Saturday, April 16, 2016

බොම්බයි මොටයි


ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියට මා ගොඩවූයේ සෑහෙන කලකට පසුවය. වෙනදා සතියකට වරක්, දෙවරක් හෝ ඊටත් කීපවරක් තැපැල් දුම්රියේ මා යන ගමන දැන් දැන් අඩුවී තිබේ. උදෑසනට දකුණු කලුතරින් ආරම්භවී මීගමුව බලා ඇදෙන දුම්රිය, හවස් වරුවේ අතිරේක ගමන් වාරයක් ලෙසින්, කොලඹ කොටුවෙන් නැවත දකුණු කලුතර බලා  ගමන් අරබන නිසා, වෙනදා තැපැල් දුම්රියේ ගමන් ගත් බෝහෝ පිරිසක් දැන් එහි ගමන් ගන්නේ නැත. කොටුවෙන් පිටත් වූ සැනෙන් එක පිම්මේ මොරටුව බලා දිවයන රාත්‍රී තැපෑල, මොරටුවේදී ලීබඩු පැටවීමටත්, තැපැල් මලු බෑමටත් බොහෝ වේලාවක් කා දමයි. විනාඩි විස්සකට, තිහකට පසු යාන්තමින් මොරටුවෙන් පිටත් උවත්, නැවතත් පානදුර දුම්රිය ස්ථානයේද එපමණම කාලයක් ගෙවා දමයි. 

දිනපතා කොළඹ ගමන් ගන්නා කාර්යාල සේවකයෙකුට විශේෂයෙන්ම පසුදා උදෑසන නැවතත් කොළඹ ආ යුතු අයෙකුට, තැපැල් දුම් රියේ මෙකී රස්තියාදුකාර ගමන මහත් වදයකි. එනිසාම අම්බලන්ගොඩ, හික්කඩුව මෙන්ම බොහෝවිට ගාලු යන්නවුන් පවා රාත්‍රී තැපෑල මගහැර "දකුණු කලුතර" දුම්රියෙන් කලුතරට පැමිණ ඉන්පසු දුරගමන් සේවා බස් රථයකින් ගමනේ ඉතිරිය ගෙවා දැමීමට හුරුවී සිටිති. මා ද ඉහතකී "දුම්රිය-බස්" දෙමුහුන් ක්‍රමයට හුරුවූයේ සුන්දර තැපෑලේ රසවත් රස්තියාදුව තවදුරටත් උහුලාගත නොහැකිවූ විටය. 

මා කොටුව දුම්රියපලට ලගාවන විට දකුණු කලුතර දුම්රිය පිටත්ව ගොසින්ය. රත්‍රී තැපෑල පස්වන වේදිකාවේ ගාල් කර ඇති අතර, කාකි කලිසන් ඇදගත් දුම්රිය කම්කරුවෝ තැපැල් සේවකයන් හා එක්ව පෝර උරවල දමා සීල් කල තැපැල් මලු දුම්රිය තුල අඩුක් කරති. 

රාත්‍රී තැපෑලේ දෙවන පන්තිය මැදිරිය ඇත්තේ තැපැල් මැදිරියට යාබදවය. ඒවනවිටත් බඩු පැටවීම නිමාවී තිබූ අතර තැපැල් මලු පැටවීමද අවසන් වීමට ආසන්න වී තිබින. වෙනදා පිටත්වෙන වේලාව ආසන්න වනවිට, අතොරක් නැතිව මැදිරි පිරී යතත් මා දුම්රියට ගොඩවන විටත්, දෙවන පන්තියේ ආසන කීපයක්ම හිස්වී තිබින. ආසනයට බරවූ මම, දෙපා සපත්තු යුගලෙන් මුදවා ඉදිරියට දිගා කලෙමි. සිවිලිමෙහි සවිලක පන්කාවේ තල අමුතුම හඩක් නන්වමින් අධිවේගයෙන් පරිභමණය වෙයි. මැදිරියේ සිවිලිම දෙස හිස් බැල්මෙන් මද වේලාවක් බලා සිටි මම, දවසේ දාහය රාත්‍රී තැපෑලේ මැදිරියට මුදාහලමින් දෑස් අඩවන් කලෙමි. 

