Saturday, March 30, 2013

ඉතින් ආයුබෝවන්......




මීට අවුරුද්දකට විතර කලින්, ට්‍රැවලින් බෑග් දෙකක් දෝතින්ම එල්ලගෙන, "කොළඹ-වව්නියාව" සෙමියක ඇවිත්, අනුරාධපුරේ "ඩී.එස්. වටරවුම" ගාවින් බැහැපු විදිය, තාමත් මට හොදට මතකයි. ඊට කලින් මම අනුරාධපුරේ ඇවිල්ලා තිබුනේ දෙපාරයි. දෙපාරම ආවෙ, ට්‍රිප් යන ගමන්. ඒත් එදා "ඩී.එස්. වට රවුමෙන්" අනුරාධපුරේට ගොඩවෙච්ච එක, ජීවිතයට මෙච්චර සුන්දර අත්දැකීම් ගොන්නක් මුහුකරාවි කියල, එදා මම හීනෙකින්වත් හිතුවෙ නෑ,

"තිළිණ මාසෙකට, දෙකකට විතර අනුරාධපුරේ සයිට් එකට යන්න පුලුවන්ද ?? " කොළඹ කිට්ටුව සයිට් එකක වැඩ කර කර ඉන්න ගමන්, හිටි හැටියෙම අනුරාධපුරේ යන්න වීසා එක හම්බ උනේ බොසාගෙන් ආපු ඔන්න ඔය කෝල් එක. බොසා එදා "යන්න පුලුවන්ද ?? " කියල මගෙන් ඇහුවෙ, මම "බැහැ" කිව්වොත්, යවන්න වෙන කවුරුවත් සෙට් කරගෙන නෙවේ. මම ඒක හොදටම දැනගෙන හිටියා. ලොක්කගෙ වචනෙ අහක දාන්න බැරි නිසයි, වෙනසකටත් එක්කයි, මම හැරෙන තැපෑලෙන් ලොක්කට "හා.. " කිව්වා.

අනුරාධපුරේට ආපු මුල් දවස්වල මම හිටියෙ, හදාගන්න වෙන ගෙදරකට අරන් ගියපු බළල් පැටියෙක් වගේ, මඤ්ඤං වෙලා. ඇත්තටම ආධුනිකයෙක්ට අනුරාධපුරේ හුරුවෙන්න සෑහෙන කාලයක් යනවා. මට හිතෙන විදිහට ලංකාවෙ වැඩිම වට රවුම් ප්‍රමාණයක් තියෙන නගරෙ, අනුරාධපුරේ. "අලුත් ස්ටෑන්ඩ් එක", "පරණ ස්ටෑන්ඩ් එක", "බැංකු ටවුම", "පොලීසිය", "උසාවිය", "ශික්ෂණ රෝහල", "ආයුර්වේදය" වගේ ප්‍රධාන ආයතන ඔක්කොම තියෙන්නෙ අනුරාධපුර නගර ධ්‍ය වෙන්න. තිස් අවුරුද්දක් විතර උතුරෙ රජකරපු ත්‍රස්තවාදය නිසා, අනුරාධපුරෙන් උතුරට වෙන්න තිබුන ප්‍රධාන නගර හැටි දියුණු උනේ නෑ. අනුරාධපුරේ මේ තරම් ජනාකීර්ණ වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අනුරාධපුරේ, කොළඹ තරමටම ජනාකීර්ණයි කිව්වොත් ඒක අතිශෝක්ථියක්. හැබැයි "දහයියාගම හංදියෙන්" පටන් ගන්න, "මෛත්රීපාල සේනානායක මාවත" නම්, පිටකොටුවෙ "මල්වත්ත පාර" තරම්ම ජනාකීර්ණයි.

