Monday, July 22, 2013

හස්තය



මේ සිද්දිය, මීට අවුරුදු පහකට විතර උඩදි සිද්ද වෙච්ච එකක්. සතිඅන්ත "මවුබිම" පත්තරේ එක්ක නොමිලේ හම්බවෙන ටැබ්ලොයිඩ අතිරේකයේ තිබුනු සම්මුඛ සාකච්චාවක් කියවද්දි තමා, මේ සිද්දිය ගැන වැලලිච්ච මතකය දූවිලි ගසලා දාල උඩට ආවෙ. සම්මුඛ සාකච්චාවට මාතෘකාව වෙලා තිබුනෙ, නිරෝෂා විරාජිනී මහත්මිය ඉදිරියෙදි පවත්වන්න යන "නිරෝෂා ලයිව් ඉන් කොන්සට්" කියන ඇගේම ඒක පුද්ගල ගී ප්‍රසංගය. දැන් කියන්න යන කතාවෙ ප්‍රධාන වස්තු බීජයත් ඇයම තමයි.

මට මතක හැටියට ඒ, අපි කැම්පස් ගිහින් දෙවැනි අවුරුද්ද. මායි "‍රැටියයි" කැම්පස් කැන්ටිමේ රුපියල් දෙකේ ප්ලේන්ටියක් රසවිදින ගමන්, මොකද්දෝ බරපතල සාකච්චාවක නිරත වෙලා හිටියෙ. එකපාරටම බෝල්ට් ඇණ දාල පොලවට හයි කරලා තිබුන ෆයිබර්-ග්ලාස් පු‍ටුවෙන් බිමට පැනපු ‍රැටියා, වර්ථමාන උසස් අධ්‍යාපන ඇමතිතුමා වගේ මහ හයියෙන් තප්පුලන්න පටන් ගත්තා.

"අඩෝ අර බලපන්... අන්න අරුං අර ෂෝ එක මේ පාරත් කරනවා..." ‍රැටියගෙ දකුණු අතේ දබ‍රැගිල්ල දිවෙච්ච පැත්තට මගේ ඇස් දෙක හැරවුනේ නිකම්ම. දිරච්ච වැට ඉනි වගේ තැනින් තැන හිටගෙන ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ තුන් හතර දෙනෙක් පහුකරගෙන ගිහින් මගේ ඇස් දෙක නතර උනේ, කැන්ටිමේ බිත්තිය අයිනෙ හේත්තු කරලා තිබුන දැන්වීම් පුවරුව ලග. "හච් කපල් පැකේජ් විශේෂ දීමනාව. සිම් දෙකම 200යි - අමතන්න.. නිරෝෂ් 078........", "විශ්ව විද්‍යාලය ආසන්නයේම, ගැහැණු ලමුන් සදහා බෝඩිම් කාමරයක්" , " ... දින ගොඩ කැන්ටිමේදී මාගේ උපැස් යුවල නැතිවිය. හමුවූ කෙනෙක් දන්වන්න" වගේ විවිධාකාර පෝස්ටර් කීපයක් අතරෙන්, ‍රැටියා මට පෙන්නන්න දගලපු පෝස්ටරේ මම අදුර ගත්තා.
"සරසවි ගී සිසිල. ... දා සුමනදාස මැද මිදුලේදී. සංවිධානය වා.වි.ශි.සං."

