Sunday, October 7, 2012

එම්.ඩී. ගාමිණී සහ දයාබර බිරින්දෑ




ගාමිණීව අරගෙන තිබුනෙ අනියම් පදනම මත කම්කරුවෙක් විදිහට.  කම්කරුවෙක් කිව්වම අපි හැමෝටම මැවෙන චිත්‍රයක් තියෙනවා. ඒතමා අඩි හයක් විතර උස, බොඩි බිල්ඩින් කරපු ඇගක් තියෙන,කැත්තක් හරි මිටියක් හරි අතින් ගත්ත, කාලවර්ණ අයෝමය පුරුෂයෙක්. හොලිවුඩ් වල ඔය වගේ කම්කරු චරිත වැහිවැහැල හිටියට මේ ධරණී තලයේ නම් විදිහෙ කම්කරුවෙක් මෙතෙක් මට හම්බ වෙලා නෑ. ගාමිණී අඩි හතරහමාරක් විතර උසයි. කලුයි. අවුරුදු හතලිස් පහක, පනහක පෙනුමක් තිබුනට, අවුරුදු තිස්පහකට වඩා නම් වැඩි නෑ කියලා හොදටම ශුවර්. ආරේ හැටිද, අම්බානෙකට කටු කාපු නිසාද oදා ගාමිණීට තිබුනෙ බොහොම කෙට්ටු සරීරයක්. ටිකක් නුහුගුණ ගති පෙන්නුවට මොකද, මජර කිට් එක ගහලා, කොම්පැණියෙන් දෙන කහ පාට හෙල්මට් එක දැම්මම නම් ගාමිණී මාර හැන්ඩියා. එපා කියල කොච්චර තග දැම්මත් ගාමිණීගෙ කටේ බීඩියක් නම් කොයිවෙලේවත් වරදින්නෙ නෑ. ඒක නිසා පොරගෙ ජීවන සුවද වෙලා තිබුනෙ, දුම්කොළ සුවද.

ගාමිණී වගේ අපේ කොම්පැණියට කෙලින්ම අරගෙන තිබුන්නැති හැම කෙනෙක්ගෙම පඩි හැදුවෙ දවස් පහළොවෙන් පහළවට. ඔය විදිහට මාස බාගෙන්, මාස බාගෙට හැදෙන පඩිය දුන්නෙ සයිට් එකේදිමයි. ඒකනිසා පඩි දෙන දවස ටිකක් පහුවෙනකොට වැඩකරන එකා-දෙන්නා සයිට් ඔෆිස් එකට ඇවිත්, පඩිය දෙන එක ගැන හොයලා බලනවා. පඩි දෙන්න තවත් පරක්කු වෙනවා නම් පොඩි ඇඩ්වාන්ස් එකක් දීලා ශේප් වෙන එක තමා වගේ ගොඩක් වෙලාවට අපි කරන්නේ.

දෙහිවලදි උඩින් යන්න පාලම් හදල දෙන්න පුලුවන් උනාට මොකද සමහර මාසවල අපේ කොම්පැණියට හොම්බෙන් යන්නවත් පණ නෑ. ගාමිණී කොම්පැණියට ආපු මුල් මාසෙත් ඔයවිදිහටම, අපි හොදටම නට්ටන් වෙච්ච මාසයක්. මිනිස්සුන්ගෙ පඩිතියා, සයිට් එකට ඕන ඩීසල් ටික ගත්තෙත් අදුරණ ෂෙඩ් එකකින් ණයට. පඩි දවස, දවසින් දවස කල්යනකොට, වැඩකරන මිනිස්සු සයිට් ඔෆිස් එකට එන සීග්‍රතාවය, ඝාතීය ශ්‍රිතයක් වගේ හිටිවනම වැඩි වෙන්න පටන් ගත්තා.

වෙනදට හිස් අතින් එන මිනිස්සු, වැඩ කරන්න දීල තිබුන උදැල්ල, සවල උස්සගෙන ඔෆිස් එකට එන්න ඔන්න -මෙන්න කියල තියෙද්දි තමා අපේ එකවුන්ටන් පොර මට කෝල් කරේ.

"මචo ...... පඩි සල්ලි දානව කියල හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා. මo ගිහිල්ලා අරo එන්නන්. කැබ් එක ගන්න පුලුවන්නෙ…… කට්ටියට කියපo පඩි ගන්න ඇවිල්ල ඉන්න කියලා " ඇති යන්තම් ආර්ථික අවපාතය යන්තම් පහ වෙලා, මo මටම කියාගත්තා.   

පැයකට විතර පස්සෙ සයිට් එකට දීල තියෙන කැබ්එක ආපහු ආවට ඔෆිස් එක ගාව පොර කකා හිටපු මහා ජනගoගාව පහවෙන ලකුණක් වත් පෙනුනෙ නෑ.

"මේ…. මොකෝ පඩි සල්ලි දාල නැද්ද???" බැරිම තැන මම එකවුන්ටන්ට කෝල් කරා.

