මේක මීට අවුරුදු හයකට විතර උඩදි වෙච්ච සිද්දියක්. එතකොට අපි කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දෙ අන්තිම හරියෙ. තර්ඩ් ඉයර් එක තමයි කැම්පස් ජීවිතේ "පොරත්වය" උපරිමයටම ආපු අවුරුද්ද. අපි, යට බැච් දෙකකට සින්නෝ. අනික ෆයිනල් ඉයර් එකේ උන් එක්සෑම් වලටයි, ප්‍රොජෙක්ට් වලටයි හිරවෙලා නිසා උන්ට "පොරත්වය" එලියට දාන්න වෙලාවක් නෑ. ඒකනිසා අපේ බැච් එක තමා යට බැච් තලා පෙලා ගෙන කැම්පස් එකේ රග දුන්නෙ.
තර්ඩ් ඉයර් එකේ අන්තිම හරියෙ අපට තිබුනා මාස හයක වෘත්තීය පුහුණුවක්. මටයි තව බැචාල තුන්දෙනෙකුටයි සෙට් උනේ හබරණ - කන්තලේ පාර හදන කොම්පැණියක්. අපරාදේ කියන්න බෑ හබරණට ඇවිල්ල දවස් දෙකයි ගියේ, කැම්පස් පොරත්වය අඩු වෙලා, අඩු වෙලා, බින්දුවටම බැහැලා, බින්දුවෙනුත් තව පල්ලෙහාටම ඇදගෙන වැටුනා.
තර්ඩ් ඉයර් එකේ අන්තිම හරියෙ අපට තිබුනා මාස හයක වෘත්තීය පුහුණුවක්. මටයි තව බැචාල තුන්දෙනෙකුටයි සෙට් උනේ හබරණ - කන්තලේ පාර හදන කොම්පැණියක්. අපරාදේ කියන්න බෑ හබරණට ඇවිල්ල දවස් දෙකයි ගියේ, කැම්පස් පොරත්වය අඩු වෙලා, අඩු වෙලා, බින්දුවටම බැහැලා, බින්දුවෙනුත් තව පල්ලෙහාටම ඇදගෙන වැටුනා.
ඒ වෙනකොට වැඩිය තැලිල, පොඩිවෙලා, කුරවල් වෙලා හිටපු නැති අපට ඒ මාස හය දැනුනෙ බරපතල වැඩ සහිතව හිරේට දැම්මා වගේ. වෙලාවකට ගෙදර යන්න නෑ. උදේ - රෑ වෙනකන්, රෑ - එළි වෙනකන් අවුවක් වැස්සක් බලන්නෙ නැතුව වැඩ. ඔය මාස හයටම පුටුවක වාඩි වෙලා මේසෙක තියාගෙන දවල් බත් එක කාපු වාර ගාන අත්දෙකේම ඇගිලි ගානට අඩු ඇති. මහන්සි වෙලා හවසට "වාට්ටුවට" ආවත්, කිසිම නිදහසක් නෑ. "වාට්ටුව" කිව්වෙ ඔය මාස හයේ අපි නැවතිලා හිටපු නිවාසෙ. ඒක ඉස්පිරිතාලෙක වාට්ටුවක වගේ එකදිගට ඇදන් දාපු ලොකු හෝල් එකක්. "වාට්ටුවෙ" තමන්ට කියල වෙන්වෙච්ච ඉඩකට තිබුනෙ ඇදයි, ඇදලග තිබුන ටීපෝ එකයි, ඇද යටයි විතරයි. රෑ දෙගොඩහරිය වෙනකන් බීලා කෑ ගහන උන් හින්දා සමහර දවස් වලට දෙයියනේ කියලා නිදා ගන්නත් නෑ. ඒ මදිවට සයිට් එකේදි පොඩ්ඩක් වැරදුනොත් කුණු බැනුම් අහන්න ඕන.