"සරසවි ගී සිසිල" කියන්නෙ, ප්‍රමාණ සමීක්ෂකයෝ එහෙමත් නැත්තම් හුරුපුරුදු ව්‍යවහාරික නමින් කිව්වොත් QSල, වාර්ශිකව සංවිධානය කරන ක්ලැසිකල් මියුසිකල් ෂෝ එකට. "ගී සිසිල" තමයි මම දන්න තරමින් අපේ කැම්පස් එකේ වාර්ශිකව අඛංඩව පවත්වගෙන ආපු එකම සංගීත ප්‍රසංගය. කලාවට සම්භන්ද කිසිම පීඨයක් නොතිබුන නිසා, ඔය වගේ කලා කටයුතු අපේ කැම්පස්  එකේ සෙට් වෙන්නෙ බොහෝම කලාතුරකින්. ඒක නිසා "ගී සිසිලට" කැම්පස් එකේ තිබුන තැන බොහොම ඉහලයි. අනික "ගී සිසිල" සංවිධානය උනෙත් එහෙම ආවට ගියාවට නෙවේ. දිවයිනේ ඉන්න සුපිරි ගායක ගායිකාවන්ට විතරයි "ගී සිසිල"ට ගොඩ වෙන්න ආරාධනා ලැබුනෙ. කථනය, සංගීතය සැපයීම වගේ අවශේෂ දේවල්  උනත් සිද්ධ උනේ වෘත්තීය විශිෂ්ඨයන් අතින්.

"මචං ටිකට් එකක් ගන්න ඕන.." ‍රැටියා මගේ කනට කෙදිරුවා.

"යකෝ... තව කොච්චර කල් තියේද?? අනික තව ටික දවසකින් කැන්ටිමේ ඉන්න හම්බ වෙන්නෙ නෑ, ටිකට් එකක් නොගෙන..." ඔය වගේ "ෂෝ" එකක් තියෙන කාලෙට කැන්ටිමට යනවා කියන්නෙ, රෙදි ගන්න මුස්ලිම් කඩයකට යනවා වගේ වැඩක්. 

"කෙහම්මල... වෙන ඒවා වගේ නෙවේ බන් මේක. බලපන් මේ පාර එන ආටිස්ල ටික විතරක්, වික්ටර් රත්නායක.. අමරසිරි පීරිස්.. ටී.එම්... කසුන් කල්හාර.. දැනටමත් ටිකට් ඉවර වෙලාද දන්නෑ..." 

"අපෝ ඔය සෙට් එකේ සිංදු ඕන තරම් මගේ ලැපේ ඇති. "පෙන්" එකක් අරන් වරෙන් මම දෙන්නම්..." මගේ කතාවට ‍රැටියට නහුතෙට නැග්ගා.

"අනේ පලයන් බන් යන්න... උඹට ඕනෙ නම් මම දෙන්නම්. මම උඹ වගේ "මල්" සිංදුයි, "ඝන්ඨාර" සිංදුයි අහන එකෙක් නෙවේ..." ‍රැටියා කිව්ව කතාව ගොඩක් දුරට ඇත්ත. පොර ලාංකීය සුභාවිත ගීතයට පණ ඇරල ආදරය කරපු පොරක්. ටකරං වලට තඩිබෑමේ සංගීත කලාවෙන් ඔබ්බට ගිහින්, අධ්‍යාත්මයට අමතන සංගීත කලාවක් ගැන විශ්වාස කරපු පොරක්.

කොහොම හරි පොර පහුවෙනිදම කොහෙන්දෝ මංදා ටිකට් දෙකක් උස්සගෙන ආවා. වෙස් තට්‍ටුව බදින්න ඉන්න නැට්‍ටුවා සති ගානක් මස් මාලු නොකා පේ වෙනවා වගේ,  ‍රැටියත් ප්‍රසංගෙට සති කීපයක් තියලා ටිකට් එහෙම අරගෙන, වින්දනීය හැන්දෑවට සෙට් වෙනවා.

සති ගානක් ගිහින් ‍රැටියා පෙරුම් පුර පුර උන්නු දවස ආවා. වෙනදට එකක් නෑර ලෙක්චර්ස් යන ‍රැටියා, එදා හවස තිබුන ලෙක්චර් එකටත් නොගිහින්, නාල කරලා ෂෝ එක බලන්න සෙට් වෙලා. හවස් වෙද්දි මායි ‍රැටියයි, පොර අරගෙන ඇවිත් තිබුන ටිකට් දෙකත් අරගෙන ෂෝ එක බලන්න කැම්පස් එකට ගියා. පැය බාගයක් විතර පෝලිමේ කට්ට කාල, ටිකට් චෙක් කරන්න හිටපු සංවිධායක මංඩලේ හුරුබුහුටි නංගි කෙනෙකුට පැණි හිනාවකුත් දාගෙන ප්‍රසංග බිමට රිංග ගත්ත අපි දෙන්නා, ස්ටේග් එක හොදට පේන තැනකින් තහඩු පු‍ටු දෙකක් අල්ල ගත්තා.