අපේ සයිට් එක තිබුනෙ, අනුරාධපුර නගරට ටිකක් ඈතට වෙන්න, කොටි ගහපු ආමි කෑම්ප් එක කිට්ටුව, නුවර වැව් ඉස්මත්තෙ. කරිජ්ජ හුළගට, වැලි පොළවට හුරුවෙලා හිටපු මට, රජරට දැවැන්ත වැව්-අමුණු , ඉමක් නොපෙනෙන කෙත් යායවල් අලුත්ම අත්දැකීමක් උනා. නිරිත දිග මෝසමෙන් සරුවට වැස්ස ලැබෙන අපේ පැතිවල පෑවිල්ල අල්ලන්නෙ උපරිම සතිදෙකයි, නැත්තම් තුනයි. ඒත් අනුරාධපුරේට එහෙම නෑ. එක දිගට මාස හතර-පහ-හය පායනවා. සතෙක්ට වතුර කදුළක් හොයා ගන්න නැති වෙන තරමට, මහ වැව් වල අඩිය පෑදෙන තරමට, පෑවිල්ල සැරයි. අනිතිමට කට්ටියම එකතුවෙලා "පිච්ච මල් පූජා", "ආශිර්වාද බෝධි පූජා" කරල වැහි වස්සවන්න පිරිත් කියන තරමටම පෑවිල්ල දරුණු වෙනවා.

ඔය පෑවිල්ල ඉවර වෙන්නෙ නොවැම්බර් අන්තිමේ පටන් ගන්න ඊසාන දිග මෝසමෙන්. ඊසාන දිග මෝසම නිරිත දිස මෝසම තරම් සරු නෑ. ජනවාරි අග වෙද්දි ඊසාන දිග මෝසම ඉවරයි. ඒත් එතකොට අවුරුද්දක් අල්ලලා ඉන්න ඕන තරම් මහ වරුසාවකුත් රජරටට ලැබිලා ඉවරයි. ඊසාන දිග මෝසම නිසා රජරට මහ වැව් ඔක්කොම වගේ තරගෙට වාන් දාන්න පටන් ගන්නවා. "මහ" කන්නය වගේම "යල" කන්නයත් කුඹුරු කරන්න වතුර ඉතුරු වෙන්නෙ ඔය විදිහට පිරිලා ඉදිරිලා යන මහ වැව් සමූහය නිසා.

රජරට සරු පොළොව "හියුමස්" වලින් ශ්‍රීකයි. ඒක නිසා වතුර බැහැල යන ගතිය සාපේක්ශව අඩුයි. එක දිගට අල්ලලා යන වරුසාවට, රජරට පොළොවෙන් දිය බුබුළු මතු වෙන්න පටන් ගන්නෙ ඔය හේතුව නිසා. හැබැයි දවසක් දෙකක් පෑව්ව ගමන් වතුර ඔක්කොම ටික හිදිලා දූවිලි මතුවෙන ගානට ආයෙ කරකූට්ටම් වෙනවා.

දෙසැම්බර් මහ වරුසාවත් එක්ක මඩ කරපු කුඹුරුවල කරල් පීදෙන්න ගන්නෙ පෙබරවාරි අග හරියෙදි. පොත්වල පත්තරවල පීදෙන "රන් ගොයමෙ" අපූර්වත්වය විස්තර කරලා තිබුනට, ඒක අත්දැකීමෙන්ම විදගන්න ලැබුනෙ රජරටදි. ඒක බොහොම චමත්කාරජනක දසුනක්. පැහුන වී කරල් ඇත්තටම "රන්" පාටයි. සාහිත්‍යකරුවො මේ අපූර්වත්වයෙන් මුසපත් වෙලා වෙනමම සාහිත්‍යක් ගොඩ නොනැගුවානම්, ඒක සීගිරියට වඩා මහා පුදුමයක් වෙන්න තිබුනා.

ඉස්සර කාලෙ කුඹුරෙ ගොයම් කපන එක සිද්ද උනේ "අත්තමට". "කැපුම් අත්තම" කියල කිව්වෙ ඒකට. ඒත් අද ගොයම් කපන්නෙ යන්ත්‍රානුසාරයෙන්. "සුනාමි" , "බූතයා" කියල ගැමි උරුවට හදුන්වන "සංයුක්ත අස්වනු නෙලීමේ යන්ත්‍රා" (combined harvesting machine) තමයි ගොඩක් තැන්වල පාවිච්චි කෙරෙන්නෙ. මේ දෙකෙනුත් "බූතයා" තමයි ජනප්‍රියම. "බූතයා" ලවා කපපු කුඹුරක් හරි පහසුවෙන් අදුර ගන්න පුලුවන්. කෙතේ කෙලවරක අඩි දහය-දොලහක් උසට පිදුරු විසි වෙලා තියෙනවා නම් ඒක "බූතයා" වැඩ කරපු තැනක්.