මේ විදියට අසරණ වෙලා, "හික්" ගෑවිලා හිටපු අපි හතර දෙනාට යන්තම් හරි මූණ බලල කතා කරන්න චාන්ස් එකක් තිබුනෙ, කවුරුත් නිවාඩු යන වැඩ අඩු සෙනසුරාදා හරි ඉරිදා හරි හවසක් විතරයි. ඒ වගේ හවසක හබරණ ටවුමට ගිහින්, රෑ කඩේකට වැදිලා සතියෙම තියෙන ඇරියෙස් එක බිත්තර කොත්තුවකින් හරි, චිකන් හොදි එක්ක පරාටා පිගානකින් හරි කවර් කරන ගමන්, එක එකාගෙ සැප දුක හොයල බලන එක අපි පුරුද්දක් කර ගත්තා. මේ කතාවත් පටන් ගන්නෙ ඔන්න ඔය වගේ අපි හතර දෙනා සෙට් වෙච්ච, එක් දෛවෝපගත සැන්දෑවක හබරණ ටවුමෙ රෑ කඩෙකින් ඕඩර් කරපු, චිකන් හොදි සහිත පරාටා පිගානකින්.
සතිය තිස්සෙම ඇට තඩි කෝරා බතුයි, කැකිරි මාලුවයි, කොහෙන් හරි උස්සන් ආපු වල් ගහක කොළ මැල්ලුමයි කාල කාල හතිවැටිච්ච මට, දුම් දාන් පරාටා පිගාන දැක්කම ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටුනා.
"ඉතින් මචන් මොකද අකිලය උඹෙන් ඔච්චරම ගේම ඉල්ලන්නෙ ???" මගේ බැචා "ලවුඩා" සයිට් එකේ මට කැපිල්ල දාන සුපවයිසර් බුවෙක් ගැන මගෙන් අහනවා.
"කවුරු දන්නවද බන්. උගේ හිතේ මම උගෙ ජොබ් එකට කෙලින්න ආව කියලා..." ඒ එක්කම චිකන් හොදි දීසියත් ආවා. ආයෙම පුටුවෙ හරි බරි ගැහිලා වාඩි වෙච්ච මන්, සුභ මොහොතින් පරාටා අනුභවය පටන් ගත්තා. මට මතක හැටියට එදා මම පරාටා හතරක් නැත්තන් පහක් කන්න ඇති. පරාට කාල, ප්ලේන්ටියක් බීල ආයෙත් වාට්ටුවට අපි හතර දෙනා විසිර ගියා.
රෑ කාපු පරාටා තවත් එක් මෙගා නාට්ටියක පලවෙනි එපිසෝඩ් එක කියලා තේරුනේ උදේ නැගිටලා වැසිකිලි යද්දි. වෙනදට බොහොම සන්සුන්ව වැසිකිලියට යන මම, එදා වැසිකිලියට දිව්වෙ උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේ. අන්ඩක් කැඩුනත්, අන්ඩ කරේ තියන් හරි වැඩට වරෙන් කියලා ලොක්කා කියලා තියෙන නිසා, මම බඩේ රුදාව පැත්තකින් තියල, ඉක්මනට ඇද පැලද ගෙන දුවගෙන ගිහින් කෲ කැබ් එකට නැග්ගා. ඒ දවස් වල පාර හැදුවෙ කන්තලේ කිට්ටුවට වෙන්න. අපි නැවතිලා හිටියෙ හබරණ කිට්ටුව. ඉතින් හැමදාම උදෙට කිලෝ මීටර තිහක් විතර කැබ් එකේ අපි යන්න ඕන.
සයිට් එකට යන්න පටන් අරන් මුල් කිලෝමීටර දහය විතර යද්දි යටිබඩ පැත්තෙන් හීනියට වගේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඒ එක්කම යගුලියක් බඩ ඇතුලෙ කරකවනවා වගේ දැනෙන්න උනා. තව ටික වෙලාවක් යද්දි බඩ ඇතුලෙ කැරකිච්ච යගුලිය මහා වැසිකිලි බරක් උනා. මට ගම්බාර දෙයියෝ සිහිඋනා.
මම ෆුල් ඩම් එක දාලා බඩ අකුලා ගෙන, ඒ මහා වැසිකිලි බර මාව අතඇරලා මහ පොළවට පතිතවෙන එක නවත්තගන්න හෙන ගේම. ගේම කොච්චරද කියනවා නම් මගේ තොල කට වේලිලා, මූන සත පහ වගේ වෙලා, මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා. එක පාරටම බඩ ඇතුලෙ කැරකිච්ච යගුලිය බෝලෙ අතුරුදහන් උනා. ඒ එක්කම වැසිකිලි බරත් නැතිවෙලා ගියා. වේලිච්ච තොල් වලට යන්තමට ලේ ටිකක් ඉනුවා.