සාම්ප්‍රධායික පිත්තල පහන දැල්වීම, අමුත්තන් පිලිගැනීම, ස්තූති කතා, ගුණ කතාවලට පස්සෙ, වේදිකාව පැත්තෙන් හෙමීට ගලාගෙන ආපු වයලීන් හඩක් එක්ක ප්‍රසංගය පටන් ගත්තා. මුල්ම ගායකයා අමරසිරි පීරිස් මහත්තයා. අපරාදෙ කියන්න බෑ, වෙන මියුසිකල් ෂෝ වල තියෙන හූ හඩ, විසිල් පාරවල් මේකෙදි කොහෙන් ගියාද නෑ. කට්ටියම මීයට පිම්බා වගේ. ස්ටේජ් එකෙන් එන සද්දෙ නැත්තම්, ඉදික‍ටුවක් බිම වැ‍ටුනත් ඇහෙන ගානයි.

අමරසිරි පීරිස්ට පස්සෙ වික්ටර් රත්නායක. ඊට පස්සෙ ටී.එම්. ජයරත්න. ඔය විදිහට ප්‍රසංගය කිසිම ආන්තරාවක් නැතිව ජයටම නැගලා යනවා. මට එහා පැත්තෙ හිටපු ‍රැටියගෙනුත් කිසිම හා හූවක් නෑ. සංගීත රසයෙන් මත් වෙලා, උන්නු පු‍ටුවෙම නින්ද ගිහිල්ලාවත්ද කියල මුලින් සැක හිතුනත්, නින්ද ගියානම් පලාතටම ඇහෙන්න, මහ සද්දෙන් කොට ඉරන්න පටන් ගන්න බව දන්න නිසා මගේ හිතේ උපන්න සැකය එහෙම්ම පහවෙලා ගියා. අල්ලපු පු‍ටුවෙ ඉන්න ‍රැටිය හෙන සිරාවට සිංදු අහනවා. ගංජා ගහපු ගැටයෙක් වගේ ‍රැටියගෙ ඇස් දෙක බාගෙට පියවෙලා. හිටපු ගමන් අත මූන ඉස්සරහට ගෙනැල්ලා, අමරදේව මාස්ටර් වගේ එහෙටයි මෙහෙටයි කරකවනවා. ‍රැටියගෙ මේ විකාරෙ බලං ඉන්න බැරි තැන මම පොරට වැලමිටෙන් හීනියට ඇන්නා.

"කරදර කරන්න එපා බන්... මේ සිංදු අහන්න ඕන බොක්කෙන්ම. දැහැනට සම වැදිලා... උඹත් එහෙම ට්‍රයි කරපන්. මාර ෆීලින් එකක් එන්නෙ..." වෙනදට වඩා පොරගෙ කටහඩ ලයාන්විත වෙලාද කියලත් මට හිතුනා. 

ඔය අතරෙදි තමයි ප්‍රසංගයේ එකම ගායිකාව වෙච්ච නිරෝෂා විරාජිනී මහත්මිය වේදිකාවට ගොඩ උනේ. අත් නැති හැට්ටයක් ඇදලා දිස්නෙ ගහන සාරියක් ඊට උඩින් පොරවාගෙන, කොන්ඩෙ කඩා දාගෙන හිටි එතුමියව දැක්කම බාගෙට නිදාගෙන හිටපු කීපදෙනෙක්, නින්ද බල්ලට දාල, හරි බරි ගැහිල පු‍ටුවල වාඩි වෙනවා මම දැක්කා.

"ඒ මචං.." මුලින්ම මම හිතුවෙ ඒක මගේ හිතේ මැවිච්ච සද්දයක් කියලා. ඒත් එහෙම නෑ. සද්දෙ ආවෙ අල්ලපු පු‍ටුවෙ හිටපු ‍රැටියගෙන්. 

