Sunday, July 7, 2013

සුනඛයා නොහොත් සපාකන්නා



ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත කොරියන් කම්පැණියක් තමයි, දැන් මම ඉන්න ප්‍රොජෙක්ට් එකේ කොන්ත්‍රාත්කරු විදිහට වැඩ කරන්නෙ. ලංකාවෙ බොහොම ජනප්‍රි කොරියානු මෝටර් රථ සංනාම දෙකෙන් එකක් වෙච්ච මේ කම්පැණිය, දැන් මම ඉන්න ප්‍රොජෙක්ට් එක වගේම ලංකවෙ මහා පරිමාණයේ ඉදිකිරීම් කිහිපයකටම දායක උනු, අපි කාටත් හුරු පුරුදු එකක්.

මීට කලින් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉන්න දේශීය  "දැවැන්තයො" එක්ක, "මහා පරිමාණව්‍යාපෘතිවල වැඩ කරල තිබුනත්, "දැවැන්ත", "මහා පරිමාණ" කියන වචන වල නියම පරිසමාප්ත අර්ථය අදුරගත්තෙමේ කොරියන් කම්පැණිය නිසා. "කොරියො" සතු යන්ත්‍ර/සූත්‍ර බලය, අත්දැකීම් සපිරි මානව සම්පත, හිතාගන්නත් බැරි තරම් ඉහලයි.

ව්‍යාපෘතිය කොච්චර දැවැන්ත උනත්, කම්කරුවන්, යන්ත්‍ර ක්රියාකරුවන්, වැඩ සුපවයිසර්වරුන් ඇරෙන්න ඉහල කලමණාකාරීත්වය සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නෙ "කොරියොන්"ගෙන්. සමහරවිට මේ වගේ දැවැන්ත වැඩක් කරද්දි හම්බවෙන අත්දැකීම වෙනත් ජාතියක් එක්ක බෙදාගෙන, අනවශ්‍ය තරගකාරීත්වයක් නිර්මාණය වීම වලක්වන්න වගේ තීරණයක් අරගෙන තිබුනද දන්නෙත් නෑ. මොනවා උනත් ප්‍රොජෙක්ට් එකේ ලොකු පුටු හැම එකකම හිටියෙ, ආනයනික "කොරියන්" ජනතාව.

සයිට් එකට ගියපු මුල්ම දවස් වල, බාගෙට ඇස් පියාගෙන, කම්බිලි පණුවො වගේ සුදට සුදේ ඉන්න "කොරියො" එකෙක්ගෙන් තව එකෙක් වෙන් කරලා අදුරගන්න මට හෙන ගේමක් දෙන්න උනා. උන් හැම එකාගෙම ඇස් පුන්චියි, කොන්ඩෙ උලයි, දැලිරැවුල් නැති මූණ තම්බපු අලගෙඩියක් වගේඒත් පස්සෙ පස්සෙ උන් හැම එකාටම ආවේණික පොඩි පොඩි වෙනස්කම් මම අදුර ගත්තා.

නම් අතින් ගත්තත් උන් හැම එකාටම තියෙන්නෙ එක ලගින් යන නම්. මුලු සයිට් එකටම "පාක්" (park) තුන් දෙනෙක්ට වැඩියෙන් ඉන්නවා. මං හිතන්නෙ "පාක්" කියන්නෙ කොරියාවෙ වාසගමක් වෙන්න ඇති. අපේ සයිට් එකේ උන් ලේසියට ඔය "පාක්" තුන් දෙනා වෙනම බෞතීස්ම  කරලා තියෙනවා. , "මහ පාක්", "වැලි පාක්","ගස් පාක්" විදිහට. "මහ පාක්" කියන්නෙ කොරියොන්ගෙ ලොක්කට. මූදෙන් වැලි හාරලා ගොඩ දාන එක බාරව හිටපු පාක්, "වැලි පාක්". සයිට් එකේ ලෑන්ඩ්ස්කේපින් බලන්න හිටපු කොරියා තමයි, "ගස් පාක්".

"ගස් පාක්", "වැලි පාක්" අතරෙ හිටපු සුවිශේෂී චරිතයක් තමයි, "වොහොංග්". හැබැයි කොරියො ඇර වෙන කිසිම එකෙක් "වොහොංග්" කිව්වට පොරව අදුරන්නෙ නෑ. ඒත් "බල්ලා" කිව්වොතින් නම් සයිට් එකේ හැම වැලි කැටයක් ගානෙම පොරව දන්නවා.

කොරියන් කාරයෙක්ට "බල්ලා" කියල නමක් වැටුනා කිව්වම, මේක කියවන ඕගොල්ලන්ට වගේම ලියන මටත් මුලින්ම ආවේ අපූරු අදහස තමයි. මොකද අපිට බල්ලා බල්ලෙක් විදිහට පෙනුනට, කොරියොන්ට බල්ලව පේන්නෙ කුකුළෙක්, ඌරෙක්, හරකෙක් වගේම තවත් එක ඇවිදින රස බොජුනක් විදිහට නිසා. ඒත් "වොහොංග්", "බල්ලා" උනේ හේතුව නිසා නෙවේ. මිනිහෙක් උනත්, පොරගෙ ගති ලක්ෂන මිනිස්කම ඉහ වහා ගිහින් සුනඛයෙක්ගෙ සීමාවට ලගා වෙච්ච නිසා. කොටින්ම "වොහොංග්" කියන්නෙ දෙපයින් ඇවිදින "බල්ලෙක්" නිසා.

"වොහොංග්" ගැන මුලින්ම මට කිව්වෙ සයිට් එකට ආපු මුල්ම දවසෙ, මගේ ඉමීඩියට් බොසා, "ගණේ" අයියා.

