Sunday, March 24, 2013

පොලිස් වාර්තාව




"..... ම්ම්ම්.... තව එනකොට ගේන්න, ග්‍රාමසේවා සහතිකයකුයි, පොලිස් රිපෝට් එකකුයි. හරිනෙ ??? මතකයි නේද ඔක්කොම ටික ??? " විනාඩි විස්සකට අධික කාලයක් ජංගම දුරකථනයේ අනික් අන්තයෙන් නොනවත්වාම ගලාගිය විස්තර කථනය, අවසන් අදියරට ලගාවේගන එන බව, මට ඉවෙන් මෙන් තේරුනි.

"මෙහෙමයි මිස්, අපේ පොලීසියෙන් රිපෝට් එක ගන්න නම්, මිස්ලගෙන් ලියුමක් ගේන්න ඕන. අනික රිපෝට් එක ගන්නම සතියක් දෙකක් යනවනෙ... " මානව සම්පත් කළමණාකරුවන් නොදන්නා ප්‍රායෝගික ගැටලුවක් මම ඉදිරිපත් කලෙමි.

"අපි එහෙම ලියුම් ඉෂූ කරන්නෑ... අනික,,, අනිත් අය අරගෙන ආවනෙ ??? " මෙතෙක් වෙලා කෝමල ස්වරයෙන් ඇමතූ මිස්ගෙ ස්වරය, මගේ ගැටලුවත් එක්ක  උච්ච ස්වරස්ථාන වෙත මාරුවිය.

"හරි... හරි... මිස්... මම අරගෙන එන්නම්.... " මට මතක හැටියට, මගේ අන්තයට කලින් විසංදි උනේ අනිත් අන්තයය.

සැබවිම පොලිස් වාර්තාවක් ලබා ගැනීම, ක්ෂණික නූඩ්ල්ස් විනාඩි දෙකෙන් තම්බනවා වැනි පහසු කාර්යයක් නොවේ. පළමුව, වාර්තාවක් අවශ්‍ය බවට පොලිස් ස්ථානාධිපතිතුමා වෙත ලිඛිතව ඉල්ලීමක් කල යුතුය. අදාල පුද්ගලයා පිලිබදව කරුණු සොයාබැලීම සිදුවන්නේ ඉන් අනතුරුවය. වාර්තාව ලබා දෙන්නේ ඊටත් පසුවය. මෙකී නත්‍යානුකූල ක්‍රියාවලියට අවම වශයෙන් සතියක දෙකක කාල සීමාවක්වත් ගතවේ.

නීති ප්‍රකාරව පොලිස් වාර්ථාවක් ගැනීමට අවශ්‍ය "කාලය" මා සතුව නොමැත. එනිසා මම, "මිත්‍ර-සංග්‍රහය"ක් අපේක්ෂාවෙන්, අසල්වාසීන් අතරෙන්, පොලිස් සේවයේ නිරත වන්නන් සිහියට නැගුවෙමි. වැඩි දුරක් යායුතු නැත. අපේ ගෙට අල්ලපු ගෙදර අංකල් පොලීසියේය. අංකල් වැඩ කරන්නේද ගමේ පොලීයේය. අනික අංකල්ගේ පුතා; "ලසියා", මගේ බොක්කකි. වහා ජංගම දුරකථනය අතට ගත් මා L අකුරෙන් ඇති නම් පේළිය පිරික්සන්නට වීමි.

ලසියාගේ අංකයට ඇමතුමක් ගත්තත්, එම අංකය භාවිතයේ නොමැති බව පුන පුනා පවසයි. එනිසා භාවිතයේ ඇතිබවට හොදටම දන්නා, වෙනත් මිතුරෙකුගේ දුරකථනයකට මම ඇමතුමක් ගතිමි.

"මචං සුමිත් අංකල්ගෙ නම්බර් එක එවපන්... " ‍තෝල්කයන් මගහැර, කෙලින්ම අංකල් ඇමතීමට අවසන් මොහොතේ මට සිතින.

"මොකටද මචං... ?? "

"පොලිස් රිපෝට් එකක් ගන්න "

"සුමිත් අංකල් මේ දවස්වල මෙහෙ නෙවේ වැඩකරන්නෙ. උඹ ලසියට කෝල් කරපං. සුමිත් අංකල්ට වඩා පොලීසියෙ අයව අදුරනවා... " "කොහොමද බං එහෙම වෙන්නේ"යි ඇසීමට තදින්ම උවමානා වූ මුත්, තවදුරටත් සංවාදය දිග්ගස්සවා ගැනීමට මට අවශ්‍ය නොවින. අනික දුරකතන සේවාව තත්පරයට අයකරන එකක් නිසා අනවශ්‍ය සෑම තත්පරයක්ම ඉතිරි කරගැනීම පොකැට්ටුවට සුබදායකය.

මිතුරාගේ සංවාදය නිමාවූයේ, ලසියා මේ දිනවල භාවිතාකරන අංකයද මා සතුකරමිනි. මම මිතුරාදුන් අංකයට ඇමතීමි. පෙර මෙන් පටිගතකල ලයාන්විත ගැහැණු කටහඩ නොව මෙවර අනෙක් පසින් ඇසුනේ ලසියාගේ ගොරහැඩි හඩයි. ලසියා මගේ උවමනාව සාවදානව අසා සිටියේය. වරින් වර ප්‍රශ්න කීපයක්ද නැගීය. ඒවාට මා දුන් පිළිතුරු සතු‍ටුදායක මට්ටමක පැවති නිසාදෝ මා සමග පොලීසියට යාමටද හේ එකග විය.

අපේ ගෙවල්ගාව ඉදන් පොලීසියට ඇත්තේ විනාඩි විස්සක දුරකි. මාත් ලසියාත් එහි යනවිට, මොකද්දෝ උත්සවයක් සංවිධානය වෙමින් පැවතින. දෑස මදක් කුඩාකොට ඈත බැලූ ලසියා කීවේ, අද  A S P මහත්තයාද පැමිණ ඇති බවය. මගේ මිතුරා හරිය. ලසියා නොදන්නා එකෙක් පොලිසියේ නැත. අප නොදන්නා A S P මහතාවද ලසියා හදුනයි. උත්සවය පවතින පොලිස් පිට්ටනිය මගහැර ප්‍රධාන පෝටිකෝව යටින් අපි පොලීසියට ඇතුලු වීමු.

"කොහෙද ?? කොහෙද ?? ඔය දෙන්නා යන්නෙ ?? " පොලිස් අණ නොතකා ධාවනය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදකි. එබැවින් පිළිගැනීමේ පොලිස් නිළධාරිනියගේ අණට අපි වහා කීකරු වීමු.

"... මම සුමිත් සාජන්ගෙ පුතා. අපි ආවෙ පොලිස් රිපෝට් එකක් ගන්න... " ලසියාට කතා කිරීමට ඉඩ දී මා මදක් පසුපසට විය.

"සුමිත් සාජන් ?? එහෙම කෙනෙක් මෙහෙ නෑ නෙ ??? මොකද්ද අංකෙ ?? " පිළිගැනීමේ පොලිස් නිළධාරිනිය අපව ඇද දැමුවේ මහත් උභතෝකෝටිකයකටය. ලසියා මගේ මූණ බැලුවේය. මම පෙරලා ලසියාගේ මූණ බැලුවේමි.

"හෙලෝ... තාත්තෙ... මම තිලින අයියත් එක්ක පොලීසියට ආවා රිපෝට් එකක් ගන්න. පොඩ්ඩක් මෙතන ඉන්න කෙනෙක්ට කියන්න. ... තව එකක් මොකක් කිව්වමද මෙහෙ අය දන්නෙ?? " ලසියා වහා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය.

"මිස් මම සිල්වා සාජන්ගෙ පුතා... අංකෙ 22----- ..." තාත්තාගේ සුරතල් නාමයත්, ලියාපදිංචි අංකයත් වහා ලසියා ඉදිරිපත් කලේය. මුරපදය වැඩය. නිළධාරිනිය ලසියා හදුනාගත්තාය.

"හ්ම්ම්.... අන්න අර සාජන් මහත්තයව හම්බ වෙන්න " පිළිගැණීමේ නිලධාරිණිය, ලිපිගොනු මිටියක් කිහිල්ලේ ගසාගෙන තරමක වේගයෙන් යන උස මහත පොලිස් රුවක් අපට පෙන්නුවාය. ලසියා ඉදිරියෙන්ද මා පසුපසින්ද වනපරිදි අපි දෙදෙනාද සාජන් මහතා පසුපස ලුහුබදින්ට වීමු.

"මේ... මම සිල්වා සාජන් මහත්තයගෙ පුතා. රිපෝට් එකක් ගන්න ආවෙ... "ලසියා අනන්‍යතාව සහ අවශ්‍යතාව එකවරම ඉදිරිපත් කලේය.

"අහ්හ්.... මට සිල්වා අයියා කිව්වා.. කාටද ඔයාටද??? " සාජන් මහතා විමසුවේ ලසියාගෙනි.

"නෑ.. මෙයාට.. මෙයා අපේ අයියා කෙනෙක් " ලසියගෙ ආරාධනාවත් සමගම, මුල්ම වතාවට ලසියව පසුකොට පෝලිමේ ඉස්සරහට මම ආවෙමි.

"ඔතනින් ඉන්න ටික වෙලාවකින් මම එන්නම්..." සාජන් මහතා අප තනිකර ඉදිරියට ගියේය. සියල්ල  නූලට වන බැවින් ලසියා තවදුරටත් රස්තියාදු කලයුතු නැත. මම වහා ලසියාට සමුදී අසල වූ බංකුවකට බර වීමි.

කාලය ගෙවීගියේය. විනාඩි දහයක්, විස්සක් නොව තිහක්ම ගෙවීගියේය. බංකුවේ තද ලෑල්ල නිසා පශ්චාත් බාගයද රිදුම් දෙන්නට විය. කල හැක්කක්ද නොමැත. දෙදන මත වැලමිටි තබා, දිගෑරුනු අල්ලා මත මූණ හොවාගෙන තවත් වේලාවක් බලා සිටියෙමි. සාජන් මහතාගේ හෝඩුවාවකුදු නැත. එකම ඉරියව්වෙන් දිගටම සිටිය නොහැක. ඇගමැලි කඩා, මදක් හිස ඔසවා බැලිමි. බිත්තියට තබා ඇණ ගැසූ මහින්ද මාමා, මා දෙස බලා කින්ඩියට මෙන් සිනාසෙයි. මමද මාමා සමග සිනාසීමි.

"කෝ.. ඔය මල්ලි එන්න... " සාජන් මහතා මා ඇමතුවේය. "ඇති යාන්තම්" සැනසුම් සුසුමක් පාවී ගියේය.

"ඔය පුටුවකුත් ඇදන්, මෙහෙට එන්න.. " අයිනක තිබූ පුටුවක්දරැගෙන, සාජන් මහතාගේ මේසයට සමීප වීමි.

"මොකද මේ හදිස්සියෙම පොලිස් රිපෝට් එකක් ??? "

"රස්සාවකට යන්න " මම කිරිදත් පෙන්වා අහිංසක ලෙස සිනාසුනෙමි.

"දැනට රස්සාවක් කරන්නෙ නැද්ද??"

"කරනවා... ඒකෙන් අස්වෙලා වෙන එකකට යන්න"

"හ්ම්ම්... දැනට කොහෙද වැඩ ?? ඇයි අස්වෙන්නෙ ?? පදිංචිය කොහෙද ?? තාත්තා මොකද කරන්නෙ ?? තාත්තත් මෙහෙද ?? එතකොට අම්මා ?? මුකුත් අපරාධ වලට සම්භන්ද වෙලා තියෙනවද ?? ශුවර්ද ?? හොදටම ශුවර්ද ?? "  .පො.. උසස් පෙළ භෞතික විද්‍යා පේපර් එකට පසුව, කෙටිම කාලයක් තුල වැඩිම පිළිතුරු ගනනක් දුන්නේ එදාය. සාජන් මහතාටසැටිස්” පාටය.

"මල්ලී.... මගේ දැන් පෑන ඉවර වේගන එන්නෙ. ඔයාට පුලුවන්ද ගිහිල්ලා පෑනක් අරන් එන්න.. " හිටිවනම සාජන් මහතා ලියමින් සිටි ලිපිය නතර කලේය. පෑන ගෙන ඒමට මුදල් දීමට දෝ පුටුවෙන් මදක් ඉස්සී කලිසමේ පස්සා සාක්කුවට දකුණතද යැවුවේය.

".න්නෙ..නෑ සාජන් මහත්තයා. මම එකක් අරගෙන එන්නම් " මම වහා දිව්වේමි. පුදුමය, තවමත් "ඇට්ලස් චූටි" බෝල්පොයින්ට් පෑන අපි ඉස්කෝලෙ යන කාලේ ගානමය.

"... මෙන්න සාජන් මහත්තයා " පෑන දෝතින්ම ගෙන සාජන් මහතාට පිදීමි. පිදිය යුත්තන් පිදිය යුතුය. එය මංගල කාරණයකි.

"මල්ලි මේක සෙල්ලමක්... තනිකරම රස්සාවත් එක්ක කරන සෙල්ලමක්. කාගෙහරි ඇදුනුම්කමකට මෙහෙම පොලිස් වාර්තා ලියනවා කියන්නෙ රස්සාව ගැන ආසාව අතෑරලා කරන වැඩක්. ඔයාලට නම් මේක නිකම්ම නිකම් කොල කෑල්ලක් වෙන්න ඇති. ඒත් අපිට මේක රස්සාව. පොඩ්ඩක් හරි ගැස්සුනෝතින්… ඉන්ටඩික්........ " සාජන් මහතාගේ හිතේ බර මටද දැනින.




පසු සටහන : ගොඩක් අය හිතාගෙන ඉන්නෙ, පොලීසියෙ ඉන්නෙ පගා ගහන, පිනට බොන, අහිංසකයන්ට පොර ටෝක් දෙන, චාටර් උන් කියලා. ඒත් බොහෝම දුර ඇදුනුම්කමක් වෙනුවෙන්, රස්සාව පරදුවට තියලා, නීති විරෝධී වැඩක් කරන්න උනත් පොලීසියෙ සමහරු පස්සා ගහන්නෙ නෑ.


.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.



13 comments:

  1. යන්තම් හරි එහෙම තියෙනවනම් හරි.මම දවසක් ගියා ඔය වැඩේටම.හදිස්සියේ කරගන්න ගියේ. මෙලෝ රහක් නෑ.කිසිම ඇඳුනුම්කමකුත් නෑ.පොලීසියටත් ගියපු පලවෙනි දවස.හිතාගන්න පුලුවන්නේ කොහොමට තියෙන්න ඇතිද කියල.අම්මට උඩු.මගෙන් ගලවන්නමයි ට්‍රයි එක.ඒ මදිවට ටෝක්ස්.අතේ සල්ලිත් නෑ
    මම කිව්වා ජොබ් එකට යන්න තමයි පොලිස් වාර්තාව ඕනි කියල.

    මොන......වැඩක් නෑ. අප්පා......මට අනින්න හිතුන අර ටයිප් කරන එකාගේ හොම්බ් ඉදිමෙන්න.එත් ඉතින් පාරෙදි කොල්ලෙක් එක්ක කෙලගන්නව වගේ වැඩක් නෙවෙයිනෙ.අනික මල පැන්නට මමත් අහිංසක කොල්ලෙක්.
    ඔන්න ඔහොමයි පොලීසිය ඇඳුනුම්කම් නැති අයට.

    ReplyDelete
    Replies
    1. උඹ හොම්බට ඇන්නා නම් නිකම්ම වාර්තාව ගන්න තිබුනා :D :D

      Delete
  2. "ඔයාලට නම් මේක නිකම්ම නිකම් කොල කෑල්ලක් වෙන්න ඇති. ඒත් අපිට මේක රස්සාව. පොඩ්ඩක් හරි ගැස්සුනෝතින්… ඉන්ටඩික්........ " සාජන් මහතාගේ හිතේ බර මටද දැනින."

    වහෙන් ඔරෝ නැතුව කියහන් කීයක් දුන්නද? හෙ හෙ හේ.

    ලංකාව මෙලෝ සම්මතේදි හදන්න බෑ කියලා සමහරු කියනෙන ඕක වෙන්න ඇති.

    පොලිස් වාර්තාවක් ගන්න ඒක ඉල්ලන තැනින් ලිපියක් ඕන.
    එතනින් ලිපියක් ඉල්ලන්න පොලිස් වාර්ථාවක් ඕන.

    කිකිලිද බිත්තරේද . . හෙ හෙ හේ . .

    ලෝකෙන් උතුම් රට ලංකාවයි . . . ඉතුරු ටික තාලෙට කියන්න ඈ . .

    ReplyDelete
    Replies
    1. //වහෙන් ඔරෝ නැතුව කියහන් කීයක් දුන්නද? හෙ හෙ හේ.//
      දෙයියම්පා.... "ජරාව" දුන්නෑ අයියෙ..... ජරාව දුන්න නම් සාමාන්‍ය සීන් එකක්... බ්ලොග් එකේ ලියන්න තරම් විශේෂයක් උනේ, "ජරාව" නොදී කරගත්ත නිසා...

      Delete
  3. පොලිස් රිපෝට් එකක් ගන්න කාලයක් යනවා නමුත් පොලිස් කිලියරන්ස් එකක් දින 2 කින් 3 කින් ගන්න පුළුවන් දවසකින් ගන්නත් පුළුවන් .......

    ReplyDelete
    Replies
    1. හෑ.... පොලිස් රිපෝට්/පොලිස් කිලියරන්ස ,, මේ දෙකේ වෙනසක් තියෙනවද????

      Delete
  4. laika bassa kyanne wade iatin goda tamai

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා,,,, ලයිකා කියන්න සෙල්ලම් පොරක්යැ,,, අභ්‍යවකාශෙටත් ගියේ :D

      Delete
  5. සාජන් මහත්තයා සාක්කුවට අත් දාන්න යද්දී මට හිතුණා. ජරා පාරක්ද කියලා. නැත්නම් කඩේට ගියාම පෑනක් රුපියල් 200 ක් විතර වෙන්න ඇති කියලා :D

    ReplyDelete
    Replies
    1. ඕකනේ උබල හිතන්නෙම නුහුරට..... :D

      Delete
  6. ජීවිතයටම අත්‍යවශ්‍ය දේකට පොලිසියකට ගොඩවැදී ඇත්තේ නැති වූ හැදිනුම්පතක් ගැන පැමිණිල්ලකට පමණකි. පාසල් අවදියේ ගිය ඒ ගමනට සහ රස්තියාදුවට පසු ආපහු ඒ හතර මායිමක පස් පාගනිනට අදහසක් නැත.

    අවසාන වතාවට ගියේ බීමතින් එිය පදවා හසු වූ මිතුරෙක් නිදහස් කරගෙන එන්නය. පැය කිහිපයක රස්තියාදුවකින් පසු බැලුමක් පුම්බා වාහනය වෙන අයෙක් එළවගෙන එන්න ආව :)

    ReplyDelete