිබින. ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ මෙය තරමක සැලකිය යුතු තත්වයේ ගoවතුරක් බවය. කෙසේ වෙතත් නාය යෑමේ අවදානමක් නොමැති බව ඔවුන් ස්ථීරවම කියා සිටියේය. වතුර මලෙන් තව දුරටත් වතුර විහිදෙමින් ඇති අතර ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමාගේ පැමිණීමත් සමග හෙට දිනයේදී ත්‍රි පුද්ගල කමිටුව රැස්වීමට නියමිතය.
ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.
දවස් තුනක් ඇතුලත කමිටුවක් පත් කරලා ඒක රැස් කරෝ ගන්න ලැබුනා කියන්නේ.. සෑහෙන සාධනීය ප්‍රගතියක්... ලාංකිකයෙක් වශයෙන් ඒ පිළිබඳ මට බොහොම ආඩම්බරයි...
ReplyDeleteඅනික සභාපතිතුමා තමන්ට හිමි නිවාඩුත් අවලන්ගු කරලා... :D
Deleteඉදල ඉදල පට්ටයි බං
ReplyDeleteටැන්කූ ටැන්කූ...
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteහොඳ නිර්මාණයක්
ReplyDeleteUbatath hithena ewa
ReplyDeleteදස සිල්වාට මොකද වෙන්නේ.. හිටි ගමන් එනවා යනවා..
ReplyDeleteතෝ කොහෙද මකබෑවිලා හිටියේ... ?
Deleteතොපි තුං දෙනාම...!
Deleteමෙතන තියෙන්නෙ ජලභීතිකා ප්‍රශ්නයක්. ඒක අදාල වෙන්නෙ රජයේ පශු වෛද්‍ය එකට. හැක්..
ReplyDeleteනියමයි.
ඔය ප්‍රශ්නෙ යොමු කරන්ඩ ගරු පරිසර ඇමති තුමාට.
DeleteWeldone sri lanka.පට්ටයි ඇ
ReplyDelete++++++++++
ReplyDeleteමූවීස් වල නම් ෆයර් හයිඩ්‍රන්ට් තියෙන්නෙ වාහන ර්රේස් යනකොට හප්පගෙන යන්නමයි. ඉස්සර කොළඹ ඇත්තටම වැඩ කරන ෆයර් හයිඩ්‍රන්ට් තිබිලා තියෙනවා.
ReplyDeleteමම බලපු එක සීරීස් එකක ඉන්නවා මැල්වෝ කියලා මිනීමරු චරිතයක්. පොර යනවා එක සල්ලි කාර මිනිහෙක් හම්බවෙන්න. සල්ලිකාරයගෙ බොඩිගාඩ් රතු සූට් එකක් ඇඳගෙන ඉන්න මැරෑටියෙක්. මැල්වෝ ඊට වඩා දරුණු පොර ඇඟපතින් පොඩි වුනාට. අරූව ඔරොප්පු කරන්න හිතාගෙන මැල්වෝ සල්ලි කාරයගෙන අහනවා Who's the fire hydrant?". අරූට මල අතේ.
පීලි පැන්නනෙ. මේක ඉතාම නිර්මාණාත්මකයි දරුවා. කීපිටප්යැ.
Deleteසභාපතිතුමා නිවාඩුවක් අවලංගු කරලා එන එක කොයි තරම් දෙයක්ද ?නැතිනම් ගංවතුර මට්ටම ඉහල ගිහිල්ලා කිහිප දෙනෙක් මියගිහින් සැහෙන්න ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩ තිබ්බා නොව.
ReplyDeleteවතුර මලේ ප්‍රශ්නෙ ඔයින් ගියා මදැයි :P
ReplyDeleteගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ. මං වගේම උඹත් දැන් blog ලියන සීඝ්‍රතාවය අඩු කරලා නේද? එහෙම වෙන්න නොදී දිගටම ලියපන්. උඹේ style එක වගේම ගොඩක්අ කතා අපට නොහිතෙන අවසානයකින් කෙළවර කරන එකත් නියමයි.
Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
ReplyDeletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
පට්ට
ReplyDeleteඅම්මට සිරි ලංකාවේ පමණයි ! 😭
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteඇයි ඉතිං දැං මේව ලියන්නෙ නැත්තෙ.
ReplyDelete