"මේකෙ ඉන්නවා බල්ලා" කියලා එකෙක්. උඹ එහෙම ඌත් එක්ක ඩීල් කරන්න යන්න එපා. මම ඌව ටැකල් කරන්නම්. උඹලා ඌත් එක්ක ඩීල් කරන්න ගියොත් මරාගෙන තමයි නවතින්නෙ.." "බල්ලා" ගැන හාරවුස්සන්න  ඕන සිතක් පහල උනේ ගණේ ලොක්කා උපද්දවපු කුතුහලෙන්.

"බල්ලා" ගැන සයිට් එකේ උන් කියපුවයි, පොර ගැන ඇහුවහම කට්ටියගෙ මූණුවල මැවිච්ච හැඩතල වලිනුයි මට බල්ලා ගැන හොද අවබෝධයක් ආවා. කොරියන් කම්පැණිය පැත්තෙන් "ඉදිකිරීම් කළමණාකරු" (construction manager) කියන තනතුර තමයි බල්ලට හම්බ වෙලා තිබුනෙ. ලංකාවෙ කම්කරුවොයි, වැඩ සුපවයිසර්වරුයි කළමණාකරනය කරන එක තමයි පොරගෙ මූලික කාර්යය. කාර්යය කරන්න යද්දි, දකින දකින එකාගෙ ඇගට බුරාගෙන පැනීමේ ස්වාභාවය නිසා තමයි, පොරට "බල්ලා" කියලා නමක් වැටෙන්න මුල්වෙලා තියෙන්නෙ. එක අතකට ලංකාවෙ අයියලගෙන් වැඩක් කරවාගන්න එක, බල්ලෙක්ගෙ නකුටෙ ඇද අරින තරම් අමාරු නිසා පොර, "බල්ලෙක්" විදිහට අනුවර්තනය වෙච්ච එක මහ ලොකු පුදුමෙකුත් නෙවේ

බුරාගෙන පනින එකට අමතරව "බල්ලා" ගැන පැතිරිච්ච තවත් බලු පුරාවෘත්ත කීපයක් තිබුනා. , කකුලෙ තියෙන මේස් එක ගලවලා තමන්ගෙ රියදුරාට නහයට තදකරන් සිටීමට බල කිරීම, සපත්තුව ඈතට විසිකොට නැවතරැගෙන එන ලෙස අණ කිරීම වගේ අන්තිම පහත් තිරිසන් දේවල්. අනික බල්ලට තද උනාම බනින්නෙ කාටද, කවුරු ඉස්සරහද කියන එක අදාල නෑ. පොරට හිතුනද, පොර බිරුවා.

කොරියාවෙදි හැදිච්ච නැති බල්ලව, ලංකාවෙදි හදන්න අපේ අයියල එක පාරක් හෙන ගේමක් දීලා තිබුනා. බල්ලව නැවත මිනිහෙක් කිරීමේ පුනුරුත්තාපන මෙහෙයුම දියත් උනේ සයිට් එකේ හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ. තමයි කාමරේකට දාලා ලංකාවෙ ක්‍රමයට "පොල් අඩි" සංග්‍රහයක් ලබාදීම. කොහොමත් අපි ආගන්තුක සත්කාරයට ජාතියක්නෙ. සංග්‍රහය අවසානයෙදි බල්ලගෙ දකුණු අත දෙකට කැඩුනත්, පොරගෙ බලු ගති මග ඇරුනෙ නම් නෑ.


"අපි දැන් "බල්ලට", බල්ලා කියන්නෙ නෑ..." දවසක් සයිට් එකේදි සුපවයිසර් කෙනෙක් කිව්වා.

"ඇයි ?? "  'බල්ලට, බල්ලා නොකිය පූසා කියන්නද' කියලා අහන එක අමාරුවෙන් හිතේ තදකරගෙනම මම ඇහුවා.

" ඒකා දැන් දන්නවා අපි බල්ලා කියන්නෙ ඌට කියලා. වැඩේ කියන්නෙ "බල්ලා" කියන වචනෙ තේරුමත් දන්නවනෙ.."

"හ්ම්ම්ම්.. එහෙමද කවුරුහරි කියල දෙන්න ඇති. දැන් ඉතින් "බල්ලා" කියලා ඉවරයි.."

"හැක්.. අපේ උන් අන්න ඌට අලුත් නමකුත් දාල. සුනඛයා”. දැන් කට්ටියම "බල්ලට" කියන්නෙ "සුනඛයා" කියලා.." ශ්‍රී ලාංකික අපි කවදාවත් ලේසියෙන් පරාජය බාර ගන්න ජාතියක් නෙවේ කියල වෙලේ මට හිතුනා.

"ඒත් ඔය නමත් කවදා හරි මාට්ටු වෙයිනෙ..."

"එදාට ඉතින් "සපාකන්නා" කියලා තමයි දාන්න වෙන්නෙ.. " සුපවයිසර්ගෙ සමාන පද පිලිබද දැනුමෙන් මම පුදුම උනා. පොර නම් අනිවා පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච එකෙක් වෙන්න ඕන.

මොනවා උනත් ලංකාවෙන් යනකම් "වොහොං", පොරගෙ සුරතල් නාමය නම් මාට්ටුවෙන එකක් නෑ.



.ලි : උඩම තියෙන පින්තූරෙ ගත්තෙ මෙතනින්.

