Monday, October 1, 2012

පාර දිගේ : හඳගල





නුවර - යාපනය A09 මාර්ගයේ, මැදවච්චිය නගර මධ්‍යට මදක් ඔබ්බේන් හමුවන මැදවච්චිය හතර o-හන්දිය දිවයිනේ ප්‍රධාන නගර කීපයකට ගමනාරම්බයන් ලබාදෙයි. අනුරාධපුරය සිට පැමිනෙන්නෙකුට, හතර o-හන්දියෙන් වමට හැරී මන්නාරම දෙසටත්, දකුණු දෙසට හැරී කැබිතිගොල්ලෑව හරහා මුලතිවු හෝ ත්‍රී`මලේ දෙසටත් පහසුවෙන් යාහැක.

ඉහත කී මැදවච්චි හතර මo-හන්දියෙන් ආරම්භ වන B283 මාර්ගය, කි.මී. 25 කට මදක් වැඩි දුරක් ගෙවා කැබිතිගොල්ලෑව නගරයට සේන්දුවෙයි. මෙම මාර්ගයේ 25වන කි.මී. කණුව අසලින් එනම් කැබතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපසින් තවත් ගුරුපාරක් ආරම්භ වේ. බස් රථ දෙකකට එකවර පහසුවෙන් මාරු විය හැකි තරම් පලලකින් යුක්ත මෙම පාරේ කි.මී අටකට ආසන්න දුරක් ගමන් කොට, ගුරු පාරෙන් වෙන්වී, තවත් කි.මී. දෙකක දුරක් ගියකල හඳගල පුරාණ ගල්ලෙන් oකීර්ණය හමුවිය හැක.


මුඛ පරම්පරාගත ප්‍රවාදයන්ට අනුව මෙම ආරමයට හඳගල යන නාමය ලැබී ඇත්තේ ආරාම භූමියේ පිහිටි දැවැන්ත වටකුරු පර්වතයකිනි. ලිපියේ පසු තැනෙක "නිදන් ගල" නමින්ද හැදින්වෙන මෙකී පර්වතය පූර්ණ චන්ද්‍රයා මෙන් දිස්වෙන හෙයින් ආරාම සoකීර්ණය  සඳගල නොහොත් හඳගල බවට විව්‍යර වූ බව කියවේ. 

වර්ථමානයේ මෙම ගල්ලෙන් ආරාම oකීර්ණය හඳගල ලෙස හැදින්වූවද එහි පුරාණ නාමය අද වනතුරුත් පැහැදිළි සාධක මගින් තහවුරු වී නොමැත. පුරාවිද්‍යත්මක හා සෙල්ලිපි  ධ්‍යයනවල පුළුල්ව නිරතවුනු සී.ඩ්බ්.නිකලස් මහතා හඳගල සෙල්ලිපි අධ්‍යයනයෙන් අනතුරුව සදහන් කොට ඇත්තේ ගල්ලෙන් ආශිත භූමියේ කැණීම් කටයුතු සිදුකල හොත් තවදුරටත් සෙල්ලිපි මතුකරගත හැකි බවත්, එමගින් මෙම ආරාම සoකීර්ණයේ පෞරාණික නාමය මතුකරගත හැකි බවත්ය. මින් පැහැදිලි වන්නේ බෙල් මහතාගේ සහ පරණවිතාන මහතාගේ සමය වනවිටත් මෙහි පෞරාණික  නාමය මතුකර ගැනීමට අපොහොසත්ව තිබූ බවයි.

කෙසේ උවත් `පුර සරසවියේ, සිoහල හා ජන සන්නිවේදන oශයේ හිටපු මහාචාර්ය එම්.ඩබ්.ඩබ්. විජේරත්න මහතා මෙහි පෞරාණික නාමය පිලිබදව අපූරු විග්‍රහයක් o කථා සාහිත්‍ය ඇසුරෙන් ගෙනහැර පා ඇත. මහතාට අනුව බුද්ධඝෝෂ හිමියන් රචිත විසුද්ධිමාර්ගයේ සදහන් "පාචීනඛණ්ඩරාජිය" යනු වත්මන් හඳගලයි.

මේ පිලිබද සවිස්තරාත්මක විග්‍රහයක් මෑතක පලකල පොතක සදහන් වේ. එය මෙතනින්.

