Saturday, August 11, 2012

ඇඩ්ඩින් මාමගෙ දේශපාලන තියරිය





රටේ අගනුවරට කිලෝ මීටර අසූවක් විතර ඈතින් තිබුනත්, අපේ ගම වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම, ගමක් නම් නේවේ. කදු හෙල් වලින් වට වෙච්ච සුන්දර වෙල් යායක් වත්, ගම පුරා දිවෙන ගුරු පාරක් වත් අපේ ගමේ තිබුනෙ නෑ.විනාඩි පහෙන් ගාලු පාරට යන්න පුලුවන් වෙච්ච නිසත්, ගමේ බහුතරයක් රජයේ රස්සා කරන, දිනපතා ටවුමට න අය නිසාත්, පෙට්ටි කඩයක් වත් ගමේ  අපි ඉන්න හරියෙ තිබුනෙ නෑ. රැකියා විරහිත කිහිප දෙනෙක්ම පොඩි කඩයක් කරන්න හැදුවත්, එකක්වත් මාසෙකට දෙකකට වඩා ආයුශ තිබුනෙ නැත්තෙ ඒක නිසා වෙන්න ඇති.

අපි ජීවත් වෙච්ච පැත්ත තිබුනෙ පොඩි කදු ගැටයක් උඩට වෙන්න. ගමේ හිටපු  ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ගෙ නමින්  නම් කරල තිබුන, පවුල් විස්සක් තිහක් ඉන්න අපේ  ප්‍රාන්තෙට කිව්වෙ "කන්ද උඩ කෑල්ල" කියලා.

මේ සිද්දිය වෙච්ච අවුරුද්ද හරියටම මතක නැති උනත්, හතු පිපෙන්න වගේ ප්‍රාදේශීය චන්ද තියන්න ගත්ත කාලෙ කියල නම් හොදටම ශුවර්. කොහොමත් මේ සිද්දිය අවුරුදු අටක්, නමයක් පරනයි.

කලින් කිව්ව වගේ ගමේ අතිශය බහුතරයක් රජයේ රස්සා කරපු යාන්ත්‍රික ජීවිත ගත කරපු අය වෙච්ච නිසාම , වෙන තැන් වල වගේ චන්ද උනුසුමක් අපට දැනුනෙ නෑ.අනික නල ජලය, විදුලිය වගේ යටිතල පහසුකම් ඒවෙනකොටත් හම්බ වෙලා තිබුන නිසා, ජාතික මට්ටමේ වත්,  ප්‍රාදේශීය මට්ටමේ වත් දේශපාලනක්ග්නයෙක්ට කියල කරව ගන්න තරම ලොකු වැඩක් අපේ ගමට තිබුනෙ නෑ. තාර දාපු පාරට අලුතෙන් තාර ටිකක් දාන එක තමයි තිබුන එකම වැඩේ.ඒකත් අවුරුදු කීපයක්ම  ප්‍රාදේශීය සබාවෙ උප සබාපති තුමා නොවැරදීම කරල දුන්නා.ඒක නිසා දේශපාලනේ කරල ලබා ගන්න තරම් දෙයක් අපට තිබුනෙ නෑ.

අපේ කන්ද උඩට නගින පාර කෑල්ලෙ පොඩි අවුලක් තිබුනා.බර කරත්ත යන කාලේ ඉදන් ගමේ තිබුන පරන ගෙවල් දෙකක තාප්ප වලට මැදි වෙලා, පාරෙ මීටර සීයක් විතර කෑල්ලක ඉඩ තිබුනෙ කරත්ත රෝද දෙකකට වඩා ටිකක් වැඩියෙන්. ඒක නිසා "හයිඒස්" වෑන් එකක් උනත් පටු හරියෙදි ගියෙ බොහොම හෙමින් , පරිස්සමින්. ගමට දිවෙන පාරෙ මැදට වෙන්න තිබුන මේ පටු කම නිසා ගමේ කෙලවරේ හිටපු අය ගොඩක් දුක් වින්දා. හදිස්සියකට වැලි ටිපර් එකක්, ගල් ටිපර් එකක්, මලගෙදරකට ටෙන්ට් බඩු පුරවපු ලොරියක් පාරෙ පටු තැනින් ගන්න පුලුවන් උනේ නෑ. ගේන බඩු රත්නෙ මාමලගෙ ගේ ලගින් බාල, අතින් හරි, ලෑන්ඩ් මාස්ටර් එකකින් හරි අදින්න තමයි කට්ටිය පුරුදු වෙලා හිටියෙ.
නෑයො වෙන අය්ය කෙනෙක්ට දෑවැද්දට හම්බ වෙච්ච, ඇද පුටු මේස වගයක් අදින්න අපි කාපු කට්ට මට තාමත් හොදට මතකයි.

ගමේ  ප්‍රජා සමිතියක් තිබුනෙ නැති නිසා පාරෙ අඩුපාඩුව විසදුමක් නැතුව කල් ගියා.කාලෙත් එක්ක ගම දියුනු වෙනකොට, පාර නොහදා ඉන්න බැරි තැනට ආවා.ඒක නිසාම  ගමේ පොදු වැඩ වලට මුල් තැන ගන්න, "සුමිති මාම" මේ වැඩේටත් අත හැහුව ගමේ කාගෙත් ආශිර්වාදෙ ඇතුව.

පාර ලොකු කරන වැඩේ කරන්න නම් දෙපැත්තෙ තියන තාප්ප දෙකෙන් එකක් කඩල, ආයෙ බදින්න ඕන. තාප්පේ බදින එක ලේසි උනාට පාර ලොකු කරන්න අඩි තුනක් විතර පලල, මීටර සීයක විතර දිග ඉඩම් පටි කෑල්ලක් ගන්න එක තමයි ගැටලුවක් උනේ. ඒත් කරන්න යන වැඩේ හොද කම නිසා ඉඩමේ අයිති වෙලා තිබු ගමේ පන්සලේ කප්පියකාර දායිකාවක් වෙච්ච සෝමවතී ආච්චි ඉඩම පිනටම දුන්නා. එයාගෙ එක ඉල්ලීමකට තිබුනෙ, කැඩෙන තාප්පෙට අලුත් තාප්පයක් හදල දෙන්න කියන එක විතරයි. ඉතාම සාදාරන ඉල්ලීමක් නිසා කවුරුත් විරුද්ද උනේ නෑ.

ගමේ කෙලවරට වෙන්න හිටපු අය වගේම, පාර මුල හිටපු අයත්, අලුතින් හැදෙන තාප්පෙට සුමිති මාම හදපු ඇස්ටිමේට් එකට සල්ලි දුන්නෙ පන්ගු බේරුමක් නැතුව.සති අන්තයේ දවස් දෙකක් වැඩේට දාගත්තෙ, වැඩි දෙනෙක්ට එදාට නිවාඩු නිසයි, ඉස්කෝලෙ යන උන් ටික වැඩේට අල්ල ගන්න ඕන නිසයි වෙන්න ඕන.
සිකුරාදා සවස් වෙනකොට වැඩේ පටන් ගත්තා. මුලින්ම පරන තාප්පේ කඩල අස්කරන්න ගත්ත. ඇග මහන්සි කරල වැඩ කරල පුරුද්දක් නැති ගමේ බහුතරයක්, හරි හරියට වැඩ කරේ තමන්ගෙම වැඩක් කරන්න වගේ උනන්දුවෙන්.

කට්ටියක් තාප්පෙ කඩනව, කට්ටියක් සුන්බුන් අස් කරනව, වෙනම සෙට් එකක්  තාප්පෙට අත්තිවාරම් කපනව. උපන් තේකට  ශ්‍රමදානයක් දැකල නොතිබුන අපිත් වැඩේට හවුල් උනෙ  තාප්පෙට ඕන බ්ලොක් ගල් ටිකක් ලන් කරන ගමන්. පිරිමි අය ඇග මහන්සි වෙලා වැඩ කරන අස්සෙ, ගැහැනු කට්ටිය පුලු පුලුවන් විදිහට සන්ග්‍රහ කරයුතු කරා. ඔන්න ඔය විදිහට පැය දෙකක්, තුනක් වැඩ කරගෙන යන අස්සෙ තම්යි කොහෙවත් නැති මරාලයක් කඩන් පාත් උනේ.

වේගයෙන් ආපු සුදු පාට ඩබල් කැබ් එකක් අපි වැඩ කර කර හිටි තැන නැවැත්තුවා. "ප්‍රාදේශීයසබා සබාපති, .............. ප්‍රාදේශීයසබාව" කියල ලියපු, රාජ්‍යය ලාන්චනය සහිත A4 කොලයක්, කැබ් එකේ ඩෑශ් බෝඩ් එක උඩ පේන්න තියල තිබුන.

"කව්ද මේකෙ කොන්ත්රාත්කාරයා ??????"

වාහනෙන් බැහැපු කෙනෙක් සුමති මාමගෙන් ඇහුව. එයා  ප්‍රාදේශීයසබාවෙ TO කෙනෙක්ලු. ඊට අමතරව සබාපතිතුමාගෙ ගෝලයො දෙන්නෙකුත් හිටියා.

"කොන්ත්රත්කාරයෝ නම් නෑ. ගමේ කට්ටිය තමයි වැඩේ කරන්නෙ. ඇයි TO මහත්තයා එහෙම අහන්නෙ ????????? "

සුමති මාම ගරු නම්බු දීල කතාව පටන් ගත්තෙ, නිකන්  ප්‍රශ්න දාගන්න ඕන නැති නිසා බව, මට ඉවෙන් වගේ තේරුන.

"මෙහෙම  හිතුමනාපෙට පාරවල් හදන්න පුලුවන් කියල හිතුවද ඕයි ???? ගන්නව බලන්න තමුසෙල TC එකෙන් ගත්ත පර්මිශන් එක,,,,,,,," ටීඕ ගෙ කතාවට කට්ටියට ටිකක් කේන්ති ගියත්. තමන් කරල තියෙන්නෙ නීති විරෝධී වැඩක් කියල මත් උනාම, වැඩ කර කර හිටපු අයට හීන් දාඩිය දැම්මා.

"මේක පොඩි පාරක් නෙ, අනික ලොකු කරන්නෙ අඩි තුනක් විතර" සුමිති මාම ෆුල් ශේප්මන්ට් එකක් දුන්නා. කොහෙද ශේප් වෙනව වෙනුවට TO කාරය තව තවත් ෆෝම් උනා.

"එහෙම ඕන ඕන විදිහට පාරවල් ලොකු කරන්න බෑ. ලොකු කරනවනම් අඩි හයක් වත් තව ලොකු කරන්න ඕනෙ,,,,,"
ඒක අහපු ගමන් ඉඩම දුන්න සෝමවතී ආච්චි වැලපෙන්න ගත්ත.

"අනේ පුතේ එහෙම කරන්න එපා. ඔය දුන්න ටික දුන්නෙත් මිදුලට මදිව තියෙද්දිත්........." උන්දෑ අඩන්න ඔන්න මෙන්න වගේ. ඒත් TO කිසිම බුරුලක් දෙන පාටක් පැත්ත පලාතකවත් පෙනුනෙ නෑ. ආච්චි ටීඕ ඉස්සරහ පින්සෙන්ඩු වෙන විදිහ දැක්කම, වටේ හිටපු කීපදෙනෙක්ගෙ වගේම මගෙ ඇස් දෙකත් බොද උනා.

මුලින් කිව්වා වගේ අපේ ගමේ හිටියෙ, වැදගත් විදිහට ජීවත් වෙන්න ඕනෙ කියල හිතපු බහුතරයක්. ඒක නිසා ඉදල හිටල වත් වලියක් ගමේ ගියේ නෑ.හැබැයි මේ වෙලේ කට්ටියගෙ ඉවසීම, සීමාව පනින්න ලන්වෙන බව අතේ තියන කැති ,උදලු ටිකත් අරගෙන කැබ් එක ලගට වට වෙන විදිහෙන් මට තේරුනා.

"අපිත් ඔය නීති රීති එක්ක වැඩ කරල තියෙනවා. වැඩ කෙරෙන විදිහටයි, නොකෙරෙන විදිහටයි දෙකටම ඔය නීති දාන්න පුලුවන්" එකා පරයා එකා අදසක් එලිදක්වන කොට TO මහත්තය හෙමීට මාරු වෙලා වාහනේට නැග්ගා. TO ගෙ පසු බැසීමත් එක්කම අපේ කට්ටියගෙ මොරාල් අප් වෙන්න ගත්තා. ගමේ ගෑනු පිරිමි හැමෝම TO ටයි, සබාපතිටයි සෙත් පිරිත් වලින් ආශිර්වාද කරන්න ගත්තෙ ඒකෙ  ප්‍රතිපලයක් විදිහට.

මේ අස්සේ, කැබ් එක ඉස්සරහට ආපු, ඇඩ්ඩින් මාම මහහඩින් සින්හ නාද කරා.

"වරෙල්ලකො උබලගෙ මහ එකා චන්දෙ ඉල්ලන්න. එක හු..... කන්ද උඩට අඩිය තියන්න දෙන්නෙ නෑ"

මම වගේම එදා එතන හිටපු කොල්ලො කුරුට්ටො හැමෝගෙම වීරය උනේ ඇඩ්ඩින් මාම. ප්‍රාදේශීයසබාවක සබාපති කියන්නෙත් ටිකක් බලය තියෙන , බලපුලුවන් කාරයෙක්. එහෙව් පොරකගෙන් කෙලින්ම නොවුනත්, වක්‍රව හරි ගේම ඉල්ලන එක, ඉල්ලන් ගා ගන්න වැඩක්. කවදහරි දවසක ඇඩ්ඩින් මාම වගෙ වීරයෙක් වෙනව කියල, ඇඩ්ඩින් මාමව මම මගේ රෝල් මොඩ්ල් එක කර ගත්තා.

ප්‍රශ්නෙ ඉවරයි කියල අපි හිතුවට ඒක එහෙම නෙවේ කියල තේරුනේ සුමති මාමගෙ කතාවෙන්;
"ඕක උසාවි නියෝගයක් වත් ගෙනැල්ල වැඩේ නවත්තයිද දන්නෙ නෑ?????”

කට්ටියගෙ මූනු කතාවට මැල උනේ උසාවි, පොලීසි ගානෙ රස්තියාදු වෙන්න තියෙන අකමැත්තටත් වඩා, පටන් ගත්ත වැඩේ ඉවර කරන්න බැරි උන නිසා.

"හරි උන් ආයේ එනව නම් එන්නෙ හෙට නෙ. ඒත්  දවල් වෙලා. අපි අත්තිවාරම බැදල තාප්පෙ බදින්න පටන් ගමු. පටන් ගත්තම වැඩේ නවත්තන්න බෑනෙ" රෝහන අය්යගෙ කතාවෙ නීතිමය පසුබිම කව්රුවත්  ප්‍රශ්න කරේ නැත්තෙ, වෙන කරන්න විකල්පයකුත් නැති නිසා.

සුන් බුන් අස් පලස් කරන එක පැත්තකට දාපු කට්ටිය, අත්තිවාරම කපන්නයි, බැම්ම බදින්නයි පටන් ගත්තා. සුමිති මාම කතා කර ගත්ත බාස්ට අමතරව, තව බාස් කෙනෙක් උස්සන් ආවෙ වැඩේ ඉක්මන් කරන්නත් එක්ක. කොහොමහරි රෑ දහය එකොලහ වෙද්දි අත්තිවාරමෙන් තුන් කාලකට වැඩියෙන් බැදල ඉවර කරා. එකොලහට විතර වැඩ ඉවර කරේ උදේම වැඩට එන්න කට්ටියම පොරොන්දු වෙන ගමන්.

කිව්වා වගේම උදේ පාන්දරම කුකුලටත් පයින් ගහගෙනම කට්ටිය වැඩ පටන් අරන් තිබුනා.උදේ නමයට විතර නැගිටල, වැඩ කරන තැනට යනකොට, තාප්පෙ මුල් බ්ලොක් ගල් වරි දෙකත් බැදල තිබුනා. "දැන් එයි, දැන් එයි " කියල මග බල බල හිටියත් ටීඕ වත්, සබාපති වත්, පොලීසියවත්, තාප්පෙ හදල කපරාරු කරනකන්ම ආවෙ නෑ.

ඊට සතියකට පස්සෙ, සුපුරුදු පරිදි උප සබාපතිතුමා පාරට තාර  දැම්මෙ චන්දෙ ලග නිසාද, ගමේ අය ශේප් කරගන්නද කියල හරියටම ශුවර් නෑ.

තප්ප සිද්දියෙන් මාසෙකට විතර පස්සෙ සබාපතිතුමා, එදා එවපු කැබ් එකේම නැගලා, තඩි කටවුට් එකක් බැදපු ලොරියකුත් පෙරටු කරගෙන, චන්දෙ ඉල්ලන්න, අපි ලොකු කරපු පාර දිගේ ආවා.
එදා වීරයෙක් වගේ සින්හනාද කරපු, ඇඩ්ඩින් මාමම සබාපතිතුමාට මල් මාලයක් දාල පිලිගත්තෙ, "දේශපාලනේදි සදාකාලික සතුරොත් නෑ, සදාකලික මිතුරොත් නෑ" කියන  න්‍යය අපිට උගන්නන්න වෙන්න ඇති. මොන වීරයෙක් උනත් පාවාදීම් කරන්න පුලුවන් කියල මට ඉගැන්නුවෙ ඇඩ්ඩින් මාම.

කොහොම උනත් ගමේ කට්ටිය නිසා, එදා හ්යි ඒස් එකත් බොහොම අමාරුවෙන් ගියපු අපේ පාරෙ අද "ටෙන් වීල්" එකක් කිසි කරදරයක් නැතුව යනවා.

ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්


12 comments:

  1. ඇඩ්ඩින් මාමාට තිලිනට වඩා දේශපාලනය පුළුවන් ද මන්දා. :-P

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපට දේශපාලනය ඉගෙන ගන්න වෙල තියෙන්නෙ "ඇඩ්ඩින්"ලගෙන් තමයි

      Delete
  2. ලංකාවේ දේශපාලනයත් එක්ක ඩීල් කරද්දී ඇඩ්ඩින් මාමා වගේ ඇම්ඩන්ලා වෙන්න ඕනේ නැතුව් බැහැ

    ReplyDelete
    Replies
    1. අනිවා. කොහොමත් උන් කරන්නෙත් ඇම්ඩන්ගෙ ජාතියෙ වැඩනෙ.

      Delete
  3. dial eka...cricket gahanna giyama ape balle hangana eka tamai dirawwe natte..

    ReplyDelete
    Replies
    1. බෝලෙ හන්ගන්නෙ, උඹල පොරව සෙල්ලන් කරන්න ගන්නෙ නැති නිසානෙ :පී

      Delete
  4. ''අපේ ගමේ හිටියෙ, වැදගත් විදිහට ජීවත් වෙන්න ඕනෙ කියල හිතපු බහුතරයක්. ඒක නිසා ඉදල හිටල වත් වලියක් ගමේ ගියේ නෑ.''
    රජ්ජම මෙහෙම අය ඉන්නවයි

    ReplyDelete
    Replies
    1. රත්ගම වගේම අපේ ගම්වලත් ඉස්සර හිටියෙ නම් ඔය වගේ අය හිටියෙ නෑ. මගේ ගම රත්ගම නූනට, ඥාති සමූහයක්ම රත්ගම ඉන්න නිසා, රත්ගම ගැන උපන් ගමට වඩා හොදට දන්නවා. :ඩී

      Delete
  5. //කප්පියකාර දායිකාවක්//
    මේ වචනෙ ඇහුවෙ අද.. ඇත්තටම ඒකෙ තේරුම මොකක්ද...?

    සික්... සිංහයා බලු වෙලා... ඔය ඇඩ්ඩින් මාමලා වගේ චණ්ඩි ඡන්ද කාලෙට බොහෝ තැන්වල දකින්න ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. කැපකරු දායකයො කියන්නෙත් ඔය තේරුමෙන්ම තමා. සරලව කිව්වොතින් "බැදගෙන වැඩකරනවා" කියන්නෙ..

      කේසර සුනඛයෝ...... :ඩී

      Delete
  6. ලිපිය සමගම කොමෙන්ටු ටිකත් කියෙවුවාම හොඳම වින්දනයක් ලැබෙනවා

    ReplyDelete
  7. මයෙ හිතේ TO කාරයට බට්ට මාරැ වෙලා තියෙන්නෙ ගාන කපා ගන්න බැරි උනාට 😂

    ReplyDelete