Tuesday, June 25, 2013

සමාන සුඛ දුක්ඛ



ගොඩක් උන්ට වගේම, සීමාවක් මාඉමක් නැතිව පිස්සු කෙලින්න පුලුවන් සෙට් එකක් ඉස්කෝලෙ යන කාලෙ මටත් හිටියා. ඉස්කෝලෙ ගමනට සමුදීලා දැනට අවුරුදු හයක් හතක් විතර උනත් තාමත් අපේ "A ලෙවල්" සෙට් එක පුලු පුලුවන් වෙලාවට සෙට් වෙනවා. සෙට් වෙන්න බැරිනම් අඩුම ගානෙ කෝල් එකක් හරි දීල, "කොහොමද මචං... උඹලා තාම නොමැරි ඉන්නවා නේද?? " කියලා හරි අහනවා. අද කියන්න යන්නෙ අපේ සෙට් එකේ ඉදිරිපෙල සාමාජිකයෙක් වෙච්ච, අපි හැමෝම සුරතලේට "ශකීර්" කියල අදුන්වපු "නිතුන්" වෙච්ච මරාලයක් ගැන.

අපේ සෙට් එක ගැන කියනවා නම්, කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. තමයි කාටවත් හිංසාවක් පීඩාවක් නොකරපු අහිංසක සමනළ පැටවු ටිකක් කියන එක. ස්කෝලෙයන සෙට් වලට වැලදෙන "චීත්ත කෑලිවලට ඇන කොටා ගන්න" සින්ඩ්‍රෝමය අපේ සෙට් එකට වැලදිලා තිබුනෙ නෑ. ඒක නිසා අපේ සෙට් එක වලි වලට පැටලුනේ බොහොම අඩුවෙන්. පල්ලෙහා පංතියෙක පොඩි එකෙක් අල්ලගෙන සෙට් එකම එකතු වෙලා ටෝක් කරපු එකයි, ඒකට රිටන් එකට උගේ අයියලා ගෙන්නලා අපිට නෙලපු එකයි, බිග් මැච් එකක් දවසක ටෝක් නොකරම, ධීවර කර්මාන්තයේ නියැලෙන බාප්පලා සෙට් එකක් අපේ දෙන්නෙක්ට ඉස්පිරිතාලෙ ලගින්නම සලකපු එකයි ඇරෙන්න මහා ලොකු වලි වලට අපි සම්මාදම් උනේ නෑ.

අපේ සෙට් එක ප්‍රචන්ඩත්වයෙන් මිදිලා අවිහිංසාවාදී මාවතක් අනුගමනය කරන්න හේතු කීපයක් තිබුනා. එකක් තමයි උස-මහත ඩයල් එකෙක්වත් නොහිටපු එක. දිරාපු කිරිදීසියා පොලු වගේ කේඩෑරි සරීර තිබුනු අපේ සෙට් එකට, ගුටි කන්න තියා ගහන්නවත් හයිය හත්තියක් තිබුනෙ නෑ. අනික තමා වලියට බර පවුල් පසුබිමක් තියෙන කිසිම එකෙක් සෙට් එකේ නොවීම. සෙට් එකේ ගොඩක් උන්ට අයියලා මල්ලිලා හිටියට, උන් කවුරුවත් අපේ වලියකට ක්‍රී දායකත්වය සපයපු උන් නෙවේ.

නිතුන්ට ඔය කියන මරාලෙ පාත් උනේ තුන්වෙනි පාරට උසස් පෙළ කරන්න පංති යද්දි. කාලෙ වෙද්දි අපේ සෙට් එකට සංක්‍රාන්ති සමය. සමහරු ජොබ් කරනවා. සමහරු ජොබ් හොයනවා. සමහරු එක එක කෝස් වලට යනවා. වැඩ ගොඩයි වෙද්දි තුන්වෙනි පාරටත් පංති යන්න හිටියෙ නිතුනයි තව එකෙකුයි විතරයි.

මතකෙ හැටියට එදා සතිඅන්ත දවසක්. දවල් දෙකට  විතර මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා.

"මචං උඹ ගෙදරද???" එහා පැත්තෙන් ආවෙ නිතුනගෙ සුපුරුදු ලාමක කටහඩ.

"ඔව් බන්... ඊයෙ රෑ ආවා..."

"..හ්.. එළ.. එළ.. මම මේ උඹලහැ එන ගමන්. මාර කේස් එකක් උනා බන් දවස්වල දුරකථන ඇමතුමකට අයකරපු අස්ප ගාන නිසාද, නැත්තම් ඌට තියෙන හදිස්සිය නිසාද කියල නම් මට තේරුනේ නෑ. ඒත් මම,ඒ මොකද්ද ඒ” කියල අහන්නත් කලින් පොර කෝල් එක කට් කරා.


**                    **                    **                    **                    **                    **                   

විනාඩි දහයක් යන්නත් කලින් නිතුන්ගෙ පුෂ් බයිසිකලේ අපේ වත්තට ඇතුලු උනා.

"මචං කෝ.. ගෙදර කවුරුවත් ඉන්නවද??? " ගොලුබෙල්ලො හොය හොය වත්ත වටේ ඇවිදින තලගොයි පැටියෙක් වගේ, ගේ ඇතුලට බෙල්ල දික්කරගෙනම නිතුන් මගෙන් ඇහුවා. ගෙවල් වල මිනිස්සුන්ගෙන් වලි වලට කොහොමත් සපෝර්ට් එකක් නෑ කියලා මම දන්නවා. ඒක නිසා පොරවත් අඩගහගෙන වත්ත අයිනෙ කෝප්ප පදුරු ගාවට හිමීට මාරු උනා.

"මොකද්ද කේස් එක??"

"කොහේවත් යන වලියක් සෙට් උනා බන්.." නිතුනා කිව්වෙ, නලලෙන් වාන් දාන දාඩිය බින්දු ටික, දකුණතේ මාපට ඇහිල්ලෙන් හූරන ගමන්.

"අද උදේ "බොගා සර්"ගෙෆිසික්ස් රිවිශන් එක බන්. අපේ වයසෙ උන්ගෙන් හිටියෙ මායි, පුෂ්පිකයි විතරයි. අනිත් උන් ඔක්කොම වගේ අපිට බාලයි"

"හ්ම්ම්.. ඉතින්??" බයිසිකලේ මැද බාර් එක උඩ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන් මම ඇහුවා.

"දහයමාරට විතර "බොගා සර්" පොඩි ඉන්ටවල් එකක් දුන්නා. මම පුෂ්පිකයත් එක්ක ෆුඩ් සිටිය ඉස්සරහ තියෙන තේ කඩේට ගිහින් බිත්තර රොටියකුත් කාල, ආයෙ පන්තියට යන්න හිතාගෙන එලියට බැස්සා. එතකොටම පාරෙන් එහා පැත්තෙ ඉදන් කොල්ලෙක් මට අත වැනුවා. මම ඒත් බැලුවා අදුරන එකෙක්වත්ද, කතා කරන්නෙ කියලා.... එහෙමත් නෑ. දිගටම අතවනලා කතා කරපු නිසා මම හිතුවෙ මොකක් හරි පණිවිඩයක් කියලා. මමත් පාර පැනල අනිත් පැත්තට ගියාම මූ අහනවා; "මොකද හු@@ ‍තෝ මගේ කෙල්ලට ලයින් දාන්නෙ" කියලා"

"ඉතින් ඇයි උඹ උගේ කෙල්ලට ලයින් දැම්මෙ?? " මම නිතුනට හරස් ප්‍රශ්නයක් දැම්මා.

"තොට පිස්සුද යකෝ... එක්සෑම් එකට මාසයක් තියාගෙන කෑලි පස්සෙ යන්න... "

"හ්ම්ම්.. ඉතින්??"

"මම ඇහුවා කවුද මචං උඹේ කෑල්ල කියලා. එතකොටම බන් මූ මට කන පුරවලා එකක් දුන්න ආයෙ.. දුන් යන්න..."

"අඩෝ උඹට ගැහුවද??" හේත්තුවෙලා හිටපු බයිසිකලෙත් පෙරලගෙනම මට නැගිටුනා.

"... මේ... නිතුන් පුතානෙ.. මොකද මේ එළියට වෙලා. එන්න ඇතුලට..." මහ සද්දෙට මගේ කටින් කෑ ගැහිච්ච නිසාද මන්දා අපේ අම්මා ගේ ඇතුලෙ ඉදන් එබුනා.

"අහ්... ඕන නෑ ඇන්ටි. මෙහෙම හොදයි හුලනුත් වදිනවනෙ.... "
"ඔව් බන්.. කනට ගහන කොටම, මමත් හැරිලා දුන්නා. අපි දෙන්නා නෙලා ගන්නව දැක්ක ගමන් පන්තියෙ අනිත් උනුත් දුවගෙන ආවා. පන්තියෙ කොල්ලො සෙට් එක දැක්කහම මාරු වෙලා ගියා."

"හ්ම්ම්... ඉතින් අවුලක් නෑනෙ බන්. උඹට ගැහුවා... උඹ ඌට ගැහුවා... ගණු දෙනුව ඉවරනේ.... " සරළ සමීකරණයක් වගේ පහසුවෙන්ම විසදිච්ච නිතුනගෙ කේස් එකේ බරපතල කමක් මට තේරුනේ නෑ.

"නෑ.. බන්. හෙන ඩයල් එකක්ලු. උගේ අයියලා දෙන්නෙක් හිරේලු. මූටත් වරෙන්තුවක් තියෙනවා කියල තමයි කට්ටිය කියන්නෙ. පස්සෙ මූ ස්ටෑන්ඩ් එකේ කිය කිය ගිහින් තියෙනවා මාව කපනවමයි කියලා.. "

"අහ්හ්... එහෙමද??"

"හ්ම්ම්... මම අද ක්ලාස් ඉවර වෙන්නත් කලින් සර්ට කියලා මාරු උනා. අරූ හිටියොත් කියලා. වෙන කාලෙක නම් අවුලක් නෑ බන්. එක්සෑම් එකට මාසෙනෙ. ඒකයි අවුල.." ප්‍රශ්නයෙ බරපතලකම ටික ටික මට තේරෙන්න ගත්තා.

"දැන් මොකද කරන්නෙ?? පොලීසියෙ ඇන්ට්‍රියක්වත් දාමුද???

"නෑ බන්.. ඕක ගොඩින්ම බේරගන්න තරමට ලේසියි. මම උන්ගෙ ගෙදරට යන්න කියල බැලුවෙ..." නිතුනා හිටියෙ සුදු කොඩිය ඉහලටම උස්සාගෙන. ඒත් සුදු කොඩි උස්සගෙන එන උන්ටත් වෙඩි වදින්න පුලුවන්කම තියෙන නිසා මම ඒකට කැමති උනේ නෑ.

"අපි "ජයත්" කියලා බලමුද ??? කාලෙ ඉදම්ම වලි ගැන දන්නවනේ..." "ජයත්" කියල කිව්වෙ.පො. සා/පෙළට යනකම් අපේ ඉස්කෝලෙ රන් කරපු ඩයල් එකවලියට බර හිත, පොතට බර උනේ නැති නිසා පොරට සා/පෙළින්ම ඉස්කෝල ගමන නතර කරන්න උනා.

"හ්ම්ම්.. කියල බලමු. උඹ ගාව උගේ නම්බරේ තියේනම් ගනින් බලන්න.."

"ජයත්" නමින් සේව් කරලා තිබුන නම්බර් දෙකකට ගත්තත් දෙකම වැඩකරේ නෑ. පස්සෙ තුන්වෙනියට තිබ්බ එකට යාන්තමින් රින් යන්න ගත්තා.

"හෙලෝ..." ගොරහැඩි කටහඩක් එහා පැත්තෙන් උත්තර දුන්නා.

"මචං ජයත්. මම තිලින.."

"ති..ලි..න.. තිලින... .... කියපන් මචං, මොකෝ කේස් එක??"

"පොඩි කුණක් මචං. අපේ පන්තියෙ හිටපු නිතුන් මතකනේ... ඌට එකෙක් ගහලා." බොහොම ලුහුඩින්, වෙච්ච සිද්දිය මම ජයත්ට කිව්වා.

"හරී මචං මොකද්ද දැන් වෙන්න ඕන??"

"ඌට කේස් එක දාලා තියෙන්නෙ, අමරෙ කියලා එකෙක්. උඹ ඌව දන්නව නම් පොඩි ශේප්...." මට කියන්න හම්බ උනේ එච්චරයි. ජයත් එහා පැත්තෙක් හෙන සද්දයක් දැම්මා.

"එක එකාට පු@ දෙන්න ඕනෙ නෑ බන්. උඹ නිතුනත් එක්ක අපේ ගෙදර වරෙන්. මම අපේ සෙට් එකට කියන්නම්. ඕන එකකට මම ඉන්නවා. අතින් පයින් නම් අතින් පයින්. එහෙම නැත්තම් යන්ත්‍රානුසාරයෙන්...."

වැඩේ හරියන්නෙ නෑ කියලා, ෆෝන් එක කනේ තියාගෙන ඉන්න ගමන්ම මම නිතුනට ගොලු බාසාවෙන් කිව්වා.



.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

22 comments:

  1. ඉවරෙයි ??

    ReplyDelete
  2. හී හී.... මොන මගුලක්ද බන් කතා බාග දාන්නේ. ඔක්කෝම දාපන් එකපාර :-)

    ReplyDelete
    Replies
    1. බාග නෙවේ බන්,. ඉවරයි,,,,,,,

      Delete
  3. අද පෝස්ට් එක අප්ඩේට් වෙලා නෑ හරියට.

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ බ්ලොග් එකේ අවුලක්

      Delete
  4. ඉතිං ඊට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. ලේ හලා ගන්නෙ නැතුව, අත පය කඩා ගන්නෙ නැතුව, නිතුනට එක්සෑම් ලියන්න පුලුවන් වෙන විදිහට ප්‍රශ්නෙ බේර ගත්තා...

      Delete
  5. ලස්සනට ලියලා තියෙනවා.....අතීතය මතක් වෙනවා....මොනවා උනත් හොද හෝටලයකින කාලා තියෙන මනුස්සයෙක් කවදාවත් නිකං අත පය විසි කරන්න සෙට් වෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචෝ......
      ගුටි කන්න බැරිනම් ගහ ගන්න එපා...

      Delete
  6. මචං අර පෝස්ට් එක වැඩ කරන්නේ නැ

    ReplyDelete
    Replies
    1. ඔව් බන්... බ්ලොග් එකේ අවුලක්

      Delete
  7. //ඉස්කෝලෙ ගමනට සමුදීලා දැනට අවුරුදු හයක් හතක් විතර උනත් //
    මදෑ.. මං මෙච්චරකල් හිතං හිටියේ දාසයක් දාහතක් වෙන්න ඇති කියලා.. හි හි...

    ඒකත් ඉතිං චීත්ත වලියක්මයි නේ....

    ReplyDelete
    Replies
    1. හෑ හත්දෙයියනේ,,,,, 16-17 උනේ මීට අවුරුදු නමයකට කලින් :D

      සෑම වලියක් පි‍ටුපසම චීත්ත කෑල්ලක් ඇමිනී ඇත.

      Delete
  8. මං හිතුවෙ ජයත් කියයි කියලා,

    ‘යකෝ ඒ මගෙ අයියනෙ. කපනවා තොපි දෙන්නම පෙති පෙති‘ කියලා.

    ReplyDelete
    Replies
    1. හික්ස්.... ලොවෙත් නෑ එහෙම උනා නම්. යන්ත්‍රානුසාරයෙන්ම පරලොව යන්න තිබුනා...

      Delete
  9. ඇයි බන් ඉතින් හරි යන්නෑ කිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. ජයත්ගෙ හැටි හොදටම දන්න නිසා බන්... ඌ පොර ටෝක් දෙන එකෙක් නෙවේ.. පොර නිකමට හරි ගේම ඇදගෙන ගියා නම් අපි හැමෝටම ලොකු අවුලක්....

      Delete
  10. යකො කතාවක් ඉවරවෙන්නම කියපන්කො

    ReplyDelete
    Replies
    1. ඉවරා..........යි.............. :D

      Delete
  11. යන්ත්‍රානුසාරයෙන් කිව්වේ ??

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනාද??? මේ ලගදි "රණවිරුවො" වැලිවේරියෙදි පාවිච්චි කල ඒවා තමා.... :D

      Delete