Friday, November 9, 2012

කන්ගැට්ටා



"කන්ගැට්ටා" කියන නම අපි අතර ජනප්‍රි වෙන්න ගත්තෙ, ටුගේ සිද්දියට අදාල මහ මොළකාරයා ඇල්ලුවයින් පස්සේ. කුඩු ගහන්න, ටුගේ කඩු උස්සපු "කංගැට්ටා" නිසා, මගෙ යල්පැනපු මතකයන් කීපයක් අලුත් උනා.

පළවෙනි එක තමා අල්ලපු ගමේ පොලීසියෙ හිටපු රාළහාමි. "කන්ගැට්ටා" හොරෙක් නිසා, රාළහාමිව මතක් උනා එහෙම නෙවේ. රාළහාමි නැතිතැන, උප්පැන්න සහතිකේ තියෙන නමින් රාළහාමිව ඇමතුවනම්, පොරගෙ හොදම හිතවතුන් ටිකදෙනා විතරක් වෙන්න ඕන. අනිත් හැම එකෙක්ම පොරට කිව්වෙ, "න්ගැට්ටා" කියලා. "කන්ගැට්ටා"වගේ සැකකාරයෝ කතා කරවන්න උන්නැහේ පාවිච්චි කරපු අපූරු උපක්‍රමයක් නිසා. මිනිහා මුලින්ම කරන්නෙ පොලීසියට ගේන, කටට ඉබි යතුරු දාගෙන ඉන්න පිරිමි සැකකාරයොන්ගෙ කමීසෙ ගලවන එක. ඊට පස්සෙ ප්‍රශ්ණ අහන ගමන් රේඩියෝ එකක් ටියුන් කරන්න වගේ, අදාල සැකකාරයගෙ පියයුරු සුසර කිරීම. බොහොම පැහැදිලි ශ්‍රවණ තත්වයක් ලාබාගන්න නම්, මොන සංඛ්‍යාතයට ටියුන් කරන්න ඕනෙද කියලා, සැකකාරයගෙ මූණ බැලුවම පොරට කියන්න පුලුවන්ලු.

දෙවනි කතාවට නම් ඇත්තටම "කනක්" සම්භන්දයි. මේක වෙනකොට මට අවුරුදු අටක්, නමයක් ඇති.

මං ගියේ අපේ ගමේ ඉදන් කි.මී. හතරක් විතර ඈතින් තියෙන ටවුමෙ ඉස්කෝලෙකට. ඇත්තටම ඉස්කෝලෙ තිබුනෙ ටවුමෙ ඉදලත් තව කිලෝ මීටරයක් විතර ඇතුලට වෙන්න. ඒක නිසා රටේ ලෝකෙ ගැන හරිහමං තේරුමක් හම්බ වෙනකන්, කියන්නෙ හය වසරට විතර යනකන් ඉස්කොලෙ ගියේ "පාසල් සේවය" වෑන් එකක.

පොසොන් එකට අටමස්තානෙ වදිනවා වගේ, මුලු ටවුමෙම තියෙන ඉස්කෝල වටේ රවුන් ගගහා "පාසල් සේවය" වෑන් එකේ ඉන්න පැය බාගෙක විතර කාලෙත් ඉස්කොලෙ කාලෙ වගේම ආතල් සමයක් තමා. කෙල්ලො ටිකත් වට කරගෙන, අතරමං වෙච්ච නරක සමනළයො වගේ, "පාසල් සේවය" යන ලොකු පන්තිවල කොල්ලොන්ව මොකෙක්වත් ගනන් ගත්තෙ නැති නිසා, කොච්චර ආතල් උනත් හත, අට පංති වලින් පස්සෙ කොල්ලො ගොඩක් උන් ඔය වගේ වෑන් වල ගියේ නෑ. හැබැයි කෙල්ලොන්ගෙ තත්වෙ නම් ඊට වඩා වෙනස්. හෝඩියෙ ඉදන්, /පෙ කරනකන් ගොඩක් අය ගියේ වෑන් වල. ඔය කාරණා දෙක, තුන නිසා "පාසල් සේවය" වෑන් වල ගොඩක්ම හිටියෙ, ගෑණු පරාණ.

අපේ වෑන් එකෙත් ගොඩක්ම හිටියෙ කෙල්ලො. මම පොඩි එකා නිසා ඉන් ගොඩක්ම උන් අක්කලා. ඊට අමතරව අර කිව්ව ජාතියෙ සමනල් අයියල සෙට් එකකුත් හිටියා. තමන්ගෙ වයසෙ උන්ගෙන් බලු වෙන්න නෝන්ඩි උනත්, වෑන් එක ඇතුලෙ උන් සෙට් එක තරම් වීර පුරුෂයො මේ තුන් ලෝකෙම නෑ. වෑන් එකේ කෙල්ලො ටික පරිස්සන් කරන එකයි, අපි වගේ ඇච්චං කොල්ලන්ගෙන් ආතල් ගන්න එකයි තමා ඔය සෙට් එකේ ඩියුටි එක.

ඔය කාලෙ "පාසල් සේවය" වෑන් අතරෙ බොහොම ප්‍රසිද්ධ වෙච්ච අක්කා කෙනෙක් හිටියා. "බෝම්බෙ" කිව්වම වෑන් වල ගියපු උන් විතරක් නෙවේ වෑන් වල අයිතිකාරයො උනත් ඒ දවස්වල දන්නවා. නමෙන්ම තේරෙනවනෙ අක්කගෙ හුරතල්කම.