හඳගල ඉතිහාසය දෙවන පෑතිස් රජ සමය (ක්‍රි.පූ. 304-267) තෙක් විහිදේ. සීගිරිය, දඹුල්ල, මිහින්තලය මෙන්ම හඳගල වියළි කලාපීය තැනිතලාවටම ආවේණික "ශේෂ කදු" භූවිශමතාවකි. මුහුදු මට්ටමින් අඩි 648 පමණ උසින් පිහිටි මෙම ආරාම භූමිය අක්කර හත්සීයකට වඩා පැතිර පවතී. තනවා පූජා කරන ලද නරපතියෙකු පිලිබදව නිශ්චිත සදහනක් නොමැති උවත්, මෙහි හතලිස්පහකට ආසන්න ලෙන් විහාර කරවූ ගම්පතීන්, ඔවුන්ගේ බිරින්දෑ වරුන් පිලිබදව සෑම ලෙනකම සදහන් කොට ඇත..ආරාම වාසයට උචිත ලෙස කටාරම් කොටා නිමවා ඇති ලෙන්ගුහා වල ද්වාරයේ ක්‍රි.පූ. තෙවන හා ක්‍රි.. පළවන සියවස් වලට අයත් පූර්ව බ්‍රහ්මීය අක්ශර වලින් ලෙන් පූජාව පිලිබදව සදහන්ය.

කටාරම් කෙටූ ගල්ලෙන් 
කෙසේ උවත් ලෙන් ද්වාරයන්හි කොටන ලද සෙල් ලිපි හැරෙන්නට ගලක කොටන ලද සෙල් ලිපි කිසිවක් මෙතෙක් මතුකර ගැනීමට සමත්ව නැත.




ආරම භූමියෙහි ඇති තරමක් විශාල ගල්ලෙන් බිත්තියක, බදාමයක් මත අදින ලද සිතුවමක ශේෂයන් අදද ජීවමාණව පවතී. මෙකී සිතුවම්, සීගිරි සිතුවම් වල ආභාශය ලැබූ සමකාලීන නිර්මාණ බව වියතුන්ගේ මතයයි.


අක්කර හත්සීයකට අධික භූ වපසරියක් පුරා පැතිර පැවතියද, පැරණි චෛ ියක් නටබුන් හැරෙන්නට පිළිම වහන්සේලා වැනි වෙනත් කිසිදු වන්දනීය නිර්මාණයක් පුරාණ ඉදිකිරීම් අතර දැකිය හැකි නොවේ. කෙසේ වෙතත් මීට සියවස් තුන-හතරකට පෙර නිමවූ සැතපෙන පිළිමයක් සහිත බුදුමැදුරක් සහ ඉතාම මෑත යුගයේ ඉදිකල පිළිම වහන්සේලා කීප නමක් වර්ථමාන ආරාම භූමියේ දැකිය හැක. 



වෙනත් ආරණ්ය සේනාසන වලින් හඳගල වෙනස් වන්නාවූ අපූර්ව සලකුනු කීපයක්ම සටහන් කරගැනීමට මෙම චාරිකාවේදී මට හැකිවිය. ඉන් එකක් නම් "නිධන් ගල" නමින් හැදිවෙන, හඳගලට එනම ලබා දීමට මුල් වුනැයි සිතිය හැකි ගල් පර්වතයයි. නිධන් ගල තෙක් යන මාර්ගය අතිශය කටුකය. අඩමානෙට පිහිටි ගල්කුලු මත වියළි කොළ ඇතිරී ඇති හෙයින් නිවැරදිව අඩිය නොතැබුවහොත් නතර වන්නේ අඩි තිහක පමණ පහලින් වූ ගල් කුළු මතය.

ඇතෙක් බරට වස්තුව පිරවූ හතරමහා නිධානයක් මෙම ගල තුල නිධන් කර ඇතැයි පැවසේ. තවත් ගල් දෙකක් මත සමබරව රැදී ඇති ගෝලාකාර දැවැන්ත ගල් පර්වතය මුදුනේ පියනකින් වැසුවාක් වැනි සලකුණක් ගල වටේටම දැකිය හැක. අරුමය නම් මෙම සලකුණ සහිත ඇතැම් ස්ථාන වලින් සියුම් දිය සීරාවක් ගලා යෑමයි. අප සමග ගිය රසික අයියා පැවසූ ආකාරයට නම්නිධන් ගලෙහි නිධානය” ගොඩ දැමීම කිසිසේත් කල නොහැකි යැයි තීරණය කොට අතහැර දැමූවකි. ඔහු පැවසුවේ නූතන රාජ, රාජ-මහා අමාත්‍යන් කීප පොලක්ම මෙය ගොඩ දැමීමට උත්සාහ කලත් එය සඵල නොවූ බවයි.