76 comments:

  1. මෙන්න මං ගානෙ ඉස්ටෑන්ඩ්-බයි නං සැට් එකක්, අළුත් නම මාට්‍ටු උනොත් ගන්න:)

    දඩෝරියා, ඉජුහ්, බැල්ලිගෙ පුතා

    ReplyDelete
    Replies
    1. "දඩෝරියා" කියන නම හුරතල් වැඩිද මංදා.... "බැල්ලිගෙ පුතා" නම් නියමෙටම ගැලපෙනවා.... :D :D :D

      Delete
  2. ගුටිකාලත් හෑදුනෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. කෝවෙ දාලා මැකෙව්වත් ඌ නම් හැදෙන එකෙක් නෙවේ.

      Delete
  3. සිරා කතාව. ඔක්කොටොම හපන් අර ඇනෝ දීල තියන සමාන පද ටික. :D

    උඹට තවත් බ්ලොගර් කේස් දානව ද බන්. දෙමුද ඕකටත් අල්ලෙගෙන වෙලාවක.. :)

    ReplyDelete
    Replies
    1. මේක නම් ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ චන්දන..සේලයින් දිදී ඇදන් යනවා මිසක්.. :D

      Delete
    2. එහෙනම් මේක ලියන එකාට ගහමු... :D

      Delete
    3. තිළිනගේ පෝස්ට් එන්නේ නැති අය මෙන්න මේ ලින්ක් එක තම තමන්ගේ බ්ලොග් රෝල් වලට දාගත්තොත් වැඩේ හරි යාවි...



      http://nawadalihena.blogspot.com/feeds/posts/default?alt=rss

      Delete
    4. ඌව කබලෙන් ලිපට වැටෙයි එහෙම උනොත් ...:P

      Delete
    5. //එහෙනම් මේක ලියන එකාට ගහමු... :D//

      හපොයි,,, අඩු එච්චරයි.... :D :D

      Delete
  4. මට තියෙන ප්‍රශ්නේ රසයි රසයි කිය කිය යන උන්ට මේ බ්ලොග් එකේ ලිපි රහ නොවුණේ කොහොමද කියන දේ...? තමන්ගේ ජීවිත අද්දැකීම් සුන්දර ලෙස විස්තර කරන බ්ලොග් අතර ඉහළින්ම තියෙනවා මේ බ්ලොග් එක...

    දිගටම ලියන්න තිළිණ .. ( මම තිලිණ කියන්න ගත්තට පස්සේ හැම කෙනාම තිළිණ කියන්න පටන් අරන් දැන් :D )

    ReplyDelete
    Replies
    1. මං දැක්කා කොහෙ හරි නම තිළිණ කියලා වැටෙනවා වගේ... ඒකයි ඔන්න මං නං ඒ නම අල්ලගත්තේ.... හි හි

      Delete
    2. මටත් හරි පුදුමයි සහන් ඇයි මේකට කට්ටිය එනවා අඩු කියලා

      Delete
    3. @ හිරු

      මාත් එතනින් තමයි... හි හි

      @ අටම්

      මන් හිතන්නේ මචන් මේ අප්ඩේට් නොවී යන එක තමයි හේතුව.. බලහන් නියමෙටම ලියන්න පුළුවන් එකෙක්ට වෙන වැඩේ... මම මේකේ තියෙන සමහර පෝස්ට් 3,4 පාරක් කියවල තියෙනවා...ඒ තරම් ලස්සනයි තිලිණගේ පෝස්ට්...

      Delete
    4. @ තිළිණ

      මට කියන්න ඔයාගේ කම්පියුටර්ටික ගැන...ඔයාගේ කම්පියුටර් වලින් වෙන අවුලක් මේ.නැතුව බ්ලොගර් වල අවුලක් නෙවේ....ඔයා පෝස්ට් ලියන්නේ ගොඩක් පරණ සිස්ටොන් එහෙකට නේද ඉස්කෝල පොත පෙරළ පෙරළ...:p මම අහන එක හරි නැති නිසයි නාහ ඉන්නේ...එක වචනයක් වෙනුවෙන් වෙන වෙනම ටෙක්ස්ට් එඩිට් කරලා හෝ එඩිට් වෙලා තියෙනවා ඔයාගේ අතින්..


      ඔයාගේ පෝස්ට් එකේ සෝර්ස් ෆයිල් ඕවර්හෙඩ් එකම 80% කට එහා..ඒ නිසයි මෙහෙම අවුල් වෙන්නේ..කීප පාරක් දාන්න ට්‍රයි කරන්න කරන්න තව තවත් තුවාල වෙනවා , ඕවර්හෙඩ් එක වැඩි වෙනවා..අන්තිමට ලෙලි ගැහිලම ගිහින් බ්ලොග් එක..!

      කෙළින්ම G mail compose උඩ ඉඳන් ලියන්න ෆයර් ෆොක්ස් 22 ඩවුන්ලෝඩ් කරගෙන..මුළු පෝස්ට් එකම ලියලා ඉවර උනාට පස්සේ ඒ ටික බ්ලොගර් වලට කෝපි පේස්ට් කරන්න ( plain text විදිහට )... අන්තිමටම අකුරු පාට කරන ඒවා , ලින්ක් දාන ඒවා කරන්න බ්ලොගර් කම්පෝස් එකේ ඉඳන්...




      Delete
    5. මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙමයි සහන්.. රහයි කිය කිය කන උන් මොකෝ මේවා නොකන්නෙ.. ? කල්ලි වාදෙද ?

      තිළිණ ඔය සහන් කියන විදිහටත් කරළා බලහන්.. නත්නම් අලුත් එකක් පටන් ගනින්.. අපි දෙන්නම් නොමිලේ ප්‍රචාරණය..

