Monday, December 10, 2012

පාරදිගේ : රන්මසු උයන




තිසා වැවට සහ ඉසුරුමුණි රජමහා විහාරයට යාබදව පිහිටි "රන්මසු උයන", අතීත හෙළයා සතුවූ ජල ඉංජිනේරු තාක්ෂණයේත්, නගර නිර්මාණ ශිල්පයේත් නිපුණතාව මැනවින් විදහාපාන අපූර්ව නිර්මාණයකි. කරවූ රජ කෙනෙකු පිලිබදව නිශ්චිත සදහනක් නොමැති උවත්, සියලූම අංගයන්ගෙන් පරිපූර්ණවූ මෙකී උයන, සියවස් ගනනාවක් පුරා අනුරාධපුරය රාජධානිය කොටගත් නිරිදුන්ගේ "මගුල් උයන" ලෙස පවතින්නට ඇතිබව නම් නිසැකවම කිවහැක.

හතරවන මිහිදු (ක්‍රි.ව. 956-972) රජතුමා කරවන ලද වෙස්සගිරි සෙල්ලිපියෙහිද මෙම උයන "රන්මසු උයන" ලෙස සදහන්වේ. රන්වන් පැහැති මසුන්ගෙන් මෙහි පොකුණු සහ දිය අගල් පිරීපැවති හෙයින් එනම, මෙම මනරම් උයනට හිමිවූ බවට සැක කල හැක.

ස්නානය සදහා ඉදිකල අංග සම්පූර්ණ පොකුණු දෙකක්, දිය අගලකින් වටවූ ගෙඩනැගිල්ලක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක නශ්ඨාවශේෂයන් උයන්බිම පුරා විසිර පවතී.



ජලක්‍රීඩා සදහා පැමිනි රාජකීයන්ට ඇදුම් මාරු කිරීම සදහා පොකුණට යාබදව ඉදිකල කුටි, පොකුණට බැසීමට පෙර අත්-පා සේදීමට ඉදිකල "පාදෝවනි" ආදියෙන් මෙකී පොකුණු යුගල සමන්විතවේ.

ඇදුම් මාරු කිරීම සදහා වන කුටි සහ පාදෝවනි


තවද එක් පොකුණක දෙපසින්, පිහිටි ගලෙහිම දියකෙලිනා ඇතුන්ගේ සිතුවම් කැටයම් කොට ඇත.




රන්මසු උයනෙහි පොකුණු වලට ජලය සැපයූ තාක්ෂණයද, පොකුණුවල නිර්මාණශීලීත්වයට නොදෙවෙනිය. රන්මසු උයනෙහි පොකුණු පිහිටා ඇත්තේ තිසාවැවේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහතිනි. එනිසා තිසාවැවට යාබදව පිහිටියද, ඍජුවම විවෘත ඇල මාර්ගයක් ඔස්සේ ජලය ලබාගැනීම කල නොහැක්කකි. මෙනිසා තිසාවැවේ සිට දිවෙන ජල උමං පද්ධතියක් ඔස්සේ ජලය ලබා ගත් බවට සිතිය හැකි උවත් එවැන්නක් මෙතෙක් සොයාගෙන නොමැත. තවද පොකුණු, වැව් බැම්මට පහතින් පිහිටි නිසා දැවැන්ත පීඩන වෙනසක් වැව් ජලයේ සහ පොකුණුවල ජලයේ ඇතිවේ (දළ වශයෙන් 100 kPa පමණ). මෙකී පීඩනය යටතේ ජලය ගලා ගියහොත්, පොකුණු වල ස්නානයට සුදුසු තත්වයක් ඇති නොවේ. එනිසා උමං පද්දතිය තුලදී ජලයේ පීඩනය අඩු කිරීමට උපක්‍රම යොදා තිබිය යුතු අතර, උමං බිත්ති අධික පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීමද කල යුත්තකි. රන්මසු උයනේ පොකුණු වලට ජලය සැපයූ ආකාරය, පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපාන්නක් වන්නේ එහෙයිනි.

දිය අගලකින් වටවූ ගොඩනැගිල්ල ඇතැම්විට රාජකීයන්ට තාවකාලික නවාතැන් සැපයූ ස්ථානයක් විය හැක. ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව පරිවාර ගොඩනගිලි දෙකක නටඹුන් මෙහි පැහැදිලිව දැකිය හැක.




මීට අමතරව ගල් පුවරු අතුරා ඒමත ඉදිකල ගොඩනැගිල්ලක ශේෂයන්ද පැහැදිලිව දැකිය හැක.



පොකුණු වලට පිටතින්, වැවට මුහුණලා, ගලෙහි කොටන ලද යම් සලකුණු කිහිපයක් දැකිය හැක. මසුන්, සක්, චක්‍ර ආදියෙන් සමන්විත මෙය "තරු දොර‍ටුවක් (star gate)" / "සක්වල චක්‍රයක්" ලෙස හැදින්වුවද, මෙකී සලකුණු වලින් ගම්‍ය වන අදහස මෙතෙක් පැහැදිලිව අනාවරණයවී නැත. ඇතමුන්ගේ අදහස මෙය, මහායාන භාවනා ක්‍රම සදහා උපයෝගී කරගත් "අරමුණක්" බවය. නමුත් මෙවැනි කාමභෝගී උයනක, එවැනි බවුන් වැඩීමක් තර්කයට ගෝචර නොවන හෙයින් එම මතය බැහැර කල හැක.

"තරු දොර‍ටුව"

තරු දොර‍ටුවෙහි සමීප දසුනක්



සහයවූ මූලාශ්‍ර ;

1.) අනුරාධපුරය - කේ.එම්.අයි. ස්වර්ණසිංහ
2.) අනුරාධපුර පූජනීය හා රාජකීය ස්ථාන - චන්ද්‍රා වික්‍රමගේ




Sunday, December 2, 2012

හස්ති බල අස්ථි රසායනය




වෘත්තීය පුහුණුවට හබරණ-කන්තලේ පාරෙ හය මාසයක් ක‍ටු කද්දි මුලිච්චි උන අමුතු ඩයල් ගැන,"මැංජස්ටිනා" පෝස්ට් එකේ මීට කලින් දැම්මා. මේකත් ඒ යුගයටම අයිති කතාවක්. ඒකනිසා "මැංජස්ටිනා" පෝස්ට් එකේ පූර්විකාව මේ පෝස්ට් එකටත් එකවගේ වලංගුයි.

ට්‍රේනින් එක මාස හයක් උනාට, මාසයක් දෙකක් යනකොට පාරක් හදන්න ඕන කරන ශිල්පීය දැනුමයි, හොර-මගඩි වැඩ ටිකයි ඔක්කොම වගේ මීටර් කරගන්න මගේ ටිකිරි මොලේට පුලුවන් උනා. ඇත්තටම බැලුවොත් පාරක එක කිලෝ මීටරයක් හදන හැටි හරියට ඉගෙන ගත්තනම් හොදටම ඇති. මොකද ඉතිරි කිලෝ මීටර ටික හදන්නෙත් ඒ විදිහටමනේ. ඔය අදහස මගේ ඔලුවට මුලින්ම දැම්මෙ සයිට් එකේ හිටපු structural engineer ගුණසේකර මහත්තයා.

ගුණසේකර මහත්තයට බාර වෙලා තිබුනෙ පාරෙ හදාගෙන යද්දි හම්බවෙන පාලම්, බෝක්කු ලොකු කරල හරි ගස්සන එක. එහෙමත් නැත්තන් අලුතෙන්ම හදන එක. මං සයිට් එකට සෙට් වෙන කාලෙ පොර, පරණ පාලමක් පලල් කරන වැඩක් කරට අරගෙන හිටියෙ.

"ඔහේ හිතන් හිටියට ඔය පස් තලන එක නෙවේ ඉංජිනේරින් කියන්නෙ. ඔයැයි එන්න පාලමට. එතනනෙ ඉංජිනියරින් තියෙන්නෙ..." ගෙවල් මාතර පැත්තෙ නිසා, ගුණසේකර මහත්තයගෙ වාග් විලාශය නිකන් ස්වර තන්තු රබර් පටි වලින් හැදුවා වගේ.

ඒ වෙනකොට මටත් පස් තලන වැඩේ තිත්ත වෙලා හිටියෙ. ගුණසේකර මහත්තය කිව්ව වගේ නියම ඉංජිනේරින් බලන්න කියල හිතාගෙන, මුලින්ම මාව දාල හිටපු ඉංජට කන්-කෙදිරිගාල යන්තම් පාලමට පැන ගන්න මට පුලුවන් උනා.

ගුණසේකර මහත්තයට අමතරව පාලමේ වැඩ බලන්න හිටියෙ මනෝජ් අයියයි, අද කතාවෙ කතා නායකයා වෙන ජයන්ත අයියයි. මට වඩා අවුරුදු පහ-හයක් වැඩිමාල් මනෝජ්ට, කටක් ඇරලා අයියා කියන්න පුලුවන් උනාට, ජයන්ත අයියට අයියා කිව්වෙ, අංකල් කියන්න බැරිකමට.

කොල්ලා කාලෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ ඉදලා, ඒකෙන් අස් උනාට පස්සෙ, ජීවිතයෙ සැදෑ සමය ගෙවන්න හිතාගෙන තමා ජයන්ත අයියා ඒ කොම්පැණියට සෙට් වෙලා තිබුනෙ. වයස අවුරුදු පනහකට කිට්‍ටු කරල තිබුනට පොරගෙ ඇග ඇතුලෙ හිටියෙ බහ ‍තෝරන වයසෙ පොඩි එකෙක්. "ජයන්ත අයියා... ඉක්මනට බත් ටික කන්න නැත්තන් ගෝනි බිල්ලො එයි අල්ලන් යන්න" කියල ලග ඉන්න එකෙක් කියල, වටේ ඉන්න උන් කතාව ඇත්තමයි කිව්වොත්, ශුවර් එකටම පොර බත් ටික කාගෙන කාගෙන යනවා. ඔයවගේ ඉහ නිකට පැහිච්ච එකෙක්, අලුයම ලූ කෙල පිඩක් වගේ තඹයකට මායින් නොකරන ඕනම අතේ රෝලක්, ජයන්ත අයියා ඉස්මුදුනින් පිලිගත්තා.

අපි නැවතිලා හිටපු "වාට්‍ටුවෙ" ඉදලා, පාලම හදන තැනට තියෙන කි.මී. දහයක විතර දුර යන්න ඒ දවස් වල අපිට දීල තිබුනෙ සෆාරි ජීප් එකක්. ජීප් එකේ දුණු බිම ගෑවෙන නොගෑවෙන ගානට අපේ සෙට් එක පටව ගත්තට පස්සෙ තමයි ගමන පටන් ගන්නෙ. ඔය කි.මී. දහය යනකන් මොකෙක්ව හරි වියගහට තියල බැදගෙන, මඩවන එක ඒදවස් වල අනිවාර්යෙන්ම වෙච්ච දෙයක්. "දෙයක් වේ නම් ලොව.. සුදුස්සාටම අයිති වියයුතු.."  කියල කියන්නෙ කට කහනවට නෙවේ නිසා ගොඩාක් දවස්වල, ඒ "වියගහ" නිතරගෙන්ම, ජයන්ත අයියට පිරිනැමුනා.

ධවල රථයක නොමිලේ ‍ටුවර් එකක් ගිහින් එන්න චාන්ස් එකක් පෑදෙන, බැසිල් රාජපක්ෂගෙ ජාතකේ වෙනස් කරපු කතාවට වස්තු බීජ උනෙත් ජයන්ත අයියා.

වෙනදා වගේම ජීප් එකේ, ජයන්ත අයියා ගාවින්ම වාඩි වෙලා හිටියෙ මම. ඒ බැසිල් රාජපක්ෂ ගම්පහින් පළවෙනියා වෙච්ච දවස්.

