Sunday, April 14, 2013

සූකිරි කැට පිලිබද පළමු නියමය




හබරණ - කන්තලේ රෝඩ් සයිට් එකේ ගතකරපු, අඩ අවුරුද්දකට ටිකක් අඩු කාල සීමාව ගැන පෝස්ට් දෙක තුනක් මීට කලිනුත් ලියල තියෙනවා. ඒත් එකම පරිසර තත්ව උනාට, සාමාජීය තත්වයන් අහසට පොළව වගේ වෙච්ච නිසා , මෑතක් වෙනකම්ම අනුරාධපුරේ ගෙවපු ජීවිතේ තරම් සුන්දර බවක්, එදා "හබරණජීවිතේදි අත්වින්දෙ නෑ. ඒක නිසා "හබරණ" ගැන මට තියෙන්නෙ සෝදාපාලුවට ලක්වෙච්ච මතකයක්. හැබැයි මොනම හේතුවක් නිසාවත්, කොයි තරම් කාලයක් ගත උනත්, මතකයෙන් මකා දාන්න බැරි චරිත කීපයක් හබරණදිත් මට හම්බ උනා. "රාජා" කියන්නෙත් ඒවගේ මගේ මතකයේ ශේෂ වෙච්ච චරිතයක්. අද කියන්න යන්නෙ "රාජා"ගෙ කතාව.

සයිට් එකේ හිටපු අපට තිබුන ලොකුම ගැටලුව උනේ කටට රහට කෑම වේලක් ගන්න හරි හමන් තැනක් නැති වෙච්ච එක. කම්පැණියෙන් "චමරියක්" දාල දීල තිබුනත් ඒකෙ කෑම එක හැමදාම එකම රහයි. චමරියෙ කුකාට විතරක් දැනෙන, මිනිස් දිවේ කිසිම ප්‍රදේශයකට සංවේදී නොවෙන, රහ මොකද්ද කියල අදටත් මම කල්පනා කරනවා.

චමරියට අමතරව තව බත් කඩ දෙකක් සයිට් එක කිට්ටුව තිබුනා. එකක් "කොහොඹ කඩේ". ඒක කරේ අවුරුදු හතලිහක විතර අක්කා කෙනෙක්. මුලින්ම "කොහොඹ කඩේ" කෑම එක රජ බොජුන් වලට දෙවැනි නෑ. ඒත් කල්යන්න කල්යන්න කෑම එකේ කොලිටිය, හිරු දුටු පිණි බිංදු වගේ වාෂ්ප වෙන්න ගත්තා. අනික් බත් කඩේ තමයි "රාජගෙ බත් කඩේ". "කොහොඹ කඩේ" බත් එකේ වගේ, "රාජගෙ කඩේ" බත් එකේ කොලිටිය කල්යද්දි බැස්සෙ නෑ. එහෙම උනේ බහින්න කොලිටියක් තිබුන්නැති නිසා වෙන්න ඇති. මොනවා උනත් රාජා සයිට් එකට බත් දුන්නෙ, සයිට් එක ඌරු කොටුවක් කියල හිතාගෙන.

රාජා අවුරුදු හතලිහක විතර, හොද හැඩි දැඩි පෙනුමක් තියෙන මුදලාලි කෙනෙක්. සයිට් එක පටන් ගන්න කලින් තමන්ගෙ ත්‍රීවීල් එකෙන් හයර් දුවපු, රාජාට බත් කඩයක් දාන්න අදහස ආවෙ සයිට් එක පටන් ගත්තට පස්සෙ. පුච්චපු ගඩොලින් බිත්ති උස්සල, රට උළු හෙවිලි කරපු රාජගෙ ගෙට අල්ලලම තමයි වරිච්චි බිත්තියෙන් වටකරපු පොල් අතු කඩේ හදාගෙන තිබුනෙ. මුදුන් යට ලීයට හරියටම යටින්, කඩේ මැද්දෙන් ගියපු කොට මැටි බිත්තිය, කඩේ කෑලි දෙකකට බෙදුවා. ඒකෙන් එකක් පාවිච්චි කරේ කුස්සිය විදිහට. උයන පිහන කටයුතු වගේම තේ ටික උණු කරෙත්, රොටී පිච්චුවෙත්, හැලි වළං හේදුවෙත් ඔය කුස්සි පොඩිය ඇතුලෙ. වතුර පෙරෙන්නෙ නැති දුම් කාපුෆිල්ටරේ තියපු කැෂියර් මේසෙයි, වැල් ඇදිල බොක්ක ගහපු පුටු දෙක තුනයි තිබුනෙ, කොට බිත්තියෙන් බෙදුන අනෙක් කෑල්ලෙ.

රාජගෙ කඩේට සයිට් එකේ සමහරු ගියේ නෑ. කෑම වල කොලිටිය "ඌරා" මාක් වෙච්ච නිසාම නෙවේ. සාමාන්‍යන් මිනිහෙක්ගෙ කෑම වේලකට නොකරන දේවල් උනත් කරන්න රාජා පස්ස ගැහුවෙ නැති නිසා. රෑ ඉතුරු වෙච්ච කෑම, පහුවෙන්ද දවල් කෑම එකට දාන එකවල් ඌරා/ගෝනා/මුවා වගේ ලේබල් යටතේ මී හරක් මස් මිනිස්සුන්ට කවන එක වගේ බොහෝම නින්දිත වැඩ, රාජා කිසි බයක් හැකක් නැතුව කරා. කොච්චර හොදට කෑම දුන්නත්, සයිට් එක ඉවර උනාම බිස්නස් එක නිකම්ම නැති වෙනවා කියල දන්න නිසා, "බාගෙන කනවට" වඩා "ඉහගෙන කන එක" වඩා වටිනවා කියල, සමහරවිට රාජට හිතෙන්නත් ඇති.

බිල්ඩින් සයිට් එකක වගේ රෝඩ් සයිට් එකක, වැඩ කරන කට්ටිය එක තැනක නෑ. පාර දිගටම වැඩ. කොටින්ම පාරෙ මුලු දිග වෙච්ච කි.මී. හතලිහ දිගේම මිනිස්සු මොකක් හරි වැඩක. ඒක නිසා දවල් කෑම එක වැඩ කරන අය ලගට ගිහින් දෙන්න වෙනවා. වැඩේට සයිට් එකෙන් හයර් කරලා තිබුනෙ රාජයි, පොරගෙ වීල් එකයි. හැමදාම දවල් එකොළහට විතර සයිට් එකෙන් පිටවෙන රාජා, මිනිහගෙ බත් පාර්සල් ටික වගේම අනිත් අයගෙ බත් පාර්සල් ටිකත් වීල් එකට පටවගෙන, "චූන්-පාන්" ලොරියක් වගේ පාර දිගේ බත් පාර්සල් ටික බෙදාගෙන යනවා. "චූන්-පාන්" ලොරියක දාල තියෙන මියුසික් එක වගේ එකක් නැති උනත්, "පට-පට-පට" සද්දෙට එන රාජගෙ වීල් එක අනික් වීල් වලින් වෙන්කරල අදුන ගැනීමේ අපූරු හැකියාවක් දවස් වල අපට තිබුනා.

කෑම ගේන අතරෙ රාජා තවත් අපූරු මගඩි වැඩක් කරා. තමයි අතරමගදි හොදයි කියල කියන කෑම පැකට් ලට, පොරගෙ කඩේ පැකට් මාරු කරන එක. රාජගෙ ඔය ව්‍යාපාරික විජ්‍යා නිසා එකම චමරියෙ, එකම කුකාගෙ කෑම උනත්, අපි ගාවට එද්දි එකකට එකක් වෙනස් උනා.

මම සයිට් එකේ වැඩට ආපු මුල් දවස්වල කෑම ගන්න සෙට් උනේ රාජගෙ කඩෙන්. සයිට් ෆිස් එක කිට්ටුවම තියෙන නිසයි, වෙනකොට චමරිය ෆුල් වෙලා තිබුන නිසයි මගේ පලමු තේරීම උනේ රාජා. අනික උදේ පාන්දරම, බුලත් කහට බැදිච්ච දත් කූට්ටම ඉස්සරහට දාගෙන හිනාවෙන රාජගෙ සිරියාවන්ත මූණ දැක්කම, නොකෑවත් කෑවා වගෙයි.

රාජගෙ චාටර් වැඩ ආරංචි වෙලා, කඩේට යන එක නවත්තනකම්ම මමත් මාසයක් විතර හැමදාම උදේට රාජගෙ කඩේට ගියා. හැබැයි මම ගිය කවමදාවකවත්, රාජගෙ කඩේ හිස් වෙලා තියෙනවා නම් දැකලා නෑ. කෑම සවුත්තුයි කියල දැන දැනත්, සයිට් එකේ කොල්ලො සෙට් එක රාජගෙ කඩේට රිංගුවෙ හරියට නිකන් සූකිරි කැටේකට කලු කූඹි ඇදෙන්න වගේ මායම් වෙලා.

කඩේ කෑම බෙදන, සල්ලි ගන්න වගේ වැඩ වලට හිටපු රාජගෙ දූ සිගිත්ත තමයි, කූඹි අද්දන සූකිරි කැටේ උනේ.

කොන්ඩෙ ස්ට්රේට් කරල, තොල් පාට කරල, නියපොතු අලවල, ඇහිබැම ගලවල, අමුතුවෙන් බොඩිය රීකන්ඩිෂන් නොකරට, රාජගෙ දූ ඇත්තටම ලස්සනයි. ලස්සන වගේම කඩේට එන උන්ට අගර දගර දාන්න, මායම් පාන්න වගේම හිත හිරිවැටිල යන විහිලු කරන්නත් උන්දෑ උපන් හපනී. සමහරවෙලාවට රාජා එහෙම කරන්න කියන්නත් ඇති. දූ සිගිත්තට මුවාවෙලා රාජත් තමන්ගෙ බිස්නස් එක නියෙමටම කරගෙන ගියා.


**               **               **               **               **               **               **               **               **


දවසක් උදේක රාජා මහ හයියෙන් කෑ ගහගෙන සයිට් එකට කඩන් පාත් උනා. කෙලින්ම ෆිස් එකට ගියපු පොර, එතන ඉන්න ෆෝමන් කෙනෙක්ගෙන් හම්බවෙලා, පිටින් ඇවිත් වැඩ කරපු කම්කරුවෙක්ගෙ විස්තර අහන්න පටන්ගත්තා. වටෙන් පිටෙන් ඔලුව දාල බලද්දි තමයි දැන ගත්තෙ, රාජගෙ දූ සයිට් එකේ වැඩට ආපු කොල්ලෙක් එක්ක පැනල ගිහිල්ලා කියල. රාජා වගේ පිටට පේන්න විලාප දිදී ඇඩුවෙ නැති උනත්, සයිට් එකේ කොල්ලො ගොඩ දෙනෙක් වෙලාවෙ සෑහෙන්න දුක් උනා.

රාජා මහ හයියෙන් විලාප තිය තිය අඩන්න ගත්තෙ දූ නැති වෙච්ච දුකටද, කඩේ බිස්නස් වලට කෙලවෙන නිසාද කියල නම් මට හරියටම තේරුනේ නෑ. ඒත් සූකිරි කැට, කූඹින්ට අහුවෙන්න තිබ්බොත් නම් උන් උස්සගෙන යනවා කියලා මට එදා තේරුනා.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතැනින්.

37 comments:

  1. අපොයි සූකිරි කැට නම් බොහොම පරිස්සමින් තමයි තියලා තියන්ද ඕනි ! නැත්නම් රාජාට වෙච්ච දේම තමයි වෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. වෙනී අයියත් "කලු කූඹියෙක්"ද කොහෙද????? :D
      ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා !!!!!!

      Delete
  2. අපූරුයි තිළිණ ..හෙට එන්නම් නිදහසේ යමක් කියන්න ..
    මේ වගේ දේවල් බලන්න හරි කැමති මම ..

    ඔබට සුබම සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා!!!!!!!

      Delete
  3. දැන් ඉතින් රජාට ඒ දේවල් ගැන හිතන්න පරක්කු වැඩී..

    ReplyDelete
    Replies
    1. අප්පමාදෝ අමතපදං !!!!!!

      Delete
  4. අපූරුම විවරණයක්....කතාව ගොඩනගපු හැටි රාජාගේ කෙරුවාවල් අස්සේ සුකිරිවලට වුදේ ඉතාම කදිමට ලියා තිබෙනවා..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. නලීන් අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

      Delete
  5. රාජා වගේ ඩයල් එකකට එහෙම දෙයක් වෙච්ච එක ගැන පුදුමයක් නෑ...මට දුක අර "සූකිරි කැටේ" අරං පැන්න කොල්ල ගැනයි.

    ReplyDelete
    Replies
    1. හරියට අරි අයියා,,, කූඹියා තමයි අන්තිමේ විදවන්නෙ !!!!!!

      Delete
    2. ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා !!!!!!

      Delete
  6. අතීත මතක ගලාගෙන ඇවිද් දෝරෙ යනවා තිළිණගේ මේ කතා කියවනකොට. ඇත්තටම තිළිණි ඔය වගේ පැතිවල හිටපු බිස්නස් කාරයෝ නම් තමන්ගෙම වර්ගයා හිත් පිත් නැතිව සූරාකාපු, මුදල් පළමුව කියන තේමාවට වැඩ කරපු උන් තමයි. මම දන්න එකෙක් හිටියා අම්පාරේ, ඒකගේ තියෙනවා තේ ගොට්ටක්, ඒක හැමදාම රී‍ෆිල් කරනවා අර පරණ තේ කොල තියෙද්දිම. මේක දාන්නෙත් දවසෙ පැය විසි හතරෙම ලිප උඩ තියෙන මුට්ටියක තියෙන ද්‍රාවණයකට. තේ ඉල්ලපු ගමන් අරකෙන් වක්කරලා දෙනවා. ඒ තේ එක මොන රහද කියලා අර උඹ කිව්වා වගේ හිතා ගන්න බෑ.

    උඹටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා, තිළිණ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඩූඩ් අයියා, ඔහොම කුණුකමින් හම්බකරපුවට මොනාද දන්නෑ කරන්නෙ???
      ඩූඩ් අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

      Delete
    2. දැනුයි දැක්කේ, මම උඹට තිලිණි කියල ලිංගෙත් මාරු කරලා අර උඩ පේලියේ, හික් හික්!

      Delete
    3. ඒක නම් හිතලමදකොහේ කරල තියෙන්නෙ....

      Delete
  7. හැම ව්‍යාපාරික තැනකම මේ විජ්ජාව කරනවා තමා :D

    ReplyDelete
    Replies
    1. රාජට වගේම ගොඩක් තැන්වල ඔය විජ්ජාව "බැක් ෆයර්" වෙනවා...

      Delete
  8. සූකිරි කැට පිළිබඳ පළමු නියමය "සූකිරි කැට අවකාශයට නිරාවරණයවීමෙන් වාශ්ප විය හැකිය " කියලා තමා හිතා ගන්න වෙන්නෙ..

    හොඳ වැඩේ ඕකට, අලුකුත්තේරු වැඩ කළාට..

    ReplyDelete
    Replies
    1. නිකම්ම දියවෙලා යනවට වඩා කූඹි උස්සගෙන යන එක නම් වටිනවා... :D

      Delete
  9. නිර්මාණය හරිම අගෙයි

    මේකෙන් ඉගෙන ගන්ට තියෙන හොඳම පාඩම තමා සුකිරි කැට මග ඇරිය යුතුබව. නැත්නම් කූඹි උස්සනවනේ. ඒ වගේම සූකිරි කැටත් කූඹින්ගෙන් පරිස්සම් විය යුතුයි.:D

    ReplyDelete
    Replies
    1. මොනවා උනත්, සූකිරි කැට වලට කූඹිත්, කූඹින්ට සූකිරි කැටත් නැතුවම බෑනේ.... :D

      Delete
  10. තිළිණ රාජගෙ කඩේට යන එක නැවැත්තුවෙ මේ සිද්ධියෙන් පස්සෙ වෙන්නැති ?

    ReplyDelete
    Replies
    1. :P මම දියවැඩියාව හැදෙනවට බයයි.... :D

      Delete
  11. බොහොම ලස්සනට ලියලා තියෙනවා තිළිණ.
    සුකිරි පරිස්සම් කරන්න හරි අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හතර වටේම කලු කූඹිනේ :D :D :D

      Delete
  12. හයියෝ.... බඩු විකුණපු පුංචි බට්ටි කෝ..!!! :D

    කඩ වල කැෂියර් එකේ එහෙම සූකිරි කැට තියන්නේ ඒකනේ බං. කුඹි සූ ගාල එතකොට.

    ReplyDelete
    Replies
    1. //සූකිරි කැට පිලිබද පළමු නියමය // ඒ කියන්නේ ඉදිරියේදී තව නියමයක් එන්න තියනවා වගේ එකක් ? :)

      Delete
    2. වළලු අතක් එක්ක ගණුදෙණු කරන කොට කොයිතරක් නම් සිරියාවන්තද??? :D

      අනේ නෑ බන් ,,, ඕක තමා මම දන්න නියමය. දන්න ඒවා තියෙනවා නම් ලියමු බලන්න......

      Delete
  13. හබරණ ට්‍රින්කෝ පාර කිවවම මතකෙට එන්නේ අයිසීසි එකයි අර අශ්වයගේ පිටේ යන සීන් එකයි....තසන්ත මහත්තයට හරි මහෙන්ද්‍ර මහත්තයට හරි කිව්වනම කෑම ප්‍රශ්නේ විසදනවනේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... හබරණ පාර ගැන හොදට දන්න කෙනෙක් වගේ..... තසන්ත මහත්තය නම් දැන් ICC එකෙන් අස්වෙලාලු....

      Delete
  14. දැන් ඔය කියන එක්කෙනා මාසයක් විතර ගිහින් රජාගේ කඩේට යන එක නැවැත්තුවේ සූකිරි කැටේට ඒ තරම් කූඹි හිටිය නිසා තමන්ට චෑන්ස් එකක් නැති වෙයි කියලා හිතලද.....????? හි හි

    ReplyDelete
    Replies
    1. සූකිරි කැට ඇඹුලයි කියල ඒ මාසෙ යනකොට මට තේරුනා... ;)

      Delete
  15. රාජාට ඇත්තටම දුක හිතෙන්න ඇති, තමන්ගේ දුවනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න ඇති... අවුරුදු විස්සක් වෙනකම් දරුවෙක් හදන එක ලේසි වැඩක් නෙවේනෙ...

      Delete
  16. අනුන්ට ජරාව කවලා සල්ලි හම්බ කරන එවුන්ට වෙන්නේ ඔය වගේ දේවල්ම තමයි.
    සුබ අලුත් අවුරුද්දක් වේවා මලේ ...!

    ReplyDelete
    Replies
    1. ධාර්මික ‍රැකියාවක නිරත වෙනවා නම් ඔය වගේ ගැටලු වලට මුහුණ දෙනවා අඩුයි තමා...

      අයියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

      Delete
  17. රාජා ඔය කෑ ගැහුචට දෙන්නා තුන්දෙනා වෙලා එන කොට බාර ගනී...මොනවා උනත් එක්කන් ගියපු එකාත් දූක් විදිනවා ඇති හරියට කන්න නැතුව....

    ReplyDelete