ඇච්චං අපිට හයිරං දාන සමනළ අයියල ටික උනත් "බෝම්බෙ" අක්කා ඉස්සරහ අලුත උපන් කුක්කෝ වෙනවා. ආයෙ කතා දෙකක් නෑ අක්කට බනින්න ඕන උනොත් තැන නොතනක්, ලිංග බේදයක් නෑ, අමතනවා ඇමතිල්ලක් භූගත වෙන්නම. "බෝම්බෙ" අක්කා ඉස්කෝලෙ ගියේ අපේ වෑන් එකේ නෙවේ. උනාට, අපිත් ඇතුලුව "පාසල් සේවය" වෑන් සෙට් එකේ කොල්ලො, "බෝම්බෙ" අක්කගෙන් බොහොම ළදරු ආතල් එකක් ගන්න පුරුදු වෙලා හිටියා. ඒතමා අක්කා එන දුර තියා බලලා, "බෝම්බේ" කියලා දුවන එක. හැබැයි පුතෝ, කිව්වා වගේ නෙවේ ඊට පස්සෙ දුවන එකත් විදිහටම කරන්න ඕනෙ.

මොකක් හරි කොස්සක් නිසා මම, ඉරණම්කාර දවසෙ උදේ ඉස්කෝලෙ ගියේ සුපුරුදු වෑන් එකේ නෙවේ.  හැබැයි හවස ඉස්කෝලෙ ඇරුන ගමන් දුවන් ඇවිල්ලා වෑන් එකට නැග්ගා. වෑන් එකේ දොර ගාව ජම්පින් සීට් එකේ වාඩි වෙලා දොර අරින ජොබ් එක කරන්න අපි ඇච්චො ටික අතරෙ තිබුනෙ ගෙන ෆයිට් එකක්.

"මල්ලි අන්න බෝම්බෙ ඉන්නවා..... " ජම්පින් සීට් එකේ වාඩි උනා විතරයි, එහා පැත්තෙ හිටපු සමනළ අයියා කෙනෙක් රහසින් වගේ මට කිව්වා.

"කෝ.. කෝ.." මමත් එහෙම ආවට ගියාට වලට පනින එකෙන් නෙවෙනෙ. අයියා පෙන්නපු වෑන් එක දිහා බැලුවත් "බෝම්බෙ" පේන්න නෑ.

"කොක්.. කොක්.. නෙවේ යකෝ.... අර ඉන්නෙ.. බෝම්බෙ ගාපන්.."

"බෝබ්බේ.. බෝබ්බේ.." වෑන් එක නම් "බෝම්බෙ" යන සුපුරුදු එක තමා. පේන්න නොහිටියට නයා ඉන්නෙ තුඹසෙනෙ. මාත් නලාව පිම්ඹා.

"හයියෙන් කෑගහපන් බන්....." සමනළයා තවත් මුකුත් කියන්න කලින් මම, මගේ ලවුඩ්ස්පීකර් සෙට් එක එලියට අරන් විකාශනය පටන් ගත්තා.

"බෝම්බේ... බෝ... ..... ඌයි... " කොහෙන්දෝ ආපු සිනිදු ඇගිලි තුඩු දෙකක් මගේ දකුණු කන් පෙත්ත කරකවන්න පටන් ගත්තා. කරකවනව විතරක් නම් මදෑ කන ගැලවෙන තරම් හයියෙන් හොලවන්නත් ගත්තා. අප්පට සිරි මෙන්න "බෝම්බෙ" මං ගාව. මටත් උනේ පින් එක කඩපු ඩප්පියක් සාක්කුවෙ දාගත්තා වගේ වැඩක්. වෙනකොට මගේ කට දකුණුකන ගාවට ගිහිල්ලා. දකුණු ඇහැ බාගෙට පියවෙලා. අනිත් ඇහෙන් හිල් වෙච්ච ටකරමකින් වැහි වතුර බේරෙන්න වගේ නන්ස්ටොප් කදුළු බේරෙනවා. විනාඩි දෙක තුනකට පස්සෙ කනෙන්, කඹ ඇදිල්ල නැවතුනා. අම්මප ඒකි නම් එසේ මෙසේ "බෝම්බයක්" නෙවේ, පරමාණු බෝම්බයක්. "බෝම්බෙ" අහුවෙලා වෙල්ලවැහුමක් වෙච්ච මගේ හුරතල් මූණ දිහා බල බල, සමනළ අයියල ටික වීරයො වගේ කැකිරි පලනවා.

පස්සෙ තමයි දැන ගත්තෙ, එදා උදේ ඉදන් "බෝම්බෙ" අක්කා අපේ වෑන් එකට මාරු වෙලා කියලා.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


6 comments:

  1. පොස්ට් එක නම් එකෙන්ම එල ජයෙන් ජයම වෙවා....

    ReplyDelete
  2. @naleen තැන්කූ වේවා. මම "සමකය වටේත්" රවුං ගහනවා :ඩී

    @සචිත්: තැන්කූ.... තැන්කූ....

    ReplyDelete
  3. හොද වැඩේ

    ReplyDelete
  4. ado.... මට තනියෙම හිනා ගියා පට්ට හයියෙන් :D

    ReplyDelete
  5. අපිට තිබ්බෙ අලුත් රෝස බස් එකක්, ඒකෙ ගිය අවුරැදු 3-4 තරම් සැපක් බස් වල කෝච්චි වල කොහෙද 🙂

    නමුත් වල බහින්න බැරි නිසා අකමැත්තෙන් හරි ඒක අත ඇරල ස්කූල් බස් එකටයි කෝච්චියටයි සෙට් උනා අරින්න උනා 😂

    ReplyDelete