හබරණ-කන්තලේ ප්‍රධාන පාරේ නවීකරණ කටයුතුවල කොන්ත්‍රාත් එක බාරගෙන තිබුනෙ, ලංකාවෙ බොහොම සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්. කොන්ත්‍රාත් එකේ හැටියට කි.මී. හතලිහකට කිට්‍ටු දුරක් ඉදිකරන්න තිබුන නිසා දැවැන්ත පිරිස් බලයක් ඕන කරල තිබුන වෙලාවක තමයි, මාස හයක වෘත්තීය පුහුණුවට, නුපුහුණු ශ්‍රමිකයෙක් විදිහට මාව ඔන්න ඔය හබරණ-කන්තලේ වැඩ බිමට අනියුක්ත උනේ.
වැඩ
කරන අයට නවතින්නයි, සයිට් එකේ අනික් වැඩ වලටයි වෙනමම ඉඩම් කෑල්ලක් හබරණ හංදිය කිට්‍ටුවෙන් අරගෙන තිබුනා. ඒ ඉඩමේ අයිනකට වෙන්න තිබුන අපේ නවාතැන්පොළට හැමෝම කිව්වෙ "වාට්‍ටුව" කියලා. ඇත්තටම ඒක වාට්‍ටුවක්ම තමයි. ඉස්පිරිතාලෙ වාට්‍ටුවක වගේ අඩි තුන-හතරක පරතරේකින් එක පෝළිමට ඇදන් දාල තිබුන නිසා, ඇදුම් බෑග් එකක් තියාගන්නවත් වෙනම ඉඩක් තිබුනෙ නෑ. කොටින්ම පණ
පිටින් හිටපු අපිට ඒ වාට්‍ටුව ඇතුලෙ උරුම උනේ හතර රියනකට වඩා බොහොම පොඩ්ඩක් වැඩියෙන්. බ්ලොග් ගල් වරි දෙකක් උඩ, ඝණකම් හාඩ්බෝඩ් ගහල, බිමට තුනී කොන්ක්‍රීට් තට්‍ටුවක් දාල, ටකරං හෙවිලි කරපු වාට්‍ටුව ඇතුලෙ රෑකට මිසක් දවාලකට නම් කිසිම “අචලතාපියෙකුට” ඉන්න බෑ.
ඒකක
වර්ගඵලයක් තුල වැඩිම චරිත විවිධත්වයක් සහිත මිනිස්සු කොට්ඨාශයක් මට මුන ගැහුනෙ, වාට්‍ටුව ඇතුලෙ මම ගෙවපු ඒ හයමාසෙක කාලෙදි. කපටි චරිත, කුහක චරිත, වීර චරිත, මෝඩ චරිත, ආතල් චරිත, බේබදු චරිත, කලු චරිත, සුදු චරිත ආදී එකී, මෙකී හැම චරිතයකින්ම වාට්‍ටුව පිරිල තිබුනා. වාට්‍ටුවේ ආතල් සපයන සෙට් එකේ ඉස්සරහින්ම හිටියෙ ගුණේ අයියා. අයියා කිව්වට පොර මගේ තාත්තගෙ වයසට විතර ඇති. ගුණේ අයියගෙ ශ්‍රී මුඛයෙන් නිතරම වාන් දැම්මෙ අමු තිත්ත කුණුහර්ප.
දහසක් බුදුන් බුදුවෙන හිමිදිරි පාන්දරම කාගෙහරි මෑණියන් කෙනෙක්ගෙ ගුණ ගුවන්ගත කරලා වැඩ අල්ලන එක ගුණේගෙ පුරුද්දක්.
ගුණේගෙ දත් බුරුසුවක්, රේසරයක් එහෙමත් නැත්තන් මල් මල් ජංගියක් කොහේහරි හංගල, ගුණේ ලවා උදෑසනම ප්‍රශස්ති කියවා ගත්තෙ නැත්තන් වාට්‍ටුවෙ අපිට එදා දවසම කිසි “ගෝ” එකක් නෑ වගේ.
ගොඩක්
වෙලාවට ගුණේ අයියා කුණුහර්ප කිව්වෙ අපිත් එක්ක තියෙන ඇරියෙස් කවර් කරන්නටත් වඩා අපේ උන්ට පොඩි ආතල් එකක් දෙන්න කියල වාට්‍ටුවෙ හැම එකෙක්ම වගේ දැනන් උන්නා. කවුරුවත් ගුණේ එක්ක වාද වෙන්න ගියේ නැත්තෙත් ඒක නිසා වෙන්න ඕන. අනික බැස්ටියන් මාවතේ පොදු වැසිකිලි වළට දෙවෙනි නොවෙන ගුණේගෙ කටත් එක්ක හරි-හරියට ඔට්‍ටු වෙන්න පුලුවන් එකෙක් ඒ වාට්‍ටුවේ හිටියෙත් නෑ.
