Sunday, October 14, 2012

හයේ එකක් ඇරෝ.........




උඩු රැවුලක් තියෙන ආඩම්බරකාර මහින්දද, අජන්ත මෙන්ඩිස්, සුනිල් නරේන් ජාතියේම ගුප්ත දග පන්දු යවන්නෙකි. මහින්දගේ පන්දුව මොන අත කරකැවෙනවාදැයි පිතිකරුවන් තබා මහින්දවත් නොදනී. තරමට ඔහු එවන පන්දු ගුප්තය. .වි.පෙ. මහින්ද යැවුවේ දූෂ්රාවකි. ඉන් .වි.පෙ. පොලු තුනම ගලවා ගත්තේය. මහින්ද ෆොන්සේකාට පන්දු එවන්නට දුවන් එනවිට ෆොන්සේකා වටේ සිටි ඇම්බැට්ටයෝ කීවේ මහින්ද එවන්නේ නෝ-බෝල් එකක් නිසා දැවීයන්නේ නැති බවය. වටේ හිටපු උන්ගේ බෝල ගිල තිබූ ෆොන්සේකා මහින්ද එවූ යෝකර් පන්දුවට පුල් පහරක් එල්ල කලේය. කෝඩුකාර ෆොන්සේකාගේ පිතිහරඹය ගැන අප දුක්නොවිය යුත්තේ මහින්දගේ පන්දු හමුවේ ඊට වඩා සුපිරි පිතිකරුවන් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට ගිය බැවිනි.

කෙතරම් දක්ශ පන්දු යවන්නෙක් උනත් වෙලාවකට මහින්දද, මෙන්ඩියා මෙන් පිස්සු කෙලියි. ගහන බව දැන දැනත් කෙටි පන්දු එල්ල කරයි. නැත්තන් ඕෆ් එකට ෆීල්ඩ් එක සාදා ලෙග් එකේ බෝල් කරයි. FUTA එක පිටියට වෙලේ ඉදන් මහින්ද නැටුවේ තනි පිස්සුවකි. වෙනදා මෙන් දග කැවීමක් මහින්ද යැවූ පන්දුවල තිබුනේ නැත. පිට පිටම පුල්-ටොස් කීපයක්ද ඇරියේයFUTA එක හතර අතේ නෙලන්න ගත්තේ ෆයිනල් එකේදි මාලන් අයියා වාගේය. බවුන්ඩ්‍රි ලයින් එකේ හිටපු චාටර් උන් දෙන්නෙක් බෝක්කු අරින්න පටන්ගත් නිසා මහිදගේ ලකුණු කැපී ගිය අතර FUTA  එකට පිනා ලකුණු වැටුනේය. බැරිමතැන මහින්ද කරේ බවුන්(ඩ්රි)ය අයිනේ හිටපු කොටලුවෙක් ඉවත් කර, තම මලයාව එතනට දැමීමය. වැඩේ හරි ගියේය. FUTA එක එල්ල කල දැවැන්තහයේ” පාර, මහින්දගේ මල්ලී  බවුන්ඩ්‍රිය අසලදී හෙන ගේමක් දී නවත්තා ගත්තේය.

FUTA එක ගැසුවේ ගැසිය යුතු "හයේ" පාරකි. එහෙත් මහින්දත්, මහින්දගේ මල්ලිත් ඊට වඩා ගුරුඛාන්ලාය. අන්තිමේදී  FUTA එක මැදමූලන මැජික් එකට අහුවී දැවීගියේය.

කවුරු මොනවා කිව්වත් FUTA එක ගැහුවේ අමුතුම ඉනිමකි. හැම එකාම මගඇර ගිය, එහෙත් රටට ඕනෑකල ඉනිමකි. වෙන උන් බඩ වෙනුවෙන්  බැට් කරද්දී, FUTA එක බැට් කරේ රට වෙනුවෙනි. FUTA එකේ ඉනිම අමරණීය වන්නේ එහෙයිනි. අන්තිමට ගහපු "හයේ" පාරත් වැදුනානම් කියලා වැඩක් නැත.

FUTA එක නිසා අන්තරේද ෆෝම් උනේය. එය විය යුත්තකි. අන්තරේ බැට්කල යුත්තේ නිකරුනේ පොලු ගලවාගත් උන් වෙනුවෙන් නොවේ. අන්තරේ බැට් කල යුත්තේ අන්තරේට හයිය දෙන සිසුන් වෙනුවෙන්ය. අන්තරේ බැටින් ස්ටයිල් එක වෙනස් කරගෙනදැයි මා දන්නේ නැත. මොනවා උනත් එහෙම වෙනස් වෙනවා නම් මම කැමතිය. මන්දයත් අට පාස් නැති හාල්පාරුවන් බැට් කරනවාට වඩා ඉගෙන ගත්ත එකෙක් බැට් කරනවා බලන්නට මම හැමදාම කැමති නිසාය.

FUTA හි පලමු ඉනිම නිමාවී ඇතත් එහි දෙවැනි ඉනිමක් ගැන ඉගි පලවේ. ප්‍රේක්ශකාගාර තවමත් පිරී ඉතිරී ඇත්තේ එහෙයිනි. FUTA එක විතරක් නොව අන්තරේද සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන තුරු අපි දෑස් දල්වා සිටිමු. මොනවා කලත් අන්තිමේදී ගැසිය යුතු "හයේ" පාර ගැසිය යුතුමය. නැත්තම් වැඩක් නැත. එහෙම උනේ නැත්තම් ඒකත් ටූනමන්ට් එකම හොදට කරලා, ෆයිනල් එක චා කරගත්තා වගේ වන්නේය.

පසු සටහන :
නූපන් දරුවන්ගේ ධ්‍යපන අයිතිය වෙනුවෙන්  ජීවිතය පූජා කල ජානක ඒකනායක සොයුරාටත්, සිසිත ප්‍රියoකර සොයුරාටත් "නවදැලිහේනේ" උත්තමාචාරය. සොයුරනි ඔබට නිවන් සුව !!!!!!

.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්

4 comments:

  1. // කවුරු මොනවා කිව්වත් FUTA එක ගැහුවේ අමුතුම ඉනිමකි. හැම එකාම මගඇර ගිය, එහෙත් රටට ඕනෑකල ඉනිමකි. වෙන උන් බඩ වෙනුවෙන් බැට් කරද්දී, FUTA එක බැට් කරේ රට වෙනුවෙනි. FUTA එකේ ඉනිම අමරණීය වන්නේ එහෙයිනි. අන්තිමට ගහපු "හයේ" පාරත් වැදුනානම් කියලා වැඩක් නැත. //

    ඔන්න පුතේ වැරදුන තැන.. එයාලා පයිට් කරෙත් බඩ වෙනුවෙන්මය. 6% කේක් එකේ අයිසින් පාරක්ය. අයිසින් කන්න හොඳ නෑ කියලා එයාලා දන්නවාය. අනික ඔය 6% ආවේ අන්තිම කාළයේය. ඕක මුලින්ම ගත්තා නම් අවුලක් නැත.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...... හැම එකාටම මිලක් ඇති නිසා FUTA එක විකිනෙන්නේ නැතැයි කීමට තරම සර්ව සුභවාදී නොවෙමි.FUTA එකේ අලජ්ජී යටගියාව එසේ සුභවාදී වීමට කිසිසේත් ඉඩ නොදෙයි. මොනා කරන්නද??? අපි හැමදාම දියසේන කුමාරයා පහල වෙනකම් බලන් ඉන්න ජාතියක් නෙ.

      Delete
  2. කාලීන වැදගත් කමක් තියන ලිපියක්..

    ReplyDelete
  3. @නදුන් : මහින්ද මාම පොඩි එවුන්ට ආදරෙයි බන් :ඩී
    @චන්දන : හිතට හොරා උනත් ලිව්වේ 6% ට ගට දෙන්න

    ReplyDelete