"ඔව් බo හෙටලු දාන්නෙ.... චෙක් එකට ලොක්කගෙ සයින් එක ගන්න බැරි උනාලු අද.... " ලොක්කට වෙන දෙවල් වලට තියෙන තදියම අස්සන් ගහන වැඩේටනම් නෑ කියල o හොදටම දන්නවා.

එකවුන්ටන් පොර, වෙලාතියෙන දේ පැහැදිලි කරල දීලා, හෙට උදේම පඩි දෙන්න පොරොන්දු වෙනකොට කට්ටිය ටික ටික ආපහු වැඩට යන්න ගත්තා.

"බෑ බෑ…. අදම ඕන....... නැත්තම් මම අද මෙතන එල්ලෙනවා......"  හෑ.... කවුද යකෝ ..... වාඩිවෙලා හිටපු පුටුවෙන් ලිස්සලා වැටෙන්නැතුව o බේරුනේ බොහොම අමාරුවෙන්. එම්.ඩී. ගාමිණීව මුලින්ම මට මීටර් උනේ එදා.

පොර මෙතන එල්ලුනෝතින් මට වෙන්නෙ පොලිස් කූඩුවෙ කූරු වල එල්ලිලා ඉන්න නිසා මම්ම බැහැලා ගාමිණීට ටෝක් කරල යාන්තම් මිනිහව ශෙප් කර ගත්තා.

"ඔන්න හෙට දුන්නෙත් නැත්තම් මට ගෙදර ඉන්න වෙන්නෙ නෑ…... හෙට නම් අපේ පවුලට කොහොම හරි සල්ලි දෙන්න ඕන…." ගාමිණී කියන කොට වටේ හිටපු අනිත් උන් කින්ඩියට හිනා උනා. ගාමිණී වගේ කෙලින් නොකිව්වට හිනා වෙච්ච හැමකෙනාගෙම තත්වෙත් ඕක තමා.

ගාමිණීගෙ වගෙම මගෙත් බෙල්ලට තොන්ඩුව නොවැටි බේරුනේ, පොරොන්දු වෙච්ච විදිහටම ඊට පහුවෙනිදා පඩි දීගන්න පුලුවන්  උනනිසා.

"ගාමිණීගෙ පවුල හරි වසයි..... පොරත් අම්බානෙට බයයි ගෑණිටහොක්.. හොක්.. හොක්.." ගාමිණීගෙ ගෙවල් ගාව ඉන්න ඇල්ටන්, පොරගෙ දත් නැති කට උල් කර කර කියන කොට මට හීන් හිනාවක් ගියේ ගාමිණීගෙ තත්වෙටද, ඇල්ටන්ගෙ දත් නැති කටටද කියල හරියටම තෙරුනේ නෑ.

ඔය සිද්දියත් එක්කම එම්.ඩී. ගාමිණීගෙයි, පොරගෙ පවුලගෙයි රස කතා සෙට් එකක් සයිට් එක ඇතුලෙ අප්ඩේට් වෙන්න ගත්තා. අපරාදෙ කියන්න බෑ අලුත් පෝස්ට් එකක් අප්ඩේට් වෙනකොටම ගාමිණී වටේම ඉන්න උන් ඒවට කමෙන්ට් දාන්නයි, "ලයික්" දාන්නයි පොර කකා බලන් හිටියා. නුහුගුණේ තියන, නෝන්ජල් පොරවල් මඩවන්න කොහොමත් අපේ උන් හරි දක්ශ නේ.

ගාමිණීගෙ පවුල ගැන කියවෙන කතා බහුතරයක්ම 18+.  ඔය කතා වලින් ෆෝම් වෙච්ච සයිට් එකේම ඉන්න, ටිකක් වයසක වයසක අoකල් කෙනෙක් බිoකලුවර වෙටෙන වෙලාවෙ ගාමිණී හම්බ වෙන්න පොරගෙ ගෙදරට ගිහිල්ල තිබුනෙ ගාමිණීගෙ පොඩි එකාට බිස්කට් පැකට් එකකුත් අරගෙන. බිස්කට් පැකට් එක කල් ඉකුත් වෙලා තිබුන නිසාද මoදා, ඊලග දවසෙ උදේම ගාමිණීගෙ පවුල, සයිට් එක ගාව තේ කඩේ ගාවට ඇවිල්ල හෙන සද්දයක් දාලා තිබුනා.

"කෝ ඕකා.... මo ඕකව පෙති ගහනවා.... ඌ හිතන්න ඇති මo වේ**ක් කියලා... වේ** පුතා......"

වටෙන් පිටෙන් මගේ කනට වැටිච්ච විදිහට ඔය “කුක්කු කේස්” එක මෙහෙමයි.