රජරට (අනුරාධපුරය) ආවේනික තවත් සංකේතයක් තමා "පුල්ලෙයාර් දෙවියො".  තෝලික ජනතාව ජීවත්වෙන පැතිවල තුම්මං හන්දිවල "සුරුවම්" තියෙනවා වගේ, දකුණේ බෞද්ධ පැතිවල බුදු පිළිම තියෙනවා වගේ, අනුරාධපුරේ හැම තුම්මං හන්දියකම, හතර මං හන්දියකම "පුල්ලෙයාර්" පිලිමයක් තියෙනවා. ගොඩක් දෙනෙක් රජරට හදුන්වන්නෙ "අයියනායක දෙවියන්ගෙ අඩවිය"ත් විදිහට. "අයියනායක", "පුල්ලෙයාර්", "ගණ" කියල විවිද නම් වලින් හදුන්වන්නෙ එකම දෙවිකෙනෙක්ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. හැබැයි "පුල්ලෙයාර්" දෙවියන් නම් "ගණ" දෙවියන්ගෙ ස්වරූපයමයි. "පුල්ලෙයාර් දෙවියන්" කියන්නෙ දුටු ගැමුණු රජතුමාත්, එතුමාගෙ කඩොල් ඇතා "කන්ඩුල" ත් එකතු කරලා රජරට වැසියන් සිදුකරපු නිර්මාණයක් කියලා බ්ලොග් අවකාශෙ ලිපියක් තිබුනා මතකයි. ඒත් ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ. කොහොම උනත් තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්දෙද්දි රජරට බෞද්ධයන් අතරට "පුල්ලෙයාර් දෙවියන්" මෙච්චරම සමීප උනේ කොහොමද කියල නම් ගවේශණය කරන්න වටිනවා.

"පුල්ලෙයාර් කිරිබත්" රජරටටම ආවේණික දෙයක්. හකුරු, මිදි, රට ඉදි, උක්ගස්, කඩල, සූකිරි වගේ නොයෙක් ජාති දාල, රස ගන්වපු කිරිබතක් තමා "පුල්ලෙයාර් කිරිබත".  ඇඹුල් කෙසෙල් එක්ක ඇරෙන්න, පිලිහඩුත් එක්ක "පුල්ලෙයාර් කිරිබත්" කන්නෙ නෑ.

සිංහල-හින්දු අලුත් අවුරුද්ද තියෙන්නෙ ගමේ. ඒකනිසා කොළඹ පැතිවල උදවිය අලුත් අවුරුද්දට ගම්වලට යනවා. වෙසක් තියෙන්නෙ කොළඹ. ඒකනිසා වෙසක් කාලෙට, ගම්වල කට්ටිය වෙසක් බලන්න කොළඹ එනවා. හැබැයි "පොසොන්" තියෙන්නෙ අනුරාධපුරේ විතරමයි. ඒක නිසා කොළඹ අයයි, ගම්වල අයයි හැමෝම පොසොන් එකට අනුරාධපුරේ එනවා. මහින්දාගමනය සිදුවෙච්ච මිහින්තලයත්, අටමස්ථානයත් පොසොන් එකට අතුරු සිතුරු නැතිවෙන්න පිරෙනවා. සාමාන්යයෙන් පොසොන් එකට සයිට් එක සතියක් විතර වහනවා. ගියපාර පොසොන් එකට සයිට් එකේ සෙට් එක එක්ක එකතු වෙලා උදේ ඉදන් රෑ එළි වෙනකම් දන්සැල් ගනෙ ගියපු එක විස්තර කරන්න වචන නැති තරමටම අපූරුයි. ලංකාවෙ මිනිස්සු කොයිතරම් පරිත්‍රාගශීලීන්ද කියලා හිතෙන්නෙ පොසොන් එකට තියෙන දන්සැල් තොගේ දැක්කම. ගොඩක් දන්සැල් සංවිධානය කරලා තිබුනෙ සදහාම ස්ථීරව පත්කරගෙන තිබුන කමිටු වලින්. අනුරපුරේ මිනිස්සුන්ට අමතරව පිටපලාත්වලින් ආපු උදවියත් මේ දන්සල් සංවිධානයට එකතු වෙලා හිටපු හැටි අපි දැක්කා.


