Friday, February 15, 2013

පුරුෂයා




හෙතෙම උසය. මහතද, උසටම සරිලන්නේය. ඇත්දළ පැහැය ගත් ඔරිජිනල් හම, නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය වීම නිසා චොකලට් පැහැයට හැරී ඇත. ‍රැවුල බූගා නැත. එය යම් මට්ටමකට කෙටිවනසේ දිනපතා නඩත්තුකරන සෙයකි. ඝණව වැඩුන ඇහිබැම, ගැඹුරු දෙනෙතට එක්කරන්නේ දීප්තිමත් බවකි. මැදිවිය එළඹ නැතත්, ශ්වේත වර්ණ කෙස් ගහක්-දෙකක් ඉදහිට දකින්නට ඇත්තේ දිනපතා තද අව්වේ වැඩකරන නිසා විය යුතුය. කටහඩ ලයාන්විතය. නැලවිලි ස්වාභාවයක්ද ගනී. ගමනේ යනවිට බිළාලයකුගේ මෙන් උකුළ දෙපසට පැද්දෙයි. පැද්දෙන උකුළ්තල පුළුල්ය. 

මදක් නවතින්න. ඔබ අනුමාන කරනවා වැරදිය. හේ ස්ත්‍රියක නොවේ. කටහඩ ලයාන්විත උවත්, උකුළ්තල පුලුල් උවත්, හේ පිරිමියෙකි. කන්‍යා නැකතින් උපන් පිරිමියෙකි.

ජාතික හැදුනුම්පතේ තියෙන නම "අතපත්තු" උනාට සයිට් එකේ හැමෝම වගේ, පූර්විකාවෙදි කියවෙච්ච පුරුෂ රත්නයට කිව්වෙ "කෝමලී" කියල. ඇත්තටම ඒක අතපත්තුට නියමෙට ගැලපෙන නමක්. තමන්ගෙ දරුවෙක්ට නමක් දාන්න රටේම තියෙන පොත් පෙරලගෙන හෙනගේමක් දෙන අපේ උන්ම, මිනිහෙක්ගෙ හැඩ-නිල බලල, ක්ෂනයෙන්ම මිනිහට නමක් හදන්න නම් හරි සූරයි. අතින් අපේ අයියලා ඉන්නෙ, අරිසෙන් අහුබුදු ශූරීන්ටත් ගොඩක් ඉස්සරහින්.

සාමාන්‍යන් සයිට්වල වැඩට ගෑණුකට්ටිය අර ගන්නව ගොඩක් අඩුයි. අපේ සයිට් එකත් වගේ. කැන්ටිම කරන කීර්තිගෙ මායියයි, සුපවයිසර් අක්කා කෙනෙකුයි ඇරුනහම, අක්කර දහයක් විසාල මුලු සයිට් එකටම, වෙනකිසිම ගෑණු පරාණයක් නෑ. කෝමලීගෙ හැසිරීම, ගෑණු ගතියට කැපිල පේන්නෙ, පිරිමි බහුතරයක් මැද්දෙ ඉන්න නිසා වෙන්නත් ඇති. මොනවා උනත් ඈත ඉදන් කෝමලීව දකින ඕන එකෙක්, "ගැණියෙක් කියල" කෝමලීටරැවටෙනවා. තරමටම පොරගෙ ගමන-බිමන, කතා-බහ සුකොමාලයි.

කෝමලී සයිට් එකේ කම්කරුවෙක්. ඒත් පොරගෙ උගත්කමයි, ඉංග්‍රීසි දැනුමයි නම් හිතාගන්නත් බැරි තරම්. මිනිහ කිව්ව විදිහට, කාලයක් පොර පිස්සුවෙන් වගේ ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවා. පොර දවස්වල, ඇහැට පෙනෙන අතට අහුවෙන, හැම ඉංග්‍රීසි  පොතක්-පත්තරයක්ම හොය හොය කියෙව්වලු. අන්තිමේදි පොරට ඉංග්‍රීසියෙන් හිතෙන්න පටන් ගත්තලු. ඉංග්‍රීසියෙන් හීන පේන්න ගත්තලු. සිංහලයෙක් විදිහට ඉපදිලා ඉංග්‍රීසියෙන් හීන පෙනිච්ච එකම පොරත්, කෝමලී වෙන්න ඕන. පස්සෙ මිනිහා ඉංග්‍රීසි පස්සෙ එලවන එක නවත්තල දාල. කන් ඇහෙන එක පොඩ්ඩක් අඩු නිසා පත්වීමක් හම්බ වෙලත්, ඉංග්‍රීසි ගුරුකම බාරගත්තෙ නෑ කියල තමා පොර මාත් එක්ක කිව්වෙ.