වාට්‍ටුවෙ අපිට කෑම කන්න වෙනම
පොඩි හට් එකක් තිබුනා. දවසක්
රෑ කෑම කන්න ඔය හට් එකට ගියපු වෙලාවක තමා ගුණේ අයියා මට හා හා පුරා කියල මූණට මූණ මුලිච්චි උනේ. ආපු අලුත නිසා ඒ වෙනකොට ගුණේව දැනන් හිටියට, මං ගුණේ එක්ක වචනයක් වත් කතා කරලා තිබුනේ නෑ.
" හා... මොනවද
කොල්ලො කන්නේ????? " පොරගෙ බත් එක ලිහන ගමන්ම මගේ බත් එකටත් එබීගෙනම ගුණේ අයියා මගෙන් ඇහුවා.
" බතුයි, පරිප්පුයි,
කොලයි "
" ඉදා…. මේ
මාලු කෑල්ලත් කාපන්..." ගුණේ , මිනිහගෙ බත්පතේ තිබුන මාලු කෑල්ලක් මට දැම්මා.
" ඕනෙ නෑ
ගුණේ අයියා... මං කාල ඉවරයි " ඇත්තටම එතකොට මම බත් එක කාල ඉවර වෙලා හිටියෙ.
" කාපිය හු@@@
පුතෝ මේ මාලු කෑල්ල... බලපිය තෝ ප@@ගෙ ඇගේ හැටි. කාල හැදියන්... " ගුණේ තවත් මුකුත් කියන්න කලින් මම මාලු කෑල්ල ගිලලා දැම්මා.
** ** ** ** ** **
"චාමික" කියන්නෙ
ගුණේගෙ චරිතෙට අංශක 180 ක් වෙනස් චරිතයක්. චාමික බොහොම නිහඩ, තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙච්ච චරිතයක්. ගණිත අංශයෙන් උසස් පෙළ කරල තිබුන නිසයි, පොරගෙ ටැලන්ට් එක නිසයි මිනිහ “ලැබ් සුපවයිසර්” කෙනෙක් විදිහට තමයි වැඩපොලේ හිටියෙ. කෙට්‍ටු සරීරෙයි, බෝතල් අඩි දෙකක් වගේ කණ්ණාඩි කූට්ටමයි සෙට් උනාම පොරට අමුතුම "ප්‍රොෆෙසර්" ලුක් එකක් ආවට,
ඔය ඔක්කොටමත් හරි යන්න මිනිහගේ මොකද්දෝ නුහුගුණ ගතියක් පේන්න තිබුනා.
කාත්තෙක්කවත්
වැඩි බජනෙට නොගිය චාමික, ගොඩක්ම ෆිට් වෙලා හිටියෙ "අජේ" අයියා එක්ක. සතියකට දෙකකට පාරක්, වාට්‍ටුව ඉස්සරහ ප්ලාස්ටික් පුටු කෑලි දෙකක් තියාගෙන, ඔය ඩබල චෙස් අදිනවා. මට මතක හැම පාරකම වගේ "චෙක්මේට්" උනේ අජේගෙ කිං. ඔය විදිහට චෙස් ඇද ඇද ඉන්න එක දවසක, මඩ ලියැද්දට වී ඉහුවා වගේ චෙස් බෝඩ් එකේ ඉත්තො ටික සී සී කඩ විසිවෙලා වෙලා ගියේ අජේගෙ ජයග්‍රාහී විසිල් පාරකුත් මැද්දෙ. විසිවෙලා ආපු "පෝන්" කෙනෙක් මගේ ඇද උඩටත් වැටුනා. සම්ප්‍රදාය බිදදමමින් අජේ එදා චාමිකව පරද්දල තිබුනා.
"හයියෝ මං
වගේ බූරුවෙක්..... මගෙ නයිට්ගෙන් අර පෝන්ව නොකප ඉන්නයි තිබුනේ. නේද අජේ???? " එක පාරක් නෙවේ, තුන්-හතර පාරක්ම පිස්සුවෙන් වගේ චාමික කියවනවා මට ඇහුනා.