**               **               **               **               **               **               **               **

එදා රජරටට අමුත්තෙක් වෙච්ච මට රජරට අපූර්වත්වය දැනුනෙ ඔන්න ඔය විදිහට.මගේ දැනීමෙ හැටියට රස්සාවකින් අපි හම්බ කරගන්න දේවල් තුනක් තියෙනවා. සල්ලි, අත්දැකීම් සහ මිනිස්සු. මම අනුරාධපුරේදි වැඩිපුරම හම්බ කර ගත්තෙ අත්දැකීමුයි, මිනිස්සුයි. අත්දැකීම් කිව්වට ඒවා වෘත්තීමය අත්දැකීම් නෙවේ. රජරට ජීවිතයට ආවේණික අත්දැකීම්.



සමීර අයියා, අරුත්, රසික. දසයා, අසිත, චතුරංග, උපේ, කාලිංග, ක්ලිෆඩ්, දීපාල්, සරා, ලක්ෂ්මන්, ඇතුලු සෙට් එක තමයි මම හම්බ කරගත්ත මිනිස්සු ටික. සාමානයෙන් "සිවිල්" සයිට් එකක ඉන්න සෙට් එක එච්චරමෆිට් වෙන්නෙ නෑ. ඒත් අපේ සයිට් එකේ සෙට් එක එහෙම නෑ. සමහරවිට , එකම වයස්වල කොල්ලො සෙට් එකක් නිසා වෙන්න ඇති. මම උන් සෙට් එකත් එක්ක අනුරාධපුරේ නාපු නැති වැවක්, ඇවිදපු නැති සිද්ධස්ථානයක් නැති තරම්. වැව් වාන් දාන කාලෙට වැව් ගානෙ ගියෙත්, පදවියෙ හේන් රකින්න ගියෙත්, ප්‍රසිද්ධ සිද්ධස්ථාන හොයාගෙන ගියෙත් අපේ සෙට් එකත් එක්ක. ඇත්තටම උන් හොද කොල්ලො සෙට් එකක්. පුද්ගලික හේතු නිසා රජරටට සමුදෙන එක, කැම්පස් එකේ හොස්ටල් සෙට් එකට සමු දෙන තරමටම හැගීම් බර උනේ ඒක නිසා. වෙනදට ගෙදර එන්න, බස් එකට නැග්ග ගමන්ම  නින්දක් දාන්න සීට් එකට හේත්හුවක් දාන මමරජරටට සමුදීලා එන දවසෙ, "දෙකේ කණුව" ගාව වෙනකම්ම හැරි හරී ආපස්ස බැලුවෙ වෙනදා වගේ නින්දයන්න තරම් හිතේ සැහැල්ලුවක් නැති නිසා වෙන්න ඕන.



මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වෙ, රජරට, එහි ව්‍යාජ මිනිසුන් වගේම අපේ සයිට් එකේ සෙට් එක වෙනුවෙන්..........


40 comments:

  1. නියමයි මචන්.....

    අනුරාධපුරය ගැන අව්‍යාජය විස්තරයක්. එහෙම අත්දකීම සම්බාරයක් ලබන්න උඹ සෑහෙන පින් කරලා තියනවා.. ඔවා ටික ටික මේ බ්ලොග් අවකාශෙට මුදා හැරහන්..

    එතකොට දැන් අනුරාධපුරයට සමුදීලා ආවද ? ඊලඟට කොහෙද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා... "සයිට් සීන්" කියන ලේබලේ එක්ක එන්නෙ ඔය අත්දැකීම්....
      අ`පුරට සමු දුන්නා. දැන් ඉතින් කොළොම්පුරේ තමා... :D

      Delete
  2. මට ආපු ප්‍රශ්න ටිකම සෙන්නා අහලා තියෙනවා. ඊළඟ නැවතුව කොහෙද ??

