Sunday, July 14, 2013

ඔය දිගේ.......



ඒ, මාස ගානක් පුරාවට රජරට පොළව ගිණියම් කරවපු වාර්ශික නියගය නිමා කරමින් ඊසාන දිග මෝසම පටන් ගත්ත මුල් දවස් කීපය. සුපුරුදු පරිද්දෙන්ම එවරත් මෝසමෙන් සරු ඵල භුක්ති විදිමින් හිටියෙ දිවයිනේ නැගෙනහිර සහ ඊසාන දිග වෙරළබඩ කලාපය. පොළොන්නරුව, අනුරාධපුරය වගේම ඒ වෙනකොට මම වැඩ කර කර හිටපු කන්තලේ කිට්‍ටුවටත් මහ වැසි වැටෙන්න ගන්නෙ තවත් දින කීපයක් පස්සට පහු වෙලා. කොහොම උනත් ඊසාන දිග මෝසමේ අතුරු ඵල ටිකෙන් ටික අපි හිටපු පැති වලටත් දැනෙන්න ගත්තා. දිය කදුලක් නැතිව පතුලටම පෑදුනු ඔයවල් දිගේ උඩහට වහින වැහිවතුර, බින්දුව බින්දුව ගලන්න උනා. ඒ ලපටි වතුර පාරවල් එක්ක, මෙච්චර කාලයක් නොනැසී පණ ගැටගහ ගත්තු කොළපාට පල් වතුර පිරුන හුදකලා ගල් වලවල් එකිනෙකා යාවෙන්න ගත්තා. එක ‍රැයෙන්, දෙකෙන් ලපටි දිය පාරවල් පෘෂ්ටිමත් ඔයවල් බවට පෙරලෙන්න පටන් ගත්තා.

අපේ වැඩබිම උනේ "කිතුල් උතුව" පාලම. හබරණ ඉදන් කන්තලේ යද්දි "හත‍රැස්කො‍ටුව" පහුකරලා ටික දුරකදි තමා, කන්තලේ වැවට වතුර සම්මාදම් කරවන ඔයක් හරහා ඉදිවෙච්ච "කිතුල් උතුව" පාලම හම්බ වෙන්නෙ. හබරණ-කන්තලේ පාර නවීකරණයත් එක්කම, මේ පාලම නවීකරණයත් පටන්ගෙන තිබුනා. නියං සමය මැද වැඩ පටන් ගත්ත නිසා, වැඩ බිම ඉදිවෙලා තිබුනෙ ඔයේ මායිමේ. අනික් අතට පාලමේ වැඩ වලට ඕන පලංචි එහෙම බැදලා තිබුනෙත් වේලිච්ච ඔය මැද. ඒකනිසා කලින් කිව්ව විදිහට හිටි අඩියෙම ඔයේ වතුර වැඩි වෙන්න ගත්තහම, පාලමේ වැඩ අතරමග නතර කරන්න සිද්ද උනා. 

ලොක්කට කොච්චර පාඩු උනත්, පාලමේ වැඩ නතර වෙච්ච එකෙන් උපරිම ලාභය හම්බ උනේ අපිට. උදේට සයිට් එකෙන් ඕන් වෙලා පාලම ගාවට එන අපි, පාලම අයිනෙ අටවගෙන තිබුනු ලෑලි මඩුව ඇතුලට වෙලා හවස් වෙනකම්ම පාලමේ තනි ‍රැක්කා. මුල්දවසෙ ඔය විදිහට පාලම අයිනට වෙලා බකන්නිලාගෙන ඉන්න වැඩේ බොහොම සාර්ථකව කරගෙන ගියත්, දෙවැනි දවස වෙනකොට ඒ වැඩේ තිත්ත උනා.

"මල්ලි යමුද කැලේ පැත්තෙ පොඩි රවුමක් ගහල එන්න..." යෝජනාව ගෙනාවෙ පාලමේ වැඩ බාරව හිටපු T/O, අනුර අයියා. පාලමට එපිටින් ඔය දිගට තිබුන මහ මූකලානට අනුර අයියා මීට කලිනුත් පාරක් දෙපාරක් ගිහිල්ලා තිබුනා. බොහොම උග්‍ර පරිසර ලෝලියෙක් විදිහට තමයි, අනුර අයියව අපි හැමෝම අදුරගෙන හිටියෙ. කොළඹ ගෙන්දගම් පොළවෙ හැදිච්ච එකෙක් උනාට, ගහ කොල ගැන, සත්තු සර්පයෝ ගැන, බෙහෙත් ජාති ගැන වගේම යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ගැන පොරගෙ දැනුම අදහන්න බැරි තරමටම ඉහලයි.

ඒකමතිකව සම්මත වෙච්ච අනුර අයියගෙ යෝජනාව අනුව, ගමනට මායි අනුර අයියටයි අමතරව, උප කොන්ත්‍රාත්කරු මඩුගල්ලෙයි පොරගෙ ගෝලයෙකුත් එකතු උනා. මඩුගල්ලෙත් උඩරට පාරම්පරික වෙද පරපුරක පුරුකක්. අනුර අයියට වගේම පොරටත් ගහකොල, සතා සර්පයා ගැන තිබුනෙ හසල දැනුමක්.

පාලම යටින් ඔයට සමාන්තරව ඉවුර දිගේ ගමන් කරපු අපි මීටර සීයක් විතර ගියාම ඔය හරහා අනික් ඉවුරට එගොඩ උනා. වෙලාව දවල් දොලහට විතර කිට්‍ටු උනත්, ඉවුර දිගේ පැතිරිච්ච යෝධ කුඹුක් ගස් යායට පිං සිද්ද වෙන්න ඉවුර දිගටම තිබුනෙ, මහන්සිය මරණ අපූරු සිසිලසක්. නියං කාලෙ ගල් වලවල් අස්සෙ රිංගගෙන පණ බේරගත්තු මාලු පැටවු, අලුතෙන් පණ ගහල එන ඔයේ ඒ මේ අත කරක් ගැහුවා. නියං සමේ නිට්ටාවටම දුරු නූනත්, ඊසාන දිග මෝසමේ පෙරමග සළකුණු විද්‍යාමානවෙමින් තිබුන නිසා, වේලිච්ච ගහ කොල වල පවා අමුතු සජීවී බවක් පේන්න තිබුනා.

ඔයේ ඉවුර දිගේ සෑහෙන දුරක් ගියාට පස්සෙ, ඔයෙන් ඈතට ඇදිච්ච හීන් අඩි පාරක් හම්බ උනා. ඒ අඩි පාර, වෙල් යායක් වටේ ගිහින් කෙලවර උනේ අපි යන මූකලානෙන්. වපසරියක් ගැන හරියටම ඉගියක් ගන්න බැරි තරම් ඈතට විහිදුනු වෙල්යාය, බොහොම මෑතක අස්වනු කපාපු එකක්. රූස්ස ගහ කොල නැති වෙල්යාය වටේ, ගිනි මද්දහනෙ යන එක නම් හොදට මහන්සි වෙන වැඩක්. ඒත් වෙල්යාය පහු කර ගමන් ඇතුලු වෙච්ච මූකලාන අපේ ඒ මහන්සිය බොහොම ඉක්මනට නිව්වා.

අනුර අයියගෙ නොනවතින විස්තර කථනය ආරම්භ උනේ මූකලානට පය තියපු ගමන්. අර ගහේ නම මේක, මේ ගහේ දළු ගන්නෙ මේ ලෙඩේට, ගුරුකම් වල මල් පැලට ඕන ගහක් මේක, වගේ හැම ගහකම, මලකම, වැලකම ගුණ කථනයක් අනුර අයියා ස්වේච්චාවෙන්ම කරන්න ගත්තා. අනුර අයියා කියපු හැම දෙයක්ම වගේ මඩුගල්ලෙත් අනුමත කරපු විදිහෙන් මට තේරුනේ අනුර අයියගෙ අසීමිත පාරිසරික දැනුමෙ තරම.     

"මම මල්ලී... පොඩි කාලෙ ඉදලම ගහ කොල වලට ආදරේ කරපු මිනිහෙක්. අපි කොච්චර සල්ලි හම්බ කරත් ඒවයෙන් ගන්න බැරි සතුටක් මේ ගහ කොල වලින් තියෙනවා.." ඇත්තටම අනුර අයියගෙ ජීවන දර්ශණය හරිම සරල, පරිසර හිතකාමී එකක්. 

මූකලානෙ තව ටිකක් දුරට යනකොට පරණ ගල් පඩි කීපයක් එක්ක, අපිලිවෙලට විසිරෙච්ච ගල් කණු කීපයක් හම්බ උනා. අනුර අයියා කියන විදිහට රජ කාලෙ මේ මූකලාන හරහා අනුරාධපුරයට යන්න ගල් පඩි අල්ලපු පාරක් තිබිලා තියෙනවා. ඒත් කාලයාගෙ ඇවෑමෙන් ඒක විනාස වෙලා ගිහිල්ලා.

"අපේ රටේ පුරාවිද්‍යා කියලා එකක් තිබුනට කිසිවැඩක් නෑ මල්ලි. මේ වගේ ජාතික සම්පත් මතුකරලා උඩට ගන්න උන්ට ඕන කමක් නෑ.."

අපි මූකලානෙන් එළියට ආවෙ පැය තුන හතරක් ඒක ඇතුලෙ හොදටම කරක් ගහලා ඉර බහින්න ඔන්න මෙන්න කියල තියෙද්දි. ඒ එන ගමනෙදි අලුත වැටිච්ච මුව අං තට්‍ටුවකුයි, මීහරක් අණකුයි, තව බෙහෙත් පැළ කීපයකුයි එකතු කරගන්න අපිට පුලුවන් උනා. මුව අං තට්‍ටුවටත් වඩා ආදරෙන් මී හරක් අණ, මඩුගල්ලෙ තුරුල් කරන් හිටියෙ, පොරට බෙහෙත් දාන්න කොපුවක් ඒකෙන් හදාගන්න පුලුවන් නිසා.
                                       
ට්‍රේනින් එක ඉවර වෙලා කන්තලෙන් ආපහු එන්න කලිනුත් තව පාරක මම, අනුර අයියත් එක්ක මූකලානෙ රවුමක් ගැහුවා. ඇත්තටම ඒවා බොහොම අපූරු ජීවන අත්දැකීම්. හැබැයි හොදම අත්දැකීම හම්බ උනේ ඊට ටික කාලෙකට පස්සෙ. 

කන්තලෙන් ආවට පස්සෙ කැම්පස් එකේ එකදිගට සෙට් වෙච්ච වැඩ නිසා කන්තලේදි හම්බ වෙච්ච මිනිස්සුන්ට කෝල් එකක් වත් දීගන්න මට බැරි උනා. ඔහොම ඉන්න අතරෙදි තමා මාත් එක්ක එකටම හිටපු රංජි අයියා කෝල් කරේ

"හේලෝ.. තිළිණ මලයා නේද?? "

"අම්මට සිරි.. රංජි අයියා.... ඉතින් කොහොමද??"

"කොහොමද තමයි. කෝ යකෝ.. ‍තෝ යනකොට පොර ටෝක් දීලා ගියේ, ගිහින් කතා කරන්නම් කියලා. කෝ කතා කරාද?" රංජි අයියා දුරකථන සංවාදය පටන් ගත්තෙම සාධාරණ චෝදනාවකට මාව වැරදි කාරයා කරගෙනම. සමාව ගැනීම, බැනුම් ඇසීම් නැවත සමාව ගැනීම් වලින් වට කීපයක් ගිහාට පස්සෙ රංජි අයියා සුපුරුදු සුහදසීලී කතාබහට මුල පිරුවා.

"කොහොමද කට්ටියගෙ සැප දුක.. අනුර අයියලා එහෙමත් හොදින් ඉන්නවද??" මගේ පැරණි ගමන් නායකයා ගැන, කතාව මැදදි  මම ඇහුවා.

"අඩෝ උඹට ආරංචි නැද්ද?? අනුරයා නිධන් වගයක් හාරන්න මූකලාන පැත්තෙ රිංගගෙන ඉන්දෙද්දි ගමේ උන්ට මාට්‍ටු වෙලා. ගමේ උන් වට කරගෙන නෙලලා. අපේ ලොක්කා නිසා තමයි යන්තම් පොලීසියට බාර නොදී ශේප් කර ගත්තෙ. හැබැයි පොරට ජොබ් එක නම් නැති උනා...." රංජි අයියගෙ කතාවෙන් මම මොහොතක් ගොලු උනා.

"... උඹත් ඒ දවස් වල ඕකා එක්ක කැලේ රිංගුවා නේද?? උඹත් හිටියනම් ශුවර් එකටම පෝරියල් එකට සෙට් වෙනවා..." මුත්‍රාශයෙ හතර මායිමකවත් තිබුනෙ නැති මහා මුත්‍රා බරක්, එකපාරටම මට දැනුනා.


ප.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.


පසු සටහන :           මගේ බ්ලොග් එකට හැදිච්ච ලෙඩක් නිසා කාලයක් බ්ලොග් පෝස්ට් අප්ඩේට් උනේ නෑ.
"චන්දන", "ඩූඩ්", "සෙන්නා", "අටම්" ඇතුලු ගොඩක් දෙනා ඒකට පිලියම් කිව්වා. ඒත් ඒ එක බෙහෙතක් වත් මේකට ඇහුවෙ නෑ. අන්තිමේදි නිහඩ සහන් ලෙඩේ අල්ල ගෙන බේතක් උන්නා. දැන්නම් ලෙඩේ ගොඩ වගේ. මේ පෝස්ට් එක අද ඕගොල්ලො ලගට කරදරයක් නැතුව එන්නෙ සහන්ට ස්තූතිවන්ත වෙන්න. බ්ලොග් එකකට ලෙඩක් හැදුනම ඒකෙ අමාරුව දන්නෙ ඒ විදිහටම දූක් විදපු තවත් බ්ලොග් කාරයෙක්. මම හිතන්නෙ "ඩූඩ්"ට ඒ ගැන හොද අත්දැකීමක් තියෙනවා.

බ්ලොග් එක අවුල් කාලෙ ඒකෙ පෝස්ට් වලට පබ්ලිසිටිය දුන්න "අටමා","සෙන්නා","චන්දන" ඇතුලු බ්ලොග් කරුවන්ට වගේම, වෙච්ච දේ දැකලා, පැතුමකින් හරි උදව් කරපු සියලූම සහෘදයන්ට නැවත් නැවතත් ස්තූති වන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

45 comments:

  1. ඇත්තටම පොර හාරලද බං නිදං

    ReplyDelete
    Replies
    1. හාරන්න කලින් ගමේ සෙට් එක පොරට සලකලා...

      Delete
  2. සහන් වෙදා නිලේ අල්ලලම බේත දීලා නේද තිළිණයො... හප්පේ දැනෙන සතුටක්.. සුබ පැතුම් ! දැන් ඉතින් හරහට, දිගට ලියහන්..

    ඉතින් ඔය පරිසරවේදියා ඒ ජාතියෙ පොරක්ද ? නැත්නම් මිනිහව මාට්ටු වෙලා තියෙන්නෙ බොරු චෝදනාවකටද ?

    උඹෙත් අපූරු බස් වහරක් තියනවා.. අර මහන්සිය මරණවා කියපු එකට එහෙම මම හරි කැමතියි..

    ReplyDelete
    Replies
    1. හරිහට හරි.... සහන් නියම "ඩිජිටල් වෙදෙක්" :D :D

      ඔව්.. දැන් ඔය සිද්දියට අවුරුදු 3ක් විතර වෙනවා. අනුර අයියා (නියම නම නෙවේ)ගෙ ජොබ් එක ගහලා ගියාට පස්සෙ පොරව කන්ටෑක් කරගන්න විදිහක් නෑ. නැත්තන් පොරගෙන්ම සීන් එක අහන්න තිබුනා

      Delete
    2. මුළින්ම තිළිනටත් සෙන්නටත් ස්තූතියි... වෙන මොහොකට වත් නෙවේ නිහතමානීව මාව මතක් කිරීම ගැන..අපි මේ හැමදේම කරන්නේ ෆිට් එකටනේ.. ඉතින් අපි දෙපාර්ශවය අතරම ෆිට් එක තියෙන්න ඕනේ.. එහෙම ෆිට් එක රකින අය අඩුයි...

      ඒ ගැන මුළින්ම ස්තූතියි දෙන්නටම..ඒ වගේම චන්දන , මාතලන් , අටම් , දමිත් ගුණවර්ධන , හිරු , සයුරි , නලින් අයියා , කළු සුදු අක්කා , සමනලී , රෙහානි , සැමට මිතුරු , අයිලෂ් අයියා , කෙන්ජි අයියා , මොරබ්බා , drakiයා , ගජින් , DDT ,අකමා වැනි වැනි අයත් එහෙම ෆිට් එක රකින අය... ඒ සියලු දෙනාටත් මම මෙතැනදී ස්තූති වන්ත වෙනවා..

      (මේවා බිස්නස් ඩීල් නම් මෙතරම් සැළකිලිමත් වෙන්නේ නැහැ මම..)


      තිලිණගේ ලිවීමේ හැකියාව නම් ඉතාම ඉහළයි මට.. මොන දෙයක්ද මන්දා කිසිම නුහුගුනයක් නැතුව කියවන්න පුළුවන්..:D මම මේකේ ගොඩක් පෝස්ට් කීප පාර කියවලා තියෙනවා.. මේ බ්ලොග් එක ගැන දැනගන්න ලැබුණෙත් හිරුවගේ බ්ලොග් එකේ ඔයා කමෙන්ට් එකක් දාපු වෙලාවක.. පස්සේ ඔයා අපි බඩු ගත්ත පොට් එහෙකින්ම බඩු ගත්ත කියලා දැනගත්තමයි තවත් හිතවත් කමක් ඇති උනේ.( බඩු කිව්වේ ශාක කොළ ජාතියකට හරිය ). අර ඇනෝපාලයටත් ස්තූති වන්ත වෙන්න ඕනේ...

      ඔක්කොමටම ස්තූතියි , තිලිණටත් ස්තූතියි ,ඔන්න ඔහේ මටත් ස්තූතියි..

      Delete
    3. ඇනෝපාල කීවෙ මට වෙන්ටැ .. මට ඉතින් පුරේ නම් හොරෙක් හරි කමක් නෑ බොක්ක තමා. දවසක් හරි වැටිල උන්න තැනනෙ. නැද්ද බොස් ?
      - පුරේ ඇනෝ -

      Delete
    4. @පුරේ ඇනෝ:
      //මට ඉතින් පුරේ නම් හොරෙක් හරි කමක් නෑ බොක්ක තමා.//

      මගේ බොක්ක වෙලා හිටපු පුරේ එකෙක්, සයිට් එකට දඩාර පොල්ලක් තියලා මාරු වෙලා. අද තමා නිවුස් එක ආවෙ.... උඹගෙ කමෙන්ට් එක මාරෙට මැච් වෙනවා සීන් එකට.

      Delete
    5. චැක් . ගම කෑවනෙ ..ඌ හිතුවද දන් නෑ ඒක ඌට එන්න තියන එකක් කියල .නැතුව පුරේ කොහෙද බන් හොරු. නිදන් හොරු මිසක්. හා නැද්ද .

      Delete
  3. පොර එතකොට ජාතික සම්පත් මතු කරල ගන්නයි හදල තියන්නෙ. කොහෙද මේ මිනිස්සු ඉඩ දීල නැනෙ ඒකට. :D

    සෙන්න කිව්වා වගෙ උඹගෙ මේ ලිවිල්ලට මාත් පට්ට ලයික්.. අර කුඹුක් ගස් යටින් මාත් ගියා වගෙ..

    ReplyDelete
    Replies
    1. පොඩි මිනිහෙක් හාරලා ගොඩයන්න හදනකොට තමයි අපේ අයියල ෆෝම් වෙන්නෙ... රාජ රාජ මහා අමාත්‍යන් හාරන ඒවා මොකෙක්ටවත් පේන්නෙ නෑ. ඒවා ඉබේම පොලොවෙන් මතුවෙනවා වෙන්න ඇති... :D

      Delete
  4. නිධන් හාරන්න ගියා කියලා මිනිහව අල්ලගෙන තියෙන්නේ ඒකට ඕන කරන අඩුම කුඩුම මොනවා හරි එක්කද..? නැත්තං නිකංමද..? සමහර විට බොලාලා එක්ක රිංගුවා වගේ නිතර නිතර කැලේ රිංගද්දී මිනිස්සුන්ට සැක හිතිලා අල්ල ගත්තද දන්නේ නැති හින්දයි අහන්නේ...

    මොකද අපේ රටේ මිනිස්සුන්ට ඔය විදිහට නිදහසේ ඇවිදින්න ආවා කියලා කිව්වට මලාට පිළිගන්නේ නැහැනේ... හිතන්නෙම මොකක් හරි අලකලංචියකට අර අඳිනවා කියලනේ.. මිනිස්සුන්ට වරදක් කියන්නත් බැරි ඉතිං රටේ තොටේ සිද්ධ වෙන දේ හින්දම තමයි...

    මං උනත් ගමන් බිමන් ගියාම ටිකක් පරිස්සං සහගතව තමා හැසිරෙන්නේ.. නැත්තං කැමරා කට්ටකුත් අරං කැලෑ පාරක් අයිනේ බයිසිකලේ නවත්තලා කැලෑ ගානේ රිංගද්දි මොකාටද සැක නොහිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අඩුම කුඩුම සමග වටේ පිටේ හිටපු තුන් හතර දෙනෙකුත් එක්ක ගිහින් තියෙන්නෙ. ගමේ උන් ඒ දවස්වල සයිට් එකේ වැඩ කරන අයව අදුරනවා. එහෙම තියෙද්දිත් අල්ල ගන්න ඇත්තෙ නිකන් කැලේ ගියාට නෙවේ.

      හොදම දේ තමා ලගම තියෙන පොලීසියට කියලා යන එක. අපිත් පදවියෙ හේනක් හොයාගෙන ගියේ මුලින්ම අවශ්‍ය කරන පසුබිම හදාගෙන. හැබැයි ඉතින් මේ කාලේ පොලීසි යන එක ඉල්ලන් කෑමක් නම් තමයි..

      Delete
    2. මමත් ඔය සිද්ධිය අහලා තියෙනවා.....තොවිලේ නටන කොට තමයි මාට්‍ටු වෙලා තියෙන්නේ...හැබැයි මාට්‍ටු උනේ නම් අනුර කියලා එකෙක් නෙවෙයි....

      Delete
    3. @Mayya : තොවිල් සීන් එකක් නම් මට කිව්වෙ නෑ. අනුර කියන්නෙ ඇත්ත නම නෙවේ..

      Delete
  5. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් උඹත් අහක ඉඳලා නිදන් හොරකමකට මාට්‍ටු නේද?

    ලොකූ දෙයක් බ්ලොග් එකේ ලෙඩේ හොයාගත්ත එක. සහන්ටත් ස්තුතියි. ඒක කරපු හැටිත් දැම්මා නම් අපි කාටත් වටිනවා තිලිණ.

    ReplyDelete
    Replies
    1. //තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් උඹත් අහක ඉඳලා නිදන් හොරකමකට මාට්‍ටු නේද?//
      එක්කෝ පොලීසි යන්න වෙනවා... නැත්තම් නිරපරාදෙ මැරුම් කන්න වෙනවා...

      //ඒක කරපු හැටිත් දැම්මා නම් අපි කාටත් වටිනවා තිලිණ//

      ඇත්තටම බ්ලොග් එකේ අවුලක් තිබිලා නෑ. අවුල මම පෝස්ට් ලියපු විදිහ. මම පෝස්ට් ලිව්වෙ, singreesi Unicode 1.8 කියන එකෙන්. කතාවක කොටසින් කොටස ඒකෙ ටයිප් කරලා, ඒ ටික පස්සෙ Word ෆයිල් එකකට අරගෙන එකලස් කරා. පස්සෙ ඒ Word ෆයිල් එකේ ටික blogger වලට කොපි කරා. සහන් කිව්ව විදිහට මේ ක්‍රමයෙදි පෝස්ට් එකේ ඕවහෙඩ් එක වැඩි වෙනවලු. ඒකයි අප්ඩේට් වෙලා නැත්තෙ.
      දැන් ඔය මුකුත් නෑ, singreesi Unicode 1.8 වලින් ටයිප් කරා blogger වල පේස්ට් කරා....

      Delete
    2. ලෙඩේ ඒක නම් උඹ සිංග්‍රීසි වල ලියන එක නෝට්පෑඩ් එකක ඇලෙව්වාම ඔය වර්ඩ් ෆෝමැටිං එන්නේ නෑ. වර්ඩ් එකෙන් උනත් නෝට් පෑඩ් එකේ ඇලෙව්වාම text only . එහෙම කිව්වෙ සිංග්‍රීසි එකේ ඔක්කොම ටයිප් කරන්න අමාරු නිසා. අනික බැකප් එකක් තියෙන නිසා.

      Delete
    3. උඹ මොන කෙහෙම්මලකටද බන් වර්ඩ් එකේ අලවන්න ගියෙ ? මම ටයිප් කරන්නෙ මාලින්ද එකෙන්.. ඒකෙ ටයිප් කලා කෙලින්ම බ්ලොග් එකේ ඇලෙව්වා.. කිසි අවුලක් නෑ.. දැන් ඉතින් කොහොම හරි වැඩේ ගොඩනෙ.. ඒ මදැයි.. වෙදාට පඬුරක්වත් දුන්නැද්ද ? :D

      Delete
    4. @ සෙන්නා මාලින්ද එකෙන්.ඒකෙ ටයිප් කරන්නේ කොහොමද සෙන්නෝ...
      කරදරයක් නැත්නම් ඩිංගක් කියාදියන්කෝ ..
      මම ටයිප් කරන්නේ google input tools වලින් එකෙන් කොටනකොට ඇඩෙනවා.

      Delete
    5. සිස්සුද මල්ලී, මොන කරදරද ? මෙන්න ලින්ක එක.. කොටාගෙන කොටාගෙන යන්න තියෙන්නෙ.. මොනවා හරි අකුරක් බැරි වුනොත් අහපන්..

      http://unicode.malindaprasad.com

      Delete
    6. @ඩූඩ් : ඔව් දැන් කරන්නෙ ඒ විදිහට..

      @සෙන්නා : ඩූඩ් කිව්ව විදිහට බැකප් එකක් තියාගන්න ඕන නිසයි වර්ඩ් ෆයිල් එකකට ගත්තෙ.. වෙදා පඩුරු ගන්නෙ නෑ කියන්නෙ. එතකොට වෙදකම පිහිටන්නෙ නැතිලු... :D :D :D

      Delete
    7. @ සෙන්නා
      බොහෝම ස්තුතියි බං ලින්ක් එකට.
      ටිකක් අමාරුයි වාගේයි බන් අයියේ මේකත්.කමක් නැහැ try කරලා බලන්නකෝ මම එකත්.

      Delete
    8. අමාරු නෑ බන් ඕක හෙන ලේසියි. පැයකින් පුරුදු වෙන්න පුළුවන්.. මම අර මාගල් ඔක්කොම ගහලා තියෙන්නෙ ඕකෙන්.. හෙහ් හෙහ්..

      Delete
  6. ඔන්න දැන් අපේ රෝලෙ වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්... ස්තූතිය සහන් ඇතුලු පිරිසට

      Delete
  7. අඩේ එහෙනම් උඹේ හොද වෙලාවට උඹ එහේ ඇවිත් තියෙන්නේ බං.
    නැත්නම් සොරිම තමයිනේ.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට පොර මම යනකම් ඉන්නත් ඇති....

      Delete
  8. Replies
    1. "ඔයින් ගියා..." නේද???

      Delete
  9. මුලින්ම ලෙඩේ සනීප කරගත්තට සතුටුයි.
    දෙවනුව අප නොදන්නා ඉසව්වක ඔවැනි ගමනක් යනවානම් අදාළ පොලිසිය වගේම ග්‍රාම සේවක මහතෙකු ගේ අනු දැනුම ඇතිව යන්න අමතක නොකළ යුතුයි. අප ගමන් යන්නේ එසේ කිරීමෙන් අනතුරුවයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලීන් අයියා... ඕවා හොද පාඩම්...

      Delete
  10. හොද වෙලාවට එහෙනම් අයියා ඒ පැත්තෙන් ආවේ. නැත්තන් ඉතිං අයියටත් සොරිම තමා.....

    සහන් අයියා බ්ලොග් එකේ ලෙඩේ නිට්ටාවටම සනීප කරලා දීල නේද.....

    ReplyDelete
    Replies
    1. මට ලෙඩේ අහුවුණා සමනලී ඉක්මණටම...ලෙඩත් බෙහෙත් ටික අරන් තිබුණා නියමිත මාත්‍රාවට ...

      Delete
    2. @සමනළී : සොරි . කොම්
      ඔව් සහන් නියම වෙදෙක්....

      Delete
  11. මාරකයක් පෑනල නෙ.සහන් මාවත් මතක් කරල තිබුන. ෆිට් තමයි ඈ

    ReplyDelete
    Replies
    1. එළස් දමිත්..

      Delete
    2. @දමිත්/සහන් : උදව් කරපු උඹලා හැමෝටම ස්තූතී.....

      Delete
  12. ඒක නෙවෙයි බං තිලිණ, අර උඩම තියන උඹගෙ පින්තූරෙ ගත්තෙ කවුද.. හරිම ලස්සනයි. :D :D

    ReplyDelete
    Replies
    1. කොහොමද දිවත් එලියට දාගෙන යන විදිහ.... :D :D :D

      Delete
  13. තිළිණ ස්පෑම් ෆෝල්ඩර් එක බලන්න ...මගේ කමෙන්ට් ගොඩක් ඒකට ගිහින්...

    ReplyDelete
  14. මං කලිනුත් මේකට ආව වගේ මතකයි. ඔබේ ලිවීමේ ශයිලියට මමත් කැමතියි. සරල, සුගම බසක්.
    මහ ලොකුවට පරිසරයට ආදරය කරනව කියල ඒක විනාශ කරන අය කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න පරිසර ලෝලියෝ... :D :D

      Delete
  15. එතකොට මෑන් එච්චරටම පරිසර හිතකාමී වෙලා තියෙන්නේ ඒකද :D

    ReplyDelete
  16. බුවා ගෙ පරිසරයට තියෙන ආදරේ දෝරෙ ගලා ගිහිල්ල වගේ ... මිනිස්සුන්ව කාල බලන්නයැ ?

    ReplyDelete