"ඔහොම තමයි
බං. ඔච්චරම හිතන්න අපි කම්පියුටර්යැ. අනික උබ වෙනදට ලේසියෙන්ම මාව චෙක්මේට් කරන්නෙ " ජයග්‍රාහී පොරටෝක් දෙනවා වෙනුවට අජේ කරේ චාමිකගෙ හිත හදන එක. ඇත්තටම අමුතුවෙන් කියල හිත හදන්න තරම් දෙයක් ඒකෙ තිබුනෙත් නෑ.
රෑ
කෑම කාල නිදාගන්න යනකම්ම චාමික මොනවදෝ කුටු කුටු ගගා හිටියා.
"අයියෝ මගේ
මැංජස්ටිනා........
අනේ මැංජස්ටිනාව මරන්න එපා........" යටිගිරියෙන් මොර ගාන සද්දෙට උඩ විසිවෙනකොට මට නින්ද ගිහින් පැයක්වත් නෑ. මිනීමරුවෙක් වාට්‍ටුවට පැනල කියල හිතාගෙන පණ කඩන් දුවන්න හැදුවෙ ඇගේ තිබුන සරමත් ඇදේ දාල. ඒත් "මැංජස්ටිනා" කියල එකෙක් වාට්‍ටුවෙ නෑ කියල මීටර් උනාම මම කෝකටත් සද්දෙ ආපු දිහා හැරිලා බැලුවා. ඒ වෙනකොට වාට්‍ටුවෙ හැම එකෙක්ම වගේ නැගිටල හිටියෙ.
සද්දෙ
ආවෙ චාමිකගෙ ඇදෙන්. චාමික දාඩිය පෙරාගෙන ඇද විට්ටම උඩ වාඩි වෙලා හිටියා.
"අනේ... අනේ...
මැංජස්ටිනාව බේරගන්නෝ...... " ඇද විට්ටම බදාගෙන පොර කෑගහන විදිහෙන්ම මට තෙරුනා මිනිහා තාම නිදිමරගාතෙන් ඉන්න බව.වටේ පිටේ ඉන්න උන් එකතුවෙලා පොරගෙ මූණට වතුර ටිකක් එහෙම ගැහුවට පස්සෙ තමයි පොර පියවි සිහියට ආවෙ.
පහුවෙනිදා
උදේ කවුරුවත් චාමිකගෙන් කලින්දා රෑ වෙච්ච එක ගැන අහුවෙ නෑ. මමත් වැඩිය පොරත් එක්ක කතා බහ කරල නැති නිසා, කේස් එක ගැන මිනිහගෙන් අහන්නෙ නැතුව අජේ අයියාගෙන් ඇහුවා.
"උඹල එන්න
කලිනුත් ඔය විදිහටම චාමික රෑ දෙගොඩහරියෙ කෑගහලා තියෙනවා. වෙනදට මම චෙස් අත පරාද වෙන්නෙ හිතලමයි මල්ලි. ඊයෙ මමත් හිතුවෙ නැති විදිහට මම දිනුවා. ශුවර් එකටම පොරට ඒක අවුල් යන්න ඇති"
"කවුද එතකොට
මැංජස්ටිනා ????
" මම ඇහුවම අජේට ලාවට වගේ හිනාවකුත් ගියා.
"අනේ මංදා
බං. පොරට ඔය වගේ පොඩි ශොක් එකක් ආවම හැමදාම පේන හීනයක් තියෙනවලු. ඒකෙ විදිහට, මිනිහා ලස්සන කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නකොට හයේ හතරෙ ඩයල් එකක් ඇවිල්ල ඒ කෙල්ලව මරන්න හදනවලු. මිනිහත් දන්න වැඩ-කිඩ දාල කෙල්ලව බේරගන්න ෆුල් ට්‍රයි කරනවලු. අන්තිමට මිනිහා ෆයිට් එකෙන් පරාද වෙනවලු. ඊට පස්සෙ අර හයේ හතරෙ ඩයල් එක කෙල්ලව මරනවලු. ඔය කෙල්ලට තමා මැංජස්ටිනා කියන්නෙ "
"මරු ආතල්
කේස් එකක්නෙ" ඒපාර අජේගෙ මූණට ටිකක් බර පෙනුමක් ආව.
"ආතල් නෑ
මල්ලි. චාමික පොඩි කාලෙ චාමිකගෙ අම්මයි තාත්තයි දෙන්නවම, චාමික ඉස්සරහ මරලා තියෙනවා.ඒ ශොක් එක තමයි මම හිතන්නෙ තාමත් ඔය වැඩ කරන්නෙ"
චාමිකගෙ
සීන් එකෙන් ගත්ත ආතල් එක,
Undo කරන්න තිබුන නම් කියලා මට හිතුනා.
patta...sirawataa liyala thiyenawa...keep up sekku
ReplyDeleteado oya kiyana company ekata training yanna kiyanna honda na danna kiyana enga patiyekuta....