    ReplyDelete
    Replies
    1. කොළඹට මාරු උනා.....

      Delete
  3. රජරට ගැන ලස්සනම ලිපියක් සහෝ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී නලීන් අයියා...

      Delete
  4. ඔබේ සටහන් වල අපූරු ගැමි කතා කියෙව්වාම ඉරිසියා කරන්න හිතෙන්නේ ලිමිට් එකෙනුත් පිට. අනුරාධපුර කවදත් මගේ හිත ගත් නගරයක්. සමහරවිට අර වැව් අස්සේ නටඹුන් අස්සේ මේක තමයි ශ්‍රී ලංකා කියලා කියන හින්දත් වෙන්න ඇති. ගැමියන්ගේ අපූරු හිතවත්කමත් හේතු වෙන්න ඇති. වැවක පනින්න ඉස්සෙල්ලා අනේ නාන්නේ නැතිව නම් ඉන්න බෑ ගිලුනත් කමක් නෑ කියලා වැවට පනින්න යනකොට කන්ඩායම් පිටින් දුවගෙන ඇවිත් මෙතන නාන්න යන්න එපා අර එහා පැත්තේ නාන්න කියලා විතරක් නෙමෙයි අපිට කලින් වතුරට බැහැලා ගිලෙන නොගිලෙන සීමා පෙන්වීමට තරම් කාරුණික මිනිස්සු මටත් කවදාවත් අමතක වෙන්නේ නෑ.
    ඒත් ඉතින් රශ්නේ වැඩි නිසාත් අන්තිම කාලේ වෙද්දි හිඟන්නෝ නිදහසේ ඇවිදින්න ඉඩක් නොදෙන නිසාත් (වැඩියම ආගමික හිඟන්නෝ)අනුරාධපුර මගෙන් ඈත් වුනා. ඒත් මේ සටහන් කියවන වාරයක් පාසාම මම අනුරාධපුරේ ගිහින්. පොසොන් එකට කවදාවත් අනුරාධපුර ගිහින් නෑ ඒත් කවදහරි දවසක යන්න ඕනේ.
    (ඔබගේ වචන අස්සේ නොදන්න වචන බොහෝමයි. කරිජ්ජ හුළන් කියන්නේ මොකක්ද? )

    ReplyDelete
    Replies
    1. // සමහරවිට අර වැව් අස්සේ නටඹුන් අස්සේ මේක තමයි ශ්‍රී ලංකා කියලා කියන හින්දත් වෙන්න ඇති.//
      අපි හැමෝම ඇතුලෙ තාමත් ඒ අතීත හෙළයා ජීවත් වෙනවා. ඒකයි අපිට එහෙම දැනෙන්නෙ..

      //කරිජ්ජ හුළන් කියන්නේ මොකක්ද? //
      අහ්... "කරිජ්ජ" කිව්වෙ "ලුණු මිශ්‍ර" කියන අදහසින්. "කර්ජ්ජ හුළං" කියන්නෙ "මූදු හුළගට".

      Delete
    2. කර+දිය තමයි කරිජ්ජ වෙලා තියෙන්නෙ. :)

      Delete
    3. @එදිරි : අහ්හ්... ඔය තියෙන්නෙ.. බොහෝම ස්තූතී මචෝ පැහැදිලි කිරීමට...

      Delete
  5. "රස්සාවකින් අපි හම්බ කරගන්න දේවල් තුනක් තියෙනවා. ඒ සල්ලි, අත්දැකීම් සහ මිනිස්සු" Well said brother :)
    Really happy about you :)
    හරි අඩකටත් වඩා විඳවන්න තියෙන මේ ජීවිතය විඳින්න ලැබුනු එක ගැන නම් හරිම ආඩම්බරයි. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ලොක්කා.......
      ලංකාව ඇතුලෙම කොයිතරම් සංස්කෘතික විවිදත්වයක් තියෙනවද කියල තේරෙන්නෙ, ඔය වගේ දුර පලාතක ජීවත් උනාම.