      Delete
    6. @සහන් (මුල්ම කමෙන්‍ටුව සදහා):
      තැන්කූ මචෝ.... "නවදැලිහේනට" වගේම "තිළිණ" කියන නමටත් දීපු පෝස්ටර් පාරට... :D
      @හිරු : //මං දැක්කා කොහෙ හරි නම තිළිණ කියලා වැටෙනවා වගේ...// සමහර පෝස්ට් වලදි නම දැම්මා. ඒක වෙන්න ඇති.
      @අටම්පහුර : උඹලා ටික දෙනා ආවම මට හොදටම ඇති බන් :D :D
      @සෙන්නා :සහන් කිව්ව විදිහට කරා. හරිගියානම් ප්‍රථිපල ඇවිල්ලා ඇති.

      Delete
    7. //රහයි කිය කිය කන උන් මොකෝ මේවා නොකන්නෙ.. ?// මටත් තියන පුරස්නෙ ඒකම්‍යි. තිලිණ ගෙ පැරණි පෝස්ට් මං මුල ඉඳලම වගෙ කියෙව්වා. කිසිම එපා වීමක් නැතුව කියවන්න පුළුවන්. මං හිතන්නෙ මේ පෝස්ට් නිතර බ්ලොග් රෝල් වල දකින්න නොලැබෙන එකත් හේතුවක් වෙන්න ඇති. මොකද තිලිණ ගෙ පෝස්ට්, එකක් රෝල් වලට ගියොත් දෙකක් යන්නෙ නෑ..

      කෝ මේ තිලිණ... මේකට මොකක් හරි කරාපං.. සහන් කියපු වැඩේ හරි යයි.

      Delete
    8. @සහන් (දෙවන කමෙන්‍ටුව සදහා):

      1. //.ඔයා පෝස්ට් ලියන්නේ ගොඩක් පරණ සිස්ටොන් එහෙකට නේද ඉස්කෝල පොත පෙරළ පෙරළ...:p//

      - ඔව්. මම ලියන්නෙ Singreesi unicode 1.8 වලින්. පස්සෙ ඒක MS Office Word වල පේස්ට් කරලා (එතකොට "ඉස්කෝල පොත" තමා ෆොන්ට් එක) blogger වලට පේස්ට් කරනවා

      2. //එක වචනයක් වෙනුවෙන් වෙන වෙනම ටෙක්ස්ට් එඩිට් කරලා හෝ එඩිට් වෙලා තියෙනවා ඔයාගේ අතින්..//

      - ඔව්. ඉස්කෝල පොත font එකට ගියාම සමහර අකුරු වෙනස් වෙලා. ඒතකොට ඒවා හදනවා.

      ඔන්න මචන් උඹ කිව්ව විදිහට වෙනස් කරලා එකක් දැම්මා. වැඩේ හරි නම් update වෙලා ඇති.

      Delete
    9. @ තිළිණ

      ඒක තමයි මට තේරුණා අරහෙන් මෙහෙට , මෙහෙන් අරහෙට දදා ලියන බව.. ඒ නිසා වචනෙන් වචනේ එඩිට් කරන්නත් වෙලා තිබුණා කියලා දැක්කා..තව ඒවත් දැක්කා... :P

      ඔයාගේ පෝස්ට් එකේ අකුරු 4000 යි , වචන 780 තියෙන්නේ..හැබැයි වචනෙන් වචනේ එඩිට් කිරීම නිසා අකුරු 149179 වෙලා ..අන්තිමට අකුරු 4000 ක් පෙන්න ගන්න අකුරු 149179 ක් වැය වෙලා..වහාම ඔය ලියන ක්‍රමේ වෙනස් කරන්න..

      පෝස්ට් ඕවර්හෙඩ් එක 99.73%. කන්ටෙන්ට් තියෙන්නේ 0.26 % ...තිළිණයෝ මීට වඩා වැඩ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ ඉංජිනේරු මහත්තයෙක් විදිහට ...මෙහෙම බොරු කරද්දී නිකම්ම දොට්ට දාන එක අහනත් දෙයක්ද ඉතින් හරි හමන් බොස් කෙනෙක් වැඩ බලද්දී...:P

      ( අන්තිම වාක්‍ය 2 විහිළුවක් බව සළකන්න. )

      Delete
    10. මං පොස්ට් එක කොපි කරද්දි ඒ 'කුණු' ටික දැක්ක. ඒත් මට නිකමට වත් හිතුනෙ නැ එහෙම කේස් එකක් කියල. මුල් කාලෙදි ඔය අවුල නිසා මටත් පෝස්ට් සේව් කරන්න බැරි ලෙඩක් තිබුන. කොහොම වුනත් ඒකෙනුත් දෙයක් ඉගෙන ගත්ත මාත්. තැන්කුයි වේවා සහන්... :)

      Delete
    11. @ සෙන්නා සහ චන්දන

      චන්දන කියනවා වගේ මෙතන නම් කල්ලි වාදය නෙවේ ඇත්තේ... අප්ඩේට් නොවීමේ ගැටලුව තමයි වෙනවා ඇත්තේ... කොහොම උනත් තිළිණ මට පේන්නේ මේක ගොඩ දාන්න බැහැ වගේ.. මොකක් හෝ අවුළක් තියෙනවා ..ඒක වෙන්නේ තිළිණගේ කම්පියුටර් වල දෝෂයක් නිසා.. අහිංසක බ්ලොගර් පළි නැහැ මේවට...

      කම්පියුටර් වල බයෝස් දිනය හරිද බලන්න.. බයෝස් බැට්රිය වැඩද බලන්න..

      මචන් චන්දන අර ටයිපින් භාණ්ඩේ තිලිණටත් දෙන්න...ගින්දර ටිකට ඒක වැඩ...

      Delete
    12. @silentsahan

      IME එක ද..? මෙතනින් ගන්න පුලුවන්. http://www.google.com/inputtools/windows/

      මෙතනින් ගිහින් ඉන්ස්ටෝල් කරන විදිහ බලා ගන්න පුලුවන්. configuration වල තියන විදිහට වෙනස් කම් ටික කර ගන්න. windos CD එක ඕන ඉන්ස්ටෝල් කරද්දි. CD එක ඉල්ලුවාම රොම් එකට දාන්න.. සෙවන් වල නම් එහෙම එකක් නැද්ද මන්දා. මතක නෑ. මේ ලඟදි දවසක ඔය දීපු තැනින් අරගෙන xp වලට ඉන්ස්ටෝල් කලා. අවුලක් නැතුව වැඩ.

      Delete
    13. මෙතනින් ගිහින් ඉන්ස්ටෝල් කරන විදිහ බලා ගන්න පුලුවන්

      http://www.google.com/inputtools/windows/installation.html

      Delete
    14. ඒ බොලල්ලා මම මෙච්චර කල් ටයිප් කරපු මාලින්ද එකට ඌ අද උදේ මොකක්ද මගුලක් කරලා.. උදෙත් වැඩ කළා..දැන් කන්වර්ට් වෙන්නෙ නෑ.. දැන් කොහොමෙයි දන් වලදන්නෙ..?? ( මේක ගැහුවෙ සුබස එකෙන්. ඒක ටිකක් විතර වෙනස්. ඉතින් අමාරුයි. ) අර විජේසේකර කාරයා අකුරු කෑලිනෙ දෙන්නෙ, නැත්නම් ඒක එළ..

      Delete
    15. //සෙන්නා අපි යමු බලන්න මොකද කියල.. කිසි අවුලක් නෑ වැඩ කරනව..// (මේ ටික කියවන්න ඕනේ අර රොබෝ ටික්කගේ හඬින්) :D
      ඔය උඩම පේලිය ටයිප් කලේ මාලින්ද පරිවර්තකයෙන්. ඉමි දා ගන්නකො. වර්ඩ් පෑඩ් නෝට් පෑඩ් එකක වුනත් ටයිප් කළහැකි. විජේසේකර එක පුරුදු වෙන්න බැලුව. මට නම් තවම සෙට් වුනේ නෑ. නැත්නම් ඒක ලු වේගවත්ම එක.

      Delete
    16. ඔය කෙහෙල්මල් ඔක්කොටම වඩා ලේසි නැද්ද කීබෝඩ් එකෙන් ටයිප් කරන්න පුරුදු වෙනවා මං අහන්නේ....

      Delete
    17. මාව ස්පෑම් වෙලා තිළිණ..පොඩ්ඩක් ස්පෑම් ෆෝල්ඩර් එක බලන්න....

      Delete
    18. sinhala ප්‍රින්ට් කරලා තියෙන කී බෝර්ඩ් එකක් හොයාගන්න ලැබුණොත් නම් හරි හිරු..මට විජේසේකර හුරු නොවුණේ ඒකයි..

      Delete
    19. චන්දන

      මට පේන්නෙ ඒකත් ක්‍රෝම්වලට ලෙඩ දෙනවා වගේ දන්.. අද උදේ පෙණුම වෙනස් වෙලා තිබුනා උනත් වැඩ කළා.. දැන් නෑ.. ( මේක ගැහුවෙ මාලින්ද එක IE වලින් ලෝඩ් කරලා ). IME හෙන වාතෙ අප්පා උන් අකුරක් ගහද්දි වචන දහයක් විතර දෙනවනෙ.. මට හෙන ඇනේ ඒක..

      Delete
    20. මමත් මෙක හොදට රසවිදින බ්ලොගක්.
      මෙ සහන් උබ මොන ජතියෙ එකෙක්ද බන්.නිකන් මජික් කාරයෙක් වෙගෙ එකෙක්ද

      Delete
    21. @හිරු..
      මං මේ එක එක ගැජමටික් නැතුව ටයිප් කරන්න කීප සැරයක් උත්සාහ කලා. කොහෙද ඉතින් ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි නෙ.. ඉමි හොන්දාආආආආ.........යි කියලමයි හිතෙන්නෙ.. :) හරියන්නෙ නෑ පුරුදු වෙන්න ඕන..

      @සෙන්නා

      ෆයර්ෆොක්ස් දාගන්නකො.. ime වලදි එන වචන ගැන නොහිත ඕන කරන වචනය ටයිප් කලාම ඒක උඩටම එනව. ඊට පස්සෙ ස්පේස් හරි එන්ටර් හරි දෙන්න. මගක් ටයිප් කරගෙන යද්දි ඕන කරන වචනය ආව නම් ඇරෝ කී වලින් ඒක තෝර ගන්න. මටත් මුලදි හෙන අවුලක් ගියා වචන ලිස්ට් එකක් එද්දි. ක්‍රොම් වලට නම් ඔය කිව්ව විදිහට ඉමි දාන්න ඔන නැ. එක්ස්ටෙන්ශන් එකක් විදිහට ගන්න පුලුවන්. නැත්නම් ඔන්ලයින් ටයිප් කරන්න..http://www.google.com/inputtools/cloud/try/

      නැත්නම් තව ඇඩොන් එකක් තියනව. ෆයර්ෆොක්ස්,ක්‍රෝම් දෙකටම වැඩ. බ්‍රවුසර් එකේ ඇඩෝන් වලට ගිහින් easysinhala කියල ටයිප් කරල සර්ච් කලානම් එනව. මං වෙලාවකට ඔය සේරම එකට අනලත් ගන්නව. :D

      Delete
    22. චන්දන ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක මරුනේ. මම මේක ටයිප් කරන්නේ ඒකෙන්. බොහෝම ස්තුතියි. දැන් කොපි පේස්ට් කර කර ඉන්න ඕනා නෑ.

      Delete
    23. වැඩේ ගොඩ ගියා නම් සන්තෝෂයි සෙන්නා.. :)

      Delete
    24. This comment has been removed by the author.

      Delete
    25. @සහන් :
      //.තිළිණයෝ මීට වඩා වැඩ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ ඉංජිනේරු මහත්තයෙක් විදිහට //
      ඉන්ජිනේරුවොන්ගෙ සමහර වැඩ දැක්කම නම් ඔය කතාව හරියට හරි..... :D

      //මෙහෙම බොරු කරද්දී නිකම්ම දොට්ට දාන එක අහනත් දෙයක්ද ඉතින් හරි හමන් බොස් කෙනෙක් වැඩ බලද්දී...:ඵ්//

      හොද වෙලාවට අපේ බොස්ලා වෙන්නෙ අපේම සින්නෝ.. උන් පොඩි එකා කාලේ කෙලපු පිස්සු උන් දන්න නිසා තමයි ජාමෙ බේරගෙන ඉන්නෙ... :D :D

      Delete
    26. සෑහෙන කාලෙක ඉඳලා බ්ලොග් එක කියෙව්වත් කමෙන්ට් එකක් කොටන්නෙනම් අදමයි.. ඒ හිතුනෙත් කමෙන්ට් වැටෙන්නේ නෑ කල්ලි වාදයක් වගේ අදහසක් මතුකරලා තිවුනු හින්දා.. මුලින්ම මේ බ්ලොග ගැන කවුරු හරි බුකියෙ ෂෙයාර් කරල තිබුනු එකකින් තමයි කියවන්න සෙට් වුනේ.. කියවන හැම පෝස්ට් එකකටම කමෙන්ටුවක් දාන සිරිතක් බ්ලොග් කියවන මුල් කාලෙ තිබුනත් පස්සෙ කම්මැලිකමටම ඒක මග ඇරුනා.. කොහොමත් නියමයි, මාරයි, පට්ටයි, බෙට්ටයි වගෙ කමෙන්ට් දානවට වඩා නොදා ඉන්න එක හොදයි මට හිතෙන්නෙ.. කොහොම හරි කියන්න ඕන වුනෙ මේ කාලෙ කියවන බ්ලොග් අතරින් හොඳම බ්ලොග් එකක් තමයි මේක කියන එක... අන්තිමට කියන්න තියෙන්නේ කියවන්න කට්ටිය එන එක කමෙන්ට් වැටෙන එක ගැන වොරි වෙන්න දෙයක් නෑ.. කියවන උන් කියවයි.. උඹ ලියපන්.. ජය!!!!

      Delete
    27. කමෙන්ට් වැටෙන එක හයියක්. ඒත් පෝස්ට් ලියන්නෙ කමෙන්ට් බලාගෙනම නෙවේ. එහෙම ලියනවා නම් මේ බ්ලොග් එකේ දාපු සමහර පෝස්ට් නොදා, වෙන වෙන ඒවා දාන්න තිබුනා. කමෙන්ට් නොකරට "වරුණ" වගේම තවත් නිහඩ පිරිසක් බ්ලොග් එක කියවනවා කියලත් දන්නවා.

      මොනවා උනත් මේ කමෙන්ට් එක ගොඩක් වටිනවා... ඒ "ඩුබායි වට්ටක්කා" ගෙඩියට පාර පෙනිච්ච නිසා.

      Delete
  5. හරි හරි සුපවයිසර්ට කියාපු නම් සපාකන්නා.. සහ් නියමයි ආ

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට පහ වසරෙදි "ශිෂ්‍යත්වයක්" කියලා එකක් තිබුනෙ....

      Delete
  6. හැබැයි දැන් නං තිළිණ වෙන කරන්න දෙයක් නෑ.. හොඳම දේ අලුත් බ්ලොගේකට මාරු වෙන එක.... මේක මටත් මිස් උනා....

    අනේ බල්ලන්ට අපහාස කරන්න එපා අනේ...

    ReplyDelete
    Replies
    1. //අනේ බල්ලන්ට අපහාස කරන්න එපා අනේ...//
      ඔයා කියන්නෙ මොන බල්ලද??? :P

      Delete
  7. අරූ මාර බල්ලෙක්නේ. ඌ කරන වැඩ වලට ඌට මානව හිමිකම් කේස් එකක් දාන්න පුලුවන්.

    එක අතකට ඌට බල්ලා කියන එක හරි නෑ බං. පව් බල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වෙන වැඩවලට මානව හිමිකම් කේස් දාන්න ගියොත්, මානව හිමිකම් උන්ට අකුලගෙන යන්න වෙනවා. කොහොම උනත් සාමකාමී පහරදීම් වලින් ඔය වගේ ප්‍රශ්ණ බේර ගන්න පුලුවන්....

      Delete
  8. නරක කෙනා ගැන වුනත් හොඳම කතාවක් මේක ! .....ඔබට හොඳට ලියන්න පුළුවන් .. දිගටම ලියන්න , අපි එනවා ඔබේ අත්දැකීම් බෙදා හදා ගන්නට
    ස්තුතියි මිතුර !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී... කාලයක් ලියන්න තමා අදහස. පුලු පුලුවන් වෙලාවට ඇවිත් යන්න

      Delete
  9. ඔන්න මම ආවේ චන්දනගෙ උදව්වෙන්..

    චන්දන්ගෙ බ්ලොක් එකේදි මුල ටික කියවනකොට මම හිතුවෙ ඌත් සයිට් එකකට ජොයින්ට් වෙලා කියලා..

    කොරියො එක්කනම් මමත් ගොඩක් මූව් වෙනවා.. අති බහුතරයක් බොහොම සුහදශීලි මිනිස්සු. ලෝකෙම අල්ලපු ජාතියක් වුනත්, ඉන්දියන් කාරයො වගේ බක පන්ඩිතයො නෙමේ. ඔය අතරෙ ඉන්නවා බොහොම සුලුතරයක් අතේ ඇඟිලිවලටත් අඩු ගානක් ඔය "බල්ලා" වගේ එවුන්.

    කතාව වෙනදා වගේම උපරිමයි. මැක්සා ලිවිල්ල. අප්ඩේට් නොවෙන ලෙඩේනම් පුතේ ඉක්මනට ගොඩ දාගන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. උඹලා, චන්දනලා, සහන්ලා, අටමා වගේ සෙට් එකක් නැත්නම් මේ බ්ලොග් එක මකපු තැන්වල වෙන බ්ලොගුත් පටන් අරගෙන :D

      Delete
    2. \\\මේ බ්ලොග් එක මකපු තැන්වල වෙන බ්ලොගුත් පටන් අරගෙන :D\\\

      ඒක වෙන්න නම් ලෝක විනාසේ වෙන්නම ඕනේ තිළිණ ..:D

      Delete
    3. @සහන් : 2012 වෙච්ච එක වගේ එකක් තමයි :D :D

      Delete
  10. මට මතක වුනේ.. වල අලියා වන අලියා කරපු කතාව.. අලින්ටත් වැඩේ තේරුනාට පස්සෙද දන්නේ නෑ, මේක කලේ.

    ReplyDelete
    Replies
    1. මට වැඩේ(කමෙන්ට් එක) තේරුනේ නෑනෙ???

      Delete
    2. මට තේරුණා.... එයා කිව්වේ අර 'වල් අලි' කියන නම වෙනුවට 'වන අලි ' කියන වචනේ පාවිච්චි කරපු එකනේ..

      Delete
  11. මමත් ආවේ චන්දන පෙන්නපු පාර දිගේ. මේ මොකද ඔයාගේ බ්ලොග් එකේ අවුල.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දනට ගොඩක් ස්තූතී....
      පෝස්ට් අප්ඩේට් නොවෙන අවුලක් තිබුනා. දැන් හරි වගේ...

      Delete
  12. චන්දනගේ පාරෙන් මාත් ආවේ ..මං මේ කල්පනා කොලේ අපේ ගමේ මනුස්සයෙකුටත් "බල්ලා " කියලා නම දාල තිබුණ .ඒ නොතේරුන්කමට ,ඒ උදවිය මේ ගමේ දැන් නැහැ .එයාගේ අම්මම තමයි නම දාල තියෙන්නේ .දවසක් ඇවිත් ඒ අම්ම අපේ අම්මගෙන් අහනවා අපේ "බල්ලව " දැක්කේ නැද්ද කියලා ... අපේ අම්මට හිතිලා තියෙන්නේ බල්ලෙක් ගැන අහනවා කියලා .බැලින්නම් අහල තියෙන්නේ එයාගේ පුතා ගැන .සමහර වෙලාවට ඉතින් අර ඩුඩ් කියනවා වගේ බල්ලා කියන එකෙන් බල්ලටත් වෙන්නේ හානියක් ... බල්ලා යන්නෙහි අරුත "බලන්නා " කියන එකලුනේ ..!

    ReplyDelete
    Replies
    1. //දවසක් ඇවිත් ඒ අම්ම අපේ අම්මගෙන් අහනවා අපේ "බල්ලව " දැක්කේ නැද්ද කියලා .//

      පුදුම අම්මා කෙනෙක්නෙ :O :O

      // බල්ලා යන්නෙහි අරුත "බලන්නා " කියන එකලුනේ ..!//
      "සුනඛ" කියන එකේ තේරුම නම් "මනාව වැඩුන නිය පිහිටි" කියන එකලු....

      Delete
  13. මම ගියේ චන්දනගේ එකට ඒත් නවතින්නේ මෙතැන. අලුත් බ්ලොග් කරුවන්ට අත හිත දෙන චන්දන සහන් මාතලන් තව කීපදෙනෙක්ම ඉන්නවා ඒ අයට හදවතේ ගැඹුරුම තැනින් එන ප්‍රණාමය. අද තව නවකයෙකුට අත දීලා තිබුණා තැනක.

    ReplyDelete
    Replies
    1. විද්දෙ චන්දනට වැදුනෙ "හේනට".....

      සහන්, ඩූඩ්,අටං,සෙන්නා වගේ තව හුගක් අය මේක බේරගන්න උදව් කරා....

      Delete
  14. මචන් මමත් ආවේ චන්දන හරහා.

    කොහොම උනත් බං ඔය සයිට් වල කොරියන්කාරයෝ,ඉන්දියන්කාරයෝ,චීන්නු අවිත වැඩ කරනවාට මමනම් විරුද්ධයි.ඇයි බං උන් ඔයප්‍රොජෙක්ට්වලට දෙන ණය වලට අපි ගෙවනවානේ,එහෙම තියෙනකොට උන් අපේ රස්සාවලටත් කෙලිනවා මෙහෙම ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. චන්දනට මුලින්ම ස්තූති වෙන්න ඕන....