ඔය විදිහට නිදහසේ තව කිලෝ මීටරක් යන්න ඇති. ආයෙම අර යගුලිය බෝලෙ බඩ ඇතුලෙ කැරකෙන්න පටන් ගත්තා. දැන් ඒක කලින් එකට වඩා ලොකු, බර යගුලිය බෝලයක්.කලින් විදිහටම බඩ තදකරගන්න හැදුවත්, වැසිකිලි බර අඩු කරගන්න ඒක මදි කියලා මට තේරුනා. කොට සායක් ඇදපු ගෑණු ලමයෙක් පුටුවක ඉදගන්න විදිහට මාත් කකුලක් පිට කකුලක් දාගෙන, අමතර ගැම්මක් අර ගත්තා.
"මොකෝ මල්ලී ඉඩ මදිද??? ආ... මෙහාට වෙයන්. ඔහොම හිර වෙලා යන්න ඕනැය...."මට එහා පැත්තෙ හිටපු රන්ජි අයියා එහාට මෙහාට වෙලා මට ඉඩ දෙන්න හදනවා.
"ඕන්නෑ රන්ජි අයියා... මෙහෙම හොදයි." මගේ වෙලාවටද කොහේ මිනිහා වැඩිය බල කලේ නෑ.
දෙවැනි ස්ට්‍රෝක් එක පලවෙනි එකට වඩා අමාරුයි කියලා මට තේරුනේ මොන සෙල්ලන් දැම්මත්, මොන ඉරියව්ව මාරු කරත් බඩ ඇතුලෙ කැරකෙන යගුලිය බෝලෙ අඩු කරගන්න බැරි නිසා. ඒත් එහෙම කියල වැසිකිලි බරට දිනන්න දෙන්න පුලුවනෑ. ඊට වඩා හොදයි හෑන්ඩ් ෆ්‍රී සෙට් එකක් කනේ ගහගෙන රුහුණු කුමාරිට පනින එක.
මම මහා චිත්ත වේගයක් මවා ගත්තා. හිත දැඩිකරගෙන ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. වැසිකිලි බර පරාජය කොට මිස වාහනයෙන් නොබසිමීයි මම මටම කියා ගත්තා.
ඒත් යගුලිය බෝලේ මගේ වීර්යයට කින්ඩි දදා බඩ ඇතුලෙ පිනුම් ගහනවා. අන්තිමට යගුලිය බෝලෙට මගේ වීර්ය පරාද උනා. වැසිකිලි බර මාව පහුකරගෙන ඉස්සරහට ඇදෙනවා. ජීවිතේ මූණ දෙන ලොකුම සමාජ අවමානයට මූණ දෙන්න හිතාගෙන මම ඇස් දෙක පියා ගත්තා.
වටේ ඉන්න උන් නහය අකුල ගෙන, මූණ නාලු කරගෙන මාව ඈත් කරන හැටියි, මගේ අතිජාත බැචාලා මේ සීන් එක කැම්පස් එක පුරා පතුරුවන හැටියි, ඊට පස්සෙ නිවුස් එක ගමේ උන් දැනගෙන ගන්න හැටියි, ඒ දැනගෙන ගමේ ඉන්න ඥාති සමූහයා "තෝ අපේ හත්මුතු පරම්පරාවෙම දැලි ගෑවා යකෝ..." කියල ආකෝශ පරිබ්‍රහ කරන හැටියි මට මැවිලා පෙනුනා.
එතකොටම තමයි බඩ ඇතුලෙ බඩ පිනුම් ගහපු යගුලිය බෝලෙ වැසිකිලි බරත් අරගෙන අන්තරස්දාන උනේ.මම එක හුස්මට දෙවිවරු තිස්තුන් කෝටියටම පින් දීගෙන දීගෙන ගියා.