      Delete
  6. //"පුල්ලෙයාර් කිරිබත්" රජරටටම ආවේණික දෙයක්. හකුරු, මිදි, රට ඉදි, උක්ගස්, කඩල, සූකිරි වගේ නොයෙක් ජාති දාල, රසගන්වපු කිරිබතක් තමා "පුල්ලෙයාර් කිරිබත". ඇඹුල් කෙසෙල් එක්ක ඇරෙන්න, පිලිහඩුත් එක්ක "පුල්ලෙයාර් කිරිබත්" කන්නෙ නෑ.//

    පුල්ලෙයාර් දෙය්යෝ හින්දු ගණ දෙවිට සමානකමක් දක්වනවා වගේම මේ කිරිබතත්, හින්දු ජාතිකයන් හදන කිරිබතක් වගේ. අලුත් අවුරුද්දට වගේම ආගමික උත්සවවලටත් එයාලා මේ වගේ කිරිබත් හදනවා.

    හරිම අපූරු අත්දැකීම් ලැබිලා . මාත් ආසයි ඔය වගේ පැතිවල ඇවිදලා ඔය විදියට අත්දැකීම් ලබන්ට.
    ඒ වගේම ඔයාට මේ වගේ දේවල් ලියන්ටම ගැලපෙන කදිම භාෂා විලාසයකුත් තියෙනවා.:)

    ReplyDelete
    Replies
    1. ඔව්... පුල්ලෙයාර් කිරිබත හදන්නෙ ගොඩක් වෙලාවට කපුමහත්තයමයි.
      මම පිටගම්කාරයා නිසා මේවා නැවුම් අත්දැකීම් උනාට රජ‍රැටියෙක්ට මේවා අලුත් දේවල් නෙවේ. සතියක් දෙකක් ඇවිදලා අත්දැකීමක් ගත්තානම් අපූරු වෙනසක් දැනේවි...

      Delete
  7. හිතට සැහෙන්න ඇල්ලුවා මේ ලිපිය . කඩිමුඩියේ ගිහින් එන එක දවසේ ට්‍රිප් එකකින් රජරට දකින්න බැහැ . රජවරු ඒ පැතිවල රාජධානි හදාගත්තු එක පුදුමයක් නෙමේ . රජරට තියෙන්නේ අමුතුම ලස්සනක් . ඒ අත්දැකීම් එක්ක තව හුඟක් නිර්මාණ කරන්න ලැබෙන්න කියල පතනවා . විමලරත්න කුමාරගම ගේ කවි මතක් වුනා .

    ReplyDelete
    Replies
    1. රජරට ශුෂ්ක උනාට, බොහොම සරු පළාතක්. බවභෝග වලින් වගේම සංස්කෘතියෙනුත්. සුන්දර මතක ගොඩාක් තියෙනවා. හෙමීට එළියට දාන්නම් :D

      Delete
  8. අපූරු සටහනක් මලේ .. විල්පත්තුවෙ හිටපු කාලයෙ (89 - 90) මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙ අපූර්වත්වය දැක්කා. සැප සනීපෙ වගේම, ක‍ටුක දුෂ්කර බවත් එහේ තිබුනා. ඒ කාලෙ ඒකට LTTE සහ අපේ දේශප්‍රේමියො දීපු සැපත් එකතුවෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. විල්පත්තුව, තබ්බෝව රක්ශිත වලට යන්න හම්බ උනේ නැති එක තමයි අ`පුර ඉදලත් මට අත්දකින්න බැරි උන වටිනාම දේ.....
      89-90 කියන්නෙ ගාමිණී අයියලගෙ කොල්ලා කාලෙනෙ. කැලේ පැනලා හිටපු එක වටිනවා. නැත්තන් බ්ලොග් ලියන්න, කමෙන්ට් දාන්න කෙනෙක් ඉතුරු වෙන්නෙත් නැති වෙන්න තිබුනා. (ඔය මාතලේනුත් ලගදි ගොඩගත්තෙ )

      Delete
  9. නියමයි බං තිළිණ. මම අනුරාධපුරේ ගැන කියවපු සැබෑ අත්දැකීම ගැන ලියැවුණු ලස්සනම අව්‍යාජම සටහනක්. මීට පස්සෙ ගියාම බලන්න ඕනෙ උඹ කියන තරම් රවුන්ඩබවුට් තියෙනවද කියලා ඔහේ.