මුල් දවස්වල කෝමලී එක්ක වැඩ කරන්න අපේ සයිට් එකේ සුපවයිසර්ල පොඩ්ඩක් පස්ස ගැහුවා. සයිට් එකේ ස්ටෝස් එකෙන් බඩු අරගන්න, ඉංග්‍රීසියෙන් ලියල දෙන චිට් එකේ අක්ෂර විඤාසයෙ හරි වැරදි කියල දෙන්න පටන් ගත්තු නිසා. අපේ උන්ගෙ වැරදිවල කෙලවරක් නැති නිසාද මංදා, පස්සෙ පස්සෙ පොර වැඩේ අතෑරල දැම්මා.

සමහර වෙලාවට කෝමලී දාන තර්ක වලට, අපේ කෙසුත් පැලෙනවා. එක දවසක් පොර මාව හොයාගෙන සයිට් ෆිස් එකටම ආවා.

"අර කම්බි නමන නිමල් එයාගෙ පවුලට අසනීපයි කියල, මගෙන් රුපියල් දෙදාහක් ඉල්ල ගත්තා... දැන් මාස දෙහෙකටත් වැඩී. පුලුවන් නම් ඒක ඉල්ලල දෙන්න.."

"ඒක ඔය දෙන්නගෙ ප්‍රශ්ණයක්. සයිට් එකේ මට ඕව අදාල නෑ" බොහොම ලේසියෙන් මම කෝමලීගෙ ප්‍රශ්නෙ විසදුවා.

"ඒක හරි. ඒත් ඔය සල්ලි ප්‍රශ්නෙට අපි දෙන්නා සයිට් එක ඇතුලෙ ගහ ගත්තොත්??? ඒතකොට ඒක අදාලද?? " කෝමලීගෙ හරස් ප්‍රශ්නෙට මම කොරවෙද්දි, ෆිස් එකේ ඉන්න උන් කීපදෙනත් කට කොනින් හිනා වෙනවා, මම හොරැහින් දැක්කා. පොර නම් ගිය ආත්මෙ කලු කෝට් කාරයෙක්ද කොහෙ.

"හරි.. හරි.. මම නිමල්ට කියන්නම්..."

නිමල්ගෙ ප්‍රශ්නෙට අතදැම්මෙ නැති නිසාද මන්දා එදයින් පස්සෙ කෝමලී මාව හොයාගෙන ආවෙ එකම එක පාරයි. පාරත් පොරට තනියෙම විසදගන්න බැරිම තැනට උඩුදුවපු ප්‍රශ්ණයක් අරගෙන.

"මේ..... මං ඔයාව හම්බවෙන්නමයි හිටියෙ, ලොකු අවනඩුවක් කියන්න....." හනි හනිකට ලැසි ගමනින් එන ගමන්, ඈත තියාම කෝමලී මට කිව්වා.

" මොකද්ද ...."

"අර අලුතෙන් වැඩට ආපු එක්කෙනෙක්ගෙන් මට හරි කරදරයි අනේ... වැඩ ඇරිලා ගියාම ටිකක් නිදහසේ ඉන්න නෑ.. ඕන නැති විහිලු කරනවා. විහිලු කරාට කමක් නෑ. ඒත් සීමාවක් තියෙනවනෙ... ඊයෙ මගෙ සරම ගලවන්නත් හැදුවා.." ඇත්තටම කෝමලී විහිලු අල්ලන ජාතියෙ පොරක්. වැඩ කරනකොට මිනිස්සු මොනව කිව්වත් පොර නෙවේ හිතට ගන්නෙ.