"ඒ මචං.." ‍රැටියා ආයෙත් මගේ කනට කෙදිරුවා. මේකට රෙ*න බරක් වත් හැදිලද මේක අස්සෙ. මට එහෙම හිතුනා. කොහොමත් මම කලින් කතා කරපු වෙලෙත් මුගෙ මූණෙ එහෙම ලුක් එකකුත් තිබුනා වගෙ මට යන්තම් මතකයි.

"මොකෝ බන්?? "

"අඩෝ බලපන්කො අරයයිගෙ ගාතෙ...." අත් නැති හැට්ටයෙන් නිරාවරණය වෙච්ච, විරාජිණී මහත්මියගෙ අත පෙන්නන ගමන් ‍රැටියා මගේ කනට කෙදිරුවා.

මෙච්චර වෙලා ‍රැටියා කිව්ව විදිහට "දැහැනක්" බැදගෙන, ඒකට සමවැදිලා උන්නු මම, ඒකත් කඩාගෙන තහඩු පු‍ටුවට ඇදගෙන වැ‍ටුනා.


ප.ලි: උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


31 comments:

  1. හයියෝ විරාජිනී නෝනා කොල්ලන්ගේ දැහැන බිඳලනෙ.. රැටියා හරි.. ඔය සින්දු අහන්න ඕනා ඔහොම තමා.. එතකොට තමා බොක්කටම වදින්නෙ.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අපි හැමෝම පෘතක්ජනයෝනෙ.....
      ඇත්ත සෙන්නා... ඒ සින්දු කියලා තියෙන්නෙ කකුල් දෙකට නෙවේ පපුවට..

      Delete
  2. හයියූ මෙයා දැන් කිදෙනකුගේ දැහැන් බිදලද ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා,,,, නාරිලතා මල් පිපෙන්නෙ පිරිමින්ගෙ සසර දික් වෙන්න....

      Delete
  3. එසේ මෙසේ හස්තයක් වෙන්න බෑ :)

    ඔය සරසවි ගී සිසිල මමත් එකක් නෑර බැලුවා ඒ දවස්වල..සුමනදාස එකේ මැද මිදුල බිල්ඩිමක් ඇතුලෙ කරනවට වඩා නියමෙට ගැලපෙනවා ඒ වැඩේට...ආ..අර වා.වි.ශි.ස. කිව්වෙ කට්ටියද? මේක කරන්නෙ QS කට්ටිය නේද? (ප්‍රමාණ සමීක්ශණ)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... නැත්තම් ‍රැටියගෙ දැහැන බිදේවියැ...

      මමත් අවුරුදු දෙකක් බැලුවා... කියලා වැඩක් නෑ...
      "වා.වි.ශි.සං." කියලා කෙටි කරේ "වාස්තු විද්‍යා ශිෂ්‍ය සංගමය" කියන එක. "QS"ල අයිති වෙන්නෙ Archi ෆැකල්ටියටනෙ....

      Delete
  4. මචං අතටත් ගාතේ කියනවද

    ReplyDelete
    Replies
    1. යකෝ අටමෝ... උඹ ඕක දන්නෙ නැහැයි කියලා ද කියන්නේ... ඇ‍යි බං හතරගාතෙන් යනවා කියලා කියන්නේ... වැටි වැටි අත් වලටත් බර දිදී යනකොට...

      Delete
    2. මම අහන්න ගිය එක කලින්ම අහලා මං වෙනුවෙනුත් නාගත්ත අටමට මගේ උපහාරය. :D

      Delete
    3. @අටම් : තිසර පිළිතුරු දී ඇත.
      @තිසර : හරියට හරි මචං
      @ඩූඩ් : මෙහෙම හරි නාගන්න එකට අටමාට මගෙනුත් උපහාරය..... :D :D

      Delete
  5. එහෙනං මේ විරාජිනී පීප්පයක් වගේ ඉදිමිලා හිටිය කාලේ වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඈ බන් දැන් ඇග බැහැලද??? :O :O අපරාදෙ...... :D :D :D

      Delete
  6. අළුත් උපමා උපමේය ටිකක් තියෙනවා..ශිෂ්‍යත්වේ කරන ලොකු කොල්ලට උගන්නල යවන්න ඕනේ රචනෙකට යොදා ගන්න කියලා....