    මම මුලින්ම අම්පාරට ගිය දවස මතක් වුනා බං. ඒ නම් උඹලා ගිය ආත්මෙ මැරෙන්න ඔන්න මෙන්න කියල ඉන්න කාලෙ වෙන්න ඕනෙ. :D

    ReplyDelete
    Replies
    1. තව එකක් අමතක වුනා. අනුරාධපුරේ තමයි මගේ අම්මයි තාත්තයි මුණ ගැසුණු නගරය. ඒ දෙන්නම බස්නාහිර පළාතෙන් එහාට ‍රැකියා සඳහා ගිය අය. ඉතින් සිහිවටන ගොඩයි. අම්මා නැතිවෙන්න අවුරුදු දෙක තුනකට විතර කලින් අපි අම්මාව ඒ සැමරුම් අතරට අරන් ගියාම අම්ම හරීම සතු‍ටු වෙලා පින් දුන්නා.

      Delete
    2. වටරවුම් විසි ගානක් තියෙනවලු. දන්නෙ නැති ඩ්‍රයිවර් කෙනෙක් ගියෝතින් කැරකි කැරකි ඉන්න පුලුවන් :D ඩූඩ් අයියා ඕවා බලන්න යන්න කලින් කොල අත්තක් එහෙම එල්ලලම යන්න..... :D

      //ඒ නම් උඹලා ගිය ආත්මෙ මැරෙන්න ඔන්න මෙන්න කියල ඉන්න කාලෙ වෙන්න ඕනෙ.//
      දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ..... ඩූඩ් අයියට එච්චරම වයසද??? :D

      Delete
  10. නියමයි..... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමා සතු‍ටු උනා නම් ඒ ඇති,,,,,,, :D :D

      Delete
  11. අර වගේ ෆිට් සෙට් එකක් එක්ක ඉඳල වෙන් වෙලා එනකොට ඒක තදින් දැනෙනවා. උඹට ලියන්න නම් දේවල් සෑහෙන්න ඇති. මං බැලුවේ කෝ මේ අපේ රතු... රජරට ම උපන් කෙනක් නේ.

    //පිලිහඩුත්// ඒ මොනව ද බං..?

    ReplyDelete
    Replies
    1. //කෝ මේ අපේ රතු... රජරට ම උපන් කෙනක් නේ.//
      "රතූ" මම හිතන්නෙ, පොලොන්නරුවෙ. අ`පුර ඉදන් පොලොන්නරුවට කි.මී. 100ක් විතර තියෙනවා. හැබැයි දෙකම අයිති වෙන්නෙ රජරටට.....


      // //පිලිහඩුත්// ඒ මොනව ද බං..?//
      පිලී සහිත කියන එක. මස්-මාලු වගේ දේවල් (අපේ පැත්තෙ කියන්නෙ එහෙමයි...)

      Delete
  12. මාගම් තෙන්නකෝන් මහතාගේ "දිවි සයුරෙන් දිය දෝතක්" කියවූ විට දැණුන හැගීම් මේ පෝස්ට් එක කියවන විටත් ඒ හැටියෙන්ම දැනුනා.

    ReplyDelete
    Replies
    1. "තෙන්නකෝන් " මහත්තයෙගෙ පොත් නම් කියවල නෑ. අද "ගොඩගේ" එකට ගිහින් "මායාරංජන" ගෙ පොත් දෙකක් (දිගාමඩුල්ලේ ආශ්චර්ය, මගේ රාජ්‍යය) ගෙනාවා :D

      Delete
  13. රීඩර් එකේ කන්ගැට්ටා කියල පෝස්ට් එකක් පෙන්වනවා. ඒත් ඔක්ක්කොම කියවන්නබෑ ඒකේ. මෙතන එහෙම පෝස්ට් එකක් ඇත්තෙම නෑනේ. කොහොමද එහෙම වුනේ?

    ReplyDelete
    Replies
    1. "කන්ගැට්ටා" කියල පෝස්ට් එකක් තියෙනවා (2012 නොවැම්බර් ලියපු). බ්ලොග් එකේ අවුලක් තියෙනවා. සමහර පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.

      Delete
  14. අනුරාධපුරේ නම් මාත් යන්න ආස තැනක්.. මේළඟදිත් ගියානේ... ඒත් අයියා නැති උනාට පස්සේ පිස්සු නටන්න නම් යන්න බැරි උනා.. පන්සල් ටිකට ගිහින් ආවා...

    අර වට රවුම් කතාව නම් සහතික ඇත්ත.. පිස්සු හැදෙනවා .. පාරක් අහගෙන එහෙම ජීවිතේට යන්න බෑ... මැප් අරගෙන ගියත් පාරවල් වරදිනවා.. හැබැයි ඉතිං කොහෙන් කොහෙන් හරි කැරකිලා හරි පාරට වැටෙන එක තමයි හොඳකට තියෙන්නේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. // මැප් අරගෙන ගියත් පාරවල් වරදිනවා//
      කොල අත්තක් කඩල යන්න කියන්නෙ ඒක තමයි :P

      අ`පුර පාරවල් හොදට දන්නවා නම් කවදාවත් ට්‍රැ‍ෆික් එකේ ඉන්න ඕනෙ නෑ.... පාරවල් ඕන තරම්...

      Delete
  15. Really nice article. Anuradhapura is the place where I was born....:)

    ReplyDelete
    Replies
    1. I am not from rajarata. bt I had really fascinated by the rajarata people and their culture.......

      Delete
  16. ඔන්න ඔය වගේ වෙනසක් ලැබෙයි කියලා ජිවිත කාලෙම බලාගෙන හිටියට ලැබුනේ නැහැනේ. සිවිල් ඉංජිනේරුවෝ වාසනාවන්තයි ඒ අතින් නේද. වැව් මාළු එහෙම කෑවේ නැද්ද එහෙදි? අලුත් කොරළි මාළු හරිම රසයි. වටරවුම් ගැන නම් කියලා වැඩක් නා. දවසක් අපි නෑයෙක්ගේ ගෙදර යන්න ගිහින් පාර වැරදිලා වටරවුම් ගහලා හති වැටිලා අන්තිමට එක තැනක නවත්තලා අර ගෙදරට කෝල් එකක් දුන්නා. දැන් එයා අහනවා ඉන්න තැනක මොකක් හරි ලකුණක් කියන්නලු. අපිට කියාගන්න පුළුවන් ඉනේ ඉස්සරහ හරක් ටිකක් ලැගලා ඉන්නවා කියලා විතරයි. :)

    ReplyDelete
    Replies
    1. ඇයි සයුරි අක්කා, ඇමරිකාවෙදි ලැබෙන අත්දැකීම් අපිට ලැබෙන්නෙත් නෑනෙ. එක එක් කෙනාගෙ ලැබීම තමා.....
      හ්ම්ම් "සිවිල්" කරා නම් ඉතින් අහිකුන්ඨකයෝ වගේ තමා. සයිට් එක ඉවර උනාම බඩු මුට්‍ටුත් අකුලගෙන වෙනතැනකට යනවා. :D
      වැව් මාලු වැඩිපුරම සෙට් වෙන්නෙ නියං කාලෙදි. එතකොට නම් කාල කාල එපා වෙනවා.... වැව් මාලු වලට වඩා රහයි, දුන් ගහපු වැව් කරවල.

      Delete
  17. තනිකඩව ඉන්න කාලෙ මමත් පොසොන්වලට නොවැරදීම අනුරාධපුරේ යනවා.ඉඳුම් හිටුම් යාලුවගෙ ගෙදර කෑම බීම දන්සැල් වලින්.
    බැන්ද අවුරුද්දෙත් අපි දෙන්න අනුරාධපුරේ ගියා පොසොන්වලට මට මතකයි,මටනම් හරිම ප්‍රියජනක ස්ථානයක්.

    ReplyDelete
    Replies
    1. අනිවා.... පොසොන් එකට අනුරාධපුරේ හරිම "රසවත්".

      Delete
  18. දැන් බ්ලොග් ලියන එක නැවතිලාවත්ද? අපිත් අපුරේ තමා.

    ReplyDelete