"හරි මම මිනිහට වෝනින් එකක් දෙන්නම්" කට පියාගෙන ඉන්න ඉන්න, තව තවත් ඇගට ගොඩ වෙන එක අපේ රටේ වීර පුරුෂයොන්ගෙ චරිත ලක්ශණයක්. වගේ අයට දෙන්න ඕන ප්‍රතිජීවකය මම අත්දැකීමෙන්ම දන්නවා.

"මොකද්ද කිව්වෙ???" කන් ඇහීම අඩු නිසා කෝමලී, පොරගෙ වම් කණ තව ටිකක් මගෙ දිහාට ලංකරා.

"මම මිනිහට කියන්නම් කිව්වා....." පාර මම කිව්වෙ, "වොලියුම්" එක උපරිමේටම දාල.

කෝමලීගෙ සරම ගලවන්න හදපු පොර ගෙන්නල, "හාට්ටු හාට්" ටෝක් එකක් දුන්නම මිනිහා මුවින් නොබැනම   මාරුවෙලා ගියා. මාස ගනන් ගෙවල් වල යන්නෙ නැතුව, කට්ට අව්වෙ මහන්සි වෙන, කම්කරු ජනතාවට අමතන්න ඕන භාෂාවක් වෙනමම තියෙනවා. භාෂා විලාශයෙන් පොඩ්ඩක් හරි පිට පැන්නොත් වෙන්නෙ, හැමෝම ඉස්සරහ කිච වෙන්න. එහෙමත් නැත්තන් උදලු පාරක් හරි, සවල් පාරක් හරි, අනුභව කරන්න.

මේ
ලගදි අපේ සුපවර්සර් පොරක්, ඔය කිව්ව භාෂා රීති වලින් පොඩ්ඩක් පිට පැනල, තමන් යටතෙ වැඩ කරන කෙනෙක්ට පොඩි තරවටුවක් කරන්න ගිහින් වැඩේ අල උනා. සවල් පාරක් නොකා බේරුනත්, සුපවයිසර්ගෙ මෑණියන්ගෙ ගුණ කථනයක් මුලු සයිට් එකටම ඇහෙන්න මහ සද්දෙට, පොර කරල තිබුනා. වගේ වෙලාවට ගන්න තියෙන්නෙ එකම එක තීරණයයි. තමා පඩි නඩි ඔක්කොම බේරල, අදාල පුද්ගලයව සේවයෙන් පහ කරන එක. සයිට් ස්ටාෆ් එකේ පූර්ණ අනුමැතිය සහිතව අපේ කළමණාකාරතුමත් තීරණේ අර ගත්තෙ, කශේරුකාව සිරස්ව තියාගෙන ජොබ් එක කරන්න ඕන වටපිටාව සයිට් එක ඇතුලෙ හදන්න ඕන නිසා.

ඒත් සයිට් එකෙන් එලවපු පොර, ටිකක් නහරයෙක්. ගමේ ඉන්න "අයියල" සෙට් එක එහෙම පොරගෙ ලගම හිතවත්තු. මෙතුවක් කාලෙකට කිසීම අතුරු ආන්තරාවක් නැතිව දුවපු සයිට් එකට, එක පාරටම වැඩ වර්ජනයක් කඩන් පාත් උනේ, ඔය කිව්ව "අයියල" සෙට් එකෙන්, වැඩ කරන උන්ට දාපු තග නිසා.
සයිට් එකේ උන්ට කෝල් කරල ඇහුවම, හැම පොරම වගේ කිව්වෙ, "වැඩ කරන්න ඕන උනත් "අයියල" බයේ වැඩ කරන්න බෑ" කියල. කතාවට අපේ ලොක්කට මල පැන්නා. "යකෝ මුන් මහ පො__යොනෙ. එක පිරිමියෙක්වත් නැද්ද බන් කොන්දක් තියෙන?" සයිට් ෆිස් එකේ ඉදගෙන ලොක්ක බෙරිහන් දුන්නෙ, අපි හැමෝටම ඇහෙන්න.

"ම්ම්ම්... එකෙක් නම් ඉන්නවා වගේ.... ඒත් ගෑණු මනුස්සයෙක් වගේ පේන්නෙ.." හරියටම පැහැදිලිව පෙනුනෙ නැති, ඈතින් ලැසි ගමනින් එන, ජායාවක් දැකපු මම ලොක්කට ඇහෙන්න කිව්වම, පොර හිතුවෙ මම පොරට කින්ඩියට කිව්වා කියලා.