යාබද තැපැල් මැදිරියේ යකඩ දොරවල් තදින් එකට ගැටෙන හඩත්,ඉබි යතුරු අගුල් වැටෙන හඩත් ඇසුනේ එකවිටය. ඉන්පසු ඇසුනේ දුම් රිය නියාමක තැනගේ තියුනු විසිල් හඩයි. සියුම් ගැස්මක් සමගින් රාත්‍රී තැපෑල, පස්වන වේදිකාව කොළඹ කොටුවේ තනිකරමින්, සෙමින් ඉදිරියට ඇදෙන්ට වින. මම අඩවන් වූ දෙනෙත් පියා ගතිමි. බේරේ වැවේ පල් ගද නාස්පුඩු කාරමින් දැනෙනවා යන්තමට මට මතකය.

"පළවන වේදිකාවට දැන් ලගාවූ රාත්‍රී තැපැල් දුම් රිය තව ස්වල්ප වේලාවකින් ගාල්ල බලා පිටත් වනවා ඇත. එම දුම් රිය නවත්වන්නේ....." ගොරහැඩි ස්පීකර් හඩින් මම අවදි උනෙමි.

විවරවූ දෑස් පලමුව සමපාත වූයේ සිවිලිමේ කැරකෙන පන්කාව වෙතය. එය පෙර පරිදිම වේගයෙන් නොනැවතී කරකැවේ. කොටුවෙන් පිටත් වන විට යබද අසුනේ උන් මිනිසාද බැස ගොසිනි. ආසන තුන හතරක් හැරුනු කොට මැදිරියේ සෙසු ආසන සියල්ලම පාහේ හිස්ව ගොසිනි. දෙපා යුගල නැවත සපත්තු කූට්ටම තුලට දමා ගත් මම, නිදිගැට කඩමින් දුම් රියෙන් බැස වේදිකාවට ගොඩ උනෙමි. වේදිකාවද මැදිරිය මෙන්ම පාලුවට ගොසිනි. ඉදහිට අයෙක් වේදිකාවට බැස දුම් රිය පිටත් වන්නේදැයි පරීක්ෂා කොට නැවත දුම් රියට ගොඩ වෙයි. තවමත් සේවකයෝ තැපැල් මලු තෝරති. හාන්සි පුටු යුගලක් ඔසවාගත් තවත් දෙදෙනෙක් ඒවා අඩුක් කල යුතු තැන් ගැන දුම් රිය නියාමකගෙන් විමසයි. මම අසල වූ ජල කරාමය වෙත ඇදුනෙමි. වතුර දෝතක් මුහුණට දමාගත් මම, තවත් දෝතක් බීගෙන බීගෙන ගියෙමි. සීනු නාදය ඇසුනේ එවිටම වාගේය.

ඔව් ඒ එම සීනු නාදයමය. 

මීට පෙර රාත්‍රී තැපෑලේදීමත් ඇසුනු, අප කුඩා කල ඇසී, මතකයේ පැලපදියම්වූ හොදින් හුරුපුරුදු ඒ සීනු නාදය. 

අප කුඩා කල "චූන් පාන්" තිබුනේ නැත. එහෙත් අද ඕනෑම අත දරුවකු උවද "චූන් පාන්" ගැන දනී. "චූන් පාන්" කරුවන් කිසිදිනක "චූන් පාන් - චූන් පාන්" හෝ "පාන් - පාන්" හෝ වෙනයම් නමක් හෝ කියමින් තම අලවිය සිදුකරනවා මා නම් මෙතෙක් දැක නැත. එහෙත් ගව්වක් දෙකක් දුර තියා උවද "චූන් පාන්" කරුවකු එන හඩ නොවැරදීම හදුනාගත හැක. ඒ ඔහුගේ ආවේණික සන්ගීත රාවයෙනි. මේ "සීනු නාදයද" එවැන්නකි. අසූව දශකයේ කෙලවරට වන්නට ඉපැදුණු අප, ඒ විසල් "සීනු නාදය" ඇසූ අවසන් පරපුර විය යුතුය. මා මදක් ඉස්සී මැදිරිය දෙස බැලිමි. මගේ අනුමානය හරියටම හරිය. අතකින් සීනුවත්, අතකින් "බොම්බයි මොටයි" කෑනයත් එල්ලාගත් කැහැටු මරක්කල මිනිසා මැදිරි දොර වෙත පැමිණියේය.

මරක්කල මිනිසා අනාරාධිතවම දුම්රිය පා පුඅරුව මත ඉද ගත්තේය. වමතේ මාපටගිල්ලෙන් අල්ලට සිරකරගත් කුඩා සීනුව නොනැවතී නින්නාද දෙයි. හේ බොම්බයි මොටයි ඇසිරූ වානේ කෑන් එක අසලින් තබා හරි බරි ගැසුනේය. මට තවත් ඉවසන්නට බැරිය.
 
"කීයද එකක්?"
 
"විස්සයි" මරක්කල මිනිසා මාදෙස නොබලාම, වානේ කෑන් එක විවර කොට, බොම්බයි මොටයි සකස් කිරීමට පටන් ගත්තේය.
 
"උදේම මට්ටක්කුලි ගියා දැන් තමා යෙන්නෙ. බේරුවලට යනකම්ම බිස්නස් තමා....." හෙතෙම පපඩමක් වැනි රෝස පැහැ යමක් ගෙන එය හරිමැදින් නවා දෙකට කැඩුවේය. ඉන්පසු ගෑරුප්පුවක් ගෙන වානේ කෑනය තුලට අතදමා බොම්බයි මොටයි අහුරු කීපයක් ගෙන "පපඩම්" පලු දෙක මැද්දට තබා මාවෙත දිගු කලේය. මම විස්සේ කොලයක් ඔහුට දිගු කලෙමි.

**          **          **          **          **          **          **          **

මා කුඩා කල සීනු නාදය ඇසෙත්ම  විදුලි වේගයෙන් වහ වහා ගේට්ටුව වෙත දිව යන්නේ බොම්බයි මොටයි කරු බවට සැක හැර දැනගැනීමටය. ඉන්පසු ආපසු දිව යන්නේ අම්මා සොයාගෙනය.
 
"අම්මේ.... මොම්බයි මොටයි යනවා......"
"ඉතින් ???" අම්මාට වගක් වත් නැත.
"අනේ අම්මෙ අරන් දෙන්නකෝ...." අම්මා නෑසූ කන් ඇතිව සුපුරුදු වැඩෙහිම නිරතවෙයි.
"අනේ අම්මේ....." මමද නොපසුබස්නා වීර්යයයෙන් ඇයට ඇවිටිලි කරමි.
"මොන වදයක්ද දරුවො. ඕවා කන්න හොද නෑ. කොහේ හදන දහ ජරාවක්ද දන්නෙ නෑ..."
"අනේ... ඔය හැමෝම කන්නෙ..."
"මල ජරාව... තනිකරම සැකරින් ගොඩක්...." අපේ අම්මාට අනුව බොම්බයි මොටයි යනු මාරාන්තික වසකි.
"හැමදාම කන්නෙ නෑනෙ අම්මෙ. අදට විතරක්......

මෙවැනි දෙබස් කණ්ඩ කීපයක් අම්මාත් මාත් අතර තවදුරටත් හුවමරු වන අතර, මාගේ ඇවටිල්ල අවසානයේ ඵල දරයි. එසේ ඵල නොදරන සෙයක් පෙන්වයි නම් මම කරන්නේ ටීක් බෝල සයිස් කදුලු බින්දු දෙකක් ඇස් දෙකේ පුරව ගෙන අම්මා දිහා බැලීමයි. ඇයට ඒ බැල්ම මගහැර යානොහැකි බව මම හොදින්ම දැන සිටියෙමි.
 
"ආ.... ගිහින් අරගන්නවා... හැබැයි බඩරිදෙනවා කියල එහෙම මට ඇහෙන්න කියන්නෙ එහෙම නෑ......
අම්මා රුපියලක් හෝ දෙකක් මා අත මිටමොලවයි. ඒ රුපියල් තුනයි පනහට පාන් ගෙඩිය කෑ අප ළමා කාලයයි. එනිසා රුපියලක් හෝ දෙකක් යනු බොම්බයි මොටයි ඇති පදම් කෑහැකි මුදලකි.

රුපියලත් අල්ලේ ගුලිකරගෙන මා නැවත දිව යන්නේ ගේට්ටුව වෙතයි. එවිට බොම්බයි මොටයි කරු අපේ නිවස පසුකරගෙන ගොස් හමාරය. එහෙත් මාදු ගගෙන් වටවී ඇති අපේ ගමට ඇත්තේ එක් පාරකි. එනිසා ගමට එන අයෙකු ආපසු යායුත්තේද ආමගින්මය. එසේත් නැතහොත් ගගට බැස පීනාගෙනය. මා බොම්බයි මොටයි කරු එනතුරු ගේට්ටුවේ එල්ලී පාර බලාගෙන සිටීමි. 

මේ මිනිහා ගගට බැහැල පීනලවත් ගියද?????? අතකින් බොම්බයි මොටයි කූඩයත්, අනිත් අතින් සීනුවත් එල්ලාගෙන ගගේ පීනන මිනිසෙකු මා මනසේ ඇදේ.

නැත්තන් බොම්බයි මොටයි ඉවර වෙලාවත්ද???? මනසේ ඇදෙන්නේ දහසකුත් එකක් ප්‍රශ්ණය.
කුතුහලය නිමවමින් අවසානයේ බොම්බයි මොටයිකරු ඈතින් මතුවේ.
පෙරමග ගමන් ගොස් හෙතෙම පිලිගන්නා මා, කඩදාසි කැබලි දෙකකට මැදිකරදුන් බොම්බයි මොටයි ටිකෙන් ටික රස බලයි.

ඒ රස අදටත් මාගේ රසනහර තුල නොමැකෙන සේ සිරවී ඇත. මරක්කල මිනිසාගේ බොම්බයි මොටයි හා මීට දශක දෙකකට, දෙක හමාරකට ඉහතදී පොඩි එකා සන්දියේ කෑ බොම්බයි මොටයි අතර රසයෙහි කිසිදු වෙනසක් නැත. දශක ගනනක් ගත වූවත් බොම්බයි මොටයි පරිණාමය වී නැත. 

දුම්රිය නියාමකගේ විසිල් හඩින් මාගේ සිoහාවලෝකනය නිමවිය. සිහින් හූ හඩක් නැගූ තැපැල් දුම්රිය සෙමින් ඉදිරියට ඇදෙන්ට වින. අවසාන මොම්බයි මොටයි කෑල්ලත් කටට දමාගත් මම වානේ පොල්ලට බරදී, පා පුවරුවට ගොඩ උනෙමි.


ප.ලි. : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතැනින්.

37 comments:

  1. යකෝ 2016 නම් සිංහල බ්ලොග් ලෝකයට මල් පිපෙන වසරක් වගේ.. නිදාගෙන හිටපු රස ලිවිලි කාරයෝ ඔක්කොම, එකා එකා නැගිටිනවා....උඹෙයි සඳරුවගෙයි බ්ලොග් උඩ මතු වෙලා තියනවා දැකලා අද මාර සතුටක් දැනුනේ...

    කතාව කියවලා පස්සේ කමෙන්ට් කරන්නම්... මේක නැවත දැකීමේ සතුටට..

    ReplyDelete
    Replies
    1. එදා වගේම අදත් මුලින්ම සෙන්නා!!!!!! :D :D

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. අප්පා දැක්ක කල්, දැකීමේ සතුටට පෝස්ට් එක කියවන්නෙ නැතිවම කමෙන්ට් කලා. තව ටිකකින් කියවල කමෙන්ට් කරන්නම් ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ :D :D

      Delete
  3. බොම්බයි මොටයි.. පිළිබඳ එච්චර රස් මතකයන් නම් මට නෑ.. අපේ ඉස්කෝලෙ අයිනේ හිටපු වෙළෙන්දෙක්නම් ඔය සීනුව ගගහා විකුණුවා මතකයි ඉන්ටර්වල් එක වෙලාවට.. ඒ ඇරුනම ගෙවල් පැත්තෙත් ආවා වගේ මතකයි.ඒත් අපි එච්චර පැන්නුවේ නෑ ඔය කෑමට...

    ඉස්සර අනුරාධපුරේ පැත්තේ නේද හිටියේ ? දැන් එහෙන් ආවද ?

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරෙන් ඇවිල්ල දැන් හුගක් කල් සෙන්නා.... අ`පුරෙන් පස්සෙ ටිකක් වැඩ වැඩි උනා. බ්ලොග් ලිව්වෙවත්, කියෙව්වෙවත් නැත්තෙ ඒකයි. වැඩ ඉවර වෙනකන් ඉන්න ගියොත්, සම්මජ්ජාතියට බ්ලොග් ලියන්න වෙන්නෙ නෑ කියලා තේරුනා. ඒකයි ආයෙම මේ පැත්තෙ ආවේ. කුරුන්ද පැත්තෙ ඇවිල්ල යන්න එන්නම්.

      Delete
  4. බොම්බයි මොටයි තවත් සමහරුන්ට සීනි පොල් කොහු, ඕව දාල දෙන්නෙ නයිස් කියල කියන කඩදහි පපඩමක් වගේ එකක ඒක විතරක් ඉස්සර කඩවල තිබුන ශත 5 යි. 1980 විතර. දැන්නම් ඉන්බිල්ඩ් ෂුගර් මැෂින් එක තියන හින්ද දැක්කත් ඕව කන්න වෙන්නෙ නෑ.
    බොම්බයි මොටයි විකුනපු හැටි අපේ දුවට කියල දවසක් එයාට ඒක බලන්නම ඕනෙ උනා , හතර අතේ ඉන්න එවුන්ට බොම්බයි මොටයි විකුනන කෙනෙක් දැක්කොත් කියන්න කියල 15 km විතර ගිහින් දවස් ගනනාවකට පස්සෙ පෙන්නුව.

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙ හිතුවෙ බොම්බයි මොටයි හදන්නෙ මැරිච්ච සීයලගෙ රැවුල් වලින් කියලා. (මාර රෙසිපියක් තමයි නේද?). :D :D :D

      ගාල්ල නයිට් මේල් එකට ආව නම් හුගක් වෙලාවට බොම්බයි මොටයි විකුනන මරක්කල මනුස්සයව හම්බවෙන්න පුලුවන්. පොර බේරුවලට වෙනකම්ම යනවා...

      Delete
  5. මේ බ්ලොගයට අපි අලුත් තමා.... මොනවා වුණත් ආයෙම ලිවීම පටන් ගැනීම ගැන සතුටුයි... දිගට ම ලියමු.. අපි එනවා දිගට ම කියවන්න... ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචන්.... "කුරුටු ගෑ ගී පවුර"ටත් මීට කලින් ගොඩවෙලා නෑ. ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්.

      Delete
  6. ඇ බොල කක්කුස්සි බට ඉන්ජෝ තෝ කොහෙද මකබැවිලා ගියේ

    ReplyDelete
    Replies
    1. කොහේ මකබෑවෙන්නද අටමෝ...... ඔෆිස් එකෙන් ගෙදරට මකබෑවෙනවා. ගෙදරින් ඔෆිස් එකට මකබෑවෙනවා. :D :D

      Delete
  7. කිව්වත් වගේ සෑහෙන කාලෙකින් නොවැ මේ දැක්කේ.
    "බොම්බයි මොටයි" හදන්න ගන්නේ බාබර් සැලුන්වලින් එකතු කරන් එන කොණ්ඩා රැවුල් ඩයි කරලා කියලා අපේ ගෙවල්වල ලොකු අය කිව්වත් පොඩි අපිනම් නෙමේ එව්වාගෙන් සැලුනේ.බත් එකේ වැරදිමකින් කෙස් ගහක් තිබ්බොත් බත් කන එක වර්ජනය කෙරුවත් "බොම්බයි මොටයි"කෙස් වලින් හැදුවත් එක නම් වර්ජනය කෙරුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා බන්.... රස දන්න එකා මොනවා කිව්වත් කන එක නවත්තන්නෙ නෑ...

      Delete
  8. වෙල්කම් බෑක් තිළීණ.

    කාලෙකිං දැක්කෙ. හරිම සතුටුයි ආපහු තිලිණගෙන් යමක් කියවන්න ලැබෙන එක.

    කියවල එන්නං...

    ReplyDelete
  9. බොම්බයි මොටයි ගැනයි, ඒව විකුණන යුනීක් වෙළෙන්දො ගැනයි පෝස්ට් එකක් දැක්ක මං කාලෙකට කලිං මාතලං ලියපු...

    හැබෑට අපේ පොඩි කාලෙ. ඔය බොම්බයි මොටයි සීනුව, එතකොට අර අයිස් පලං කාරයගෙ නයි නළාව, නයි නටවන, රිළව් නටවන උදවිය... ඔය එකෙක් හරි ගමට ආ දවසට අපිට නිකං අවුරුදු වගේ තමා.

    ReplyDelete
    Replies
    1. ඔය "චූන් පාන්" ටයිප් එකේ සින්දු දාගෙන මුලින්ම ආවෙ "වෝල්ස්" අයිස් ක්‍රීම්. "වෝල්ස්" කාරයා එනෙකොට ගව් ගානක් තියල උනත් අපිට කියන්න පුලුවන්.

      Delete
  10. කහන් පිට... සැට් එකේ හාදයෙක් වගේ. ලියන්න "කහන් පිට "සැට් එක දෙයි බැකප් එක

    ReplyDelete
    Replies
    1. ඕනම එකෙක් ලියන්නෙ කවුරු හරි සෙට් එකක් බැකප් එක දෙන නිසා බන්. උබේ කමෙන්ට් එකත් මට බැකප් එකක් තමයි.. :D

      Delete
  11. wow nawa is back.patta pata pata ( phone eke sinhala missing)

    ReplyDelete
  12. wow nawa is back.patta pata pata ( phone eke sinhala missing)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචන්...... :D

      Delete
  13. බොම්බයි මොටයි පරිණාමය වෙලා තියෙන්නෙ.. ඇයි Cotton candy..... ඒවා අර පරණ බොම්බයි මොටයි රහ නෑ අප්ප... අර පපඩම නයිස් නේද.. හම්මේ... ඒ කාලෙ අම්ම බස් එකේ යන්න දෙන 7.50 ( යන්න 2.50යි, එන්න 2.50යි, හදිස්සියට අතේ තියාගන්න 2.50යි..) ඉවර වෙනකං ඔය කඩචෝරු ඔක්කොම කාල බස් එකේ ‌හොරෙන් ආපු හැටි... හි හි

    ReplyDelete
    Replies
    1. ඔය පපඩම ඒ දවස්වල අපට දුන්නෙ නෑ. නිකම්ම කඩදාසි කෑලි දෙකකට මැද්දෙ තියල තමයි දුන්නෙ.

      //ඔය කඩචෝරු ඔක්කොම කාල බස් එකේ ‌හොරෙන් ආපු හැටි//
      "හිරු" අලි හෙරක්නෙ :D :D :D

      Delete
  14. කීප දොහක්ම ඇවිත් හැරිලා ගියා. මේල් එකක් දාන්න හිතන් හිටියත් වුනෙත් නෑ. ඒ වුනාට මේක දැක්කම මාර සතුටුයි. මේ වගේ බ්ලොග් නොලියවෙන එකේ පාඩුව අපිට.

    ආපහු දිගටම ලියන්න. කලින් කීප පාරක්ම කියෙව්වාට කොමන්ට් එකක් දාන්න පුළුවන් කමක් ලැබුනේ දැන්.

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ මම පොඩි කාලේ බොම්බයි මොටයි කෑවා කියලා. කඩචෝරු තහනම් වෙලා තිබ්බ හින්දාත් අනික ඕවා ට්‍රේන් වල බස් වල විකුණන්නේ ටොයිලට් ගිහින් අත හෝදන්නේවත් නැති මිනිස්සු වගේ භයානක කතා හින්දා අපි ඇහැක්වත් ඇරලා බැලුවේ නෑ වෙන්න ඕනේ.
      ඒ වුනාට මම මේ ළඟදි jelebi පැකට් එකක්ම දවස් දෙකෙන්ම කාලා ඉවර කලා. සීනි වැඩි වෙනකම්ම කෑවා වෙන්න ඕනේ... ඔන්න පොඩි කාලේ බැරි වුන ඒවා අපි දැන් පිරිමහණ හැටි !.

      Delete
    2. අනේ ඕකට දවස් දෙකයි ඕනැයි.. අපිට දුන්නොත් එක දවසින් කාලා පෙන්නනවා..

      Delete
    3. පිරිසිදු කම බලන්න ගියොත් නම් පුතෝ කඩචෝරු කාල හමාරයි. :D

      Delete
  15. ඔය දාල තියෙන්නෙ රෝස පාට ජාතිය අර කහපාට එකේම කලර් වෙනස් වර්ෂන් එකක් කියල හිතනවා..
    මං කාල තියෙන්නෙ අර කහපාටට හුරු එක. ටිකක් රෆ් තමයි හැබැයි මාර රසයි...
    අර සීයලගෙ රැවුල් රෙසපිය මං හිතන්නෙ ලංකාවෙ අම්මල කතාවෙලා හදපු එකක්ද කොහෙද..

    බොම්බයි මොටයි වල පරිණාමනය වෙච්ච වර්ෂන් එක නේද කොට්න් කැන්ඩි.. අර ඉරට්ට වටේ ඔතල දෙන රෝස පාට කෙලි කෙදි අයිටම් එක ඔය ඒ වෙලාවෙම හදල දෙන්නෙ
    ඒ තරං ගති නං නෑ

    ReplyDelete
    Replies
    1. කොටන් කැන්ඩි වලත් අමුතු ගතියක් තියෙනව. කන්න ගත්තම රැවුලෙ ඇලෙන එක තමා අවුල. :D :D

      Delete
  16. බොම්බයි මොටයි වෙනුවෙන් ජිවිතේ පුජා කරන්න උනත් කැමති පුංචි කෙල්ලෙක් වෙලා ඉඳල, දැන් ඒක පොඩි වෙනසක් එක්ක තාමත් තියෙනවා. අපේ අම්මට නම් කනිපින්දම් ගාන්න දෙයක් නැහැ එයා අරන් දෙනවා. හැබැයි ජරාවක් කියන එක ඔලුවේ තිබ්බා මතකයි කොහෙන් ආවද මන්ද. තාමත් බොම්බයි මොටයි කාරයෙක් මගේ ළඟ නොනැවතී පහුකරගෙන ගිහිල්ල නැහැ. එතන තියෙන්නේ සංකල්ප පෝෂණයක් මිසක් කිසිම විදියකින් උදව්වක් නැහැ.

    කට්ටිය කොට්න් කැන්ඩි ගතියක් නැහැ කිව්වට මට ඒකත් විඳින්න පුළුවන්. මම ඒකෙ එක එක පැත්තෙන් පාට වෙනස් වෙන්න, හැඩේ වෙනස් වෙන්න කනවා. හැබැයි කොයිම වෙලාවක වත් නහයේ ගෑවෙන්නේ නැතුව, කට වටේ ගාගන්නේ නැතුව ඉවර කරන්න බැහැ. හි හි..

    රසවත් මතක

    ReplyDelete
    Replies
    1. //හැබැයි කොයිම වෙලාවක වත් නහයේ ගෑවෙන්නේ නැතුව, කට වටේ ගාගන්නේ නැතුව ඉවර කරන්න බැහැ.//
      ඒකෙම තමයි ආතල් එක තියෙන්නෙ. අනික රුපියල් විස්සක් දීල අවුරුදු විස්සක් ආපස්සට ගිහින් එන්න තියෙන එක කොච්චර සුන්දරද........

      Delete
  17. අපි පුංචි කාලෙදි මේවට කිව්වෙ සීනි පොල්කොහු කියලා. ඒ කාලෙදි නම් දැන් වගේ කන්න පුලුවන් පපඩමකට නෙවෙයි, කඩදාසි කොලයකටයි දාලා දෙන්නෙ.
    අවුරුදු 3-4 කට කලින් කොල්ලුපිටියෙ හිටියා සීනි පොල්කොහු විකුණන කෙනෙක්. තාම සීනුවයි රසයි නම් වෙනස් වෙලා නැහැ තමයි. මේක කියවලා ආයෙත් පොඩි කාලෙට ගිහින් ආවා වගෙයි :)

    ReplyDelete
  18. පොඩ්පොඩ් දෙ වල්වලින් අතිතයෙ මතක් වෙනවානෙ

    ReplyDelete
  19. nawatha dakeema sathutak kollo.....

    ReplyDelete