සුප්‍රසිද්ධ "අවුකන" රජමහා විහාරයේ සිට කි.මී. 16ක පමණ දුරින් පිහිටි "රැස් වෙහෙර" හෙවත් "සැස් සේරුව", අවුකන තරම්ම ජනප්‍රියත්වයට පත්නූවද, ඒ හා සමානවම ඓතිහාසික වටිනාකමක් උසුලන පුරාණ සිද්ධස්ථානයකි. කෙසේ උවත්, අවුකනට වඩා වෙනස් වූ සංවිධානාත්මක ආරාමයක ශේෂයන් අදටත් "සැස් සේරුව"න් දැකිය හැකිවේ. ශෛලමය බුද්ධ ප්‍රතිමා, ඓතිහාසික බෝධීන් වහන්සේ, වනවාසී භික්ශූන් උදෙසා වූ කටාරම් කෙටූ ගල්ලෙන්, ආදිය එවන් ශේෂයන්ගෙන් කීපයකි.
අවුකන
හිටි පිළිමයට අතිශයෙන්ම සමාන වූ අභය මුද්‍රාවෙන් වැඩ හිදින රැස් වෙහෙර බුදුරුව, අඩක් නිමවූ බුදුරුවකි. පිහිටි ගල් පර්වතයෙන් වෙන්කොට නොමැති මෙහි, සිරස් පතෙහි, බාහු යුග්මයෙහි ආදියේ අවසන් නිමාව සිදුකොට නැත.
රැස්
වෙහෙර සහ අවුකන හිටි පිලිම යුගලෙහි පවතින අසාමාන්‍ය සමානතාව පිලිබද ගෙතුනු මුඛ පරම්පරාගත ප්රවාදයන් රැසකි. ඉන් එකෙක කියවෙන පරිදි, මෙකී පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයාය. ගුරා රැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ඇරඹූ අතර, පලමුව පිලිමය නිමවන තැනැත්තා, "හූවක්" තැබීම මගින් අනෙකාට ඒ බව සැලකල යුතුවිය. කෙසේ
උවත් රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ "හූ" හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත්තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන් පැන සියදිවි නසා ගත් බව කියවේ.
තවකෙක
කියවෙන්නේ මෙකී පිලිම දෙකම එකම නිර්මාණකරුවෙකුගේ බවත්, රැස් වෙහෙර පිලිමය, අවුකන පිලිමය නෙලීමට ලබාගත් පෙරහුරුවක් පමනක් බවත්ය.
කෙසේ
උවත් බුදුරුවක් නෙලීම සදහා
එවැනි පෙරහුරු පිලිමයක් නෙලීම සිදුකලේයැයි සිතීම අපහසුය. එසේ කලත් අවම වශයෙන් රැස් වෙහෙර පිලිමයේ කටයුතු නිමකිරීමට වත් ශ්‍රද්ධාවන්ත නිර්මාණකරුවා පෙලඹෙනු නොඅනුමානය.
අවුකන පිලිමය |
රැස් වෙහෙර පිලිමය |
දැවැන්ත
හිටි පිලිමය මෙන්ම සැදැහැවතුන්ගේ නොමද පුදසත්කාරයට බදුන් වූ බෝ රුකක්ද මෙපිං බිමෙහි දැකිය හැකිවේ. අනුරපුර ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුන දෙතිස්මහා බෝ අංකුරයන්ගෙන් එකක් වන මෙම බෝධීන් වහන්සේ රෝපණය කල මොහොතෙහි, බෝඅංකුරයෙන් බුදුරැස් විහිදූ හෙයින් මෙබිම "රැස් වෙහෙර" වූ බව ජනප්‍රවාදයේ සදහන්ය. බෝධීන් වහන්සේ වටා පවතින බෝධිඝරයද, ගල් පතුරු අතුරා නිමවූ, තරමක වෙනස් ආරක එකකි.
රැස් වෙහෙර බෝධීන් වහන්සේ |
බෝධිඝරයට
මදක් නුදුරෙන් වන පිලිමගෙය නුවර යුගයට අයත් එකකි. නුවර යුගයේ සම්ප්‍රදායන් ගුරුකොට ගත් බිතුසිතුවම් මෙම පිලිමගෙයෙහි අදටත් දැකිය හැකි වේ.
මීට
අමතරව, ගල් පතුරක කොටන ලද සිරිපතුලක්ද, ගරාවැටුන ගොඩනැගිල්ලක ශෛලමය කණුද විහාර
භූමිය තුල වෙයි.
පසෙකින්
කුඩා වැවකින් සහ හාත්පස ඝණ වනයෙන් වටවූ "රැස් වෙහෙර" පුරාණ රජමහා විහාරය, සැබවින්ම බෞද්ධ ආරාමයකට උරුම නිසංසලබව නොඅඩුව භුක්ති විදින්නකි.
අගෙයි මිත්‍රයා. බොහොම ලස්සනට පෙලගස්වා තිබෙනවා.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න
හ්ම්ම්.... යන්න වටින තැනක්.
Deleteසාදු සාදු සාදු !!!!
ReplyDeleteවටිනා තොරතුරු ටිකක්. රජ කෙනෙක් සේනාවක් යුද්ධයකට යන අතර ගැන වතුර නිසා එක තැන කාලයක් නැවතී සිටින්නට වීමෙන් ලැබුණු කාලයේ දි මේ පිළිමය නෙලුවා කියලත් මං අහල තියනවා.
ReplyDeleteමොකද යාළුවා මේ දවස් වල වැඩිය පෝස්ට් වැටුනේ නැත්තේ.. වැඩ වැඩි ද
මලයෝ ඔය කියන විදියට පෙරහුරු ඇඹිමක් හෝ අනුරුවක් ලබා ගැනීම සදහා පුරාතනයේ සිටම ක්‍රියා කිරිමේ පිළිවෙතක් නැති බව අපගේ ඉතිහාසය සාක්ෂි දරණවා. මේ ගැන මට හිතෙන්නේ පිළිම කිහිපයක් නෙලීම වගේ අදහසක්. අවුකන පිළිමය ගැන කියන්න කතා නෑ. නියම කලා නිර්මාණයක්.. ස්තුතියි තොරතුරු වලට... මෙකෝ බං ඩී සිල්වා කෑල්ලක් දාගෙන ඉන්නේ. ලස්සන නමක් දාපියකෝ..
ReplyDelete@ චන්දන : හ්ම්ම්ම්... ඒ කතාව නම් අහල තිබුනෙ නෑ. පෝස්ට් නම් දැම්මා. පොඩි අවුලක් නිසා sindicator වල පෝස්ට් update උනේ නෑ.
ReplyDelete@දේශකයා : ගොඩක් වෙලාවට ඔතනදි වෙන්න ඇත්තෙ ගල් වඩුවගෙ හදිසි වියෝවක්. තරගෙට පිලිම නෙලුවා කියන එකත් තර්කයට ගෝචර නෑ. මොකද අපේ ආදිමතුන් ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන පිලිම නෙලුවා මිසක් "පොර" වෙන්න පිලිම නෙලුවා වෙන්න බැරි නිසා.
නමට වඩා වාසගමට කැමතියි ඒකයි. :ඩී