"ගෑණියෙක්??? වෙන්න බෑ... බලහන් බලහන් කවුද කියල..." ලොක්ක මගේ පුටුව ලගට ඇවිල්ල, ජැනේලෙන් එබුනා.

"අම්මට සිරි.. කෝමලී නේද??" සයිට් එකේ ඈත කෙළවරේ සවලක් අතේ තියාගෙන, ලැසි ගමනින් වැඩට එන චායාව මම අදුර ගත්තා.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.



30 comments:

  1. ඉංග්‍රීසියෙන් හීන දැකපු සීන් එක ඇත්ත වෙන්න ඕනේ මටත් ඉතාලි
    ඉගෙනගන්න දගලද්දී ඉතාලි හීනත් පෙනිලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි... මම හිතුවෙ අපිට හීන පේන්නෙ සිංහලෙන් විතරයි කියල......

      Delete
  2. >> කන් ඇහෙන එක පොඩ්ඩක් අඩු නිසා පත්වීමක් හම්බ වෙලත්, ඉංග්‍රීසි ගුරුකම බාරගත්තෙ නෑ... <<

    පිස්සු හුටං කෙනෙක්නෙ බං අරූ. කන ඇහෙන්නෙ නැතිනම් ඕක කරන්න ලේසියිනෙ බං. එතකොට අරුංගෙ කරච්චලේ ඇහෙන්නෙත් නෑ. ඒ නැතත් ඔය රස්සාවට ඇවිත් ටික දවසකින් කොහොමත් කන ඇහෙන්නෙ නැතුව යනවා අරුන්ගෙ කෑගැහිල්ලට. :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉස්කෝලවල උනුත් කෑගහනවද ඩූඩ්..??

      ඉස්සර අපේ ටීචරලා කිව්වෙ මෙහෙමයි;

      "තොපිට තමයි එක විනාඩියක් කෑනුගහ ඉන්න බැරි.. ගිහිල්ල බලපල්ලා අහවල් ඉස්කෝලෙට, අහවල් ඉස්කෝලෙට.. මීක් කියනවා අහෙන්නෑ.. ඉඳිකට්ටක් බිම වැටුනත් ඇහෙනවා" කියලා..

      ඉතින් මම හිතාගන හිටියෙ.. ඔය කෑ ගහන ලේඩේ අපේ ඉස්කෝලෙ උන්ට විතරක් තිබුන අසනීපයක් කියලා.. හෙහ් හෙහ්..

      Delete
    2. ඩූඩ් මේ කියන්නේ නිකං නොවේ වසර ගණනාවක අද්දැකිමෙන්..

      Delete
    3. මම හිතන්නෙ කන ඇහෙන්නෙ නැති එකට වඩා වෙන ප්‍රශ්ණයක් නිසා තමා පොර ගුරුකමට ගිහින් නැත්තෙ

      Delete
  3. පූර්ව ජන්මයේ මොකක් හරි කරපු අකුසල කර්මයකින් ඔහොම ඇඟක් ලැබුනට.. මිනිහා නියම පුරුෂයෙක්..

    අර කතා කරන්න ඕනා ක්‍රමේ ටිකක් විස්තර කරපන්කො පුලුවන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගොඩක් වෙලාවට ඒ වගේ උප්පත්තියක් ලබන්නෙ, තුන්වෙනි සිල් පදේ කඩන අයලු..

      නිශ්චිත ක්‍රමයක් නම් නෑ. එක එක මිනිහගෙන් මිනිහට, වැ‍රැද්දෙන් වැ‍රැද්දට වෙනස් වෙනවා. ඒත් මුලින් හොදින් කියල ඉන්න ඕන.හොදින් කිව්වට කට්ටිය අහන්නෙ නෑ. ඒකත් ඒ වෙලේම මතක් කරල දෙන්න ඕන. කම්මලේ බල්ලට යකඩ තලන සද්දෙ ගානක් නෑ වගේ, හැමදාම බනින්න ගියාම ඒකෙ ගානක් නැති වෙනවා.
      තව එකක්, සයිට් එකේ ඉන්න අහින්සකම පොරට තග දාන එකේ තේරුමක් නෑ. සයිට් එකේ ඉන්න "අයිය"කෙනෙක් ටාගට් කරලම ටෝක් කරාම, ආයෙ එක එක්කෙන්නට වෙන වෙනම ටෝක් කරන්න ඕන වෙන්නෙ නෑ.

      Delete
  4. අලේ..කෝමලී..හි හි හී මොනා උනත් කෝමලී ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැටි නියමයි. මට මතකයි එක කාලයක් මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබ්බ ආසාව. ඒ දවස්වල ඉංග්‍රීසි පත්තර පොත් එහෙම කියවද්දී දන්නෙ නැති වචන මඟ ඇරලා ඉතිරිවා කියෝනවා. ඊටත් පස්සෙ හිතන හැමදේම ඉංග්‍රීසියෙන් හිතනවා. අන්න එහෙම තමා මාත් ඔය කෙහෙල්මල ඉගෙන ගත්තේ..ඒ අතින් මට කෝමලී " පොරක් "

    ඔය සයිට් වල ඉන්ජෝත් එක්ක ලේබර්ස්ල ගේමට එන කතාව නම් මමත් අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ළිහිණි ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන්නෙත් කෝමලී වගේමනෙ. :D
      හ්ම්ම්... සයිට් එකේ වැඩක් නොකරත්, ඇග බේරගෙන ඉන්නම හෙන ගේමක් දෙන්න වෙනවා..

      Delete
  5. // අරිසෙන් අහුබුදු ශූරීන්ටත් ගොඩක් ඉස්සරහින්.//
    අහුබුදු හු මිය ගොස් දැන් වසර ගණනාවෙකි.
    ඒ උත්තමයන් නිවෙසේ වැඩ වෙසෙන කල් හි එතුමො බැහැ දැක්මට පැමිණි මානවකයෙකුට එතුමොගේ නිවැසියකු මෙසේ පවසා ඇත්තේ යැ.
    මෙ කල් හි හුබුදුවන් හමුවනු නො හැක්කේ යැ.මේ වේලාවේ අහුබුදු හු කති.

    ReplyDelete
    Replies
    1. ඇඩෙනව ඕයි.... "ඇ"කාරය වගේ "හු" කාරයද??? :D :D :D

      Delete
  6. කාලේකට කලින් මමත් ඔහොම කෙනෙක් ගැන ලිවුවා. එත් අද ටිකක් පසු තැවෙනවා. මොකද මට අයියාට තරම් වීනිතව ඒ ගැන හිතලා ලියන්න බැරි උන නිසා. මේ ලිපිය මට අයේ එයාව මතක් කලා. ඇත්තමයි අපි හිතනවට වඩා ඒ වගේ මිනිස්සුන්ගේ හිත් හයියායි කියලා මට හිතේනවා.

    ReplyDelete
    Replies
    1. මමත් මේක ලියන්න කලින් සෑහෙන්න හිතුවා. කතාවෙ අගකොටස නැත්තම් මම මේක කවදාවත් ලියන්නෙ නෑ. කතාව කියවන අයට රසවෙන්න, පොරගෙ අංග චලන, කතාබහ, හැසිරීම තවටිකක් උලුප්පල පෙන්නන්න තිබුනත් මම එහෙම කරේ නෑ. මොනවා උනත් පොර නියම "මිනිහෙක්".

      Delete
  7. කම්කරු ජනතාව අමතන භාෂාව ගැන නම් අත්දැකීමෙන් දන්නවා. උන් මචං උලත් එකයි පිලත් එකයි ඩයල් නේ. මං වැඩ කරපු තැනකදි, දවසක් සික්කෙක් ලොකු ටෝක් එකක් දීලා ලේබර් කෙනෙකුට. පොඩ්ඩකින් එකෙක් උඩ යනවා විතරයි දැක්කේ. නහයෙන් ලේ පෙරාගෙන සික්කා බිම. උන් වැඩ කරන මානසිකත්වය තේරුම් ගන්න කෙනෙකුට නම් කිසි අවුලක් ඉන්න පුළුවන්.
    කෝමලී සිරා පොරක් නේ බං..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. හරියට ඩීල් කරේ නැත්තම් ඉතින් සොරිම තමා....

      Delete
  8. නෑ මල්ලි අන්න බලාපං... උඹල කෝමලී කියපු එකා විතරයි නියම පිරිමියා.. නැද්ද මං අහන්නේ.. හොද උපහාස රසයක් තියෙනවා මේ කතාවේ...

    ReplyDelete
    Replies
    1. ෂික්... මූ මං කියන්න ආපු එක කියලනේ.....

      Delete
    2. @දේශකයා : මම බයේ හිටියෙ තේමාව මතුවෙන එකක් නෑ කියලා.

      @හිරු : හෑ.... දේශකයා චිත්ත පරපෝෂිතයෙක්වත්ද??

      Delete
  9. ඉංග්‍රීසි හොඳට ඉගෙන ගත්තාම ඉංග්‍රීසියෙන් හීන පේන්න බැරිකමක් නැහැ. කතන්දරත් දවසක් එහෙම කතාවක් කිව්වා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,,,, කතන්දරගෙ කතාව නම් අහල නෑ.. මට නම් එහෙම අත්දැකීමක් නෑ...

      Delete
  10. //අන්තිමේදි පොරට ඉංග්‍රීසියෙන් හිතෙන්න පටන් ගත්තලු. ඉංග්‍රීසියෙන් හීන පේන්න ගත්තලු. සිංහලයෙක් විදිහට ඉපදිලා ඉංග්‍රීසියෙන් හීන පෙනිච්ච එකම පොරත්, කෝමලී වෙන්න ඕන.//

    මේක ඇත්ත. ඉංග්‍රීසි තමන්ගේ භාෂාව හැටියට ඉගෙනගන්න ලමයි හිතන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් එයාලට පේන හීනත් ඒ භාෂාවෙන් පෙනෙන්ට ඕනි නේද?

    සිංහල වැඩිය නොදන්න කෙනෙක් සිංහලෙන් හිතලා, ඒ භාෂාවෙන් ලියනකොට කොච්චර නම් අමාරු ඇතිද කියලා හිතන්ටකෝ.:)

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියෙ, අපි සිංහලෙන් හිතල, ඒක ඉංග්‍රීසියට පරිවර්ථනය කරනවා කියල.....

      Delete
  11. අපේ දෙපාර්තමේන්තුවෙත් හිටියා මලේ කෝමලියෙක්. ඌ නම් කවුරුහරි ඇවිල්ලා සරම කඩනකම් ආසාවෙන් බලාගෙන ඉන්නේ ..!

    ReplyDelete
    Replies
    1. හික්ස්..... මගේ රූමෙක් හිටිය ඔය වගේ. පොරනම් "කෝමලී" කෙනෙක් නෙවේ. ඒත් කාමරේ ඉන්නකොට පොරගෙ සරම තියෙන්නෙ කරේ.....

      Delete
  12. අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ ඩයල් එකක්, මනිහට අපි කියන්නෙ නංගි මල්ලි කියලා. පිරිමි ඇසුර අඩුයි. කෙල්ලො එක්කම තමයි ඉන්නෙ, කෙල්‍ලොත් ඌව උන්ගෙම එකෙක් විදියටයි ගණන් අරගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. "කෝමලී" නංගි මල්ලි ටයිප් එක නෙවේ. පොර කසාද බැදල, ළමයිනුත් ඉන්නවා...

      Delete
  13. පවු බන්...කෝමලී ගැන මට දුක හිතුනා....මිනිස්සු බාහිරින් බලලා හිනාවෙනවා විතරයි...නමුත් ඔහුගෙ අභ්‍යන්තරයට එබුනොත්...කෝමලී නිසැකවම හොද මනුස්සයෙක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. අනිවා... මේ කතාව මේ විදිහට ලිව්වෙත්, "කෝමලී"ගෙ යථාර්තය පෙන්නන්න. කිසිම මිනිහෙක් පිටින් බලල මනින්න බෑ ...

      Delete
  14. අපි මතු පිටිං දකින මනුස්සයන්ට වඩා ඇතුළෙ ඉන්න අය සෑහෙන්න වෙනස් නේද ?

    ReplyDelete