හැබැයි මට එක දෙයක් තක්කෙටම තේරුණා. කාට කොහොම පින් දුන්නත්, යගුලිය බෝලෙ තුන්වෙනි ස්ට්‍රෝක් එකෙන් බේරෙන්න නම් සක්කරයගෙ පුතා වයිමා ආවත් බෑ කියන එක.
අපි ඒ වෙනකොට උදේ කෑම කන තැනට කිට්ටු කරලයි හිටියෙ. ඒක තප්පර කටුවත් එක්ක තිබුන රේස් එකක්. ගෙවෙන හැම තත්පරයකම කෑම කන තැනට අඩියක් හරි ලන් වෙනවා. හැබැයි ඊලගට එන හැම තත්පරයකම ඒ මාරාන්තික ස්ට්‍රෝක් එක එන්න පුලුවන්.
කොහොම හරි අපේ කෲ කැබ් එක අපි කෑම කන තැනට ආවා. ස්ට්‍රෝක් එක තවම නෑ. මම අනිත් අයට බහින්න දීල, අන්තිමට බහින්න හරි බරි ගැහුනා. මෙච්චර වෙලා ආපු ඉරියව්ව එකපාරටම මාරු උන නිසාද මන්දා, හැන්ගිලා හිටපු යගුලිය බෝලෙ වහාම සක්‍රීය උනා. මහ අන්ත්‍ර, කුඩා අන්ත්‍ර, අග්නාශය, පිත්තාශය එකී මෙකී නොකී සියලූම අවයව තලා පෙලාගෙන යගුලිය බෝලෙ කැරකෙන්න ගත්තා. කෑම කාල බොන්න ගෙනාපු ලීටර එක හමාරෙ වතුර බෝතලෙත් අරගෙන මම කැබ් එකෙන් එලියට පැන්නා.
කැබ් එකේ ඉදන් අඩි සීයක් විතර ඈතින් තිබුන කැලෑ කුට්ටියට මම ගියපු හැටි අදටත් මට මතක නෑ. අඩු ගනනෙ, ඒ අඩි සීය ඇවිද්දද, නැත්තම් බඩ ගෑවද, ඒත් නැත්තම් දිව්වද කියල වත් මට කල්පනාවක් නෑ. කොහොම හරි ජීවිතේ පලවෙනි වතාවට එළිමහන් පරිසරයක එළි බැස්සෙ ඒ කැලෑ කුට්ටියෙදි. මගෙයි මගෙ හත්මුතු පරම්පරාවෙමයි නම්බුව බේරල දුන්න ඒ කැලෑ කුට්ටියට අදටත් මම ණය ගැතියි.
අදාල කාර්යය නිම උනාට පස්සෙ, ටොන්කිරිඤ්ඤ බ්‍රෑන්ඩ් ටොයිලට් පේපර්ස් වලින් පශ්චාත් ප්‍රදේශය පිහිද ගෙන, මදිපාඩුවට බෝතල් වතුරෙනුත් සෝද ගෙන මම ආපහු අපේ කට්ටිය ඉන්න තැනට ආවා.
"කොහෙද හු#&% යන්නෙ. මම මේ කාල ඉවර වෙලා හතර අතේ දුවනවා වතුර බෝතලේ හොය හොයා...." රන්ජි අයියා පැනපු ගමන් මගේ අතේ තිබුන වතුර බෝතලේ උදුරගෙන, ඉතුරු වෙලා තිබුන වතුර ටික බීගෙන බීගෙන ගියා.
ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.
හා හා හා... අයියෝ ඕවා මොනවද? අපිට වෙලා තියෙන්නේ ඔයිට වඩා භයානක සිදුවීම් නේ.
ReplyDeleteනිකම් හිතන්නකෝ දහස් ගාණක් ගැවසෙන ඕපන් ස්පේස් එකක.
:D
ReplyDeleteහිකිස්
ReplyDeleteඅරූ වතුර බෝතලේ අරං බීපු හැටියෙන්ම තේරෙන්නේ කාටවත් වැඩේ මාට්‍ටු නැති බවයි.
ReplyDeleteමේක රංජි අයියා දැක්කොත් පොරට මොනා දැන් යයිද දන්නේ නැහැ.
ReplyDelete:D
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
ReplyDeletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau