කලාවට
සම්භන්ධ කිසිම පීඨයක් නොතිබුනාට, අපේ කැම්පස් එකෙත් බුරුතු පිටින් රසිකයෝ ඉන්නවා කියල තේරෙන්නෙ, මොකක් හරි කලා කටයුත්තක් තියෙනකොට. සාමාන්‍යයෙන් අපේ කැම්පස් එකේ ඔය වගේ කලා කටයුත්තක් සන්විධානය වෙන්නෙ “ෆ්‍රෙශර්ස් නයිට්” එකකට හරි, “බැච් පාර්ටි” එකකට හරි ආධාර හොයන්න ඕන උනාම. අරමුණ මොකක් උනත්, සoවිධාණය කාගෙ
උනත්, හොද සoගීත ප්‍රසoගයක, වේදිකා නාට්ට්යක ප්‍රේක්ශකාගරෙ එකම එක හිස් ආසනයක්වත්
මම කවදාවත් දැකලා නැත්තෙ කලින් කිව්වා වගේ බුරුතු පිටින් රසිකයෝ ඉන්න නිසා වෙන්න ඕන.
හැබැයි පුතෝ අලුත් බැච්
එන කාලෙට, එකක් පස්සෙ එකක් පෝළිමේ එන , පිළුනු වෙච්ච ෆිල්ම් පෙන්නන "ෆිල්ම් ෆෙස්ටිවල්" එකක ටිකට් විකුණන්න නම් අමුම අමු කට්ටක් කන්න වෙනවා.
ලයනල්
රන්වල ශූරීන්ගෙ "යුද්දෙටත් ඇවිත්" ප්‍රසන්ගය කැම්පස් එකට ගෙන්නුවෙත් ඔය වගේ ෆ්‍රෙශර්ස් නයිට් එකකට සල්ලි හොයාගන්න. යුද්දෙකට ආවොත් ඉතින් කවදාවත් පසු නොබසින ගැමුණු පරපුරේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න නිසාද මන්දා, දවස සිකුරාදා උනත් ශෝ එකට කටකපල සෙනග හිටියා.මායි අපේ බෝඩිමේ සෙට් එකයි පෝළිමේ ගිහින්, වාඩි වෙනකොට ශෝ එක පටන් ගන්න ඔන්න මෙන්න. සක් හඩ මැද්දෙ චිරාගත පොල්තෙල්පාන පත්තු කරල, ගුණ
කතා, ස්තූති කතා ටික ඉවර උනාට පස්සෙ තමයි අදුරු වේදිකාවෙ තිරය දෙපැත්තට වෙන්න ගත්තේ. ලා කහපාට එළියකුත් ඒ එක්කම වේදිකාවට වැටුනා.
"බුද්ධo සරණේ...........
සිරස දරාගෙන..............
" මැටිපාන් අතින් අරගත්ත සුකුමාල යුවතියෝ ටිකක් වේදිකාව උඩට පාවුනේ, තුණ් සරණේ කවි කියාගෙන.
ඒ
හැම කෙනෙක්ම එකා වගේ ලස්සනයි. මල් මල් වැටුන අලුත් චීත්තෙට බෝරිච්චි අත්දාපු සුදු හැට්ටෙ යස අපූරුවට පෑහුනා. තනි කරළට ගොතපු කොන්ඩෙ, දික් වෙච්ච ඇහිබැම, නිල් කැට වගේ ඇස් දෙක, ඒ ඔක්කොටම හපන් රිදී සීනු කටහඩ. ඇසිපිය ගහන සුරoගනාවියො දිහා අපි හැමෝගෙම ඇස්පිල්ලමක් වත් ගහන්නෙ නැතුව, කටවලුත් ඇරගෙන බලන් හිටියා. ඉන්න කෙල්ලො එකා දෙන්නත් කොලුතාලෙට හැදිච්ච අපේ කැම්පස් එකේ කොහොමත් ඔය වගේ නාරි රූප බොහොම විරලයි.
ස්ටේජ්
එක උඩ ඉන්න නාරිරූප වලට අම්බානෙකට ඔකද වෙච්ච එකෙක්, විසිල් පාරකින් මුලු ශාලාවම
දෙදරෙව්වේ ඔය අතරෙ. මුල් විසිල් පාර මැකෙන්නත් කලින් එකපිට එක වැදුන විසිල් පාරවල් වලින් අපේ කන් පිරුනා. විසිල් ගහන්න පුලුවන් උන් පුටු උඩ නැගලා, අත් දෙකේම ඇගිලි කටේ ගහගෙන විසිල් ගහන කොට, බැරි
උන් විසිල් ගහන උන්ව ෆෝම් කරනවා.
කොහොමහරි
සහන් රන්වල ස්ටේජ් එකට නැගල අපට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරනකන්ම ඔය විසිල් ගැහිල්ල නැවතුනේ නෑ.
"යුද්දෙටත් ඇවිත් ප්‍රසoගය දර්ශණවාර ..... කට වඩා පවත්තල තියෙනවා. ජ`පුර, පේරාදෙණිය, කොළඹ වගේම මේ කැම්පස් එකෙත් මීට කලින් වතාවක් අපි ආව. ඒත්....... ඒත්........" කේන්තිය වැඩිකමට පොර උණ වලිප්පුව හැදිලා වගේ ස්ටේජ් එක උඩ වෙව්ලනවා. වී.අයි.පී සීට් පේළි වලට පොඩ්ඩක් පිටිපස්සට වෙන්න ස්ටේජ් එක කිට්ටුවම හිටපු මගේ ඇගේ ලේ වතුර වෙලා ගියේ, මිනිහා තරහා වැඩිකමට අතේ තියන මයික් එකෙන් වත් කෙලලා අදී කියන බයට.
"ඒත්..... තුන්
සරණෙට විසිල් ගහපු මුල්ම වතාව මේක...... මේ කැම්පස් එකේ ඉන්නෙ ඉහල රසාස්වාදයක් තියෙන අය කියලයි අපි හිතුවෙ. වැඩේ බොහොම වැරදියි. හරිම ලැජ්ජයි" විසිල් ගහපු, නොගහපු හැම එකාගෙම මූණු බෙරි වෙලා. සන්විධායක මණ්ඩලේ කොල්ලො ටික අඩන්න වගේ.
"හ්ම්ම්...... හරි
..... ගිය දේ ගියා...... අමනයෝ ටික දෙනෙක් නිසා ප්රසන්ගෙ නවත්තන්නෙ මොකටද??? කට්ටියම නැගිටලා, වැදගෙන, අපිත් එක්ක තුන්සරණේ කියමු එහෙනම්....." හෝල් එකේ හිටපු හැමෝම නැගිටලා රන්වල
බලකාය එක්කම තුන් සරණේ කිව්වා.
ඉදලා
හිටලා වැදුන අත්පුඩියක් ඇරෙන්න ප්‍රසන්ගය ඉවර වෙනකම්ම එකෙක් වත් "හ්ම්ම්"
කිව්වේ නෑ.
පසු
සටහන
සහන් රන්වලට නකුට පාගගෙන දගලන්න තරම දෙයක් ඒ විසිල් පාරවල් වල තිබුනේ නෑ. "තුන් සරණෙට" විසිල් ගහන්න තරම් අමනයෝ වෙච්ච දෙව්දත් පරපුරේ නෙවේ, අපේ උන් . හරියටම ටාගට් කරලා හාවට විද්දම, "පදුරට වැදුනෝ…. පදුරට වැදුනෝ…. " ගගා බෙරිහන් දීපු සහන් රන්වලගෙ මානසිකත්වය, “කැලිපරේකින්” මනින්න තරම් වත් පළල් නෑ.
තව එකක්, කොල්ලො
බහුතරයක් ඉන්න තැනකට ලස්සන කෙල්ලො සෙට් එකක් පාත් උනාම විසිල් පාරක් වැදුනෙ නැත්තම්, එතන ඉන්න කොල්ලොන්ට බරපතල රෝගයක් තියෙන්න ඕනෙ. නැත්තම් සමාජ අසම්මත විකෘතියක් තියෙන්න ඕන. අපේ උන් විසිල් එකක් ගැහුවෙ, ඇත්තටම ඒ කෙල්ලො ටික ලස්සන නිසා මිසක්, උන්ව “බඩ කරවන්න” හිතාගෙන නෙවේ කියලා නම් මට හොදටම ශුවර්.
කැම්පස් එක මොරටුවද ??
ReplyDeleteහ්ම්ම්ම්.... ඔව් සහෝ. ඔය වගේ දූත ලක්ශණ වෙන කොහේවත්ම නෑ.
Deletepatta kathawa
ReplyDeleteඇත්ත කතාව
Deleteඉන්න කෙල්ලෝ එකා දෙන්නත් කොල්ලෝ වගේ '''කියන කොටම අපි දන්නවා කැම්පස් එක ...
ReplyDeleteපසු සටහන හොඳයි...ඒ වුනාට ඉතින් රන්වල ඒ වෙලාවේ එහම කියල නැවැත්තුවේ නැත්නම් ඕගොල්ලෝ තාම විසිල් ගහනවනේ ..D
මම ඔහොම කිව්වත්, රංවල ඉන්න තැන මම හිටියත් කරන්නෙ ඕකම තමා...
Deleteඅනිවා, ලංකාවෙ ඔය ගති ලක්ශණ තියෙන එකම කැම්පස් එකයි තියෙන්නෙ :ඩී :ඩී (හොද වෙලාවට බැචියො කවුරුවත් බ්ලොග් එක ගැන දන්නෙ නෑ :ඩී)
හොඳ වෙලාවට රන්වල පුතා හිටියෙ... තාත්ත හිටපු කාලෙ ඔහොම උනා නම් තමයි වැඩේ....
ReplyDeleteහෆොයි ඔව්... එහෙනම් ඒ වෙලේම නැගිටල එන්න තමා වෙන්නෙ..
Deleteසහන් රන්වල කරපු දේ ගැන කියන්න තියෙන්නෙ ඉතින් ‘ඔළුව මනමෙ - කඳ පැජරෝ‘ කියල තමයි.(උපුටා ගැනීම 90 ගණන් වල මාතොට සඟරාවකින්)
ReplyDeleteසහන් ට තුන් සරණේ වත්, තාත්තගෙ නිර්මාණවත් වලින් යැපෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට විසිල් ගහන එක තමයි නේද ප්‍රශ්නෙ? සමාජයේ හැම පාරිශුද්ධ සංකල්පයක් ම විකිණෙන ආර්ථිකයක අපේ උන් විරුද්ධ වෙන්නෙ ප්‍රශ්නෙ මුල අල්ලගෙන නෙවෙයි. වෙන මොකක් හරි මතුපිට සංකල්පයක් අල්ලගෙන.
ReplyDelete@ඩ්‍රැකී : අනේ මන්දා... රසිකයන්ට ආමන්ත්‍රණය කරන්න කලින් ඔවුන්ගෙ පසුබිම වටහ ගන්න ඕන...
ReplyDelete