මෙවැනිම තවත් නිධානයක් ඇතැයි සැක කෙරෙන අපූර්ව ස්ථානයක් ආරාම භූමියේ පවතී. එම ස්ථානයට ඉහලින් අතිශය සූක්ශම ආකාරයට සවි කරන ලද "ගල් උගුලක්" දැකිය හැක. යම් කෙනෙක් මෙහි නිධානය ගැනීමට යත්ත දරත්ද, හේ මත පතිත වන පරිදි දැවැන්ත ගල් කුලක් මායාවක් මෙන් රදවා ඇත. ගල් කුල රැදවූ ආකාරය විස්මය දනවන සුලුය.



"බැලුම්ගල" නමින් හැදිවෙන කුඩා කපොල්ල චරපුරුශ සේවාවන් සදහා යොදාගත් බවට සැක කල හැකි ස්ථානයකි. වැඩුන මිනිසෙකුට යන්තම් බඩගා යාහැකි තරම් කපොල්ලක්පිහිටි ගල් තලාව මත පිහිටීමෙන් මෙකී බැලුම්ගල නිර්මාණය වී ඇත. කාලාන්තරයක් මුලුල්ලේ මිනිසුන් බඩගෑම නිසා මෙම විවරය ඉතා මට සිලිටු ස්වාභාවයක් ගනී. විවරයෙන් බැලූ කල ඉතා පුලුල් වපසරියක් දර්ශණය වන බැවින් මෙය සැබවින්ම ඔත්තු බැලීමේ කාර්යය සදහා යොදා ගත් බවට අනුමාන කල හැක.


බැලුම්ගල පිටතින් පෙනෙන අයුරු
වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා නිරිදුන් සොළී ක්‍රමණ හේතුවෙන් වසර පහලවකට අධික කාලයක් සැගවී සිටි අයෙකි. එතුමන් සැගවී සිටි ස්ථාන, එතුමන් රජවූ පසු විහාර ආරාම බවට පත් කල බව ඉතිහාසයේ සදහන් වේ. ලේඛනගත ඉතිහාසය තුල වළගම්බා නිරිදුන් සහ හඳගල අතර සම්භන්ධයක් දැකිය නොහැකි උවද, අදටත් හඳගල ආරාම oකීර්ණය හැදින්වෙන්නේ, " හඳගල පුරාණ වළගම්බා රජ මහා ලෙන් විහාරය" යන නමිනි.  

නිධන් ගල, ගල් උගුල්, බැලුම් ගල ආදී බවුන් වඩන හිමිවරුන්ට උපකාරී නොවන දෑ මගින් හඳගල තුල වැළලී ගිය මහා ඉතිහාසයක් අප හමුවේ ඉස්මතු කොට පෙන්වයි. එවන් ඉතිහාසයක එක් පරිච්චේදයක් පිළිබදව කල නිබන්දනයක් ගැන මා මිත්‍ර රසික අයියා මා සමග පැවසුවත් අවාසනාවකට එය දැනට අස්ථානගතවී ඇත.. එයට අනුව එළාර ක්‍රමණය වූ සමයේ දැවැන්ත සිoහල හමුදාවක් හඳගල අවට ප්‍රදේශයේදී සොළීන් අතින් සමූලඝාතනයට ලක්වී ඇත. කෙසේ වෙතත් එම නිබන්ධනය සහ "වරිග පොත" නම් ප්‍රකට වාර්ථා පොත සොයා යනතුරු හඳගල ඉතිහාසය, හුදු ලෙන් විහාර oකීර්ණයකට ලඝු වනු ඇත.

පසු සටහන : මේ ගමනේදී අපට මග පෙන්වූ හඳගලවාසී කුඩා සාමණේර හිමියන් දෙනමට, උන් වහන්සේලා පතන නිවන් මග අවබෝධ වී තවත් අතිමහත් බහුතරයකට නිවන් මගට මග පෙන්වීමට ඉඩ හසර පහළවේවායි පතමි.



4 comments:

  1. වටිනා කියන ස්ථානයක්. මේ ස්ථානය ගැන දැනුවත් කලාට පිං.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. රජරට ඔය වගේ වටින තැන් ගොඩක් තියෙනවා. අනුරපුර ගියොත් අනිවා යන්න.

      Delete
    2. මේ අපේ ගම ආඩම්බරයි කියන්න. දැන් අපේ සමිත හාමුදුරුවන්ට පින්සිදු වෙන්න එළි පෙහෙළි වෙලා

      Delete
    3. This comment has been removed by the author.

      Delete