    //රෙදි ගන්න මුස්ලිම් කඩයකට යනවා වගේ

    //වර්ථමාන උසස් අධ්‍යාපන ඇමතිතුමා වගේ මහ හයියෙන් තප්පුලන්න පටන් ගත්තා.


    ReplyDelete
    Replies
    1. මොක උනත් දෙවැනි උපමාව නම් උගන්නන්න එපා.... පොඩි එකාට ගෙදර නවතින්න වෙයි :D

      Delete
  7. ඇත්ත බං, අපේ කැම්පස් එකටත් නිරෝෂා ඇවිත් ඔහොම වැඩක් කළා, සූව ඉවරයක් නෑ ෂෝ එකත් චා වුනා අන්තිමට.

    ReplyDelete
    Replies
    1. මීට කලිනුත් මේ වගේම පෝස්ට් එකක් ලිව්වා ඔය වගේ සීන් එකක් ගැන. රංවල බලකාය ඇවිල්ල ෂෝ එකක් කරද්දි ඒකෙ හිටපු කෙල්ලොන්ට විසිල් ගහලා, පට්ටම චා උනා....

      Delete
  8. කොයි දැහැනත් ඔන්න ඔහොම කෙලවර වෙන හින්දා තමයි නිවන් දකින්න ඕනෙම නං කැලේකට යන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කැලේ ගියත් බෑලුනෙ සරත් අයියා... නාරිලතා මල් පිපෙනවාලුනේ.... :D :D

      Delete
  9. නිරෝෂා විරාජිනී කියන්නේ මටනම් සුපිරි ගායිකාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඇයට තියෙන්නෙ බොහොම අද්විතීය කට හඩක්... හැබැයි ලගදි රීමික්ස් කරපු "සිත හඩයි" සින්දුවෙ නම් ටිකක් අවුල්ද මංදා....

      Delete
  10. එයා දෑක්කම දෑහෑන බිදෙනව තමා.අපරදෙ දක්ශතාවය වෑහිල නිරුවත මතුවෙලා

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ගෙ දැහැන බිදිනවා කියන්නෙත් එක්තරා හැකියාවක් තමා.... ;)

      Delete
  11. කොහොමත් ඒ වගෙ සින්දු නම් අහන්න ඕන නිදහසේම තමයි..

    බලහන්කො ගාතයක් කරපු හරියක් :D

    ReplyDelete
    Replies
    1. ගාතයකට ඔච්චර හරියක් කරන්න පුලුවන් නම්... වෙනින් ඒවා ගැන කවර කතාද??? :D

      Delete
  12. මාලනී බුලත්සිංහල මහත්මියගෙ ගී එයාගෙ වගේ කියන..ප්‍රවීන යෑය් කියන එක්කෙනානෙ ..!

    ReplyDelete
    Replies
    1. ප්‍රවීනයොන්ටත් එක එක කාලෙට ඔය වගේ නවක වැඩ කරන්න හිතෙනවද කොහේ.....

      Delete
  13. නියම ගාතෙ දැක්ක නම් මොනව වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඒ ගාත හැර වෙනත් ගාත තිබේද???

      Delete

  14. නිරෝශා විරාජිනී ලස්සනයි තමා. කාලයක් ගොඩක් මහත් වෙලා හිටියා.

    අපරාදෙ, ඊට පස්සෙ ‍රැටියා ආයෙ දැහැනට සම වැදුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ මොන දැහැන්ද???? කෙල පෙර පෙර බලාගෙන උන්නෙ, තම්බියෙක් හරකෙක් දිහා බලන් ඉන්නවා වගේ....

      Delete
  15. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete