Friday, August 10, 2012

නවදැලි හේන, දඩුවැට පැනල එන්න..............

කැත්තෙ, උදැල්ලෙ වැඩ හුරු නැති ඉලන්දාරියෙක් හිතුමතේට කොටපු මුල්ම හේන තමයි "නවදැලි හේන". වල් කොටල, සුද්ද බුද්ද කරල ගත්තට මොකද, ලත් තැනම ලොප් වෙයිද, කියල කෝඩුකාර හේන් කාරයට හීනියට වගේ දුකකුත් තියෙනව.

මහලොකුවට නොවුනට ජීවිතේ පුරාවට ලබපු හැලහැප්පීම්, හිතේ හන්ගගෙන ඉන්නෙ නැතුව ලියල දාන්න හිතුනෙ, "හිස් අහස" ට ඇබ්බැහි උනාට පස්සේ. ඩිජිටල් සිග්නල් එකක ප්‍රස්තාරෙ වගෙ "ලියනවද? නැද්ද?" ," ලියනවද? නැද්ද?" කියල වැනි වැනී ඉදල, "කමක් නෑ ඔන්න ඔහේ ලියල දානව" කියල එකපාරට ආපු ගැම්ම තමයි, වැඩේට මුල් උනේ. "සමහර සිද්දි අමතක වෙන්න කලින් ලියන්න ඔනේ. නැත්තම් පරන වෙනකොට රසේ නැති වෙනව" රසික අය්ය කියපු කතාව වැඩේට මුක්කු ගැහුව.

දඩු වැට පැනල "නවදැලි හේනට" රින්ගන ඕන සහෘදයකුට, හේනෙ මල් ගෙඩි කඩන්න පුලුවන්."අහවල් තැනින් ගත්තෙ" කිව්වම හොදටම ඇති.

4 comments:

  1. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් මිත්‍රයා. චන්දන අයියගේ බ්ලොග් එකේ තිබුණු ලින්ක් එකකින් තමා මේ පැත්තේ ආවේ.

    නවදැලි හේන කිව්වාම මතක් වුණේ විජය පත්තරේට බොහොම කාලෙකට කලින් පියසේන කහදගමගේ මහත්තයා "නවදැලි හේන" කියලා ගමේ කතා වගයක් ලිව්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ. කමෙන්ට් ටික දාලා දීපු ගට, රටක් වටිනවා. චන්දන වගේ සුන්දර මිනිස්සු හම්බ උනෙත්, බ්ලොග් කෙරුවාවෙන් තමා.

      පොඩි කාලෙ "විජය" පත්තරේ නොවැරදීම ගත්තා. ඒ මතකයම වෙන්න ඇති බ්ලොග් එකේ නමට මුල් උනෙත්. :ඩී

      Delete
  2. අද තමා මට මේක අහු උනේ..ඒකත් අර හිරුවා බුකියෙදී දීපු ලින්ක් එකක් නිසා... කාලෙකින් කොනක ඉදන් කියවන්න උන බ්ලොග් එකක්... ලියන රටාව වගේම කතාවල ඇති අපූරු ගතියත් බොහෝම අගෙයි. දිගටම ලියාගෙන යමු... මේක සින්ඩි වලට දාලද තියෙන්නේ.. මට මෙයිට කලින් අහු උනේ නැති හින්දයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. සින්ඩිවල තියෙනවා. ඒත් සමහර වෙලාවට අප්ඩේට් වෙන්නෙ නෑ. බොහොම ස්තූතී මේ පැත්තෙ ආවට...

      Delete