අර කිව්ව වගේ වයසක අoකල් ගාමිණීගෙ ගෙදරට ගොඩ වෙලා තිබුනෙ පොඩි එකාට බිස්කට් පැකට් එකකුත් අරගෙනලු. ඊට පස්සෙ රෑ වෙනකම්ම ගාමිණී එක්කයි, පවුල එක්කයි කතා කර කර හිටියලු. "ශෝක් කොලු පැටියා. අම්මිගෙ නහයමයි තියෙන්නෙ " කියල ගාමිණීගෙ පොඩි එකාගෙ නහයත් මිරිකුවලු. ගාමිණීගෙ පවුල කෑම කන්න කිව්වත්, "ඔන්..නෙ.. නෑ..." කියල පොර යන්න එලියට බැස්සලු. යන්න කියල එලියට බැහැල ඌරු මීයෙක් වගේ ගාමිණීගෙ ගේ පිටිපස්සෙ හැoගුනාලු. ගෙයි ලයිට් නිව්වට පස්සෙ ගාමිණීගෙ පවුල ඉන්න කාමරේ ජනේලෙට හීන් තට්ටුවක් දැම්මලු. "මේ.... දොර අරිනවද? බයිසිකල් පොම්පෙ ටිකක් ගන්න........ "

කතාව කිව්ව එකා මට කිව්ව විදිහටනම්, ඊට පස්සෙ ගාමිණීගෙ පවුල දීපු උත්තර ටික මෙතන දාන්න බෑ. දැම්මත් දාන්න වෙන්නෙ තිත් පේලි ටිකක් විතරයි.

ඔය කේස් එකට පස්සෙ දවසෙ ගාමිණීව මට හම්බ උනා.

"ආ..... ගාමිණී.... ඔන්න අර පොරව අපි සයිට් එකෙන් යැව්වා...... "

"ඒක තමයි....  මහ ජරා මිනිස්සු..... කොහෙන් ආපු එකෙක්ද මoදා... හැබැයි බිස්කට් පැකට් එක නම් ශෝක්..."

"ගාමිණීද එදා පොරට ගහන්න එලෙව්වෙ????? " උත්තරේ දැන දැනත් මo ගාමිණීගෙන් ඇහුවෙ, ඇත්තම සීන් එක දැන ගන්න හිතාගෙන.

" න්නෑ... අපේ පවුල….. අපේ පවුල හරි වසයි. එයාට  අහුඋනා නම් මිනිහට එදා කැත්තෙන් කොටනවා...."

"හ්ම්ම්ම්.... ඒ උනාට පොර කතා කරල තියෙන්නෙ බයිසිකල් පොම්පෙ ඉල්ල ගන්න නේද??" මගේ කතාවට ගාමිණිට අම්බානෙට මල පැන්නා.

"බයිසිකල් පොම්පෙ…… බයිසිකල් පොම්පෙ ඕන නම් මගෙන් ඉල්ලන්න තිබුනනේ.... මොකටද එයාගෙන් ඉල්ලන්න එයාගෙ කාමරේට යන්න ඇහුවෙ.... ඕo.. මoවත් එයාගෙ කාමරේට යන්නෙ නෑ"

ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්


10 comments:

  1. Replies
    1. දෙන්නත් එක්කම හිනාවෙමු එහෙනම් :ඩී

      Delete
  2. මරු මරු නියම කතාව, නියමයි තිළිණ. දිගටම ලියන්න. පෝස්ට් එකේ අකුරු තව ටිකක් ලොකු කරන්න. ලාර්ජ් එකට ගන්න ..සයිට් එක සිංඩියට දාලා නැද්ද තාම. ඔන්න මම මගේ සින්ඩිකේටරයට දැම්මා ..මෙ තියෙන්නේ මගේ සිංඩියෙ වෙබ් ලිපිනය. ජයවේවා.
    http://k-matha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මචo. මම විස්තර ටික එව්වා. "රතු රජරට" වගේම "කමත" ත් සරුවේවා!!!!!!!!

      Delete
  3. හෙහ් හෙහ්.. පට්ට කතාව මචන්.. :D ජයවේවා!!
    (මචන්, මේ වෙරිෆිකේෂන් තියන ඒක නම් පොඩ්ඩක් කරදරයි වගේ කමෙන්ට් කරන කොට. ඒක අයින් කළා නම් හොඳයි නේද Dashboard > settings > post and comment > show word verification > NO )

    ReplyDelete
    Replies
    1. එල එල..... කිව්ව විදිහටම කරා. අලුත් එකෙක් නිසා උබල කියන සමහර ඒව කරන විදිහ මම දන්නෙ නෑ. ඒක නිසා තරහ නැතුව ඔන්න ඔය වගේ කරන්න ඕන ටික කියල දීපන්. තැන්කූ වෙවා!!!!!

      Delete
    2. හරි මචෝ.. මමත් ඉතින් මේ ලඟදි ලියන්න ගත්තේ. බ්ලොග් එකට ආපු අයගෙන් ම තමයි මාත් දැන ගත්තේ වැඩි හරියක්.. :)

      Delete
  4. සැමියා බිරිඳගේ දෙවියාය කතාව මෙතන නම් ටිකක් අනිත් පැත්ත වගේ :P

    ReplyDelete
    Replies
    1. මෙතනදි විතරක් නෙවේ දැන් දැන් හැමතැනම ඔහොමයි. :ඩී

      Delete
  5. //ඕං .. මංවත් එයාගෙ කාමරේට යන්නෙ නෑ //

    ඔන්න කතාව :) තවත් මොනවා කියන්නද අප්පා !!!

    ReplyDelete