      //ඇයි බං උන් ඔයප්‍රොජෙක්ට්වලට දෙන ණය වලට අපි ගෙවනවානේ,එහෙම තියෙනකොට උන් අපේ රස්සාවලටත් කෙලිනවා මෙහෙම ඇවිල්ලා.//

      හරියට හරි මචං. උන් හින්දා නැති වෙන්නෙ අපේ උන්ගෙ ජොබ්. අපි ඕකට පොඩි විසදුමක් දෙනවා. අපි පුලුවන් තරන් ඉල්ලන්නෙ අපේම උන්ව. ගොඩක් කොරියන් උන්ට "කඩ්ඩ" බෑ. අපි ඒක පිටින් දාලා, කමිනිකේෂන් නෑ කියල ගේම ඉල්ලනවා. ඒතකොට වැඩේ ටිකක් විතර ශේප්....

      Delete
  15. කොහොමද son of the bitch කිව්වොත්...

    මං සිංහල කොටන්නෙ මධුර එකෙන් මැසේජ් ගහනව වගේ ලේසියි

    http://www.sanhida.com/2013/06/realtime-singlish.html

    ReplyDelete
    Replies
    1. "SOB" කියල කෙටිකරා නම්, වැඩේ ලොවෙත් හොයන්න බෑ..... :D :D

      //මං සිංහල කොටන්නෙ මධුර එකෙන් මැසේජ් ගහනව වගේ ලේසියි

      http://www.sanhida.com/2013/06/realtime-singlish.html//

      තැන්කූ මචං.. මම ට්‍රයි එකක් දෙන්නම්....

      Delete
  16. එත් සමහර වීර කතා (ටාසන්,....) චරිත බල්ලන්ට දාන එක තමා සවුත්තු.

    ReplyDelete
    Replies
    1. වීරයෝ සාපේක්ෂයිනෙ නිර්මලා. සමහරුන්ට "ටාසන්" වීරයෙක් උනාට වෙන කෙනෙක්ට එහෙම නැතුව ඇති. අනික සැබෑ වීරයෝ වෙච්ච බල්ලොත් ඉන්නවනෙ. තමන්ගෙ බල්ලා වීරයෙක් වගේ පේන අය වෙන්න ඇති එහෙම නම් දාන්නෙ....

      Delete
  17. ලංකාවෙ අය හොඳින් බැරිනම් නරකින් හරි කෙනෙක් එක්ක ඩීල් කරන්න දන්නවනෙ ඉතින්.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... අපි ආගන්තුක සත්කාරෙට බර ජාතියක්නෙ :D

      Delete
  18. ලංකාවෙ ප්‍රොජෙක්ට්වල වැඩ කරන සමහර විදේශිකයො අපේ නීතිය, සංස්කෘතිය තුට්‍ටුවකට නොසලකන වෙලාවල් තියෙනවා මලේ. මේ ලඟදි මොරගහකන්ද ප්‍රොජෙක්ට් එකේ වැඩකරපු චීනෙක් ගෝනෙක් මරවගෙන කන්න හදනකොට ඇලහැර අඩවියේ අපේ එවුං ඌව ඇදගෙන ගිහින් උසාවිදැම්මා. ඌට දඩ ගහලා වීසා කැන්සල් කරලා ආපහු පැටෙව්වලු.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ඉබ්බො වගයක් අල්ලගෙන ගියපු චීන්නු වගයක් ගැනත් පහුගිය කාලෙ ඇහුනෙ...

      හැබැයි ඒ කාලෙ සුද්දො කෙසේ වෙතත්, දැන් ප්‍රොජෙක්ට් වලට එන සුද්දො නම් ආසියාතික පිට‍රැටියොන්ට වඩා උසස්...

      Delete
  19. කොරියන් කාරයෝ හැම කෙනෙක්ම හමුදාවෙ පුහුණුවට යන්න ඕනෙ.. ඔන්න ඔය වැඩේ හින්දාලු ගොඩක් කොරියන් කාරයො බල්ලෝ වගේ ඔපනින්නෙ. මං කොරියාවෙ ව්‍යාපෘතියක හිටි නිසා අත්දැකීමෙන් දන්නවා. හැබැයි උන් හොඳ නම් අන්තිමටම හොඳයි ටිකක් දැනකියාගත්තම හොඳම මිතුරෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපේ සයිට් එකෙත් ඉන්න කොරියො අතරත් ඉන්නවා මාර සිරා උන් කීපදෙනෙක්

      Delete
  20. මං හිතුවේ බලුමස් කන සීන් එකක් කියලා. අපේ පැත්තෙත් තියෙන කොරියන් සයිට් එක කිට්ටුව පළාතකවත් පාරේ නිකමටවත් ඇවිදින බල්ලෙක් හොයාගන්න නැහැලු

    ReplyDelete
    Replies
    1. මේකෙ ඉන්න කොරියො නම් බල්ලොන්ට හරි ආදරෙයි (සිරාවටම..).

      Delete
  21. අගෙයි හේන.. ඔය කොම්පැණියෙ මාත් කාලයක්ම වැඩ කරල තියෙන නිසා මට කතාවේ රසය තවත් වැඩියි.. එතකොට තට්ටයා 'පට්ට තකා' වී පසුව 'පොතු සඳහා' උනෙත් ඔය කොම්පැණියෙම තමයි..

    ReplyDelete
  22. අහ් නියමයි කතා ටික

    ReplyDelete
  23. අහ් නියමයි කතා ටික

    ReplyDelete