ReplyDelete@සහන් : ටැන්කූ මචෝ
ReplyDelete@ඇනෝ : හරියට හරි මචං. "ඉන්ජො පැටියෙකුට" ඉන්න අමාරුම කම්පැණියක්. අත්දැකීමෙන් කියන්නෙ.
මේ ලියපු විදියනම් හරිම ලස්සනයි. කියවන්න ආස හිතෙනවා.
ReplyDeleteහ්ම්ම්..."Undo" කියලා ෆන්ක්ෂන් එකක් අපේ ජීවිතේටත් තිබුනනං හොඳයි නේද?
උඩ කතාවේ වගේ පොරවල් නම් මටත් මුණ ගැහිලා තියනවා. කුණුහබ්බ ලෝකයයි. හැබැයි එහෙම උන් සමහරක් ගේ බොක්ක හොඳයි.පස්සේ කතාවේ චාමික ගේ සීන් ඒක නම් හෙන අප්සට්.
ReplyDeleteඇත්තටම ඒ ආතල් එක undo කරන්න තිබ්බා නම්...
@ සයුරි : කමෙන්ට් එකෙන් දීපු ගට වටිනවා. ඔව්, Undo කරන්න තිබ්බානම් හොදයි කියල හිතෙන මතකයන් අපේ ජීවිතවල ඕන තරම් තියෙනවා. ඒත් ඒ මතකයන් නැත්තම් ජීවිතේ මෙච්චර අපූරු එකක් වෙන්නෙ නෑ.
ReplyDelete@චන්දන : //ඇත්තටම ඒ ආතල් එක undo කරන්න තිබ්බා නම// එහෙම හිතුන නම් ඒකම වටිනවා මචං.
මල්ලියෝ.. මා ගාව හිටියට බ්ලොගේ ලියන විත්තිය හොයනකං දැක්කේ නෑ. සමා අවසර.. කතාවේ චරිත දෙක ගැන අංශක 180 කතාව හරි. මමත් ඉතිං පොරක් නෙමේනේ විච්චූරණ කියන්ට. ඒ උනාට බොඩි ටෙක්ස්ට් එක large font එකෙන් දානව නං හොදයි. අවංකව හිතෙත දේ ආයේ ඇවිත් කියන්නං.
ReplyDeleteඔව්.. ඊළග පෝස්ට් එකේ ඉඩන් format එක වෙනස් කරනවා. :ඩී
Deleteනියමම කතා දෙක. මෙහෙම පොරවල් එක්ක ඉද්දී තමා තේරෙන්නේ ජීවත් වෙනවා කියලා. ඒ තරම්ම ෆන් නොවැ :D
ReplyDeleteඔය වගේ මිනිස්සු තමා අපිව යාන්ත්‍රික වෙන්න නොදී තියාගන්නේ.
Deleteඔන්න මාත් ආවා
Deleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
@loku John අහ්හ්..... දඩුවැට පැන්නට බොහොම ස්තූතී !!!!!!!!!!
Deleteඋබට පින් බන්.. මාව හොයාගනම ඇවිල්ලා මේවගේ අපූරු වගාවක් තියන හේනකට යන අඩි සටහන් තියලා ගියාට..
ReplyDeleteමේක හරි යස අපූරු ලිවිල්ලක්නොවැ..
තැන්කූ තැන්කූ,,,,,
Deleteතැන්කූ තැන්කූ,,,,,
DeleteAwesome, Keep it up Bro..... Love ur style.
ReplyDeletethanks for the appreciation !!!!
Deleteනිකන් දුන්න මාළු කෑල්ල නොකා අහගෙන තීන්නේ ගුණේගෙන් හොඳ හැටි......
ReplyDeleteපස්සේ කතාව නම් හෙන අප්සෙට් මටත්....
මාත් මාරයාගේ ලින්කුවකට එබිලා අහම්බෙන් දඬුවැට පාන්නේ..
ගොවි මහත්තයා දඬුවැට ඇතුලේ හොඳ හේනක් කොටනව..
තව හොඳට ලියන්න මගෙන් සුබපැතුම්...
කුණුහර්ප පදමට දැමූ මාලු තියල්!!!!!!
Deleteමාරයටත්, ලින්කුව පස්සෙන් හේනට පැනපු දර්ශණටත් මොහොම ස්තූතී!!!!!