"ආ... කොහොමද ජයන්ත. බැසිල් මහත්තයටද ඡන්දෙ දුන්නෙ ?? " මට එහායින් හිටපු නිහාල් අයියා කතාව පටන් ගත්තා.

"නැතුව.. නැතුව.. අපි ඉතින් කවදත් වමේනෙ.." ජයන්ත අයියා උජාරුවෙන් කිව්වෙ, පොරගෙ ඡන්දෙ නිසා බැසිල් එක උනේ වගේ.

"ඒ උනාට බැසිල් මහත්තයා දකුණෙනෙ"

"මං කිව්වෙ ඒ දකුණ නෙවේ බං....." නැති තරහක් මවා ගත්තම ජයන්ත අයියගෙ කිරිපාට මූන රතු උනා.

"මොනා උනත් ජනාධිපතිතුමාගෙ ලොකු පුතා නොවෙන්න, පිටගං කාරයෙක්ට ගම්පහින් එක වෙන්න හම්බ වෙන්නෙ නෑ" ජයන්ත අයියා ටාගට් කරල විදපු නිසා , අතේ රෝලක් කියල දැන ගත්තත්, ජීප් එකේ හිටපු කිසිම එකෙක් නිහාල් ලොක්කව නිවැරදි කරේ නෑ.

"ලොකු පුතා නෙවෙනෙ බං. මල්ලි නේද ?? "

"යකෝ.. මල්ලි වෙන්නෙ කොහොමද ? ලොකු පුතා බැසිල්, දෙවැනියා නාමල් " වටේ ඉන්න උනුත් කතාව ඇත්ත කියල ඔලුව වැනුවට ජයන්ත අයියට තාම ශුවර් මදි.

"බැසිල්ද බං ලොකු පුතා ? නාමල් නෙවෙද ?? " ජයන්ත අයියා මගෙන් ඇහුවෙ මමවත් පොරගෙ පැත්තට කතා කරයි කියල හිතාගෙන. ඒත් වටේ ඉන්න උන්ගෙන් උදේ පාන්දරම කුණු කතා අහන්න බැරි නිසා ජයන්ත අයියගෙ හුරතල් මූණ දැක දැකම අමු කෙප්පයක් අත ඇරියා.

"නෑනෙ ජයන්ත අයියා.. නාමල් දෙවැනි පුතා. බැසිල් තමා ලොකු එකා"

"ආ.. ඕව්.. ඕව්.. මට දැන් මතක් උනේ.. කවුද බං ඕව මතකෙ තියන් ඉන්නෙ" ජයන්ත අයියගෙ කතාවට කවුරුත් හිනා උනේ නෑ. ඒත් තුන් හතර දෙනෙක්ගෙ තනි ඇහැට කදුලු බේරුනේ, ඕනවට වඩා කට තදකරගෙන හිටපු නිසා වෙන්න ඇති.

මොනව උනත් ජයන්ත අයියා හිත හොද පොරක්. හිත හොද ගෑණි හැමදාම බඩින් වගේ හැමදාම හැමෝගෙම ආතතිය සමනය කරේ ජයන්ත අයියා.  දවසක් පාලමේ හට් එකෙන් එබි එබී මනෝජ් අයියා මොනවදෝ කොල වගයක් කුඩු කරනවා මං දැක්කා. හොදටම ලං වෙලා බැලුවම තමා දැක්කෙ ඒ කංසා කොල ටිකක් කියල.

"මල්ලි බලපං ජයන්ත අයියා එනවද කියල " දොර‍ටුපාල ජොබ් එක මට පවරපු මනෝජ්, හීනියට කුඩුකරපු කංසා ටික අලුත්ම ගෝල්ඩ් ලීෆ් එකක කෙලවරේ දුම්කොළ ටික පරිස්සමට අයින් කරලා පිරෙව්වා. ඊට පස්සෙ ආයෙමත් දුම්කොළ කුඩු ටිකක් අරගෙන කංසා නොපෙනෙන්න සිගරට් එක රෙපෙයාර් කරා. කංසා - දුම්කොළ දෙමුහුන් සිගරට් එකෙන් මොකක් කරන්න යනවද කියල, ජයන්ත අයියා එනකන්ම මට තේරුනේ නෑ.

"ජයන්ත අයියා.. බොමු සිගරට් එකක්.. " මනෝජ් නවීකරණය කරපු සිගරට් එක ජයන්ත අයියට දික්කරා. හම්බ කරන හැම සතේම ගෙදරට යවන දරු පවුල් කාරයෙක් නිසා, පොරට පිනට සිගරට් එකක් හම්බ වෙනවා කියන්නෙ, කම්පැණියෙන් ලාභාංශ බෙදනවා වගේ වටිනා දෙයක්.

ටිකක් වෙලා සිගරට් එක ඇදපු ජයන්ත අයියා වෙනදා නැති විදිහට ඵදාගෙන යන පාලම දිහා බලාගෙන සද්දෙට හිනා වෙන්න ගත්තා. සිගරට් එකට දාපු ගංජ ටික වැඩ කරන්න අරන් කියල මට තේරුනා.

"ජයන්ත අයියා.. අර හස්ති බල අස්ථි රසායනය ගන්න තියෙන්නෙ කොහෙද කියල කියපන්කෝ ........ " ගංජා සිගරට් එකක් දන් දෙන්න තරම් තුන් සිත පැහැදුනේ ඇයි කියල මට මීටර් උනේ මනෝජ්ගෙ ඒ ප්‍රශ්ණෙත් එක්ක. "හස්ති බල අස්ථි රසායනය" ගැන ජයන්ත අයියා, අපි දෙන්නට කිව්වෙ මීට දවස් දෙකකට විතර උඩදි. ඒ ජයන්ත අයියගෙ වික්‍රමාන්විත  XXX අත්දැකීම් විස්තර කරන කොට. ෆාමසියකින් බොහොම ලේසියෙන් ගන්න පුලුවන් ඉංග්‍රීසි බෙහෙත් තිබුනත්, වයස පැනපු ජයන්ත අයියා, තමන්ගෙ පුරුෂ ශක්තිය වඩවා ගන්න පාවිච්චි කරේ ඔන්න ඔය "හස්ති බල අස්ථි රසායනය" කියන මදන මෝදකයලු. පොර කියන විදිහට ඔය මදන මෝදකය ගැහුවම හස්ථියෙක්ගෙ ජවය ඇගට එනවලු. කොච්චර පිං සෙන්ඩු උනත් ඔය බෙහෙත ගන්න පුලුවන් තැනක් ගැන එදා අපිට පොර කිව්වෙ නැත්තෙ, අපේ වයසෙ පුතාල දෙන්නෙක් පොරටත් හිටපු හින්දා වෙන්න ඕන.

"මොකද්ද බං.... හස්ථි බලේ ගන්න තියෙන්නෙ කොහෙද කියල කියපන්කෝ......." කංසා මතට, එෆ්.එම් නිවේදකයෙක් වගේ ඕන මගුලයි එපා මගුලයි නන්ස්ටොප් වමාරයි කියල හිතුවට ජයන්ත අයියගෙන් නෙවේ වචනයක් වත් ඒ ගැන එළියට ගන්න පුලුවන් උනේ.  කියවනවා වෙනුවට ජයන්ත අයියා කරේ පාලම දිහා බලාගෙන හයියෙන් හිනා වෙන එක.

"මට ඉන්න දීපල්ලා .... ඉහි.. ඉහි.. ඉහි.. " කොච්චර කරදර කරත් ජයන්ත අයියා නෙවේ කටේ කෙල බිදක් ඒ ගැන හෙලෙව්වේ.

"මොකද්ද ජයන්......."

"හු@@  තොපි ඔය ගුලි කාල, කි@ පලනකොට, අහිංසක ගෑණුන්ට තමයි කරදරේ..... පලයල්ලා අහකට.." ජයන්ත අයියගෙ හඩට පාලමත් දෙදරුම් කෑවා.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.