Friday, August 10, 2012

අඳ කුඹුරේ සියාතු සහ නෙලුම් පොකුණේ සුනිල්


හෑන්ඩ් ෆෝන් එක රින් වෙන හැම වෙලේම පපුව හීතල වෙලා යන්නෙ, බොසාට කෝල් කරන්න වෙලාවක්, අවේලාවක් නැති බව අත්දැකීමෙන් දන්න නිසා. සයිට් එකේ ඉන්න මිනිස්සු ගානයි, කරන්න තියෙන වැඩ ටිකයි මතක් කරගෙනම ෆෝන් එක දිහා බැලුවෙ, ලොක්කගෙ සුපුරුදු  ප්‍රශ්න වැලට දෙන උත්තර ටිකත් රෙඩි කරගන්න ගමන්."හ්ම්ම්,,, ඇති යන්තම්..." කෝල් එක ලොක්කගෙන් නම් නෙවේ. මගෙ අතිජාත මි ත්‍ර යෙක්ගෙන්:

"ඔව් මචන් මොකෝ මේ හදිස්සියෙ???? "

ෆෝන් එක ආන්සර් කරන ගමන් ලග තිබුන 9" බැම්මට පොඩි හේත්තුවක් දැම්ම.

"මේ සෝනු නිගම් එනවලු. යමන් බලන්න" මිත්‍රයගෙ යොජනාව හොද උනත් පොඩි පරහක් තිබුන. මම ගෙදර යන්න නිවාඩු දාල තිබුනෙ ශෝ එක දවසෙ.එන්න වෙන්නෙ නෑ කිව්ව විතරයි, පොර මගෙ ඇගට ගොඩ උනා;

"මොනවද බන්,,,,, උබලට කිසිම රසාඥතාවක් නෑ .......... " එක දිගට විනාඩි පහක් විතර මිනිහ ලොකු ටෝක් ටිකක් දීගන දීගන ගියා.

"හරි එහෙනම් "සුනිල විල " බලන්න යමන්. උබ එදාටත් ගෙදර යනවද?? ආආ......."

"සුනිල විල", නෙලුම් පොකුනේ තියන්න ලෑස්ති කරල තිබුන, සුනිල් එදිරිසින්හයන්ගෙ ඒක පුද්ගල ගී  ප්‍ර සන්ගයක්. එදිරිසින්හයන්ගෙ ගී හඩට මම කොහොමත් ආදරෙයි. ඒක නිසා "සුනිල විල" මග අරින්න කිසිම හේතුවක් තිබුනෙ නෑ. 

"හරි මචන් උබටත් එක්ක ටිකට් දෙකක් අරන් තියන්නම්" දැවැන්ත  ප්‍රචාරයක් දීල තිබුනු නිසා, එදින දොරටුවෙ ටිකට් ගැන කිසිම ශුවර් එකක් තිබුනෙ නෑ. සයිට් එකේ තිබ්බ එකම මෝටබයික් එකේ හිමිකරු වෙච්ච ඉලෙක්ට්රිශියන් මල්ලිව සරසවි එකට යවල ටිකට් දෙකක් බුක් කරන්න හිතුවෙ ඒකයි.

"මල්ලී පහළව තියෙන සුනිල විල ටිකට් දෙකක් අරන් වරෙන්කො" මිත්‍රයගෙ කෝල් එක ඉවර කරන ගමන් ඉලෙක්ට්රිශියන් මල්ලිට කිව්ව.

"ඇයි දාහතර යන්න බැරි උන නිසද පහළව යන්නෙ??? "  කින්ඩියට හින වෙන ගමන් මිනිහ ඇහුවෙ මාතෘකාවට කොහෙත්ම අදාල නැති, පෙබරවාරි 14 ආදරවන්තයන්ගෙ දිනයකුත් පටලවගෙන. නෑ කියල දිවුරල කිව්වත් පොර පිලිගන්නෙ නැති නිසා, හිනාවක් දාල මාත් ශේප් උනා.

හය හමාරෙ ශෝ එකට, ටිකක් වෙලාසනින් ගියේ, නෙලුම් පොකුණ බලන්නත් එක්ක. ජනාකීර්න මාවත් කීපයකට මැදි වෙලා තිබුනත්, වාහන වල සද්දෙ වත්ප්‍රයිවට් බස් වල අධ් සoක්‍යත නලා සද්දෙ වත්, නෙලුම් පොකුණෙ බිත්ති හරහා ආවෙ නෑ. කෑ ගහන, හූ කියන  ප්‍රසන්ග වේදිකාව ප්රිය කරන රසිකයන්ගෙන් වෙනස් උනප්‍රබුද්ද රසික සමූහය දැක්කම මට ඇති උනේ ලොකු ගව්රවයක්.

"පුර පෝය හදට පෙමින් බැදුන තාරකා ලදුන්,,,,,,,,,,," පුරා පැය තුනක් දිවෙන  ප්‍රසන්ගය සුනිලුන් පටන් ගත්තෙ එහෙම. කථනයෙන් සම්බන්ද උන මනොරත්නයනුත්, සන්ගීතය මෙහෙයවපු රෝහණ වීරසින්හයනුත් අපූරු සන්යෝගයක් උනා.

සුනිලුන්ගෙ ගී හඩින් මත් වෙච්ච රසිකයො නෙලුම් පොකුණෙන් එලියට ආවෙ, බොහොම  ප්‍රබොදමත්ව, උද්දාමයෙන්. ඒත් ඒ  ප්‍රබොදයවත්, උද්දාමයවත් මට දැනුනෙ නෑප්‍රසන්ගයෙ ගයපු එක ගීයක් මගෙ හදවත බර කරේ,මුලු සමාජ  ක්‍රමයෙම තියෙන අඩුව පෙන්නපු නිසා. ගීතය, "සියාතුවේ මා මිතුරේ,,,,,,,,,,,,,,,,". 

මේ සින්දුව මුලින්ම ඇහුවෙ එදා. කුඹුරට ආල වඩන සියාතු ගැන සුනිලුන් ගැයුවට, ඒක අහන්න සියාතුගෙ පන්තියෙ මිනිස්සුන්ට නෙලුම්පොකුණට එන්න කවදාවත් බෑ නේද? කියල මට හිතුනෙ නෙලුම් පොකුණ වටේ පාක් කරල තිබුන වාහන තොගේ දැක්කම. සියාතු  කුඹුරෙ මැරෙද්දි, සියාතුලගෙ ඳ කුඹුරු වල අයිතිකාර  ප්‍රබුද්ද පන්තිය සියතුගෙ දුක අහල සැනසෙන විදිහ මගෙ හිත තව තවත් බර කරා. සියාතුල වෙනුවෙන් දොර ඇරුන, නටන දගලන, හූ කියන  ප්‍රසන්ග වේදිකාවට බනින  ප්‍රබුද්ද රසික පිරිසෙන් මම වෙන් උනේ එදා ඉදන්.

සැ.යු: මෙය හුදෙක්  ක්‍රමය හෙලා දැකීමක් විනා සුනිල් එදිරිසින්හයන් හෙලා දැකීමක් නොවේ.

(සියාතුවේ මා මිතුරේ ගීතය මෙතනින් අහන්න පුලුවන්)



4 comments:

  1. මමත් ජූලි මාසේ අපේ කැම්පස් එකේ තිබුණු සඳකඩ පහණ ප්‍රසංගය බලන්න ගියා. සුනිල් එදිරිසිංහ බොහොම අපූරු කතා කියමින් සිංදු 20 ක් විතර කිව්වා.

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් සිංදුව කියද්දී කඳුලෙන් තුරන් වූ ප්‍රේමයක් කියන කොටස කියද්දී සුපිරිම විසිල් එකක් ආවා. සිංදුව කියලා ඉවර වුණාට පස්සේ සුනිල් එදිරිසිංහත් කිව්වා හීනාවෙවී ඇත්ත තමා ඉතින් කඳුළෙන් තුරන් වූ ප්‍රේමයක් හොයන්න අමාරුයි. ඒක තමා මේ ප්‍රේක්ෂකයාත් කිව්වේ කියලා :D

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් සුනිල්ගෙ ගීත ගොඩක් පරමාදර්ශී ඒවා. :ඩී

      Delete
  2. මෙහෙට ආවෙ හිරුගෙ බ්ලොග් එක හරහා... හරිම ලස්සන බ්ලොග් එකක් වගේ... මේ පෝස්ට් එකේ අන්තිම ටික දැක්කම හරිම දුක හිතුනා... ඒ ගැන හිතුනෙ මේක කියෙව්වම....

    ඒ දවස්වල කැම්පස් එකේ තිබුණු ප්‍රසංග නොවරදවාම බැලුවා... එක සැරයක් සුනිල් එදිරිසිංහයන්ගෙ ප්‍රසංගයකදි එතුමා ගයන මගේ ප්‍රියතම සින්දුව වුනු, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා ලියපු 'රෝස කුසුම මගේ...' කියන සින්දුව ගයද්දි මැදදි ලයිට් ගියා... අනේ ඉතින් ළමයි මුල ඉඳලා ගයන්න කියලා කෑ ගහද්දිම ලයිට් ආවට පස්සෙ සුනිලුන් හිනාවෙවී ගැයුවෙ අර නතර වුනු තැන ඉඳලා, මොකද ගොඩක් රෑවෙලා තිබ්බ නිසා... එදා නම් හරියට දුක හිතුනා...

    මගේ පොඩි අත්දැකීමක් සිහිවුනු නිසා එල්ලලා යන්න හිතුවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මේ පැත්තෙ ආවට... බ්ලොග් එක පුලුවන් තරම් කල් ලස්සනට කරගෙන යන්න බලනවා....
      ගායකයෝද මනුෂයෝය. ඔවුන්ටද "නියම වූ මිලක්" ඇත. කියල තමා කියන්න වෙන්නෙ.

      Delete